ජනාධිපති සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළායැයි යන චෝදනාව යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා හෝ පොලිස්පති පූජිත් ජයසුන්දර හෝ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි රහස් පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.
එක පුද්ගලයෙකු විසින් වරින් වර මාධ්‍ය හමු පවත්වමින් යම් යම් ප්‍රකාශ නිකුත් කළත් එම ප්‍රකාශ මත පදනම්ව කෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද එම ප්‍රකාශකයා පැවසීය.
දැනට තිබෙන තත්ත්වය මත මේ දෙදෙනා කුමන්ත්‍රණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නේ නම් එය කළ හැක්කේ පොලිසියට ඉහලින් කරන බලපෑමක් අනුව බවත් ඉහළින් එන නීති විරෝධී නියෝග පොලිසිය පිළිගනු ඇතැයි විශ්වාස නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.■