අනූ ලක්‍ෂයක නව පෙරමුණ යනු අපහසු ඉලක්කයක් නොවේ. පීඩිත බහුතරය පිළිබඳ අපේක්‍ෂාවකි. ජවිපෙය සමාජවාදයටද, එජාපය ලිබරල්වාදය සහ ඞීල් දේශපාලනයද, දෙමළ එක්සත් පෙරමුණ සිය ඓතිහාසික සටනටද යම් විරාමයක් දිය යුතුවේ. ඒ තම බෙල්ලට ළං වෙන තොණ්ඩුව අතින් අල්ලා ගැනීමේ කාලීන අවදානම ජය ගැනීම පිණිසය. බෙදී වෙන්වී කළ හැකි සටනක් නැත. ශී‍්‍ර ලාංකික අප බෙදා වෙන් කිරීම යටත්විජිත පාලකයන් ඇටවූ උගුලකි. උඩරැුටියන්ගේ නිදහස් සටන් හරහා ඉස්මතුවූ සිංහලයේ ජාත්‍යාලය, මිනිස් ශක්තිය එකමුතුකම දිය කිරීම අධිරාජ්‍යයකට අපහසු විය. ඔවුන් ප‍්‍රතිසංස්කරණ නාමයෙන් අප බේදබින්න කළහ.
කොල්බෲක් කොමිසමේ ව්‍යවස්ථාදායක සභා උගුල තුළ සිංහල, ද්‍රවිඩ, බර්ගර් සහ යුරෝපීය ලෙස ජනවාර්ගිකව බෙදා සිර කළහ. 1833දී සිංහල ජන වර්ගය යළි උඩරට සහ පහතරට ලෙස බෙදීය. 1911 නොවැම්බර් 16 දින ලාංකික නියෝජිතයෙකු ඡුන්දයෙන් තෝරා ගැනීමේ ප‍්‍රථම මැතිවරණයේදී යුරෝපීයයෝ් නිතරගයෙන් පත්වූහ. ලාංකික නියෝජිතත්වය සඳහා ස්වදේශිකයන් බෙදිණ. එදා දොස්තර මාකස් ප‍්‍රනාන්දු පරාජය වී පොන්නම්බලම් රාමනාදන් තේරී පත්වීම එහි ප‍්‍රතිඵලය විය. එකී ඓතිහාසික ජයග‍්‍රහණය බි‍්‍රතාන්‍යයන් අපේක්‍ෂා නොකළ තත්වයකි.
1947 පළමු පාර්ලිමේන්තු මැතිිවරණයේදී උතුරු නැගෙනහිර මන්ත‍්‍රී කොට්ඨාස 12න් ද්‍රවිඩ සංගමය දිනා ගත්තේ 07ක් පමණකි. අනෙක් ආසන ස්වාධීන අපේක්‍ෂකයන් අතර බෙදීගියේය. අග‍්‍රාමත්‍ය ඩි.එස්. සේනානායකගේ ප‍්‍රථම කැබිනට් මණ්ඩලයට ජී.ජී. පොන්නම්බලම්, සී. සිත්තම්පලම් සහ සී. සුන්දරලිංගම් එක් විය. එය රට බෙදීමක් හෝ බෙදුම්වාදයට උඩගෙඩි දීමක් ලෙස කිසිවෙකු විග‍්‍රහ කළේ නැත. මෙහිදී ඞී.එස්. සේනානායක යනු, දෙමළ ප‍්‍රදේශවල සිංහල ජනාවාස පිිහිටුවීමේ පුරෝගාමියා බවද අමතක කළ යුතු නැත. 1949දී වතුකරයේ ජනතාවගේ පුරවැසි අයිතිය සීමා කිරීමට ඞී.එස්. ගෙනා ඉන්දු පකිස්ථාන් පුරවැසි පනතට උතුරේ මන්ත‍්‍රීවරු සහාය දුන්හ. එයින් තහවුරු එදා නිදහස් ලංකාවේ සුළු ජාතීන් භාෂා, ජාති ආගම් අනුව නොබෙදී පොදු අරමුණකින් කි‍්‍රයා කළ බවය. පරන්තන් කෙමිකල්, කන්කසන්තුරේ සිමෙන්ති ආදි රජයේ කර්මාන්ත උතුරේ ස්ථානගත විය. මේ අවබෝධය 1952 මැතිවරණ ප‍්‍රතිඵලයේදී උතුරේ ජනතාව තහවුරු කළහ.


1952 දෙවන පාර්ලිමේන්තු මැතිිවරණයේදී උතුරු නැගෙනහිර මන්ත‍්‍රී කොට්ඨාස 12න් ද්‍රවිඩ සංගමයට හිමිවුණේ 4කි. එජාපය ද්‍රවිඩ ආසන 05ක් දිනාගත්හ. 1947දී ආසන 7ක්ව පැවති ජනවාර්ගික මානසිකත්වය 1952දී ආසන 4ට හැකිිළිණ. ඒ ධනාත්මක ප‍්‍රවේශය 1956දී විනාස විය. 1956 පෙරළියට පසුව, දකුණේ කිසිදු ප‍්‍රධාන පක්‍ෂයකට උතුරේ ආසන දිනාගත නොහැකි විය.


1956න් පසු මැතිවරණ වලදී, සුළු ජාතීන්ගේ සහාය හොරි දද කුෂ්ඨ සේ සැලකිණ. 1965 ඩඞ්ලි-පෙඞ්රල් සභාගය එජාපය 1970දී අන්ත පරාජයට හේතු වුණා විය හැකිය. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සුළු ජාතීන් තුළ ඇති කළ අනාරක්‍ෂිත මානසිකත්වය බරපතළ විය. ප‍්‍රතිඵලය උතුරේ ජනතාව කඳුකරයේ දෙමළ ජනතාව සමග එක්ව වඩුක්කොඩෙයි සම්මුතියෙන් බැඳීමය. 1977 ශ‍්‍රීලනිපය සේදී යාමේ ප‍්‍රතිඵලය ද්‍රවිඩ එක්සත් පෙරමුණේ ඒ. අමිර්තලිංගම් විපක්‍ෂ නායකයා වීමය. 1983 කළු ජූලිය නිසා උතුරේ වර්ගවාදී යුද්ධය ඇති විය. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට සුළු ජාතික සහාය දකුණ තේරුම් ගත්තේ ඇයගේ රුව සහිත පෝස්ටර්වල නළලෙහි තිලක තැබීමෙනි. වසර 25කට පසුව, අදත් රාජපක්‍ෂලා විග්නේෂ්වරන්ලා, වර්දරාජා පෙරුමාල්ලා, ආනන්දි ශශිදරන්්ලා යොදවමින් උතුරේ හොඳහිතට වින කර සිංහල බෞද්ධ ඡුන්ද කොල්ලකති.
උතුරු දකුණු භේදයෙන් තොරව අපේ මිනිස්සු පවත්නා පාලනයට එරෙහිව පෙළගැසුණාහ. එය 1982 සිට 1999 ජනාධිපති මැතිවරණ ප‍්‍රතිඵල හරහා දැකිය හැකිය. 1982දී ජේ.ආර්. ජයවර්ධනට ඡුන්ද 77614ක්ද, හෙක්ටර් කොබ්බෑකඩුවට ඡුන්ද 100521ද උතුරෙන් ලැබිණ. 1994දී ද, 1999දීද නැවත නැවත එයම සිදුවිය. එහෙත් අද විග්නේෂ්වරන්ලා, වර්දරාජා පෙරුමාල්ලා, ආනන්දි ශශිදරන්්ලා පාවිච්චිි කරනවා මෙන් එදා 2005දී රාජපක්‍ෂලා උතුරේ ඡුන්ද ව්‍යාපාරය ප‍්‍රභාකරන්ට භාරදීමෙන් ගෙවුණ 2010න් පසු ජනාධිපති මැතිවරණවලදී වර්ගවාදය අවුස්සන රාජපක්‍ෂලාට එරෙහිව උතුරේ ජනමතය පේළි ගැසිණ.

2013දී ද්‍රවිඩ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණ ප‍්‍රකාශනයට පොලිස්, ඉඩම්, සෞඛ්‍ය, අධ්‍යාපන බලතල සමග ස්වයං පාලනය සමග උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ආදි උවමනා පෙළගැස්වීය. (2013.09.05. දිවයින පත‍්‍රය* එහෙත් 2015 ජනාධිපති මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සංධානය කොන්දේසි විරහිතව හංසයා දිනවීය. 2019දී ඔවුහු 2015ට වඩා වැඩි ශක්තියක් හංසයාට ලබා දුන්හ. ඔවුහු රාජපක්‍ෂලාට එරෙහිව කොන්දේසි රහිතව දකුණේ කා සමග හෝ පෙළගැසෙති.

උතුර නැගෙනහිර ජනතාව චන්ද්‍රිකාත්, සිරිසේනත් දිනවූහ. එහෙත් 2013දී ද්‍රවිඩ ජාතික සංධානය ඉල්ලා සිටි පොලිස්, ඉඩම්, සෞඛ්‍ය, අධ්‍යාපන බලතල හෝ ස්වයං පාලනය ගැන චන්ද්‍රිකාට හෝ සිරිසේනට බලපෑම් කළේ නැත. එහෙත් 2010, 2015, 2019 යන ඡුන්දවලදී හංස සංධාන අපේක්‍ෂකයා රට බෙදති යයි දකුණේ ප‍්‍රචාරය කළහ. උතුරේ ඡුන්ද වර්ජනයකට උත්සාහ කළහ. මේ පසුබිම තුළ 2015දී හංසයාට දුන් සහායට වඩා වැඩි සහායක් 2019දී ලබා දුන්හ. මේවා රහස් නොවේ. විවෘතව කතා කළ යුතුවේ. යාපනයේ 90.91ක්ද, වන්නියේ 94.39ක්ද, මඩකලපුවේ 91.38%ක්ද, ති‍්‍රකුණාමලයේ 95.49%ක්ද, දිගාමඬුල්ලේ 95.91%ක්ද විශ්වාස කළේ දකුණේ සිංහල අපේක්‍ෂකයන් දෙදෙනා මිස ප‍්‍රභාකරන්ගේ මස්සිනා සිවාජිලිංගම් නොවේ. එහි තේරුම උතුරු-නැගෙනහිර සාමාන්‍ය ජනතාව බෙදුම්වාදය, ඊළම වැනි අන්තවාදී දේශපාලනය පිළිබඳ යම් අවබෝධයකින් කි‍්‍රයා කරන බවය.


රාජපක්‍ෂවරුන්ට 2010, 2015 හා 2019 දී යාපනය පිළිවෙළින් 24.75%ක්, 21.85% සහ 16.24% ක්ද, වන්නි පිළිවෙළින් 27.01%, 19.07ක්ද, සහ 12.27%ක්ද, මඩකලපුව පිළිවෙළින් 26.27%ක් 16.22% සහ 12.68ක්ද, දිගාමඩුල්ල පිළිවෙළින් 47.92%ක් 33.82% සහ 32.82%ද, ති‍්‍රකුණාමලය පිළිවෙළින් 43.04ක්, 26.67% සහ 23.39%ක්ද ලබාදීමෙන් එකී අවබෝධය වර්ධනය වෙමින් පවත්නා බව පැහැදිලි වේ. 2005දී ප‍්‍රභාකරන් ලබා ඡුන්ද වර්ජනය කළේ රාජපක්‍ෂලා වෙනුවෙනි. 2015දී ආනන්දි ශශිධරන් (එල්ලාලන්ගේ බිරිය* ඡුන්ද වර්ජනයකට උත්සාහ කළාය. 2019දී ඉල්ලීම් 13 සමාජගත කළේ රාජපක්‍ෂලා නටවන විග්නේශ්වරන් මිස, දෙමළ ජාතික සංධානය නොවේ. රාජපක්‍ෂලා දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද ගැරීමට මෙසේ කි‍්‍රයා කරති. තම වාසිය පිණිස රාජපක්‍ෂවරු උතුරේ බෙදුම්වාදය දකුණේ අලෙවි කරමින් සිටිති.


මේ පසුබිම තුළ නිර්මාණය වන ස්වෝත්තමවාදී (අම්පිටියේ සුමනරතන භික්‍ෂුව වැනි* ආවේග ගෝඨාභය රාජපක්‍ෂට උතුර නැගෙනහිර තවත් ඈත් කරවනු ඇත. ඉන් ඇති වන මර්දනය අවනීතියට එරෙහිව පුරවැසි ශක්තියක් පෙළගැස්විය යුතුවේ. එය පළාත් පාට භාෂා ආගම් වර්ග භේද ඉක්මවා ගිය එකමුතුවක් විය යුතුවේ. රටේ බහුතරයට අවශ්‍ය එක්ව ජීවත්වීමටය. උතුර නැගෙනහිර තවමත් දකුණේ අපේක්‍ෂකයන් කෙරෙහි තව තවත් නැඹුරු වෙති. ඔවුන්ගේ ප‍්‍රශ්නය 13 ප්ලස් ද මයිනස් ද යන්න නොවේ. සහජීවනය සංහිඳියාව පවත්නා සන්සුන් රටක් පිළිබඳ අපේක්‍ෂාවකි. එහෙත් හැම ඡුන්දයකදීම රාජපක්‍ෂවරු යාපනේ මිනිසුන් ජාතිවාදි ඊළම්වාදි වලට තල්ලූ කරති. රටේ බහුතරයකගේ ප‍්‍රධාන ප‍්‍ර‍්‍රශ්නය භාෂාව හෝ ගෝත‍්‍රය නොවේ. පල්ලිය, පංසල හෝ කෝවිල නොවේ. පොහොට්ටුව හෝ හංසයා නොවේ. රටේ විනාසවූ සහජීවනය පිළිබඳ අපේක්‍ෂාවකි. යහපත් ආර්ථිකයකි. අවාසනාව නම් හැම ජයග‍්‍රහණයකටම පසු ඔවුන්ගේ අපේක්‍ෂාවන් ඔවුන්ට අහිමි වීමය. ඒ තත්වය මුළු රටටම සාධාරණ එකකි. බහුතරය සඳහා ආසන්න පනස් වසරක් තොණ්ඩමන්ලා, චන්ද්‍රසේකරන්ලා, පුත්තිරසිගාමනීලා, දිගම්බරම්ලා ඇමතිකම් දරති. උතුරේ මිනිස්සු අපවාද විඳිති.


රටේ ප‍්‍රධාන දේශපාලන ධාරා 3න් දෙමළ ජාතික සංධානය, ස්වකීය ජනතාව සමග දකුණේ අපට මෙසේ දෑත් දිගුකර හමාරය. 2019 නොවැම්බරයේදී යාපනය 312722 හෙවත් 83.86%, වන්නි 174739 හෙවත් 82.12%, ති‍්‍රකුණාමලය 166841 හෙවත් 72.10%, මඩකලපුව 238649 හෙවත් 78.70%, දිගාමඬුල්ල 259673 හෙවත් 63.09% සහ නුවරඑළිය 277913 හෙවත් 58.28% යන දිස්ති‍්‍රක්ක හංසයා ශක්තිිමත් කළහ. ඒ ශක්තියේ එකතුව 1101956කි. උතුරෙන් ඇම්.කේ. සිවාජිලිංගම්ට ලැබුුණේ ඡුන්ද 8140කි. උතුරට ස්වයංනිර්ණ අයිතිය ලබාගත හැකි එකම ජනාධිපති අපේක්‍ෂකයා සිවාජිලිංගම් බව දෙමළ ජාත්‍යන්තර පක්‍ෂයේ නායක වර්දරාජා පෙරුමාල් කළ ප‍්‍රකාශය, ඔක්තෝබර් 17 වෙනි දින ‘ලංකාදීපය’ වාර්තා කළාය. එය දුටු සමහරු සිය අදහස් දක්වා තිබිණ. එයින් සමහරු වර්ධරාජා පෙරුමාල්, රාජපක්‍ෂවරුන්ගේ රූකඩයක් බව කියා ඇත. රාජපක්‍ෂලා නියෝජනය කරන කරුණා අම්මාන් මැතිවරණ කාලයේ තම ජාතික නායකයා ප‍්‍රභාකරන් බව කීය. කරුණා අම්මාන් කියන්නේ ප‍්‍රභාකරන් අදහන දෙමළ ජනතාව ගෝඨාභයට උදව් කළ යුතු බවය. වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රකාශය උතුර තුළ දෙමළ ජනතාව හුදෙකලා කරවීමට රාජපක්‍ෂලා ඇටවූ උගුලකි. මෙවැනි උපක‍්‍රම පාවිච්චි කරන රාජපක්‍ෂවරු උතුරේ ජනතාව බිල්ලට දී රට ඇල්ලීම 2005දී කළහ. ඒ බිලි දීම නිසාම උතුරේ මිනිස්සු රාජපක්‍ෂලා විශ්වාස නොකරති. ස්වෝත්තමවාදී දකුණේ සිංහල බෞද්ධ ජනතාව ඇති කරන පීඩනය යම් අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ පවා අසරණ කරනු ඇත. එය 1956 ජයග‍්‍රහණය තුුළින් සෝමාරාමලා මතු වුණා වැනිය. අම්පිටියේ සුමනරතන භික්‍ෂුව බුද්ධරක්ඛිත හෝ සෝමාරාම වනු නොඅනුමානය.


ජාතිවාදී නොවන එජාපය සහ ජවිපෙය උතුරේ බහුතරය සමග සංධානගත විය යුතු වේ. තවදුරටත් බෙදිය යුතු නොවේ. උතුර දකුණ එක් නොවී රාජ්‍ය ත‍්‍රස්තවාදය මැඬලිය නොහැකිය. උතුරු නැගෙනහිර හංසයාට ඡුන්දය දුන් 1101956ක් දෙනා ලාංකිකයන් මිස තවදුරටත් දෙමළුන් නොවිය යුතුවේ. ජාතිවාදී විග්නේශ්වරන් වාසියට බෙදුම්වාදය විකුණන තවත් ඩග්ලස් දේවානන්දා කෙනෙකි. වර්ධරාජා පෙරුමාල්ගේ් ඉහත ප‍්‍රකාශය දුටු ලංකාදීප පාඨකයෙකු ‘අහිංසකයා’ නමින් 2019 ඔක්තෝබර් මස 18 දින උදේ 02.39ට තැබූ සටහන මෙසේ සාරාංශ කරමි.


‘මම සිංහල, ඒත් ඒ ප‍්‍රකාශයට වැටුණ ලයික් දුටු විට රට කොපමණ බෙදිලාද කියා පේනවා. එය බය හිතෙන දෙයක්. දෙමළ මිනිසුන් මේ ගැන කොහොම හිතාවිද? දෙමළ අයව බලෙන් පාලනය කරන්න ගියොත් අවුල් ඇතිවේවි. අන්ත අසරණ මිනිහෙකුට පවා අභිමානයක් තියෙනවා. අපෙ ආච්චිලා සීයලා කොතරම් අතීත පුරසාරම් දොඩවනවාද? කවුරුත් කාටවත් යටත් වෙලා ජීවත් වෙන්න කැමති නැහැ. පිරිස කුඩා වුණත් මොනවා හෝ විරෝධයක් මතු කරනවා.’ (්යසබි්න්හ් ත්‍රසා්හල 18 ධජඑදඉැර 2019 02ථ39්ප*


මේ කියවීම තුළ ඇත්තේ දැඩි අවදානමකි. බියකි. මේ තත්වය ජනවාර්ගිකව ආරම්භව ආගම් කම්කරු මිනිස් අයිතිවාසිකම් කෙරෙහි ව්‍යාප්ත වනු නියතය. 2020 මහ මැතිවරණයට රාජපක්‍ෂ විරෝධී ප‍්‍රධාන ධාරාවන් එනම් ජවිපෙය, එජාපය, දෙමළ සංධානය එක් ලකුණක් එක් කොඩියක් යටතේ සටන් කරයි නම් රටේ නීතිය සාමය තහවුරු කළ හැකිය. ස්වාධීන කොමිෂන් සභා ජාතිවාදී උමතුව ආගම්වාදී වියරුව පරාජය කළ හැකිය. රාජපක්‍ෂලාගේ තුනෙන් දෙකේ සිහිනය ව්‍යර්ථ කළ හැකිය.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න