No menu items!
27.5 C
Sri Lanka
21 September,2024

වත්කම් බැරකම් නඩුවෙන් කනකසබේ නිදහස්

Must read

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකළ නඩුවෙන් ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ රන්ජන් කනකසබේ නිදොස්කර නිදහස් කර තිබේ.


ඒ සම්බන්ධයෙන් වූ නඩුව ජනවාරි 25 වැනිදා කැඳවූ අවස්ථාවේදී අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබාදී ඇත.


රන්ජන් කනකසබේ මහතා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති බවට ශ්‍රී ලංකා රේගුව ලබාදී ඇති ලේඛනය පිළිගත නොහැකි බව ප්‍රකාශ කරමින් මෙම නිදොස්කොට නිදහස් කිරීම සිදුකර තිබේ.


එම තීන්දුවත් සමඟ කනකසබේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ වන්දි ඉල්ලීමට කටයුතු කරන බවය.


වෙහිකල්ස් ලංකා සමාගමේ හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වාගෙන් අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම රන්ජන් කනකසබේ මහතාට එරෙහිව පවරන ලද නඩුවකින්ද මීට පෙර ඔහුව නිදොස්කොට නිදහස් කළේය. ඒ බොරු අල්ලස් නඩුවක් ඔහුට එරෙහිව ගොනුකර ඇති බවට නිගමනය කිරීම හේතුවෙන්ය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි