ලක්ශාන්ත අතුකෝරල

මේ සතියේ පෑන අතට ගත්තේ අදහස් දෙකක් දෙස බලාගෙනයග ඇමරිකානු මූලික වර්ණ භේදවාදී අතීතයත්ල තවමත් ලෝක සිතියමේ බොහෝ ලක්ෂ්‍යයන්හි නානා ප‍්‍රකාරයන්ගෙන් නලියන වර්ගවාදයත් යනු නූතන මිනිසාගේ කලා ඇස නිරන්තරයෙන් එල්ල වන යාබද මාතෘකාවන් යග ඒ හා බැදුණු නිර්මාණ කලාපයේ සැරිසැරීමෙන් ඇති තරම් සසැළී ඇති මා තුළ ඒ කම්පනයන් අකුරට නැගීමේ අපේක්ෂාවන් තෙරපුම් නගයිග එක් අතකින් මේ ඒ තෙරපුමට නතුවීමකිග අනෙක් අතින් මෙයල ඡායාරූප කලාව තුළින් ලැබෙන නොසරල භාව කම්පනය හැකි තරමින් මේ ලිපි පෙළ තුළට රිංගවා ගැනීමට මට තිබූ වුවමනාව ද සපුරන්නේ වෙයිග
ඡුායාරූප ශිල්පය කලාවක් වන්නේ කෙසේදැයි ඇතැමෙක් විමසතිග එය පවත්නා තත්ත්වයක් හෝ සැබෑ දසුනක් ග‍්‍රහණය කර ගැනීමක් විනා අලූතින් කරන නිර්මාණයක් නොවේය යන්න ප‍්‍රධාන තර්කයකිග එහෙත් සාමාන්‍ය පින්තූරු රසිකයෙකු ලෙස මට දැනෙන දේ මෙසේය

තාක්ෂණික හැදෑරීමක් මෙන්ම අපූර්ව සහ සුවිශේෂී කලාත්මක දෘෂ්ටියකුත් ඉල්ලා සිටින නූතන නිර්මාණාත්මක ඡුායාරූප ශිල්පය යනු සත්‍ය දසුන් ඇසුරේ දෘශ්‍ය සෞන්දර්යාත්මක සුමිහිරක් නිපදවීමටත්ල ඉන් ඔබ්බෙහි ප‍්‍රබල මානව සහ සමාජ විවරණයක් මතු කිරීමටත් මග පාදාගත් සියුම් කලා මාධ්‍යයකි

කැමරාවේ තාක්ෂණික භාවිතයෙහි පරතෙර ස්පර්ශ කළදල පින්තූරයට කලාව කැවීමට එය පමණක් නොසෑහෙන බව සත්‍යයකිග කලාත්මක ඡුායරූපයක් නිපදවෙන්නේ කලාත්මක දැක්මක් ඇත්තෙකු අතට කැමරාව පත් වූ විට යග ඔහු ශිල්පීය තාක්‍ෂණය යොදා ගනු ඇත්තේ තම නිර්මාණය වඩාත් පෝෂණය කිරීමට යල අවශ්‍ය පමණට ය

විවිධ රටවල් ශිල්පීන් විසින් අපූර්ව ලෙස නිශ්චල කරගන්නා ලද අවස්ථා අප මවිත කරවයිග ඉතිහාසයේ යම් අතිශය තීරණාත්මක අවස්ථාවන්ට හිමිිරූපය’ සිර කර ගැනීම යනු ඒ ඒ මොහොතෙහි සමාජයත්ල එහි ආකල්පයත්ල වෙනස් කළ නොහැකි ලෙස තරව ඔතා බැඳ අනාගතය වෙත කුරියර් කිරීමකි

නිර්මාණාත්මක ඡායාරූපයක් ඉදිරිපිටට වී එය කියවීම කෙතරම් අනන්‍ය විඳීමක්ද? එහි අකුරු නැතග නිර්මිත චරිත නැතග දෙබස් නැතග ඡුායා කලාකරුවා කියන්නේ නිහඬ එහෙත් ගැඹුරු කතාවකි

මේ සම්බන්ධව ලාංකීය අපට මෑතකදී ලැබුණු ප‍්‍රධානතම අත්දැකීමක් වන ලාල් හෑගොඩගේසොළොසක් රූ’ ඡුායාරූප දැක්ම මෙහිදී සිහිපත් වේග එහි වූ සමාජ විවරණාත්මක ඡායාරූප කිහිපය විශේෂ යග එහිදී ඔහු පින්තුරවලට පසුබිම්ල චරිත සහ වස්තූන් ඇතුළත් කරගෙන ඇත්තේ සංකේතාත්මක අර්ථයකිනිග මෙය රූපයේ කාව්‍යාත්මක භාවිතාවකි

කැමරාව යනු සත්‍යයේ බොත්තම සහිත උපකරණයකිග එනයින්ම පින්තුරයක් යනු සමාජ පරිණාමයේ දොස් හිඩැස් දක්වන කවුළුවකිග මේ හා යා කොට දැක්විය යුතුයැයි එකවරම සිතෙන නිදසුන ලෝරන්ස් බේට්ලර්ගේිෂිප් සහ ස්මිත් ඝාතනය කිරීම’ ලෙස නම් කළ ඡායාරූපයයිග ඔසපැ සගරාව මෙය නම් කර තිබුණේිවර්ගවාදයේ අස්වැන්න’ නමිනි

එහි කාල රාමුව ඇමරිකානු සුදු-කළු වර්ගවාදී සමයයිග ඈත අඳුර තුළ ගිලී ඇත්තේ වහල්භාවයේත්ල අපි‍්‍රකානු-ඇමරිකානුවන් සම අයිතීන් උදෙසා කළ දීර්ඝ අරගලයේත් කළු රුධිරය විය නොහැකිද?ිලෝකය ඇත්තෙන්ම එවන් ක‍්‍රෑර යුගයක් පසු කරන ලද්දේය’ යන වේදනාකාරී සිතුවිල්ල මුදා හරින මේ ඡායාරූපය තුළල වියැකී ගියේයැයි තවමත් සිතිය නොහැකි මානව ක්‍රෝධයේ සහ දුෂ්ටත්වයේිනෙත් කැලූම්’ සැගව ඇතැයි මට සිතෙයි

ඡුයාරූපය බේට්ලර්ගේ කැමරාවේ සටහන් වී ඇත්තේ 1930 අගෝස්තු 7 දිනයග මෙතනින් එහාට එහි පසුබිම් කතාව පමණක් ලිවීම සෑහෙනු ඇතග ආෟ ඊට පෙර එක වැකියක්ෟ බේට්ලර්ට ස්තුති කළ නොහැකියග කැමරාව ඔබට ස්තුතියි

සුදු ජාතික තරුණියක දුෂණය කළ බවටත්ල ඇගේ සහායට පැමිණි සුදු තරුණයෙකු මරා දැමූ බවටත්ල කළු ජාතිකයන් වූ 19 හැවිරිදි තෝමස් ෂිප් සහ 18 හැවිරිදි ඒබ‍්‍රාම් ස්මිත්හට චෝදනා එල්ල වියග නීතිය අතට ගත් මේරියන් නගරවැසි සුදු ජාතික මැරයෝ ඔවුන් දෙදෙනා අල්ලා උසාවි මිදුලේ එල්ලා මැරූහග එහෙත් ඔවුන් නිවැරදිකරුවන් බව පසුව හෙළිවියග එබැවින් තරුණියගේ පියාගේ ඉල්ලීම මත තුන්වෙනි කළු ජාතික සැකකරු නිදහස් කර හරින ලදි

මෙම සෝකජනක සේයාරුව ඒ අසීමාන්තික අයුක්තියේ නිරූපණයක් පමණක් නොවේග ඒ අවස්ථාව සතුටින් සමරන සුදු ජාතිකයන්ගේ හැගී ම්වල පිළිබිඹුවක්ද වේග බේට්ලර් මේ ඡායාරූපයේ පිටපත් දහස් ගණනක්ිසැමරුම්’ ලෙස සුදු ජාතිකයන්ට අලෙවි කළ බව කියැවේ