ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ප‍්‍රකාශ කළද ඔහු රහසින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් සිටින බව අනිද්දා සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු කීය.


ඒ අනුව ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක ව්‍යාපෘතිවල කටයුතු කළ ඇතැම් පුද්ගලයන්ද සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක කටයුතුවලට සහාය ලබාදෙමින් සිටින බවත්, ශ‍්‍රීලනිපයේ ඇතැම් පිරිස්වල සහයෝගය සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයට ලබාදීම සඳහා සම්බන්ධීකරණ කටයුතුවල ජනාධිපතිවරයා යෙදෙන බවත් ඔහු කීය. සිරස ආයතනයට සම්බන්ධව සිට, ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක අංශවල සේවය කළ පිරිස් හා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ඇතැම් කණ්ඩායම් එලෙස සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රචාරක ව්‍යාපෘතියට සහාය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාට සමීපව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදේශකවරුන්, අධ්‍යක්ෂවරුන් හා සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසකගේ සහයෝගයද සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවෙයි.
ශ‍්‍රීලනිපය ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්විය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා ඔක්තෝබර් 05 වැනි සෙනසුරාදා රාත‍්‍රියේ පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී ශ‍්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බව තීරණය කළද, එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම ඔක්තෝබර් 08 වැනිදා දක්වා කල්යෑමට හේතුවද ජනාධිපතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ ඇති සම්බන්ධය නිසා බව වාර්තා වෙයි. ඔක්තෝබර් 05 වැනිදා සාකච්ඡුාවේදී එකඟ වී තිබුණේ ඔක්තෝබර් 06 වැනි ඉරිදා උදෑසන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා ශ‍්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ප‍්‍රකාශ කිරීමට බවද ආරංචිමාර්ග පවසයි. එහෙත් ඔක්තෝබර් 06 වැනිදා උදෑසන අමාත්‍ය කබීර් හෂීම් සමඟ පැවති සාකච්ඡුාවකදීත් සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ එදිනම පැවති ¥රකථන සාකච්ඡුාවකදීත් ජනාධිපතිවරයා එකඟතාවයක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට සහාය නොදී සිටීමට තීරණය කර ඇත.


කෙසේ වෙතත් ආරංචිමාර්ග පැතරි යන අන්දමට ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් ප‍්‍රසිද්ධියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබාදීමක් නුදුරේදී සිදුවනු ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකි බව අනිද්දා සමඟ අදහස් දැක්වූ එජාපෙ ඇමතිවරයා කීය. එය දැනට සාකච්ඡුා මට්ටමේ තිබෙන යෝජනාවක් පමණක් බවත්, මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි තත්වය සලකා බලා ඒ යෝජනාව ක‍්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් ඔහු කීය.