සාමාන්‍යයෙන් රටක නව ආණ්ඩුවක් බලයට පත්වූ විගස ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සුභපැතීම ජාත්‍යන්තර නායකයන්ගේ සිරිතය. එසේ වුව මේ වෙද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්රණයකින් පත්කර ඇති නීතිවිරෝධී ආණ්ඩුවට ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරන රාජ්‍ය නායකයන්, සංවිධානවල නායකයන් කිසිවෙක් සුභපතා නැත. මෙම නීති විරෝධී ආණ්ඩුව බලයට පත්වූ විගස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙන බවය. නීතිවිරෝධී ආණ්ඩුව නීතිවිරෝධී බව පැහැදිළිව දැක දැක ඒ ආණ්ඩුව නීත්‍යනුකූල ලෙස පිළිගන්නේ ලංකාවේ මාධ්‍ය ආයතන පමණි.
සංචාරක කර්මාන්තය
ලංකාවේ සංචාරක කර්මාන්තයට ව්‍යවස්ථා විරෝධී කුමන්ත්රණයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වය නිසා උද්ඝෝෂණ ඇතිවීමත්, ආයතවල බලය මැර කණ්ඩායම් විසින් අල්ලාගැනීමත්, මාධ්‍ය ආයතනවලට කඩාවැදීමත් ඇතුලූ කාරණා ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රසිද්ධ වෙද්දී ලංකාවේ සංචාරය කිරීම අවදානම් සහගත කාරණයක් බව සංචාරකයන්ට උපදෙස් ලබාදෙන ජාත්‍යන්තර වෙබ් අඩවි සහ මාධ්‍ය වාර්තා කර තිබීම නිසා ලංකාවට පැමිණීමට සැලසුම් කළ සංචාරකයන් ලංකාවට පැමිණීමේ සැලසුම් අත්හැර දමමින් සිටියි. මාධ්‍ය විසින් පමණක් නොව බටහිර රටවල්වල තානාපති කාර්යාල හරහා එම රටවල්වලට අනතුරු හඟවා ඇත්තේ ලංකාවේ දේශපාලන තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වීමේ අවධානමක් ඇති නිසා ලංකාවට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බවය.
මේ සංචාරකයන් ලංකාවට පැමිණෙන්නට පටන්ගන්නා කාලයයි. වත්මන් තත්ත්වය සමග ඉදිරි කාලය තුළ ලංකාවට පැමිණීමට නියමිත බොහෝ සංචාරකයන් ලංකාවට පැමිණීමෙන් වැළකී සිටිනු ඇතැයි සංචාරක ක්ෂේත්රය පිළිබඳ කරුණු දත්තෝ කියති. හෝටල් ක්ෂේත්රයේ සේවය කරන පුද්ගලයන් පෙන්වාදෙන්නේ දැනටමත් සංචාරකයන් විසින් තමන්ගේ වෙන් කිරීම් අවලංගු කරමින් සිටින බවයි.
ඬේලි මිරර් පුවත්පතද වාර්තා කරන අන්දමට ‘කලම්බු සිටි’ හෝටලයේ කළමණාකාරිත්වය පවසා ඇත්තේ පසුගිය දින 10 ඇතුළත යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ විදේශිකයන් රැුසක් තම හෝටල් කාමර වෙන්කර ගැනිම් අවලංගු කර ගෙන ඇති බවයි. බටහිර රටවල්වලින් තම පුරවැසියන්ට ලංකාවට ඇතුළුවීමෙහි අවදානමක් ඇතැයි අනතුරු හඟවා ඇති බවද ඬේලි මිරර් වාර්තා කර තිබුණි.
ද ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් ඔක්තෝම්බර් මාසයේ පළ කළ වාර්තාවක් අනුව ශී‍්‍ර ලංකාව සංචාරයට සුදුසු රටවල් අතරින් ලොව අංක එකේ රට ලෙස නම් කළේය. ඔක්තෝම්බර් මාසය අවසාන වන්නට පෙරම මෙරට තුළ ව්‍යවස්ථා විරෝධි අග්‍රාමාත්‍යවරයෙකුගේ පත් වීමත් මත එම සඟරාවේ කතෘවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බවත් එහි සංචාරය කරන්නේ නම් හදිසි අවස්ථාවලට මුහුණ සිදුවනු ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇතැයි සිංගප්පූරුවේ ද ස්ටේ්රට්ස් ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවිය සඳහන් කර තිබේ. දේශපාලන උණුසුම හමුවේ සංචාරකයන් මෙරටට පැමිණිම, රටෙන් පිටවීම, විදේශ ආධාර නැවතීම හා ශ්‍රී ලංකාවේ ආර්ථීක බිඳ වැටීමේ සංඥා නිකුත් කර ඇති බව එම වෙබ් අඩවියේ පළවූ වාර්තාව වැඩිදුරටත් පවසා සිටියි. ලංකාව තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අස්ථාවර වෙනු ඇති බව ඔවුන් වාර්තා කර තිබුණි. මෙම දේශපාලන අර්බුදය ලේ වැගිරීම් දක්වා ව්‍යාප්ත වීමේ බියකින් පසුවන විදේශිකයන් වෙරළ තීරය හා මහා නුවර ආශ්‍රිතව හෝටල් වෙන් කිරීම් අවලංගු කරමින් සිටින බවද එම පුවත මඟින් නිවේදනය කර තිබේ.
ණය හා සහන
රටක් ව්‍යවස්ථාවට සහ ප්රජාතන්ත්රවාදයකට ගරු නොකිරීම නිසා ඇතිවිය හැකි අනෙක් බරපතළ තත්ත්වය වන්නේ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ණය මුදල්, සහන මුදල්, ජාත්‍යන්තර ගිවිසුම් ආදිය අහිමි වීමය. ඒ නිසා එය නිකන්ම ජාත්‍යන්තරයේ ගෞරවය ලැබීමේ ප්‍රශ්නයක් නොව, ලංකාවේ ජීවත්වන ජනතාවගේ ආර්ථික සුභසිද්ධිය පිළිබඳ කාරණාවක්ද වෙයි.
දැනටමත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ආර්ථිකය ස්ථාවර ලෙස පවත්වාගෙන යෑම වෙනුවෙන් ලබා දී තිබුණු ණය මුදලෙහි තුන්වැනි වාරිකය ලබාදීම අත්හිටුවා ඇත. ඊට අමතරව ඉන්දියාවේ එන්.ඞී.ටී.වී. විසින් වාර්තා කරන ආකාරයට මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය හා ජපානය විසින් ලංකාවේ සිදු කිරීමට නියමිතව තිබුණු ඩොලර් බිලියන 2ක ආයෝජන නවත්වා ඇත.
ජපාන රජය විසින් මෙගාපොලිස් අමාත්‍යාංශය වෙත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියක් සඳහා ණය ලබාදීමේ සූදානමකින් සිට ඇත. දේශපාලන තත්ත්වය නිසා එම ණය මුදල ලබාදීම නවත්වා තිබේ. ජපානයේ ජයිකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ලංකාවේ දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත්, ඉදිරි තත්ත්වය සලකා බලා ලංකාවේ කටයුතු කිරීම පිළිබඳව සලකා බලන බවත්ය.
යුරෝපා සංගමයයේ තානාපතිවරයා වන තුංග් ලයි මර්ගු මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් අනතුරු හඟවා ඇත්තේ ජී එස් පී ප්ලස් සහනය මෙම දේශපාලනික පසුබිම මත ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ ඇති බවය. වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ 2010 වර්ෂයේද මානව හිමිකම් කඩකීරිම නිසා ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ බවය. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනයට අමතරව යුරෝපය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා බදු සහන ලැබුණේද 2015 වත්මන් ආණ්ඩුව බලයට පත්වී, මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ සහතික නිකුත් වීමෙන් පසුවය.
දේශපාලන තත්ත්වය
ලංකාවේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර රජයන් සහ ආයතන විසින් දේශපාලන වශයෙන් සිදුකරන නිරීක්ෂණයන්ද වැදගත් වෙයි. පෙර කී ලෙසට ලංකාවේ රජය පිළිගනිමින් ප්‍රබල රටවල් කිසිවක් නිල නිවේදන නිකුත් කර තිබුණේ නැත. චීන තානාපතිවරයා සුභපැතූ බව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් මාධ්‍යවලට කී කතාවක් වාර්තා කර තිබුණද මහජන චීනයේ නිල සුභපැතුම් පණිවුඩයක් ඉදිරිපත් කර තිබුණේද නැත.
තවද බි්රතාන්ය පාර්ලිමේන්තුවේ දි මෙරට දේශපාලනය පිළිබඳව පසුගිය සතිය තුළ කතා බහට ලක්වී තිබුණි. එහිදි බි්රතාන්යයේ විදේශ ලේකම්වරයා පවසා තිබුණේ බි්රතාන්ය රජය විසින් මෙරට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ මහතාව බවය.
එක්සත් ජාතින්ගේ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 28 වන දින සහ 31 වන දින කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට නිවේදන දෙකක් නිකුත් කරමින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් රැස්වනු ඇතැයි, පොදු රාජ්‍ය මණ්ඩලය අපේක්ෂා කරන බව පවසමින් සහ ලබන 14 වනදා පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්, පැටී්රෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය නොවැම්බර් 06 වන දින නිවේදනයක් නිකුත් කරන ලදි. නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටේ ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍ය සුරැුකීම උදෙසා දේශපාලන නායකයින් හා ජනතාව අතර කතිකාව දිරිගැන්විය යුතු බවයි. ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අවශ්‍ය නම් සහය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය හා අනෙකුත් ජාතයන්තර හවුල් කරුවන් සූදානම් බව ද, පැටී්රෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ. ඒ නිවේදනයද ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නොතකා හැර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය නොවැම්බර් 06 වන දින කථානායකවරයා හමුවී තිබුණි. ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡුා කිරීමට තානාපතිනිය කථානායකවරයා හමුවූ බවයි. ඡුන්දයෙන් තේරීපත් වූ නියෝජිතයින්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ සලසමින් ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට ජනතාවට සේවය කිරීමට ඉඩ දිය යුතු බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් ය.
එම ආයතවලට අමතරව යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව ඇතුලූ රටවල් රැසක් නිවේදන නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ව්‍යවස්ථාවට ගරු කරමින් පාර්ලිමේන්තුවේ කඩිනමින් රැස් කරන ලෙස දැනුම් දී ඇත.