Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

කතුවැකිය

කතුවැකිය

ව්‍යවස්ථාව හැදිය යුත්තේ අන්තවාදීන්ට ඕනෑ විදියට නොවේ 

ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බලයට ගෙන ඒම සඳහා උදව් වුණු පොදු පජන පෙරමුණ වැනි ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන, අන්ත ජාතිකවාදී සංවිධාන හා පුද්ගලයන්, දැන් මහත් උකටලී තත්වයට පත්ව සිටින බව පෙනේ. ඔවුන් බලාපොරොත්තුව සිටියේ මෙවැනි නායකත්වයක් නොවේ. ඔවුන්ට වුවමනා වී තිබුණේ, වහා ම රටේ මහා වෙනසක් සිදු…

කතුවැකිය

200 

බදාදා රාත්‍රිය වන විට කෝවිඞ්19 ආසාදනය වීම නිසා මිය ගිය සංඛ්‍යාව 199 ලෙස සටහන් විය. මෙය කියවන විට එය 200ද පන්නා ඉදිරියට ගොස් නොතිබෙනු ඇතැ’යි යන්න අපගේ ප්‍රාර්ථනාවයි. අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ, මේ විදියට රටක් ලෙස අප බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටියදී ය. බිහිසුණු, වසංගතය පමණක්…

කතුවැකිය

තිරිංග නැතිව යන පාලනයක් 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ආණ්ඩුව ගත් තීරණය, ජනාධිපතිවරයාගේ තනි වුවමනාව මත කරන ලද්දක් බව පැහැදිලි ය. ජනාධිපති ලේකම්වරයා, කොමිෂන් සභාව අහෝසි යැ’යි ලිපිය ලියන්නේ ජනාධිපතිවරයාගේ නියමය අනුව මිස ඔහුගේ තනි තීරණයට නොවේ. කොමිෂන් සභාව අහෝසි කිරීම ගැන, එහි විෂය පථය අයත් වන තමා…

කතුවැකිය

පල් හොරුන්ට ගිය රටක් 

කොරෝනා දවස් තුනෙන් සුව කිරීමට හඳුන්වා දී ඇති, ‘ධම්මික පැණිය’ හැටියට තරුණයන් විසුළු ලෙස හඳුන්වන දියරය වනාහි තක්කඩියකු විසින් වර්තමාන ශ්‍රී ලංකාව නමැති පල් වල ඉහගෙන කෑම සඳහා අටවන ලද පල් බොරුවක් බව, අනාගතයේ දී තහවුරු වන තෙක්, වේලාසනින් ම ලියා තබමු. 2019 අවුරුද්දාවසානයේ කැලණිය…

කතුවැකිය

සිහි කිරීමේ අයිතියක 

ලකට ඉහත ජාතික පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයක විස්තර මේ ය.   තද වැස්සක් වසියි. මහ පාරේ තාර තට්ටුව මත උඩුබැලි අතට තරුණයෙක් වැතිරී සිටියි. හැට්ටයක් හා රෙද්දක් හැඳි වියපත් ගැහැනියක් තරුණයාගේ මුහුණට ඉහළින් තමන් හැඳ සිටින චීත්ත රෙද්දෙන් පොටක් ආවරණයක් සේ අල්ලා ගෙන සිටින්නී ය….

කතුවැකිය

පාර්ලිමේන්තුවේ අයිතිය නසන නායක 

රටේ ප්‍රධාන තනතුරුවලට හා ස්වාධීන කොමිෂන් සභාවලට ජනාධිපතිවරයා විසින් කෙරෙන නාමයෝජනා ගැන පාර්ලිමේන්තුව තුළ දී ප්‍රශ්න කළ නොහැකි යැයි කථානායකවරයා නියමයක් කළ බව මාධ්‍ය වාර්තා කෙළේ ය. මේ ‘වැටත් නියරත් ගොයම් කා නම්’ කියන ආප්තය හොඳට ම ගැළපෙන තැනකි. කථානායක යනු පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ය. පාර්ලිමේන්තුව…

කතුවැකිය

කැළෑ උසාවියක් නෙවෙයි තමයි 

පසුගිය ආණ්ඩු කාලයේ රජයේ සේවකයන් වෙත සිදු වුණු දේශපාලන පළිගැනීම් ඇතොත් සොයා බලා අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නියම කර, ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසමට, ‘කැළෑ උසාවියක්’ යැයි  කියා අපහාස කළා යැයි චෝදනා කොට, විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු තමා…

කතුවැකිය

පාලකයන්ගේ ‘නිහතමානිකමට’ බදු ගෙවන ජනතාව 

සමහර දේශපාලන නායකයන්, ජනතාවගේ පොකට්ටුවෙන් වියදම් කරවාගෙන, මහජනතාව පීඩාවට ද පත් කරමින්, තමන් ‘නිහතමානි’ බව පෙන්වන්නට යාම පිළිබඳ තවත් උදාහරණයක් මේ දිනවල නුගේගොඩ, මිරිහාන හා උඩහමුල්ල ප්‍රදේශ හරහා යන එන කෙනකුට දකින්නට ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, තමන්ගේ පෞද්ගලික නිවසේ ම තම ජනාධිපති ධුර කාලය ගත…

කතුවැකිය

රෝගයක් ද? සතුරු ආක්‍රමණයක් ද? 

  තවත් වටයකින් ව්‍යාප්ත වී තිබෙන බව පෙනෙන කෝවිඞ් 19 වසංගතයට මුහුණ දීමේ ක්‍රියාවලිය, ආණ්ඩුවත්, ආණ්ඩුවේ හා පෞද්ගලික ජනමාධ්‍යත් දෙස බලන විට නම්, සතුරු ආක්‍රමණයක් ම යැයි සිතෙන තරමට හමුදා මෙහෙයුම්, බුද්ධි අංශ, අත්අඩංගුවට ගැනීම්, හමුදාපතිගේ නිවේදන ආදියෙන් පිරිලා ය.   ඒ දෙස බලාගෙන සිටින…

කතුවැකිය

පාලකයා සිටිය යුත්තේ ද නීතියට පහළිනි 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා, රටේ ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසොවා තබන බව දැන් නොපිළිගන්නා කෙනෙක් නැත. එහෙත්, වෙනස ඇත්තේ, එක පිරිසක්, එය යහපත්, එමෙන් ම විය යුතු දෙයකැ’යි පිළිගැනීමයි.   ඔවුන්ට අවශ්‍ය, නිදහසේ තමාගේ හිතුමනාපේ තීරණ ගන්නා, ක්‍රියාත්මක වන, බලපෑම් කරන, සර්ව බලධාරී ජනාධිපතිවරයෙකි….

කතුවැකිය

දැනුවත් මිනිසුන් ඒකා-අධිපතියකු බිහි කරන්නේ ඇයි? 

  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නරක ගැන අප වුවමනාවට වඩා කතා කරනවායැ’යි කිසිවකු සිතන්නට පුළුවන. එසේ සිතන්නට හේතු වන්නේ, රටේ බොහෝ විiුත් මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද, එක්කෝ විස්සේ හොඳ ම වර්ණනා කිරීම ය. නැතිනම්, නරකක් ගැන නොකියා සිටීම ය. ඒත්…

කතුවැකිය

දැන් සියල්ල පැහැදිලි ය 

20 හැදුවේ තමා නිසා එය හැදුවේ කවුදැයි සොයමින් කාලය නාස්ති නොකරන හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇමති මණ්ඩලයට අවධාරණය කළ බව මාධ්‍ය වාර්තා කෙළේ ය. ජනතාව තමාට ජනවරමක් ලබා දී ඇති බවත්, ඒ අනුව වැඩ කිරීමට 20 ගෙනෙන බවත්, ඊට අකමැති කිසිවෙක් සිටිත් නම්, 19 දිගටම තබා…

කතුවැකිය

මේවා ජනතාව ඉල්ලුවාද? 

  තමාට ලක්‍ෂ හැට නවයක ජනතාවක් ජනවරමක් දී ඇති බව ජනාධිපතිවරයා නිතර කියයි. එය ඇත්තකි. එහෙත්, එසේ කියන අතරේ ම ඔහු කල්පනාවට ගත යුත්තේ තවත් ලක්‍ෂ හැට තුනක පමණ ජනතාවක් ඔහු ගැන කැමැත්තක් නැති බවයි. නැතහොත් ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇති බවයි.   එහෙත්,…

කතුවැකිය

රජයේ පත් කිරීම් විවේචනය බැරි ද? 

‘මෑතකදී මා ප්‍රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව,…

කතුවැකිය

රට  වෙනස් වෙමින් පවතියි 

මේ  දිනවල මහමග යන එන්නන්ට, වාහන පදවන්නන්ට දැකිය හැකි විශේෂ දෙයක් නම්, ගමන් ගන්නා පදිකයන් හෝ අනෙකුත් වාහන හෝ පසෙකට තල්ලු කරමින් තනිව හෝ එක දිගට හෝ ඇදී යන ඩිෆෙන්ඩර් හෝ එවැනි වෙනත් සුඛෝපභෝගී හෝ වාහන සමූහයයි.   වෙනත් වාහනයකට පසුපසින් එවැනි වාහනයක් ධාවනය වේ…

කතුවැකිය

පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම 

  ඉහත මාතෘකාව උපුටා ගත්තේ අලුත් පාර්ලිමේන්තුවේ, අලුත් කථානායකවරයාගේ ස්තූති කථාවෙනි. කථානායකවරයා හැටියට තමා පත් කර ගැනීම ගැන මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කළ අලුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්වාධීනත්වය ශක්තිමත් කිරීම තමාගේ වගකීම බව ද කීවේ ය.   පළපුරුදු දේශපාලනඥයකු වන අබේවර්ධන මහතා, පාර්ලිමේන්තුවේ…

කතුවැකිය

ආදර්ශය ව්‍යවස්ථාව කැඩීම නම්.. 

අලුත් ආණ්ඩුවේ පළමුවැනි ආදර්ශය හැටියට අප සැලකිය යුත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ද? ඒ ප්‍රශ්නය මතු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශය තමා වෙත නිල වශයෙන් පවරා ගැනීම, නව ඇමති මණ්ඩලය පත් කිරීමේ දී සිදු වූ  නිසා ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජනාධිපතිවරයාට…

කතුවැකිය

ශක්තිමත් පාර්ලිමේන්තුවක් 

මේ මහ මැතිවරණයේ දී කිසි ම දේශපාලන පක්‍ෂයකට හෝ දේශපාලන පෙරමුණකට පාර්ලිමේතුවේ තුනෙන් දෙකක බලයක් හෝ අතිබහුතර බලයක් ලැබීම නොසිදුවිය යුතු ය යන්න අපේ ස්ථාවරය විය. එහෙත්, ලක්‍ෂ 69කට ආසන්න රටේ බහුතර ජනතාවක්, ඡන්දය දීමෙන් දැන් පොදු ජන පෙරමුණ ආසන 145ක මට්ටමට ළඟා වී සිටියි….

කතුවැකිය

ගත යුතු තීරණය කුමක් ද? 

අගෝස්තු 5 වැනි දින පැවැත්වෙන මහ මැතිවරණය වූ කලි, ඉරි ගසා වෙන් කර පෙන්විය හැකි දේශපාලන පාර්ශ්ව දෙකක් අතර තේරීම කළ යුතු අවස්ථාවකි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පාර්ශ්වය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ පාර්ශ්වය අතර ය. ජනාධිපතිවරයාත්, ආණ්ඩු පාර්ශ්වයත් සාමූහික වශයෙන් මෙන් ම එකක් හැටියට ගත් විට…

කතුවැකිය

කෝවිඞ් 19 හා ප්‍රජාතන්ත්‍රවාදය 

කෝවිඞ් 19 වසංගතය ලෝකයට ආවේ හුදෙක් සෞඛ්‍යමය අර්බුදයක් හැටියට ය. ඉන්පසු එය ආර්ථික, සමාජීය හා අයිතිවාසිකම් අර්බුදවලට ද තුඩු දුන්නේ ය. අප වැනි රටවල ව්‍යසනයේ ඒ මුහුණුවලට අමතර ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයක් ද දකින්නට ලැබේ. ඒ කෝවිඞ්හි ඇති නෛසර්ගික ‘වරදක්’ නිසා ද නොවේ. කෝවිඞ් පාවිච්චි…

Load more
අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018
Share This