ලොව විවිධත්වයෙන් සැදුම් ලද්දේ වෙයි. එය ජාති, ආගම්, භාෂා, ජනවර්ග, කළු සුදු වශයෙන් විවිධ වන්නා සේම ලිංගි කත්වයෙන් ද වෙනස් වෙයි. ඉහත සඳහන් සියලු‍ වෙනස්කම් ගෞරවයෙන් පිළිගැනීම සඳහා අනාදිමත් කාලයක පටන් ලෝකයේ විවිධ දැනුම් පද්ධති ඔස්සේ නිපදවනු ලැබූ දැනුම මිනිසාට මඟ කියූ අතර ලිංගි ක ආශයන් පිළිබඳ ඇති වෙනස කෙරෙහි එවැනි ගෞරවනීය පිළිගැනීමකට මිනිස් මනස මෙහෙයවීමට අදාළ දැනුම නිර්මාණය වීමේ දී සමස්ත ලෝකයම සැලකිය යුතු පසුගාමී බවක් ප්‍රකට කරයි. සමලිංග ිකයන් කෙරෙහි විරෝධාකල්ප සහිත විරුද්ධ ලිංගික බහුතරයකගේ ආධිපත්‍යයක් ලෝකය තුළ නිර්මාණය වන්නේ එබැවිනි. එහෙත් ශතවර්ෂ ගණනකට හෝ පසුව ලිංගික විවධත්වය කරෙහි මානුෂීය ආකල්ප වගා කිරීමට ලොව ප්‍රධාන පෙළේ බටහිර රටවල් සමත් විය. එහි ජයග්‍රාහී පියවර වන්නේ සමලිංගි ක විවාහය නීතිගත වීමය. ඉන්දියාව දැඩි සංස්කෘතික අන්තවාදී ආකල්ප සහිත රටක් වුව ද සමලිංගික විවාහය සහ මවුපිය පදවිය දැරීම කෙරෙහි සමලිංගි කයන්ට ඇති අයිතිය පිළිගෙන දකුණු ආසියාකරයම විශ්මයට පත් කළේය. ආකල්ප සහ මතවාදීමය වශයෙන් ලොවක් ඉදිරිය බලා සිටිද්දී ලංකාව තවමත් පසුපස බලමින් සමනල් ගමනේය. සමලිංග  සමනලු‍න්ට ඌණනය කරන ජනාධිපති කෙනෙකු පෙරටු කොට ගෙන සිටින අපට ප්‍රගතශීලී චින්තනයක් ගැන සිතීම ම වුව ප්‍රමාණවත් ය.
සමාන ලිංගිකයන් කෙරෙහි ලිංගික ආකර්ෂණයක් සහිත පුද්ගලයන් සමලිංගිකයන් ලෙස හඳුන්වනු ලැබේ. ජානාමය හේතු, හෝමන සහ හැදී වැඩුණු පරිසරය, කුඩා කළ මුහුණ පෑ සිදුවීම් ආදී නොයෙක් හේතු සමලිංග ිකයන් නිර්මාණය වීම පිණිස හේතු සාධක වේ. කෙසේ නමුත් වර්තමානයේ සමලිංගිකත්වය යනු අසාමාන්‍ය මානසික ස්වභාවයක් ලෙස නොසලකන අතර විවිධ ලිංගික ආශා සහිත පිරිස් මිනිසුන් අතර මෙන්ම සතුන් අතර ද ඇති බවත් එය සාමාන්‍ය තත්ත්වයක් ලෙසත් සැලකේ. මේ නිසා අතීතයේ මෙන් සමලිංගිකයන් මානසික රෝහලකට පිටුවහල් කිරීම හෝ ඝාතනය කිරීම වැනි අමානුෂික වධබන්ධන පමුණුවනු නොලැබේ. විසි එක්වන සියවස වන තෙක් තම අයිතීන් දිනා ගැනීම සඳහා බටහිර වෙසෙන සමලිංගිකයන් විශාල සටනක් කළ අතර සමලිංගි ක සාහිත්‍යයක් (Gay Literature) බිහි වීම ඒ සඳහා ප්‍රබල පිටිවහලක් විය.
බටහිර රටවල සමලිංගික සාහිත්‍යය යන්න නූතන සාහිත්‍යයේ තවත් එක් ශානරයක් ලෙස පිළිගෙන අවසානය. අතීත ග්‍රීසියේ පටන් කළ විවිධ නිර්මාණ තුළ සමලිංගි කයන් පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රචලිත කරුණක් වුවත් කතෝලික ධර්මයේ බලපෑමත් සමඟ 18 වන සියවසේ මැද භාගය වන විට යුරෝපයේ සමලිංගිකයන් පිළිබඳ සාහිත්‍ය නිර්මාණ බිහි කිරීම වාරණයට ලක්වන අතර සමලිංගික සාහිත්‍යය අතු ඉති ලා වැඩිම ආරම්භ වනුයේ විසිවන සියවසෙහි වන බැවින් එය නූතන සාහිත්‍යයේ එක් ශානරයක් ලෙස සැළකීම නිවැරදිය.
ලෝකයේ දියුණු රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ සමාජය තුළ කතාබහට ලක්වන තේමාවක් වන්නේ එරටවල සමලිංගිකයන් උදෙසා සාහිත්‍යයක් බිහිවීමත් සමගය. සමලිංගික සහ සමලිංගික නොවන නිර්මාණකරුවන් ස්වකීය අත්දැකීම් හෝ සමාජ නිරීක්ෂණය ඇසුරෙන් උකහාගත් අත්දැකීම් අනුසාරයෙන් සමලිංගිකයන් පිළිබඳ නිර්මාණ බිහි කළ අතර මේ ඔස්සේ සමලිංගිකත්වය සහ සමලිංගි ක ගැටලු‍ පිළිබඳ කතිකාවක් වෙත සමාඡය නම්‍යශීලී කර ගැනීමට ඔවුන්ට හැකි විය. සමරිසි කාමය හෙවත් සමලිංගි කත්වය අසාමාන්‍ය මානසික ස්වභාවයක් නොව එය සාමාන්‍ය තත්ත්වයක් බව සමාජගත කිරීමට හැකිවීම ම ඔවුන් ලද ජග්‍රහණයක් ලෙස සැළකිය හැකිය. එහෙත් අප රටේ සමලිංගිකයන් පිළිබඳ තවමත් ඇත්තේ සැඟවුණු මන්ත්‍රණ වේ. සාහිත්‍ය කලාව තුළ මෙය වැඩිවශයෙන් කතාබහට ලක්වන තෙක් තම අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සමරිසි ජනතාවක් බිහි කිරීම උගහටය. අප රට තුළ සමරිසි කාමය පිළිබඳ නිර්භයව කීමට ලීමට ඇත්තේ ලැජ්ජාවකි, බියකි. බහුතරයක් වන විරුද්ධ ලිංගිකයන්ගේ නින්දාවට සහ ප්‍රතික්ෂේප වීමට ඇති බිය හේතුවෙන් සමලිංගිකයන් ඇත්තේ සැඟවීය. මේ තත්වය වෙනස් කළ හැක්කේ ද ඔවුන්ටම ය.
සමලිංගිකත්වය සහ නිර්මාණකරණය අතර ඇත්තේ කවරාකාර සම්බන්ධතාවක් ද යන්න විමසා බැලීම වටී. සිග්මන් ෆ්‍රොයිඞ්ට අනුව සමලිංගිකත්වය සහ නිර්මාණාවේශය අතර සබඳතාව ගොඩනගන්නේ ප්‍රාථමික නාසිස්ම අවස්ථාවේ දී මනෝලිංගික වර්ධනය අඩාල කිරීම හේතුවෙන් පසුව උත්කර්ෂණය සඳහා වන දැඩි පෙළඹවීම හේතුවෙනි. සමාඡ විද්‍යාඥයෙකු වන කොලින්. ජේ විලියම්ස්ට අනුව සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය අතර ඇති සබඳතාව වන්නේ සමලිංගිකයන් ස්වාභාවිකවම කලාත්මක සහ නිර්මාණශීලී නොවීම හේතුවෙන් සමලිංගික නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ කලාව තුළ හමුවන බවය. ඒ කොලින්ස්ට අනුව සමලිංගිකයන් තුළ ආර්ථික සහ සමාඡිය සංසිද්ධීන් කෙරෙහි වන අල්ප අවධානය නිසාය. නමුත් සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය පිළිබඳ ප්‍රගතශීලී මත දැරූවන් හමු වෙති. ඇල්බර්ට් රෝතන්බර්ග් පවසන පරිදි සමලිංගිකයන් සෙසු සමාජයට ආන්තික වීම හේතුවෙන් එම ව්‍යාකූලත්වය ඉවසීමට, සමලිංගිකත්වය පිළිබඳ වන අනෙකුත් මතවලට අභියෝග කිරීමට සහ ඔවුන් සඳහා වන නියෝග, නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට නිර්මාණකරණය අගනා අවස්ථාවක් බැවින් සමලිංගිකයන් සාහිත්‍යය සහ කලාවට යොමු වේ. බාහිර සමාජයෙන් සමත් වනු පිණිස ඇති හොඳම අවස්ථාව සාහිත්‍ය සහ කලාව බැවින් සමලිංගිකයන් නිර්මාණකරණයට යොමු වන බව ඇමරිකානු සමාඡ විද්‍යාඥයෙකු වන ලෞඞ් හම්ප්‍රීස්ගේ අදහසයි. සමලිංගි කයන් උපසංස්කෘතික ඒකකයක් තුළ දිවි ගෙවීමේ දී මහා සස්ංකෘතිය තුළ තමන්ට අත්විඳීමට වූ අධික වේදනාවන්ගෙන් උත්තේජනය ලබමින් නිර්මාණකරණයෙහි යෙදීමට ඔවුන්ට හැකි බැවින් කලාත්මක ජයග්‍රහණ අත්කරගැනීම කෙරෙහි ප්‍රබල ශක්‍යතාවක් ඔවුන්ට වන බව ද හම්ප්‍රීස් පිළිගනියි. මේ අනුව සමලිංගිකත්වය සහ නිර්මාණශීලීත්වය, නිර්මාණකරණය අතර යහපත් සබඳතාවක් පවතින බැවින් සාහිත්‍ය කලාව ඔස්සේ තම අභිමානය ගොඩනගා ගැනීමට ද, තම අයිතීන් දිනාගනු පිණිස ද, මහා සංස්කෘතිය තුළ තම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ද සමරිසි ප්‍රජාව උත්සුක වන්නේ නම් මැනවි.
සමලිංගික සාහිත්‍ය ඔස්සේ සමරිසි ජනතාව පිළිබඳ කලාවට නැගීමට ඇති දෑ බොහෝය. මන්ද විරුද්ධ ලිංගි ක ආශාවන් සහිත බහුතරයක් අතර සමාන ලිංග ික ආශා සහිත සුළුතරයක් ලෙස දිවි ගෙවීමට වීමේ දී මුහුණ පෑමට වන කම්කටොලු‍ අධික බැවිනි. සමරිසිබව ලාංකික සමාඡය තුළ අනුමත නොකිරීම හේතුවෙන් බාලවයස්කාර සමලිංගි කයන් ලෙස හඳුනා ගැනීම පාසලින් නෙරපීමට හේතු වීම එවැනි එක් අවස්ථාවකි. තම පවුලෙන් පිටමන් කිරීම හෝ පවුල තුළ අල්ප අවධානයට ලක්වීම, ස්ථිර රැකියා ලබාගැනීමට ඇති දුෂ්කරතාව, තම ආගමෙන් ප්‍රතික්ෂේප කිරීම, දෙමාපිය බලපෑම මත විරුද්ධ ලිංගි කයන් හා විවාහ වීමට සිදු වීම සහ පසුව දික්කසාද වීමට යොමු වීම, සමාජය තුළ නොසලකා හැරීමට ලක් වීම හේතුවෙන් පිළිග ැනීම සහ ආරක්ෂාව උදෙසා රට හැර යාමට සිදුවීම සහ අවසානයේ සියදිවි හානි කර ගැනීමට යොමු වීම සමලිංගිකයන් මුහුණ පාන ගැටලු‍වලින් අතලොස්සකි. ලංකාව තුළ නම් රටේ ඡනාධිපති ප්‍රමුඛ පාලන තන්ත්‍රයේ බහුතරයක් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් ද ප්‍රතික්ෂේප වීමට සිදුවීම ද තවත් දරුණු ඛේදවාචකයකි. මේ සියල්ලට ම වැඩියෙන් ලංකාව වැනි රටක සමලිංග ිකත්වය යනු අසාමාන්‍ය මානසික ස්වභාවයක් බවට වන එළැඹුම ම ගැටලු‍වකි.
බටහිර රටවල සමලිංගික සාහිත්‍ය ඇසුරෙන් සමලිංගි ක විචාර කලාවක් ද බිහි වී අවසාන ය. සමලිංගි ක විචාර කලාව සාහිත්‍ය කලාව තුළ නිරූපණය වන සමලිංග ිකත්වය පිළිගන්නා සේම සමලිංගික සාහිත්‍යය ද පිළිගනියි. එසේම සමලිංගික සාහිත්‍ය විචාරය, සමලිංගිකතාවය ලිංගික සංසිද්ධියක් වශයෙන් ද, සමලිංග ිකතාවයන් සාහිත්‍යමය සංසිද්ධියක් වශයෙන් ද ප්‍රභේද කරයි. ඒ ඔවුන් විරුද්ධ ලිංගිකතාව අනුමත කරන සාහිත්‍ය නිර්මාණ මෙන්ම විචාරකයන් සහ ඔවුන්ගේ විචාරයන් සමග ගනුදෙනු කළ හැකි වඩාත් ප්‍රමිතිගත ආකාරය එය වන බව අවබෝධ කොට ගෙන ඇති බැවිනි. සමලිංග ික විචාරය ඔස්සේ නූතන සාහිත්‍ය නොව වැඩි වශයෙන් විචාරයට ලක් වී ඇත්තේ සම්භාව්‍ය සාහිත්‍යයි. ඒ සාහිත්‍ය දේශපාලන සහ ආගමික තහංචිවලින් විනිර්මුක්ත කාලය තුළ සමලිංග ිකයන් පිළිබඳ කළ උසස් නිර්මාණ හමුවන බැවිනි. ලංකාව තුළ ද සමලිංගික සාහිත්‍යක් ගොඩ නැගී, එයින් සමලිංගික විචාර කලාවක් බිහිවන්නේ නම් ‘අතීත ලිංගික නිදහස සහ එම නිදහස පිටුපස පැවති ලිබරල් චින්තනය කවරාකාර ද’ වැනි කතිකාවන් සිංහල බෞද්ධ සමාජය තුළ සාරවත් කතිකාවන් ඇති කරනු ඇත. සමලිංගි ක සාහිත්‍ය විචාර කලාව මතු කරන වැදගත්ම තර්කය වන්නේ සමලිංගික සාහිත්‍ය සහ විචාර කලාව යනු සුළුතරයක් වන සමලිංගි කයන්ගේ ජයක්ග්‍රහණයක් පමණක් නොව බහුතර සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමට යෙදුණු ඕනෑම සුළුතරයක ජයක්ග්‍රහණයක් බවය. ඒ අනුව මෙරට සමලිංගි ක සාහිත්‍ය ඇසුරෙන් සමරිසි ජනයා තම අභිමානය ගොනගා ගනිමින් ද, තම අයිතීන් දිනා ගනිමින් ද බහුතරයේ පිළිගැනීමට ලක්වීම මෙරට වෙසෙන අනේකාකාර වූ වාර්ගික, ආගමික, භාෂාමය හෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් වන ඕනෑම සුළුතර කණ්ඩායමක් බහුතරයේ පිළිගැනීමට ලක්වීමය. එය සමරිසි ජනයා විසින් ද අනෙකුත් සුළුතරයන් විසින් ද එමතු නොව සුළුතරයේ අභිවෘද්ධිය පතන බහුතරය තුළ වෙසෙන ඕනෑම ප්‍රගතශීලී සාහිත්‍යධරයෙකු, කලාකරුවෙකු විසින් සිතා බලනු වටින අදහසකි.
සමලිංගික සාහිත්‍ය විචාරය පිළිබඳ ලියා දැක්වූයේ ලෝකය තුළ සමලිංගි ක සාහිත්‍ය ඇසුරෙන් ගොඩනැගුණු න්‍යායාත්මක දැනුමේ පෘථුල බව දැක්වීමටය. තම මානුෂික හැඟීම් සහ ආශාවන් සමනල හැඟීමකට ඌණනය නොකරන ශිෂ්ටසම්පන්න මානුෂීය සමාඡයක් උදෙසා සාහිත්‍ය සහ කලාව මාධ්‍යක් කරගත යුතු යුගයක ලාංකේය සමරිසි ජනයා මෙන්ම ප්‍රගතශීලී සාහිත්‍යකරුවන් ද පසුවන බව අවබෝධ කරගැනීම අගනේය.■

■ හිරුණි කුරුප්පුආරච්චි