No menu items!
23 C
Sri Lanka
14 September,2024

ජනාධිපතිගේ ධුර කාලය අවසන් වෙන්නේ කවදාද?

Must read

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ ධුර කාලය ආරම්භ වන දිනය කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට බලාපොරොත්තුවන බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. මීට පෙරද ජනාධිපතිවරයා ධුර කාලය පිළිබඳව විමසීමට සූදානම් වන බව තොරතුරු වාර්තා විය. අනිද්දා මුල් පුවතකින් ඒ පිළිබඳව මුලින්ම වාර්තා කර තිබුණි. ඉන්පසුව ශ‍්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ජනාධිපතිවරයාට හිතවත් කණ්ඩායම් මාධ්‍ය ඉදිරියේ තර්ක කර තිබුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන දිනය විය යුත්තේ 19 වැනි සංශෝධනය සම්මත වූ දිනය වන 2015 මැයි 15 වැනිදා සිට බවය.


මේ වනවිට ජනාධිපතිවරයාගේ හිතවතුන් ඉදිරිපත් කරන තර්කය කිසිදු වලංගුභාවයකින් තොර එකක් බව ව්‍යවස්ථා විද්වතුන් පෙන්වා ඇත. කිසිදු පිළිගත හැකි ව්‍යවස්ථා විශේෂඥයෙකු ජනාධිපතිවරයාගේ හිතවතුන්ගේ තර්කය වෙනුවෙන් අදහස් දක්වා නැත. ඒකාබද්ධ විපක්ෂයද ජනාධිපතිවරයාගේ තර්කයට එකඟ නැත. ඇත්තෙන්ම ජනාධිපතිවරයාගේ හිතවතුන් ඉදිරිපත් කරන තර්කය පිළිගන්නට පදනම් සහගත හේතුවක්ද නැත.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි එයට අදාල අන්තර්කාලීන විධිවිධානද ඇත. එම විධිවිධාන ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ක‍්‍රියාත්මක මොහොත වෙද්දී බලයේ සිටින පුද්ගලයන් කටයුතු කළ යුත්තේ පෙර තිබුණු ව්‍යවස්ථාවට අනුවද, සංශෝධිත ව්‍යවස්ථාවට අනුවද යන මූලික ප‍්‍රශ්නයට අදාලව සැක නැති කිරීමටය. කොටින්ම කිවහොත් ජනාධිපතිවරයාගේ ධුර කාලය වැනි මාතෘකා ගණනාවක් ගැන සැක නැති කරගැනීමටය.


අන්තර්කාලීන විධිවිධානවල 49(1* (ආ* හි මෙසේ සඳහන් වෙයි. ‘ 2015 අපේ‍්‍රල් මස 22 වන දිනට පෙර පිළිවෙලින් ජනාධිපති ධුරය සහ අග‍්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේය.’ එහි පැහැදිලිව ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනයේ විධිවිධාන යටතේ තම ධුර කාලයෙහි කටයුතු කළ යුතු බව සඳහන්ව ඇත.


අන්තර්කාලීන විධිවිධානවල අංක 51 වගන්තියෙහි මෙසේ සඳහන්ය. ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පටහැනිව කුමක් සඳහන් වුවද මේ පනත ආරම්භ වන දිනයේදී ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා එසේ ජනාධිපති ධූරය දරන තාක් කල් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවායේ කාර්යභාරය තමන්ගේ භාරය වෙත පවරා ගැනීම ද එකී කාර්යය සඳහා ඔහු වෙත පවරාගත යුතු අමාත්‍යාංශ තීරණය කරනු ලැබීම ද කළ හැකි අතර ඒ අනුව එකී විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ ඇති අමාත්‍යවරයාට යම් ලිඛිත නීතියක කරනු ලබන යම් සඳහනක්, ජනාධිපතිවරයාට කරනු ලබන සඳහනක් ලෙස කියවා තේරුම්ගනු ලැබිය යුත්තේය.’ ඒ අනුව ජනාධිපතිවරයාට අන්තර්කාලීන විධිවිධාන යටතේ යම් විශේෂ බලතල කිහිපයක් හිමිවෙයි. එහෙත් ඒ හැරුණුකොට ජනාධිපතිවරයා සංශෝධිත ව්‍යවස්ථාව අනුව තමන්ගේ ධුර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතුය. සංශෝධිත ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවට පත්වෙයි. තමාගේ ධුර කාලය පිළිබඳව ජනාධිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් වන බවය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මෙම තත්වය පැහැදිලි කළේ මෙසේය.


‘ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5ක් වෙනවා. දැන් අපට දැනගන්න ලැබිලා තියෙන විදියට ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන තර්කය තමයි ජනාධිපතිවරයාගේ වසර පහක ධුරකාලය ආරම්භ වුණේ ජනාධිපතිවරයා ධුරයට පත්වූ 2015 ජනවාරි 9 වැනිදායින් නොවන බව. ඔවුන් තර්ක කරන්නේ 19වැනි සංශෝධනය ලෙස වසර 5ක් බවට පත්වූ ධුරකාලය ආරම්භ විය යුත්තේ 19 වැනි සංශෝධනය සම්මත වුණු 2015 මැයි 15 වැනිදා සිට බවයි.


මට ඉතා පැහැදිලිව කිව හැකියි එවැනි අර්ථනිරූපණයකට කිසිසේත්ම ඉඩක් නැති බව. එයට ඉදිරිපත් කළ හැකි ව්‍යවස්ථානුකූල පදනමක් කනැහැ. ඉතා පැහැදිලිවම 19 වැනි සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධාන යටතේ මේ පිළිබඳ කරුණු සඳහන් වෙනවා. අපේ‍්‍රල් 22 ට පෙර සිටින ජනාධිපතිවරයාම 19 වැනි සංශෝධනයෙන් සංශෝධිත ව්‍යවස්ථාව යටතේ සිය ධුරකාලය අවසන් කළයුතු බව බව ඉතා පැහැදිලිව තියෙනවා.


අර්ථ නිරූපණ නීතිය අනුව කිසිම ආකාරයකට ජනාධිපතිවරයාට අලූත් ධුරකාලයක් හිමිවන බව අර්ථකථනය කරන්න බැහැ. මෙය පැහැදිලි කරගන්නට අපට මේ තත්වයම දින වකවානු වෙනස් කරගනිමින් උපකල්පනය කරන්න පුළුවන්. අපි උපකල්පනය කරමු 19 වැනි සංශෝධනය 2015 අවුරුද්ද වෙනුවට 2018 අවුරුද්දේදී සම්මත වෙලා අත්සන් තැබූ බව. වෙනස් වෙන්නේ දින වකවානු පමණයි. එසේ වුණොත් ඉහත කී තර්කය නිවැරදි බව උපකල්පනය කළත් ජනාධිපතිවරයාගේ ධුරකාලය 2023 දක්වා ඇදී යන්න ඕනෑ. ඒ කියන්නේ 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාව ජනතාව පත්කරගත්තු කාලසීමාව වන වසර 6ක ධුර කාලයටත් වඩා කාලයක් ඔහුට ධුරයේ රැුඳී සිටීමට අවස්ථාව ලැබෙනවා. වසර අටක් දක්වා ඔහුගේ ධුර කාලය දීර්ඝ වෙනවා. එසේ විය නොහැකියි.


ඒ වගේම මීට කලින් ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර පහක්ද කියා විමසූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. එම නඩු තීන්දුවේත් තියෙනවා ජනාධිපතිවරයා තේරී පත්වුණේ 2015 ජනවාරි 9 වැනිදා බව.‘x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි