තරිඳු ශ‍්‍රී ලොකුගමගේ

සුපුරුදු පරිදිම අගක් මුලක් වටහාගත නොහැකි තවත් විකාර දවසක් ඔහේ ගෙවී ගියේ ය.

පාර දිගේ ඇවිදගෙන යන විට මට දැනුණේ මගේ දෙපා අප‍්‍රාණික වී ඇති බවකි. යන්නේ කොහේද, කරන්නේ මොනවාද කියා පැහැදිලිව සිතන්නට තරම් හැකියාවක්ද මට ඒ මොහොතේ තිබුණේ නැත. මට වුවමනා වූයේ රැුය පහන් වනතුරු කොහේ හෝ හිඳ මධුවිත තොලගා, අද දවසේ අත්දුටු විසූක දස්සන සියල්ල අමතක කර දමා, යළිත් වරක් හෙට උදෑසන ජීවිතය අලූ‍තින් පටන් ගන්නට උත්සාහ කිරීම පමණි.

මේ නගරයට මා ආවේ, ජීවිතයෙන් මා පැතූ සියල්ල මෙයින් උරාගත හැකි වෙතැයි යන බලාපොරොත්තුව ඇතිව ය. එහෙත් ඒ සියල්ල දැන් මතක පමණි. දහස් ගණනක් මිනිසුන් ජීවත් වුවද මේ නගරයේ බින්දුවක හෝ ළතෙත් බවක් නොමැති බව වටහාගන්නට මට මෙපමණ කාලයක් ගතවිය. ඒ අවබෝධය දැන් සර්වාංගය කිළිපොළා යවන සීතලක් මා තුළ ඇතිකරයි.

මීට අවුරුදු ගණනකට පෙර මා සිතුවේ ජීවිතයේ සිහින සැබෑ වීම අතමානයේ ඇති බවකි. ඒ ගැන අනුන්ට මෙන්ම මටමත් පාරම් බාන්නට මම පුරුදු වී සිටියෙමි. ජීවිතය ටිකෙන් ටික සංකීර්ණ වන බව දැනෙන විට පවා, ඊළඟ අවුරුද්ද වන විට සියල්ල යහපත් වනු ඇතැයි හිත හදාගැනීමට මට හැකි වී තිබිණි.

ඒ සියල්ල දැන් අවසන් ය…

සිහින සැබෑවීම වෙනුවට මගේ ජීවිතය දවසින් දවස ඇදි ඇදී යන අරගලයක් බවට පත්වී තිබේ…

දැන් මගේ ජීවිතයේ ඇත්තේ තිත්ත කළුවරක පත්තු වන පුංචි පහන් සිළක් බඳු එකම එකම මිතුරු ඇසුරක ආලෝක බිඳිත්තක් පමණි. මේ දැන් ගොස් මා ඔහුගේ දොරට තට්ටු කළද ඔහු දොර අරිනු ඇත. ඔහුගේ මුහුණේ ඇඳෙන්නේ මට අරුත් නැගිය නොහැකි හැඟු‍ම් පෙළකි. ඔහු හැමදාමත් මගෙන් නොපමාව ආ ගිය වගතුග විමසයි. මට ඔහුත් සමග ඕනෑම දෙයක් කියන්නට පුළුවන.

ඔහුට හැමදාමත් වුවමනා වූයේ කවදා හෝ දවසක ජීවන ගැඹරේ රළ නගන මධුවිත හැර දමා, පතුලක් නැති හුදෙකලාවක ඡුායාවක් පමණක් ඉතිරි කර එක් රැුයකින් අවසන් වන කෙළවරක් නැති පේ‍්‍රමාලිංගනයන්ගෙන් ඈත්වී, කොහෙන් හෝ පුංචි ඉඩම් කෑල්ලක් මිලදීගෙන, දුර ඈත කවුරුත් නොඑන කවුරුත් නොහොයන හුදෙකලා නිහඬ නගරයක කවුරුන් හෝ සමග අලූ‍ත් ජීවිතයක් පටන් ගැනීම ය.

එහෙත් ඔහු නොනවතින බව මම දනිමි.

ඔහුට නවතින්නට නොහැක. ඔහු හැමදාමත් ජීවිතයේ සැඩ නොසැඩ සුළං සමග ගසාගෙන යන වරා මලක් වැනි ය.

අන්තිමේදී, පෙර දවසේ හිත තලා දැමූ දහසකුත් එකක් දේවල් ගැන හරිහමන් මතකයක් නැතිව මම උදෑසන අවදි වෙමි. එය අලූ‍ත් උදෑසනකි. ඒ ඉර එළිය, නිල් අහස, පිනි බින්දු, විහඟ ගීත සහ මිනිස් කටහඬවල් සියල්ල අලූ‍ත් ය.

මම ගෙදර යන්නට පිටත් වෙමි…!

(මෙය Gerry Rafferty ගීතයේ පදවැල්, සංගීතය සහ වේදනාව ඇසුරින් කරන ලද ගද්‍යමය අනුවාදයකි. Baker Street ගීතය මුලින්ම දොරට වැඩියේ 1978 වසරේ පෙබරවාරි මාසයේදී ය.

එදා පටන් අද දක්වා එය ලොව බිලියන ගණනක් දෙනා අසා ඇතුවා වන්නට පිළිවන. එදා පටන් අද දක්වාම එය දිගු ගමන්වල යෙදෙන බොහෝ දෙනෙකුගේ ප‍්‍රියතමdriving song එකකි. කොටින්ම මීට මාස කිහිපයකට පෙර කතරගම යන්නට පිටත් වෙද්දී මා මුලින්ම චැබ එකට දමාගත්තේ Baker Street ගීතයයි. Gerry Rafferty ගැන, 70 දශකයේ පොප් සංගීතය ගැන හෝ ඊ්නැර ීඑරුැඑ ගීතය ගැන වැඩි විස්තර ලිවීමට මෙතැන ඉඩක් නැත.

Baker Streetයනු ජීවිතය, මධුවිත, ලිංගිකත්වය, මිත‍්‍රත්වය සහ විශාදය යනාදි මාතෘකා රැුසක් විනාඩි පහ හයක් තුළට කැටිකොටගත් අපූර්ව කාව්‍යමය ගීතයකි. අප බොහෝ දෙනෙකු නැති අරුත් සොයමින් පතුරු ගසන කවිවලට වඩා අරුතක් මේ පොප් ගීතයේ තිබේ. මෙය සිංහලයට අනුවාදය කරන්නට ආශාව කලක පටන්ම තිබුණද එය ගීයක් ලෙස හෝ කවියක් ලෙස අනුවාදය කිරීම විකාරයක් බව මම දැන සිටියෙමි.

නමුත් එක්තරා රැුයක, ලිවිල්ලේ ආවේගය නහයට උඩින් අඟල් හතරක් පමණ උඩට නැගුණු විට මම එහි ගද්‍යමය අනුවාදයක් එක හුස්මට ලීවෙමි. ඉහතින් ඔබ දකින්නේ ඒ ගද්‍යමය අනුවාදයයි.

මෙතැනින් නොනැවතී,Gerry Raffertyගේ Baker Street ගීතය අසන්නටත්, පද පෙළ කියවන්නටත්, ඉන් පසුව Gerry Raffertyගැන YouTube අඩවියේ ඇති අපූර්ව වාර්තාමය වැඩසටහන රස විඳින්නටත් ඔබට ආරාධනා කරමි*.x