මැයි දිනයේදී කම්කරුවෙකු හමු වී ඔහුගේ අත ගෙන කෘතඥතාව පළ කරන්න. කම්කරුවන් නොසිටියේ නම් කිසිදු ශිෂ්ටාචාරයක් ගොඩ නැගෙන්නේ නැත. තුර්කි ලේඛක මෙහ්මෙට් මුරාන් ඉල්ඩන් වරෙක එසේ ලියයි. ඔහු තව දුරටත් ලියන්නේල ර්‍ණයම් ලෙසකින් ලොව සියලුම කම්කරුවන් හදිසියේ අතුරුදන් වුවහොත් ඒ වහාම ලෝකය නතර වනු ඇත” යනුවෙනි.


මුරාන්ගේ මේ අදහස කම්කරු දිනයේ වැදගත්කම අපට නැවත සිහිපත් කරයි. 1886දී චිකාගෝහි හේමාකට් චතුරස්‍රයේ සිදු වූ කම්කරු සංහාරය හෙලාදැකීම උදෙසා දෙවන ජාත්‍යන්තරයේ සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් විසින් තෝරා ගැනුණේ යුරෝපයේ සාම්ප්‍රදායික වසන්ත උත්සවය සමරන මැයි දිනය හෙවත් මැයි මස පළමුවැනිදාය. අද වන විට රටවල් අසූවකට වැඩි ගණනක් ඒ දිනය කම්කරුවන් වෙනුවෙන් වෙන් කර ඇත.


කෙසේ වෙතත් වර්තමානයේ ඇතැම් රටවල මැයි දිනයට හුදු තත්කාලීන දේශපාලන වුවමනාවන් උලුප්පනු ලබන නාමික කෘත්‍රිම ඉසව්වන් විනා කම්කරුවන්ගේ සේවය සැබෑ ලෙසම අගයන, ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දෙනල ප්‍රබල අරුතක් එක් නොවන බව නොරහසකි. පැය අටේ වැඩ සීමාව ඉල්ලා කම්කරුවන් කළිහේමාකට් අරගලයේ’ සිට වසර එකසිය විස්සකට පමණ පසු ලෝක කම්කරු ප්‍රජාව විසින් බොහොමයක් ඉල්ලීම් දිනා ගෙන ඇති නමුත් තවමත් වැඩ කරන ජනතාව වෙත ලැබිය යුතු නියම පිළිගැනීම්ල නිර්මාණ කලාවටත්ල සංකල්පීය ලෝකයටත් සීමා වී තිබෙනු දැකිය හැකියග අනෙක් අතට කම්කරු අයිතීන් දිනා ගැනීමේ ඉතිහාසය වුවද ලියැවී ඇත්තේ වහල් භාවය, පීඩාව සහ අසාධාරණයද, වේදනාවේ අකුරුල රුධිරය සහ කඳුළු පැල්ලම් යනාදියද අතරයග අද පවා ශීඝ්‍රගාමී ලෝකය තුළ කම්කරු ජීවිත පෙරට යන්නේ ඉබි ගමනිනි. දෛනික වැටුප රුපියල් දෙසීයකින් වැඩි කර ගැනීමට අනවරත අරගලයක් කිරීමට ඔවුන්ට සිදුව ඇත්තේ එබැවිනි.


කෙසේ වුවත් මේ දිනවල වැඩි පුර ඇසෙන ගීතාදියෙන් ඇතැම් විට කම්කරුවන් දේවත්වයට පවා සමීප කෙරෙයිග තාගෝර් තුමාගේ සංකල්පනාවක් ප්‍රේමදාස අලවත්තගේ අතින් සිංහලට නැගී ටී.එම්. හඬින් ගැයෙනු අසන අප තුළ වැඩ කරන ජනතාව ගැන මහත් භක්තියක් ඇති වීම පුදුමයක් නොවේ. එහෙත් ප්‍රායෝගික තලයේදී දෙවියන් පවා සැබැවින්ම වැඩ සිටින්නේ සුඛල්ලිකානුයෝගී ඉසුරුමතුන් අතර නොවේද?


අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ


දේශපාලන බල කාමයේත්ල ජාතිවාදී සහ ආගම්වාදී උමතුවේත් යක්ෂාවේශයන් තාගෝර් විසින් ගීතාංජලියෙන් ඉදිරිපත් කරන ස්වයං විශ්වීය ඇදහිල්ල නොහොත් ඕනෑම ආගමක් විෂයෙහි පෑහෙන දේව සංකල්පය අවලංගු කොට තිබේද? ගීතිකා ගයන සහ යාතිකා යදින තැන්වලම මනුෂ්‍යත්වය පුපුරා යද්දී ආත්මීය වූත්ල හෘදයාංගම වූත් විශ්වාසයකින් සරණක් ලැබීමට ශ්‍රමිකයාට අවකාශයක් වේද?


ඒ අතර නූතන ආර්ථික අලකලංචීන් අතරේ වෙහෙස සහ සොච්චමක් පමණක් ලබන වැඩ කරන ජනතාව දියුණු ලෝකයක නූතන වහල් භාවයක් නොදරන්නෝද? කාල් සෑන්ඩ්බර්ග් කවියා සිය “Chicago” නම් කවියෙන් පවසන පරිදි කම්කරුවාට ඇත්තේ අඳුරේ දිලිසෙන සිනාවකිග එහෙත් ඔහු ජාතිය වෙනුවෙන් නොනැවතී සිය කාර්යයෙහි නිරත වෙයි.


දුම් යටට වී දූවිල්ල මුවේ පුරෝගෙන හිනැහෙන්නේ සුදු දත් වලින් දෛවයේ මහා පීඩාව යටට වී හිනැහෙන්නේ තරුණයන් හිනැහෙන ලෙසින් හිනැහෙන්නේ තාරුණ්‍යයේ ප්‍රබල තියුණු කලහකාරී හිනාවෙන් දහඩ්යෙන් පෙඟෙන නිරුවතින් මුත් ජාතියට වැඩ කරන අබිමනින්


20 වැනි සියවසේ ජනප්‍රියම මෙක්සිකානු සිත්තරා වන ඩියෙගෝ රිවේරා ගේ “The Flower Carrier නම් සුප්‍රකට සිත්තම සරල බව තුළින් ගැඹුරු අරුතක් නගන සිතුවමක් ලෙස මතකයේ රැඳී ඇතග රිවේරා එතුළින් කියා පාන්නේ සමාජයේ කුඩා චරිතයක් ලෙස පෙනෙන කම්කරුවාගේ ජීවිතය මත පැටවී ඇති ජීවන බර සහ බැඳීම් සමුදායයිග විශාල මල් පැසෙන් සංකේතවත් වනුයේ ඔහු සමාජය වෙනුවෙන් සිදු කරන විසල් මෙහෙය විය නොහැකිද? එය අන් අයට සොඳුරු යමක් සේ පෙනෙනු ඇතග එහෙත් ඔහුට එය බරක් පමණි. බිම බලාගෙන පීඩිතව සිටින ඔහුට තමන් ඔසවාගෙන සිටින ඒ එක මලක්වත් දැක ගත නොහැක. ඔහු හැඳ සිටිනුයේ සුදු වතකිග කම්කරුවාගේ ශුද්ධාත්මය එයින් නිරූපනය වෙතියි මම සිතමි.


තේමාව හා යාවෙන බොහෝ කලා කෘති අතරින් මා සිත් ගත් තවත් එක් සිත්තමක් පමණක් මේ අකුරු අතර තැබීමට සිතෙයි. මිනිස් ඉතිහාසයේ නා නා රාජ්‍ය-දේශ-සමාජයන් තුළ මානව ප්‍රගමණයට සහ ජයග්‍රහණයන්ට බලය සපයන ලද්දේ අන් කිසිවක් නොව දහඩිය වගුරුවමින්ල දත් කූරු සපමින් සිය ශ්‍රමය සැපයූ කම්කරුවන් විසිනි. නෞකා ගැබෙක කස පහර කමින්ල සිය ගණනක් හබල් ක්‍රියාත්මක කරන වහළුන් කණඩායමක් දැක්වෙන සිනමා රූ පෙළක් සිහිනයකින් මෙන් මසිතෙහි ඇඳී යයි. රුසියානු චිත්‍ර ශිල්පී ඉල්ගා රෙපින් විසින් 1873 දී අඳින ලද “Barge Haulers on the Volga” ” නම් සිතුවමද එවැනිම හද රිදවන හැඟුම් කැටියකිග ඔබට පෙනෙනු ඇත්තේ කම්කරුවන් එකොළොස් දෙනෙකු විසින් විශාල යාත්‍රාවක් ඇද ගෙන වොල්ගා නදී ඉවුර දිගේ අසීරුවෙන් ගාටන අයුරකි. එහෙත් මට මෙන් ඔබටද පෙනෙනවාට වඩා යමක් දැනවීමට ඒ කම්කරුවන්ගේ මුහුණු සහ ඉරියව් සමත් වනු නිසැකයග විසල් දියඹේ ඈතට පාවී සුණු විසුණු වී යා නොදී කම්කරුවන් විසින් මේ සා දුරක් ඇදගෙන විත් ඇත්තේ කවරක්දරෑ මානව දියුණුවේ සහ විමුක්තියේ යාත්‍රාවයි.