පැවති ජාතික ආණ්ඩුවේ පාර්ශ්ව තුනෙන් එකක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉන් ඉවත් වීමෙන් එම ජාතික ආණ්ඩුව තවදුරටත් පවතිනවාද නැද්ද යන් න පිළිබඳව එක්සත් ජාතික පක්ෂය නීතිපතිවරයාගේ මතය විමසා ඇතැයි දැනගන්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා අත්තේ එහි අනෙක් පාර්ශ්වකරුවා වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉන් ඉවත් නොවීම තුළ තවදුරටත් පැවති ජාතික ආණ්ඩුව වලංගුද නැද්ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහාය.

එහෙත් නීතිපතිවරයා එජාපයේ එම විමසීමට මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත. 

ජාතික ආණ්ඩුවක් ඇතැයි සලකා, එජාපය සමඟ කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ හා ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ නම් අමාත්‍යවරුන් හැටියට පත්කරන ලෙස එජාපය ජනාධිපතිවරයාට යොමු කර ඇත.

ජනාධිපතිවරයා එම ඇමතිධුරවලට අනුමැතිය ලබාදෙනු ඇතිදැයි නිශ්චිතව කිව නොහැකි බව අනිද්දා සමඟ අදහස් දැක්වූ එජාපෙ ප‍්‍රබල ඇමතිවරයෙක් කීය. පසුගිය කාලසීමාවේදී කැබිනට් මණ්ඩල රැුස්වීම්වලදී ජනාධිපතිවරයා එජාපෙ මන්ත‍්‍රීවරුන් සමඟ සුහදව ගනුදෙනු කළ බවත්, අයවැයද ඇගයීමටලක්කළ බවත් ඔහු කීය. ඊට අමතරව අයවැය දෙවැනිවර කියැවීමේ ඡුන්දයේදීත් ශ‍්‍රීලනිපය ආණ්ඩුවට සහාය පළකිරීම නිසා ඉහත නම් යැවූ බවද ඔහු කීය.

ශ‍්‍රීලනිපයේ අනෙකුත් මන්ත‍්‍රීවරුන්ද ජාතික ආණ්ඩුවකට එකතු කරගැනීම පිළිබඳව සාකච්ඡුා කරමින් සිටින බවද ඔහු තවදුරටත් කීය. සාකච්ඡුා සාර්ථක වුවහොත් අයවැය ඡුන්දය හා අලූත් අවුරුදු උත්සව සමය අවසාන වීමෙන් පසුව ඔවුන් ආණ්ඩුවට එකතුවෙනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය. ඔක්තෝබර් 26 වැනිදා ජාතික ආණ්ඩුව අහෝසි නොවන බවට වන නීති තර්කය ප‍්‍රතික්ෂේප වුවහොත් අලූත් අවුරුද්දෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිළිබඳ නව යෝජනාව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කරගැනීමට උත්සාහ කරන බවද එම ප‍්‍රබලයා පැවසීය.

ජාතික ආණ්ඩුව නීත්‍යනුකූලව තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා ඉහත නම් හතර ප‍්‍රතික්ෂේප කළහොත් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම දෙපළ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වෙන බවත්, එයට පක්ෂයේ අනුග‍්‍රහය ලැබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ජාතික ආණ්ඩුවක් පිළිබඳව විමසීමේදී ශ‍්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසුවේ තමා නම් ජාතික ආණ්ඩුවක් පිළිබඳ සාකච්ඡුාවක නොමැති බවයි. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජාතික ආණ්ඩුවක් පිළිබඳව නොනිල සාකච්ඡුා පවත්වා ඇතැයි තමාටද ආරංචි වී ඇතැයි ඔහු කීය.

ලසන්ත රුහුණගේ / තරිඳු උඩුවරගෙදර