දෙවියන් පාර්ලිමේන්තුවට වඩා උත්තරීතරද?

අවුරුදු 16ට අඩු ළමයෙකු සමග ලිංගිකව එකතුවීම (ඇයගේ හෝ ඔහුගේ කැමැත්තෙන් එය සිදුවුණත්* සැලකෙන්නේ ¥ෂණයක් ලෙසය. එම ¥ෂණය ව්‍යවස්ථාවෙන්ම අනුමත කළ රටකි ලංකාව!! ලංකාවේ ව්‍යවස්ථාවට අනුව අවුරුදු 16ක ගැහැනු දරුවෙකු අඹුකමට ගැනීමට මුස්ලිම් පිරිමියෙකුට හැකිය. උවමනාව තිබෙන්නේ නම් අවුරුදු 16ට වඩා අඩු ගැහැනු දරුවෙක් උවත් අඹුවක කරගන්නට මුස්ලිම් පිරිමින්ට අයිතිය හිමිව තිබේ.

මුස්ලිම් විවාහ නීතිය


මුස්ලිම් නීතියේ ඉතිහාසය සැලකීමේදී එය ලන්දේසි පාලන අවධිය තෙක්ම දිගු බව කිව යුතුය. ලන්දේසීන් මුස්ලිම් නීතිය එම ජන ප‍්‍රජාව සඳහා භාවිත කළ බවට සාක්ෂි ඇත. ලන්දේසීන්ගෙන් බි‍්‍රතාන්‍යයට ආණ්ඩුකරණය මාරුවීමේදී රටේ වෙරළබඩ ව්‍යාප්තව පැවති මෙම මුස්ලිම් නීතිය සමගින්ම රෝම ලන්දේසි නීතිය ඉංග‍්‍රීසීන් දිගටම භාවිත කළේය. ඒ අනුව 1801 වර්ෂයේදී ‘යුක්ති සන්නස’ මගින් ඔවුන්ගේ දේපලවල උරුමය හා අනුප‍්‍රාප්තිය, කුලිය මෙන්ම භාණ්ඩ හා පාර්ශ්වයන් අතර සිදුවන සියලූම ගිවිසුම් සහ ගනුදෙනු මුස්ලිම්වරුන්ගේ නීතිවලට අනුව විය යුතු බව දක්වා ඇත.


1852 අංක 5 දරන ආඥා පනත මගින් මොහම්මදික නීති සංග‍්‍රහය ලංකාවේ සියලූම මුස්ලිම්වරුන්ට අදාළ වන ආකාරයට එම නීතිමය ප‍්‍රතිපාදනයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. මෙලෙස වර්ධනය වූ මෙම මුස්ලිම් අගමට බැඳුණු නීතිය නෙක වර්ෂවල වෙනස් වෙමින්ද අහෝසි වෙමින්ද නව නීති පැනවෙමින්ද වෙනස්කම්වලට භාජනය වී ඇත. මෙලෙස වෙනස් වූ නීතිය දැන් තිබෙන තත්ත්වයට පැමිණෙන්නේ 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත හඳුන්වා දුන් පසුවය. මෙම නීතියට පදනම සකසන්නේ ෂරියා නම් මුස්ලිම් නීතියයි.


මෙම නීතිය මගින් මුස්ලිම් විවාහ, දික්කසාද සම්බන්ධ කරුණුවලදී ඒ ඒ පාර්ශ්වයන්ගේ තත්ත්වය, අන්‍යොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් යන දේවල්, ඔවුන් අයත් නිකායේ මුස්ලිම් නීතිය අනුව තීරණය කළ යුතු බව කියවේ. මෙය මෙම නීතියේ හරය බව කිව යුතුය. මෙම සම්පූර්ණ නීතියම කතා කිරීම අපගේ අරමුණ නොවේ. අප මෙහි කතාකරන්නේ ළමා විවාහ සඳහා නීතිමය ඉඩක් සාදා තිබීම පිළිබඳවය. තත්ත්වය එය වනවිට අපගේ මූලික අරමුණ වන්නේ මුස්ලිම් විවාහයක් සඳහා බලපාන අවම වයස පිළිබඳව නීතිමය තත්ත්වය කුමක්ද යන්නයි. එහෙත් මේ ලියුම්කරුගේ අදහස නම් මෙම නීති සියල්ල අහෝසි වී එක් නීතියක් යටතට රට පත්විය යුතු බවය.


මෙම මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් කාන්තාවක විවාහ වීමේදී ඒ සඳහා එම කාන්තාවගේ වයස බලපාන්නේ නැත. එහෙත් එම නීතිය වඩාත් අසෝභනව පිටතට පේන නිසා දෝ තවත් ඒ සමග කියවෙන ආලවට්ටම් වගන්තියක් එම නීතියට අලවා ඇත. ‘වයස අවුරුදු 12ට අඩු කාන්තාවක විවාහයකට ඇතුළත් වන්නේ නම් එය එම ප‍්‍රදේශයේ කාතිවරයාගේ අවසරය මත සිද්ධ විය යුතුය’. මේ කියන කාතිවරයාත් මුස්ලිම් පිරිමියෙකු මිස දෙවියෙකු නොවන බව කිව යුතුය. අනෙක් පැත්තෙන් කාතිවරයාගෙන් මෙවැනි විවාහයක් සඳහා අවසර පැතූවිට ඔහු එම අවසරය ලබාදීම සඳහා බලන්නේ කුමක්ද? මුස්ලිම් ප‍්‍රජාව සහ මව්ලවිවරුන් කියන ලෙස ඔහු බලන්නේ මේ අදාළ කාන්තාව (නිවැරදි වචනය දැරිය* ජීව විද්‍යාත්මකව විවාහයකට සුදුසුද යන්න පමණි. කෙළින්ම කියනවා නම් ඔවුන් බලන්නේ මෙම දැරිය ‘ලොකු ළමයෙක්’ වී ඇත්ද කියා ය. අද අවුරුදු 10ක දැරියක පවා මල්වර වීම සාමාන්‍ය තත්ත්වයක් ය. මෙය ව්‍යවස්ථාපිත ¥ෂණයක් කියා අප කියන්නේ ඒකය.


මෙම විවාහ නීතිය පුරාම තිබෙන්නේ කාන්තා අයිතීන්වලට බරපතළ ලෙස පිටුපෑමය. කාන්තා අයිතීන් තුට්ටුදෙකට දමා මෙම නීතීන් සම්පාදනය කර ඇත. කාන්තාව යනු මනුෂ්‍යයෙක් නොවේද? ඇයට මානුෂීය අයිතීන් නැතිද? ප‍්‍රශ්න කළ යුතුය. මෙම නීතියට අනුව පිරිමියෙකුට තම බිරිඳගෙන් දික්කසාද වන්නට අවශ්‍ය නම් ඒ සඳහා තිබෙන්නේ සරල පියවරයන් ය. ඔහුට ප‍්‍රදේශයේ කාර්තිවරයා ළඟට ගොස් තම ‘බිරිඳ තමන්ට හරියට යුතුකම් ඉටුකරන්නේ නැතැ’යි කියමින් දික්කසාදය ලබාගන්නට පුළුවන් ය. එහෙත් මුස්ලිම් කාන්තාවකට දික්කසාද අයිතිය ලබාගැනීමට දිසා අධිකරණයට යායුතුමය.

එහිදී ඇය තම සැමියාගේ වැරදි දෙකක් පිළිබඳව ස්වාධීන සාක්ෂි සමග අධිකරණය දැනුවත් කළ යුතුය. අනෙක් පැත්තෙන් මෙලෙස දික්කසාද වෙන ගැහැනියකට නැවත විවාහයක් සඳහා ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැත. එහෙත් පුරුෂ පාර්ශ්වයට එය බලපාන්නේ නැත. ඔහුට බලපාන්නේ තමන් දික්කසාද වූ බිරිඳට තමන්ගෙන් දරුවෙකු ලැබෙන්නට සිටිනවාදැයි දැනගැනීම සඳහා පුංචි කාලයක් එනම් මාස 4යි දින 10ක් පමණ ඉවසීම පමණි.


සාමාන්‍යය නීතියෙන් අප විවාහ වීමේදී පිරිමියා මෙන්ම ගැහැනියද සිය අත්සන විවාහ සහතියට යොදනු ලැබූවත් මුස්ලිම් විවාහයකදී අඩුම තරමින් එම අයිතිය හෝ කාන්තා පාර්ශ්වයට ලැබෙන්නේ නැත. එම අයිතිය ලැබෙන්නේ එම පාර්ශ්වයේ පියාට හෝ වැඩිමහල් සහෝදරයාටය. මෙයින් පෙනෙන්නේ මුස්ලිම් විවාහය බොහෝවිට බලහත්කාරයක් බවය. අනෙක් පැත්තෙන් මුස්ලිම් විවාහ නීතියට අනුව කාර්තිවරයාගේ අවසරය මත මුස්ලිම් පිරිමියෙකුට කාන්තාවන් 4 දෙනෙකු විවාහ කරගන්නට අවසර ඇත. මෙවැනි බොහෝ නීතිමය තත්ත්වයන් මෙම විවාහ නීතිය සමග බැඳී ඇති අතර දෑවැදි ලබාදීම් සහ ගැනීම් පිළිබඳව තත්ත්වයන්ද එය තුළ ඇත. මේ අනුව කෙටියෙන්ම කියන්නට තිබෙන්නේ මුස්ලිම් පිරිමින්ට මේ නීතියේ අවුලක් නොපෙනුනත්, මෙම නීතිය ගෝත‍්‍රික, මිනිස් අයිතීන් තුට්ටුදෙකට දමන නීතියක් බවය. මෙය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු නීතියක් බවය.

මුස්ලිම් නීතිය වෙනස් කිරීම


මුස්ලිම් නීතිය වෙනස් කිරීම සඳහා හැකිවී නැති ප‍්‍රධානම හේතුව ‘තව්හිඞ් ජමාත්’ වැනි රැුඩිකල්කරණය වූ මුස්ලිම් කණ්ඩායම් ඒ සඳහා දරුණු ලෙස විරෝධය පෑමය. අනෙක් පැත්තෙන් උලමා සභාව ද එයට විරුද්ධව අවි එසවීමය. 2018 ජනවාරි 15වෙනිදා ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, එම වර්ෂයේ ජිනීවා සැසියට ගිය ලංකාවේ නියෝජිතයන් කණ්ඩායමෙන් අසන්නේ මෙම නීති වෙනස් කරමින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට රජයක් විදිහට ගනු ලැබූ පියවර මොනවාද කියාය. ඔවුන්ද එහිදී කියා සිටින්නේ මෙම තත්ත්වය ව්‍යවස්ථාපිත ¥ෂණය කිරීමක් බවය. එම අවස්ථාවට සහභාගී වී සිටි එවක ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය චන්ද්‍රානි සේනාරත්න, ළමාරක්ෂක අධිකාරියේ එවක සභාපතිනිය වන මරිනි ද ලිවේරා, එවක එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ඇතුළු කණ්ඩායමට මේ පිළිබඳව කියන්නට දෙයක් තිබී නැත. එහෙත් යහපාලන රජය බලයට පැමිණි පසු මෙම නීතිය වෙනස් කිරීම සඳහා මුස්ලිම් දේශපාලකයන්, මුස්ලිම් ආගමික නායකයන්, ආණ්ඩුවේ බලධාරීන් ආදි වූ බොහෝ දෙනෙක් එකතුවූ සංවාදයන් සහ සාකච්ඡුා බොහෝමයක් පැවතී ඇත. මෙම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස මුස්ලිම් දේශපාලන නායකයන් මෙම නීතිය සංශෝධනය සඳහා සිය එකඟතාව් පළකර ඇත. එයට උත්තේජනය සැපයුවේත් මේ කියන විදේශ මැදිහත්වීම් ය. නැත්තං මේ පිළිබඳව කතාවක් හෝ ඇතිවන්නට ඉඩක් නැත.
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය නිසා අද කාන්තන්කුඩිය වැනි ප‍්‍රදේශවල පසුගිය කාලයේ දෙගුණ තෙගුණ වී ඇති මෙම ළමා විවාහ ගැන වාර්තා පළ වන්නේය. එයිනුත් කියන්නේ පසුගිය කාලයේ සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් සහරාන් සරණ ගිය තරමය!!

උලමා සභාව විරුද්ධයි


විවාහය සඳහා අවම වයස් සීමාව අවුරුදු 18 කිරීම, විවාහයේදී ස්ත‍්‍රියගේ කැමැත්ත අනිවාර්‍ය කිරීම, විවාහයට අත්සන් කිරීමේදී කාන්තාවගේ අත්සන අනිවාර්‍ය කිරීම, මුස්ලිම් ක්වාසි අධිකරණයට කාන්තාවන් පත් කිරීම ආදී වූ යෝජනා 10කින් පමණ දැනට පවතින මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට මුස්ලිම් දේශපාලන නායකයින් සිය එකඟතාවය පළකර ඇත.

තත්ත්වය එයනම් දැන් කළ යුත්තේ මෙම නීති සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් අදාළ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරමින් නීතියක් බවට ස්ථාපනය කිරීමය. එහෙත් ආණ්ඩුව තවමත් කල්මරමින් සිටින්නේය. ඒ ඇයි?.. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච් ඒ හලීම්ගේ ප‍්‍රකාශයකින් එම කල් මැරීමට හේතුව පැහැදිලි විය. පසුගිය ජූලි 15වෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප‍්‍රකාශ කළේ, මෙම නීති සංශෝධනයට මුස්ලිම් ආගමික නායකත්වය සිය විරෝධය ප‍්‍රකාශ කර ඇති බවය. ඒ අනුව නැවත ඔවුන් සමග සාකච්ඡුා වටයක් පවත්වා තීරණයක් ගන්නා බවය. අහෝ!! පාර්ලිමේන්තුව තිබෙන්නේ පන්සලට, පල්ලියට, කෝවිලට ඕනී විදිහට නටන්නද? ජනතාව සිය නියෝජිතත්වයට 225ක් තෝරා ඔවුන් පාර්ලිමේන්තුවට යවා මිලියන ගණනින් වියදම් කරන්නේ පන්සලට, පල්ලියට, කෝවිලට ඕනී විදිහට මඟුල් නටන්නද?..


සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මේ විරෝධය පෑම ලැජ්ජා සහගත බව කිව යුතුය. ඔවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජර්බීර් රහුමාන් හට පසුගිය ජූලි 18 වෙනිදා ලිපියක් යවමින් කියා සිටින්නේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම පමාකරන්නට කටයුතු කරන්න කියාය. මෙය මුස්ලිම් ආගමට අල්ලා දෙවියන්ට කරන්නාවූ විශාලම ද්‍රෝහිකමක් ලෙස ඔවුන් දකිනබව එහිදී පවසන්නේය. මුස්ලිම් ගැහැණු දරුවන් ආරක්ෂා කරන, ඔවුන්ට මනුෂ්‍යන්ට සේ ජීවත්වෙන්නට හුස්ම ගන්නට අවකාශ සාදන්නට යෝජිත නීතියක් දෙවියන්ට කරන ද්‍රෝහීකමක් වෙන්නේ කෙසේද? මෙවැනි උදාර දෙයක් ද්‍රෝහී සේ පිළිගන්නා දෙවියෙක් කුමටද? කල්පනා කළ යුතුය. මුස්ලිම් දේශපාලන නායකයින්ටද තමන්ගේ ප‍්‍රජාව නිර් රැුඩිකල්කරණය කිරීම සඳහා ඇත්ත උවමනාවක් තිබෙන්නේ නම් ‘තව්හිඞ් ජමාත්’ මතවාදය පෝෂණය කරමින් ‘වහබ්වාදයට’ උඩගෙඩි දෙන උලමා තීරණ ගැන සිය විරෝධය පළකරමින් මෙම පනත සම්මත කිරීම සඳහා ඉඩ සෑදිය යුතුය. ආණ්ඩුවද පාර්ලිමේන්තුව සතුව පවතින උත්තරීතර බලය දෙවියන් ඉදිරියේ පාවා නොදිය යුතුය.x