No menu items!
27.5 C
Sri Lanka
21 September,2024

පළාත් පාලන ඡන්දෙට ශ්‍රීලනිප වෙනම හවුලකින්

Must read

ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත යැයි සඳහන් පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධානයකින් තරග කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට එහි දේශපාලන මණ්ඩලය සාකච්ඡා කර ඇත.


ඒ පෙබරවාරි 16 වැනිදා එම පක්ෂ මූලස්ථානයේ පැවති දේශපාලන මණ්ඩල සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් මීට පෙර පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධානය හා පොදුජන එක්සත් පෙරමුණ හෝ අලුතින් ඇතිකරන දේශපාලන සන්ධානයකින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා සාකච්ඡා කර ඇති අතර එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ එම සන්ධානයට අදාළ ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවය.


එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල ප්‍රතිසංවිධානය කිරීමටද එහිදී සාකච්ඡා කර ඇත.


දැනට වසරක කාලයක් සඳහා කාලය දීර්ඝ කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අගෝස්තු මාසය පමණ වනවිට පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන බවට මේ වනවිට වාර්තා වෙමින් පවතින අතර පෙබරවාරි 14 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබාගෙන ඇති තීරණ රැසක් ඡන්දයක් වෙනුවෙන් ආණ්ඩුව සූදානම් වීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇත.එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ‘ගෘහ ආර්ථික සුරක්ෂිතා සහන මල්ල’ නම් වැඩසටහනකට අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ යටතේ ජීවන වියදම ඉහළ යෑමේ පීඩනය සැහැල්ලු කිරීම වෙනුවෙන් සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම අඩු ආදායම්ලාභී පවුල් 40ක් තෝරාගෙන එම පවුල්වලට රුපියල් 2000ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමේ කාඩ් පතක් ලබාදීමට නියමිතය.
කුඩා සුපිරි වෙළඳසැල් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීම, වතු කම්කරු පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට ඊට අමතරව තීරණය කර ඇත. එමෙන්ම සමෘද්ධිලාභීන්ගේ සහනාධාර මුදලද සියයට 28ක මුදලකින් වැඩිකිරීමට ආණ්ඩුව තීරණය කළ බව පෙබරවාරි 14 වැනිදා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළ අතර ඒ අනුව රුපියල් 3500ක් වන සමෘද්ධි සහනාධාරය රුපියල් 4500ක් දක්වා රුපියල් 1000කින්ද, රුපියල් 2500ක් වන සමෘද්ධි සහනාධාරය රුපියල් 3200 දක්වා රුපියල් 700කින්ද, රුපියල් 1500ක් වන සමෘද්ධි සහනාධාරය රුපියල් 1900 දක්වා රුපියල් 400කින්ද වැඩි වනු ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි