මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත කැඳවූ මහ මැතිවරණය සම්න්ධ ගැසට් නිවේදනය ශේෂ්ඨාධිකරණ විසින් අතිහිටුවීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස මොකද්ද?
අපිට ඒ සම්බන්ධයෙන් විශේෂ දුකක් හෝ කණගාටුවක් නෑ. අපි විශ්වාස කරන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට ඔය සම්බන්ධ යෙන් අනුගමන කිරීමට තිබ්බේ පියවර දෙකයි. එකක් එය අත්හිටුවීම. දෙවැන්න පෙත්සම විභාගයට ගැනීම. යම් විදිහකින් ඔය පෙත්සම් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කලා නම් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුපිළි සේරම ගැලවිලා යනවා. ඔය සියළු තීන්දු තීරණ වරප‍්‍රසාද ලත් පන්තියක් වෙනුවෙන් පවතින පවත්වාගන යන දේවල් ඉදිරියේදී ඔය පෙත්සම් විභාගයට ගනිද්දි ඔය කාගේ කාගෙත් පැටිකිරිය එලියට එයි. නමුත් ඒවා බලලා සැනසෙන්න රනිල්, මෛත‍්‍රී, මහින්ද පාර්ශවවල කඳවුරුවලට ගාල් වෙලා සතුටුවෙන දේශපාලනයක් අපි කරන්නේ නැ.

මේ කුමන්ත‍්‍රණය හා අර්බුදය සම්බන්ධයෙන් පදනම් කරගෙන පෙරටුගාමී පක්ෂය වාමාංශික කොටස් එකතුකරන යෝජනාවක් ගෙනාවා ජවිපෙටත් මේ සම්බන්ධයෙන් යෝජනා කළා. ඒ සම්බන්ධයෙන් ජවිපෙන් ප‍්‍රතිචාරයක් ලැබුණාද?
ජවිපේ කියන්නේ එයාලා වම කියලා. නමුත් මේ අර්බුදයෙදී ඔවුන් නියෝජනය කරන්නේ රනිල්ගේ පාර්ශවයයි. වම හරියට අඳුනාගත්තා නම් ජවිපේ එතනට යයිද? වම ගැන කියන්න කලින් මේ කඳවුරෙන් ඔවුන් එළියට ආ යුතුයි. අපි යෝජනා කරන්නේ ධනපති කණ්ඩායම්වල බල සූදුවට එකතුවෙලා ඇස් නිලංකාර කර ගත්ත අයට ඉන් මිදෙන්න කියලයි. ඊට පස්සේ තමයි යම් කෙනෙකුට අපි කියන්නේ මොකද්ද කියාලා තේරුම් ගන්න පුළුවන්. කම්කරු පන්ති දේශපාලනය පදනමෙන් පිළිගන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අයට අපේ යෝජනා අදටත් වීවෘතයි.

පෙරටුගාමී පක්ෂය වමේ එකතුවකට යෝජනා කරන්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයක් ඉලක්ක කරලාද?
නෑ මැතිවරණ සදහා මුහුණ දෙන්න නෙවෙයි. කම්කරු අයිතිවාසිකම් ජයග‍්‍රහණය කරන්න රට ඇතුළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගන්නා අරමුණින් තමයි අපි මේ යෝජනා ගෙන්නේ.

ඔබලා ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සදහා තරග කරන්න සූදානම්ද?
නෑ දැනට එහෙම සූදානමක් ගැන පක්ෂය ඇතුළේ සාකච්ඡා වෙලා නෑ. එය තීරණය කරන්නේ පවතින දේශපාලන වටපිටාව මතයි.

 ධම්මික පි‍්‍රයදර්ශන