වෙසක් සද කිරණ උත්තම ආලෝක පූජාවක් බවට පත් කරමින් යථානුරූපී වෙසක් රැයක් උදා වුවේ ය. ගෙවී ගියේ ය. වෙසෙ`ගහි සැබෑ අරුත පසක්කර ගැනීමට පු`ඵල් අවකාශයක් විවර කළ මුල් ම, නිස්කලංක ම රැය එය වූවේ ය. අප එසේ කියන්නේ අපගේ ජීවිත කාලය මු`ඵල්ලේ උදා වී, ගෙවී ගිය ඝෝෂාකාරී වෙසක් රාත්‍රීන් ගණනාවක් සිහි කිරීමෙන්, විමසීමෙන් පසුව ය.

‘මෙදා පාර අවුරුදුත් නෑ. වෙසකුත් නෑ’ යනුවෙන් බොහෝ දෙනා පශ්චාත්තාපී ව මැසිවිලි නැගු හ. මුලදී නම් අපට ද සිතුණේ එසේ ය. ඒ සිතිවිල්ල නිෂේධනය කළේ ද නිහ`ඩතාවේ හ`ඩම ය.

මෙවර වෙසක් පෝය උදාවන විට අප මෙන් ම මු`ඵමහත් ලෝකය ම සිටියේ මගවරද්දා ගනිමින් නන්නත්තාර වූ සරණාගතයන් පිරිසක් ලෙස ය. මිනිසා විසින් ම නිර්මාණය කරගනු ලැබූ සකලවිධ වූ විශ්වාස, චාරිත්‍ර-වාරිත්‍ර, නීති නියාම බරපතළ සසල වීමකට බ`දුන්ව තිබිණ. සොබාදහම, මු`ඵලෝකයේ ම ආටෝප – සාටෝප, ස`ඵපිළි මුදාහරිමින් සිටියේ ය. පියවි ඇසට දර්ශනය වෙමින් තිබුණේ නිරුවත් සත්‍යය ම පමණි. හුස්ම හැරුණු විට අන් සියල්ලෙහි වටිනාකම් පැවතුණේ ශූන්‍ය ලක්ෂ්‍යයක ය. මළසිරුරු සිය දහස් ගණනින් ලී පෙට්ටිවල තැන්පත් වන අයුරු අපි දුටුවෙමු. මහා ජනගංගාවක්, මල්වඩම් හා තුර්යවාදන ද සහිතව, උත්කර්ෂවත් ලෙස අවසන් ගමන් ගිය මළමිනිසුන්, හුදෙකලාව ඒ ගමන යන අයුරු ද අපට වරින්වර පෙනී ගියේ ය. සියලූ සම්ප්‍රදායන්, සම්මතයන් හා චාරිත්‍රවිධි, ඒ අයුරින් නිශේධනය වී යථාව හිස ඔසවද්දී අපට අලූත් ද්වාරයක් විවර වුවේ එකම යථාව වූ ‘හුස්ම’ ගැන සිතන්නට ය. හුස්මක් කටක් ගත හැකි විරාමයක්, හුදෙකලාවක් අප අත්දකිමින් සිටි නිසා ම, එය ආනාපාන සති භාවනාවක් වන තරමට මුහුකුරා ගියේ ය.

මෙදා උදා වූ වෙසක් පෝය, එදා තෙමගුල සිදුවූ  පුන්පොහෝ දිනයට සාකල්‍යයෙන් ම සමීප කළේ මේ හුදෙකලාව හා නිහ`ඩතාවම ය. මෙදා ද අහසේ වෙසක් සඳ දිදුලමින් පැවතුණේ ය. ඒ වසර දෙදහස් පන්සිය හැට හතරකට පෙර ගයාවට පෑයූ සඳම ය. රමණීය භූමිභාගයක්, ප්‍රසාදකර වන ලැහැබක්, ඉවුරුතලා පෙණපි`ඩු නංවමින්, ගලායන නදියක් දුටු සිදුහත් තවුසාණන්, බවුන් වඩන්නට සුදුසුම තැන මේ යැයි සිතමින්, බද්ධපර්යංකයෙන් එහි වැඩ සිටියේ ද හුදෙකලාව ය. බුද්ධත්වය සාක්ෂාත් කළ ඒ අසිරිමත් නිමේෂය දක්වා හෝ ඊට පසුව හෝ උන්වහන්සේට තනි රකින්නට කිසිවකුත් සිටියේ නැත. ඇසතු රුකේ අතුපතරින් ගලා ආ සීතල සඳරැස් හැරුණුවිට උන්වහන්සේ උදෙසා පහන් සිලක් කෙසේ වෙතත් ගිනිහුළක් දැල්වූවකු ද නොවිණ. අසූහාර දාහේ පහන් පිංකම්, ආලෝක පූජා, හේරි වාදන, ඝාණ්ඨාර පූජා ධ්වනි නංවන්නට වූයේ උන්වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කලකට පසුව ය. හේතුඵල පරම්පරාවේ චක්‍රය මෙනෙහි කරමින්, බුද්ධත්වයෙන් පසු, පුරා සතියක් උන්වහන්සේ ඇසතුරුක මුල රැඳීසිටියේ ද හුදෙකලාවම ය. මෙවර අහඹු ලෙස අපට ද අත්දකින්නට ඉඩ සැලසුණේ ඒ දිව්‍යමය හුදෙකලාවේ අංශුවකි.

එහෙත්….?

අප බොහෝ දෙනකු මේ හුදෙකලාවට බිය ය. එය අප තැතිගන්වනසුලූ ය. ඒ, හුදෙකලාව යනු තමා, තමන් සමග තනිවීමක් වන නිසා ය. මෙහිදී තමා සංවාදයේ යෙදෙන්නේ – සංවාදයේ යෙදෙන්නට තමාට සිදුවන්නේ තමා සමග ම මිස අනෙකකු සමග නොවේ. මෙතැනදී දිගින් – දිගට ම හඬ අවදි කරන්නේ තමාගේ ම හෘද සාක්ෂිය ය. හදවත බොරු සාක්කි නො කියයි. බිය හටගන්නේ මෙතැන ය.

පෙර සඳහන් කළ පරිදි, පෙර නොවූවිරු ‘නිහඬතාවක්’ අතරේ ‘වෙසක් සඳ’ මෙවරද එදා මෙන්ම කිරි උතුරවමින් තිබිණ. ගහකොළවල මුණුමුණුව කුරුලූකුජන වරින් වර මන්දස්වරයෙන් මතු වුණ ද මහාතොරණ රාජයන් අසල, මහා දන්සැල් අසල වෙනදා ගිගුම් දුන් යකඩකටවල ගොරහැඩි හඬ මෙදා අපට ඇසූණේ නැත. ප්‍රභූ දේශපාලකයන්ගේ, සුපිරි ව්‍යාපාරිකයන්ගේ සම්ප්‍රාප්තිය සලකුණු කරමින් පුපුරායන වෙඩිවරුසාවෙන් අපේ හදවත් තිගැස්සුනේ වත්, විථි සුනඛයන් බියවද්දා පලවා හැරුණේ වත් නැත. විනෝදකාමී මධ්‍යම පාන්තිකයන්ට හැරුණුවිට දුගිමගී යාචකාදීන්ට තහනම් කලාපයක් වූත් ගිලනුන්ට වැඩිහිටියන්ට අහිතකර අපථ්‍ය වන්නාවූත් අයිස්කී‍්‍රම් දන්සැල් දොරින් දොරට දැක ගත හැකිනොවූණේ ද මෙවර ය. කෘති‍්‍රම බුදුරැස් මවාදෙන ඩිජිටල් ආලෝකධාරා වුව ඉ`දහිට හෝ පෙනීගියේ නම් ඒ කුඩා රූප තිරයකින්ම පමණි. අලෙවිය සඳහා ශාස්තෘදහම් උපයෝගි කරගන්නා වාණිජ ලෝකයේ ඉන්ද්‍රජාලමය භක්ති පූජාවලින් නන්නත්තාර නොවී, මානසික පීලිපැනීම්වලින් තොරව දැස් පියා සිටි අප, දයාවේ උල්පත පැන නැගුණු ගයාවේ ගංගා තීර්ථය වෙත ආපසු ගමනක් ගෙන යනු ලැබුණේ කාල යන්ත්‍රයක් විසින්දැයි නොදනිමු. ඒ ක්ෂණික අත්දැකීම මූර්ති ශිල්පියකු, කලාකරුවකු තම සිතැඟිවලට, පරිකල්පනයට අනුව දැවයෙන් හෝ ක`ඵගලින් නෙ`ඵෑ බුදුරුවක් හමුවේ කරන වන්දනාව ඉක්මවා ගිය විදර්ශනාවක් ම වූවේය.

ඇඳිරිනීති බාධකය හේතුවෙන් සුපුරුදු ලෙස වෙසක් පහන්, සැරසිලි භාණ්ඩ මිලදී ගැනීමට අපහසු වූ නිසා මෙවර බොහෝ බැතිමතුන් යොමුව සිටියේ පහන් වැටක්, තෙල් පහනක් දැල්වීමට ය. ගෙවී ගිය දීර්ඝ කාලය මුළුල්ලේ වෙසක් පහන් මෙන් ම පහන්තිර ද ලේසියටත් පහසුවටත් බැතිමතුනට සම්පාදනය කර දී තිබුණේ වෙළෙන්දෝ ය. පාරිභෝගිකයන් පූජා භාණ්ඩ මිලදී ගත්තේ ද ‘රෙඩිමේඞ්’ ඇඳුම් මිලදී ගන්නා ආකාරයටම ය. පහන් තිරයක් අතින් අඹරා පහනක් දැල්වීමට මෙවර අපට ද සිදුව තිබුණේ මේ පසුබිම යටතේ ය. මීට කලින් අප එසේ සුදු රෙදිකඩක් ඉරා, පහන් තිරයක් අඹරා තිබුණේ දශක දෙකකට හෝ තුනකට පෙරදී ය.

පහන් දැල්ල …..?

පැවැත්මෙහි අනිවාර්ය ලක්‍ෂණය වන චලනයේ නැතහොත් අනවරත වෙනස් වීමේ සංකේතය ලෙස බුදුසමය පෙන්වා දෙන්නේ පහන් දැල්ල ය. නැත හොත් දිය දහර ය. කවු`ඵ පියන් වැසූ කුටියක – සුළ`ග නැති ඉසවුවක දැල්වෙන පහන් දැල්ලක් බැලූ බැල්මට පෙනී යන්නේ කිසිදු චලනයකින් තොරව, එක තැන රැ`දී ඇති සේ ය. එහෙත් පහන් දැල්ල අඛණ්ඩවම යෙදී සිටින්නේ ස්වයං නිෂ්පාදනයෙහි සහ ස්වයං ක්ෂය වීමෙහි ය. මේ තත්ත්වය සූක්‍ෂම ලෙස විනිවිද දකින්නට පසුබිමක් නිර්මාණය කරන්නේ ද හුදෙකලාව හා නිහැ`ඩියාවම ය.

කොවිඞ් 19 නම් වූ ක`ඵ වලාකුළේ සැ`ගවුණ රිදී රේඛා දැකගත යුතු වන්නේ විද්‍යාගාරයක සිදුකෙරෙන පර්යේෂණයක් තරමටම පරිස්සම් සහගතව හා සූක්ෂ්මාත්මතාවෙන් යුතුව ය. මේ ඉසියුම් රිදී රේඛා වැඩි වැඩියෙන් මතුවනු ඇත්තේ ඉදිරි අනාගතයේ දී ය.x