සිංහයෙකු සේ පේරාදෙණිය සරසවියේ පාලනය ගෙනගිය බව අසන්නට ලැබෙන නිකුලස් ආටිගල ශී‍්‍රමතාණන් ඇතුළු බටහිර වෙද පරපුරක ගුරුවරයා වූයේ ඔහුය. සිය ළමාවියෙහි අධ්‍යාපනය ලබන සමයේ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන (ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පියා) සහ ඞී.එස්. සේනානායක සමකාලීන මිතුරෝය. ලංකා ගුවන් විදුලි සේවයේ ප‍්‍රථම ඉංගී‍්‍රසි නිවේදිකාව වූ පර්ල් ඔන්ඩච්චිගේ පියාණෝය. 20 වැනි සියවස මුල් භාගයේදී ඉංගී‍්‍රසියෙන් ග‍්‍රන්ථකරණයේ යෙදුණු ප‍්‍රකට ලේඛකයෙකි. එඞ්වින් ආරියදාසගේ මතකයට අනුව ප‍්‍රථම වරට ඉංගී‍්‍රසි බසින් නවකතාවක් ලියූ ලේඛකයා වූයේද ඔහුය. හේ චතුර දේශකයෙකි. කොළඹ හත කුරුඳුවත්තේ, රොස්මීඞ් පෙදෙසේ, තමා තැනූ මහමන්දිරය එස්ඩබ්ලිව්ආර්ඞී බණ්ඩාරනායක මහතාගේ පියාට රුපියල් එක්ලක්ෂ හැටදහසකට විකුණා දමා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් සොයා කන්ද උඩරට පේරාදෙණියට ආසන්න ගොහා ගොඩ මහවැලි නදිබඩ නිවසක් ඉදිකොටගෙන සිය බිරිඳ සමග එහි වාසයට පැමිණියේය.
මේ අතර ලංකා වෛද්‍ය සභාවේ පනත කිසිසේත්ම රෝගී ජනතාවගේ ආරක්ෂාවට සැකසුණු ලේඛනයක් නොවේ යැයි නොබෝදා රූපවාහිනි නාලිකාවක් ඔස්සේ කියාසිටියේ වෛද්‍ය සභාවේ ප‍්‍රධාන මහාචාර්ය කොල්වින් ගුණරත්නය.

මොහු ලංකාවේ නූතන ඉතිහාසයේ ඉතා ප‍්‍රකට නාරිවේද මෙන්ම කායික විශේෂඥ වෛද්‍යවරයෙකු වූ දොස්තර ලූෂන් ද සිල්වායි. වයස අවුරුදු 86 ගෙවී යනවාත් සමග එක්තරා උදෑසනක ගිලන් වන ඔහු මහනුවර මහරෝහලේදී ලද සිය අත්දැකීම් ඔහුගේම වචනවලින් විස්තර කොට ඇත්තේ මෙසේය.

‘වයස අවුරුදු 86ක්ම මා ගෙවූයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකි. 86 වැනි ජන්ම දිනයට පසු එක්තරා දවසක සන්ධ්‍යාවෙහි පැවැති තද ගී‍්‍රෂ්මයෙන් මිදෙන්නට වතුර මලෙන් ඇදහැලෙන සීතල වතුර නාගත්තෙමි. පසුදා අවදිවන විට සිරුරේ උෂ්ණත්වය ෆැරන්ෙහෙට් අංශක සියයකි. හුස්ම ගන්නා විට පපුවෙන් තද ශබ්දයක් නිකුත් වේ. මූත‍්‍රා පිටකිරීමේ අපහසුවක්ද දැනේ. මෙහෙකරු ගෙනැවිත් දුන් උදෑසන කෝපි කෝප්පය බීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ මුත‍්‍රාශය තුළට රැුස්වෙන දියර ප‍්‍රමාණය එමගින් තවත් ඉහළ ගිය බැවින් උදරයේ වේදනාවක්ද ඇති කරවමිනි. උදේ දහය වනවිට මුත‍්‍රාශය තුළට කැතීටරයක් යැවීමෙන් රැුස්වූ මුත‍්‍රා ඉවත් කරලීම සඳහා මම උත්සාහ ගත්තෙමි. එහෙත් මුත‍්‍රා මාර්ගයෙහි දැනුණු තද ගතියක් නිසා කැතීටරය ඇතුළු කිරීම අපහසු වූ බැවින්ද සුළු රුධිර වහනයක් ඇතිවූ නිසාවෙන්ද උත්සාහය අත්හරින්නට සිදුවිය. මහනුවර මහරෝහලේ මුත‍්‍ර රෝග විශේෂඥයා ලෙස ප‍්‍රකට වූ වෛද්‍යවරයාට දුරකථනයෙන් ඇමතීමි. ඒ පෙරවරු 11ටත් පෙරය. එහෙත් සවස 2 සිට 5 පමණ දක්වා ශල්‍යකර්මවල යෙදෙන්නට ඇති බැවින් මා බැලීමට පැමිණිය නොහැකි බව ඔහු කීවේය. ඔහුගේ සහ මගේ නිවෙස් අතර දුර ප‍්‍රමාණය සැතපුම් 6 1/2ක් වූ අතර එය විනාඩි 20ක මොටෝරිය ගමනකි. සවස් භාගයේ මා බැලීමට ඒම සඳහා මගේ මොටෝරිය බංගලාවට එවන්නැයිද ඔහු කීවේය. මෝටෝරියද රැුගෙන සවස 3.30 වන විටම පිටත්වූ මගේ රියැදුරා ඔහු එනතුරු ඔහුගේ නිවස අසල රැුකසිටියේය. ඔරලෝසුවේ 5 කණිසමද නාදවිය. 6ද 7ද නාදවිය. එහෙත් වෛද්‍යවරයා පැමිණියේ නැත. දැන් මට නිදිමත ගතියක් දැනේ. වේදනාව මඳක් සමහන්වී ඇත. වෛද්‍යවරයෙකු සේ සුදුසුකම් ලබා 60 වසරක අත්දැකීම් ඇති මට සිදුවන්නේ කුමක්දැයි දැන් දැන් ප‍්‍රත්‍යක්‍ෂ වේ. මගේ සිරුර තුළ මුත‍්‍රා විෂවෙමින් පවතී. මුත‍්‍රා පහ නොවී එක්රැුස් වූ විටෙක මුත‍්‍රාශගත පීඩනය රුධිර වාහිනිය තුළ රුධිර පීඩනයට වඩා ඉහළ යන බැවින් මුත‍්‍රා රුධිරයට එක්වන අතර එය විෂවීමෙන් පැය කිහිපයක් තුළ සිහිමුර්ඡුාවකට, වලිප්පුවකට හෝ අවසන මරණයටද හේතුවන බව දනිමි.

රාතී‍්‍ර 8ට පමණ මා අවදිකළ මගේ මෙහෙකරු නැවතත් වෛද්‍යවරයාට දුරකථනයෙන් අමතා මා බැලීමට පැමිණීම පිළිබඳව සිහිපත් කළ යුතුව ඇතැයි පවසයි. ¥රකථන රිසීවරය තුළින් එහා කෙළවර පසුබිමෙන් මට ඇසෙන්නේ ‘චෙරියෝ ඩොක්ටර්, හෙට නැවතත් හමුවෙමු.’ ආදි වචනය. ඒ සමගම ‘මා මේ දැන් ගමන් ආරම්භ කරනවා.’යයි වෛද්‍යවරයා මට පිළිතුරු දුන් අතර මගේ ඔරලෝසුවේ 9 කණිසම නාද වෙනවාත් සමගම වෛද්‍යවරයා එළිපත්තෙන් ගෙට ඇතුළුවේ.

පරීක්‍ෂා කිරීමෙන් පසුව ඔහුගේ නිගමනය වූයේ මගේ පුරස්ථ ග‍්‍රන්ථි විශාලවීමකට බඳුන්වී ඇති බවකි. ඒ ගැන සුදුසු සේ පසුවට කටයුතු කරන බව වෛද්‍යවරයාට කී මම, එවෙලෙහි මට අවශ්‍ය වූයේ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ ද සහාය ලබාගෙන කුඩා කැපුමක් යොදා මුත‍්‍රා ඉවත්කිරීමට පහසු වන සේ කැතීටරයක් සවිකර ගැනීම බවද කීවෙමි. මා එවේලේම රෝහල්ගත වන බවට දුරකථන පණිවිඩයක් කොළඹ සිටින මාගේ දියණියට දෙන ලෙසද මෙහෙකරුට දැන්වීමි.

වෛද්‍යවරයාද කැටිව රාත‍්‍රියේම අපි මහනුවර රෝහල බලා පිටත්වීමු. පේරාදෙණිය පාරේ සීබල් මාවතට ළඟාවනවාත් සමග වෛද්‍යවරයා මොටෝරිය නැවැත්වීමට උපදෙස් දුන්නේ, නිවසේ ඇති යම් දෙයක් රැුගෙන විනාඩියක් තුළ ආපසු එන බව පවසමිනි. විනාඩි 15ක්ම ගතවුවද වෛද්‍යවරයා පැමිණියේ නැත. ඔහු රාත‍්‍රි ආහාරය ගන්නවා ඇතැයි මගේ රියදුරා උපකල්පනය කළේය.

රාත‍්‍රි 10ට පමණ ශල්‍යකර්ම මේසය මත මා දිගාකොට අතපය සෙලවිය නොහැකිවන සේ බඳිනු ලැබිණ. මගේ කුස තුළ තූර්යවාදක කණ්ඩායමක් වාදනය කරනු ඇසෙන්නා සේය. මුත‍්‍රා විසවීම නිසා අවසිහියකට වැටීසිටින මට සුදු පැහැති බල්ලෙකු මගේ පපුව මතට නැගගන්නට වෑයම් කරන බවක් දැනේ. බල්ලා එලවා දැමීමට මට මගේ දෑත් සෙළවිය නොහැක. පපුව මත උඩපනින බල්ලා එලවා දමන්නැයි මම කෑගැසුවෙමි. කොහේ ඇති බල්ලෙකුදැයි දොස්තර මගෙන් අසනු මතකය. ‘පේන්නේ නැද්ද මගේ පපුව උඩ දඟලන බල්ලා.’ ‘මෙහේ ඇති බල්ලෙක් නැතැ’යි දොස්තර පිළිතුරු දුන්නේය.

දැන් වේලාව රාති‍්‍ර 10.30 පමණ වුවද නිර්වින්දන වෛද්‍යවරයා තවමත් පැමිණ නැත. පෙරහර රාති‍්‍රයක් වූ ඒ රැුයේ මහනුවර නගරයේ වීදි මහජනයාගෙන් පිරී ඇති බැවින් නිර්වින්දන වෛද්‍යවරයාට සිය මොටෝරිය ‘ලාසරස්’ සිනමා ශාලාවෙන් (පසුව ඔඩියන්) මහපාරට දමාගත නොහැකි බව කියැවෙන පණිවුඩයක් සඳහන් වූ සටහනක් හෙදිය ශල්‍යාගාරය තුළට ගෙනආවාය. කෙසේ හෝ මධ්‍යම රාති‍්‍රයට මඳකට පෙර නිර්වින්දන වෛද්‍යවරයාගේ ආගමනය සිදුවිය. ඔහු මගේ ළය පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යවෛද්‍යවරයා උදරය හා සම්බන්ධ ශල්‍යකර්මයකට සූදානම් වන බවක් පෙනීගි ය බැවින්, පුරස්ථ ග‍්‍රන්ථි ශල්‍යකර්මයකට අනුමැතිය දිය නොහැකි බව මම වහා කීවෙමි. දැනට මට අවශ්‍ය වන්නේ කැතීටරයක් සවිකොට ගෙන මුත‍්‍රා මුදාහැරීමට පමණක් බවද තවදුරටත් දැන්වීමි. පෙණහලූ සෙමවලින් පිරී තිබීම හේතුවෙන් මා පූර්ණ නිර්වින්දනයට පත්කිරීම මාරාන්තික විය හැකි බව නිර්වින්දන වෛද්‍ය වන්නිසිංහම්ගේ ද මතය විය. වන්නිසිංහම් මගේ ජීවිතය ගලවාදුන් අතර මට එවේලෙහි අවශ්‍යව තිබූ දේ පමණක් ඉටුකිරීමෙන් සෑහීමකට පත්වන්නට ශල්‍ය වෛද්‍යවරයාට සිදුවිය. ගෙවන වාට්ටුවෙහි එකුදු හිස් ඇඳක් හෝ නොතිබි බැවින් එදින මට යාචක වාට්ටුවෙහි රැය පහන් කිරීමට සිදුවන බවද දන්වා සිටින ලදි.

ඔහු සිය ශල්‍ය ආම්පන්න කට්ටලයද මල්ලක දමාගෙන යන්නට ගියේය. ඔහු මා කැටුවම වාට්ටුව වෙත ගොස් හෙදි සොයුරියට මා හඳුන්වාදී නිසි පරිදි වාට්ටුවට ඇතුළත් කරනු ඇතැයි මා සිතුවද එය එසේ නොවීය. නිර්වින්දන වෛද්‍යවරයාගේ සුපුරුදු ප‍්‍රශ්න අතර, ආසන්න පැය කිහිපය තුළ මා ආහාරපාන කිසිවක් ගත්තේදැයි විමසූ ප‍්‍රශ්නයට මගේ පිළිතුර වූයේ, පෙරේදා රාති‍්‍ර ආහාරයෙන් පසු උදැසන කෝපි කෝප්පය හැරෙන්නට කිසිදු ආහාරයක් පානයක් දෙතොල් හරහා උදරයට ඇතුල් නොවූ බවයි. රෝහල් සාත්තු සේවකයන් හා හෙදිය විසින් රෝද ඇඳක තබා මම වාට්ටුව වෙත ගෙනයනු ලැබීමි. එහිදී සාත්තු සේවකයෝ මා ඔසවා ඇඳක් මත තැබූහ. මා ඇඳසිටියේ කැතීටරය රඳවා තබාගැනීමට ගත් උත්සාහයේදී තැවරුණ ලේ පැල්ලම් සහිත පිජාමා කලිසමයි. ලෙයින් පෙඟුණු කලිසම ඉවත් කළ හෙදිය දන්වා සිටියේ ඒ වෙනුවට ඇඳීමට දියහැකි කිසිවක් නොමැති බවයි. ඉනෙන් පහළ සිරුර සම්පූර්ණයෙන්ම නග්නව ඇති අතර තුනී සුදු රෙද්දක් පමණක් පොරවාගැනීමට මට සිදුවිය. මගේ ඇඳ කොරිඩෝවට හා අගුවට මුහුණලා තබා තිබුණි. ඉන් එහාට වූයේ විවෘත උද්‍යානයයි. වැස්සක්ද ඇදහැලෙමින් පැවති අතර විවෘත කොරිඩෝව දෙසින් සිරිකඩ මා වැතිර සිටින ඇඳ දෙසට ගසාගෙන එයි. තුනී පොරෝනයෙන් හා පිජාමාවේ උඩකොටසින් පමණක් කය වසාගෙන සිටි මා වෙව්ලන්නට විය. හෙදියට කථාකර බ්ලැන්කෙට්ටුවක් හෝ ගනකම් පොරෝනයක් ඉල්ලා සිටියෙමි. අල්මාරියක තැන්පත් කර ඉබියතුරු දමා ඇති බැවින් බ්ලැන්කෙට්ටුවක් දිය හැක්කේ හෙට උදෑසනින් පසුව බව හෙදිය මට කීවාය. හෙට හිරු පායන විට මා සීතලෙන් මියගොස් තිබෙනු ඇතැයි මම ඇයට කීවෙමි.

පසුදා උදෑසනම වාට්ටුව පිරිසිදු කිරීමේ කටයුතු සිදුවෙමින් පැවති අතර උදේ 7.30ට පමණ උදා ආහාර වේල සපයනු පෙනේ. රෝගියා අතට දෙනු ලබන කහ පැහැති එනමල් පිඟාන මත ඇත්තේ කෙසෙල් ගෙඩියක් සමග බටර් හෝ ජෑම් තවරා නොමැති ගනකමැති පාන් පෙත්තකි. බෙලෙක් කෝප්පයක දැමූ තේ කහටද ඒ සමග ලැබුණි. එහෙත් මට ඒ කිසිවක්ම නොලැබුණු අතර පැය විසිහතරක් වත් කිසිදු පානයකින් මගේ මුව නොතෙමුණ බැවින් දිව කට වියළී ගොසිනි. තේ වතුර ස්වල්පයක් ඉල්ලා සිටීමෙන් පසු එක් සාත්තු සේවකයෙකු වෙතින් මට තේ වීදුරුවක් ලැබිණි. මගේ සුවදුක් පිළිබඳ කිසිදු විමසීමක් නොකළ වාට්ටු හෙදියන් මගේ සිරුරේ උෂ්ණත්වය මැන්නේද නැත. ඒ ගැන විමසූ විට ඔවුන්ගේ නිදහසට කරුණ වූයේ මේ වාට්ටුවට මා තල්ලූ කර දැමීමට ප‍්‍රථමයෙන් ඇඳ ඉහපතක් නිකුත්කිරීමේ මූලික කි‍්‍රයාමාර්ගයවත් ශල්‍ය වෛද්‍යවරයා නොගෙන ඇති බැවින් මා නේවාසික රෝගි යකු ලෙස නොසැලකෙන බවයි. මේ අනුව මා රෝහල්ගතවූ මොහොතේ සිට මේ දක්වා රෝහල පිළිගන්නා නිත්‍ය පැවැත්මක් මට තිබී නැත.

එච්ජී වෙල්ස්ගේ ‘අදෘශ්‍යමාන මිනිසා’ බවට දැන් මා පත්ව ඇත. පසුදා උදෙන්ම පළමු දුම්රියෙන්ම මාගේ දියණිය පොටිගර් මහත්මිය කොළඹ සිට මහනුවරට ළඟාවූවාය. රෝහලට පැමිණි ඇය මුලින්ම විමසුවේ මගේ උදේ ආහාර වේල පිළිබඳවය. හෙදියගේ පිළිතුර වූයේ ඇඳ ඉහපතක් නොමැති මා සඳහා කිසිවක් ඇණවුම් නොකළ බවයි. මගේ මුස්ලිම් මෙහෙකරු උදෑසන ආහාර ගෙනඒම සඳහා නිවසට පිටත් කර යැවීමි. ධාන්‍ය කැඳ, බටර් තවරා කර කරන ලද පාන්, බේකන් හා බිත්තරද කිරි තේ ප්ලාස්කුවක්ද රැුගෙන මැදියමට පෙර ඔහු ආපසු පැමිණියේය. සන්ධ්‍යාවේ මා පරීක්‍ෂාවකට ලක්කළ වෛද්‍යවරයාගේ අදහස වූයේ තව දින කිහිපයකින් උදර ශල්‍යකර්මයට මා භාජනය කළ හැකි බවකි.

සඳුදා මගේ අනෙක් දියණිය ඔන්ඩච්චි මහත්මියද කොළම සිට රෝහලට පැමිණියාය. දියණියන් දෙදෙනාම මාවනැල්ලේ තල්ගමුවට මා විසින් පිටත් කර යවන ලද්දේ එහි වැඩසිටි භික්ෂුන් වහන්සේ නමක් කැඳවාගෙන ඒමටය. පුරස්ථ ග‍්‍රන්ථි ආබාධයට ලක්වූ වැඩිහිටි ලෙඩුන් මෙම භික්ෂුන් වහන්සේගේ කසාය හා බෙහෙත් ගුලිවලින් සුවපත්ව ඇතිබව මම අසා ඇත්තෙමි. රෝහලේදී උන්වහන්සේ හමුවීමෙන් පසු මම තවදුරටත් කැතීටරයද සවිකොට ගෙනම නිවස බලා ගියෙමි. මාහට ප‍්‍රතිකාර කිරීම සඳහා උන්වහන්සේ මගේ නිවසට කිහිපවතාවක්ම පැමිණි නමුදු මගෙන් අයකළේ රිය කුලිය වූ රුපියල් 12ක මුදලකි. ස්වාභාවික අන්දමට මුත‍්‍රා පහකිරීමට හැකිවන සේ සුවය ලද මම කැතීටරය ආපසු රෝහල වෙත භාරදුන්නේ තුවාල සිදුර ඉබේම සුවවන්නට ඉඩහරිමිනි.

විසිඅට වසරක්ම රටින් බැහැරව සිටි මාගේ දෙවැනි දියණිය දොස්තර හෙලොයිස් (Heloise) මහත්මිය 1961 වසර අගභාගයේදී ලංකාවට පැමිණියාය. ඇය ආපසු එංගලන්තය බලා යන දිනට පෙරදා මා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නොයෙල් බර්තොලමියුස් වෙතින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයැයි බලකර කියාසිටියාය. ඔහු මගේ පැරණි සිසුවෙකු වූ අතර සූප‍්‍රකට කීර්තිධර ශල්‍ය වෛද්‍යවරයෙක් විය. පසුගිය මාස පහළොව තුළ කිසිදු අපහසුතාවක් නැතහොත් සුළු හෝ වේදනාවක් දැනී නොමැති බව වෛද්‍යවරයාට පැවසීමි. මා 87 වැනි වියේ පසුවන බැවින් බැ?රුම් ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අවදානමකට ලක්වීමට යාම අනුවණකමකැයි මම සිතමි. ශල්‍යකර්මයකට ලක්කළ හැකි ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක මා පසුවන බව වෛද්‍ය බර්තොලමියුස්ගේ අදහස විය. එපමණක් නොව මගේ හදවත හා පෙණහලූ යුගල ඉතා හොඳ කි‍්‍රයාකාරී මට්ටමක පවතින බවද ඔහු කීවේය. එහෙත්, පුරස්ථ ග‍්‍රන්ථිය බොහෝසෙයින් විශාල වී ඇති බැවින් දැනට නොව මතුයම් දිනක එය ගල්වීමේ අවදානමකට මුහුණපෑමට සිදුවිය හැකි බවද ඔහු කීවේ, මේ අවස්ථාවේදී කරන්නේ නම් ශල්‍යකර්මයේ සාර්ථකත්වය පිළිබඳව තමාට සහතික විය හැකි බවද පෙන්වාදෙමිනි. මම ඔහුගේ අදහසට එකඟවීමි. ශල්‍ය වෛද්‍යවරයා ලවාම මර්චන්ට් වාට්ටුවේ කාමරයක් වෙන්කරවා ගත් මම 1961 ඔක්තෝබර් 31 වැනි දින ඉතා සාර්ථක ශල්‍යකර්මයකට මුහුණදුනිමි.

දැන් සෑම දිනකම උදෑසන පැය කිහිපයක් වෙන් කෙරෙන්නේ මා වෙත ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමටය. ලෝකයේ විවිධ රටවලින් ඉංගී‍්‍රසි, ප‍්‍රංශ, හා ජර්මන් යන භාෂාත‍්‍රයෙන්ම ලැබෙන ලිපිවලට ඒ ඒ භාෂාවලින්ම පිළිතුරු සපයන්නෙමි. දකුණු ඇසෙහි පෙනීම අහිමිව ඇති බැවින් ලේඛන කාර්යයේ යෙදීම පෙර පරිදි පහසු නැත. වියපත් වෙද්දී අතීත සිදුවීම් මතකයෙන් ගිලිහී ගියද, මගේ මානසික ප‍්‍රබෝධයෙහි අඩුවක් නැත.

1962 වසර අවසානයේ වෛද්‍ය සේවයෙන් සම්පූර්ණයෙන්ම විශ‍්‍රාම ගතිමි. දැන් මගේ මිතුරෙකුට පෙර පරිදි දින පොතක් හෝ දින දර්ශනයක් හෝ තෑගි ලෙස දීමට මා වෙත නොමැත. හේතුව ඖෂධ නිෂ්පාදන සමාගම් නියෝජිතයන් තවදුරටත් මා ගැන උනන්දුවක් නොදක්වන බැවිනි. මගේ 90 වැනි ජන්ම දිනය උදාවූ 1965 ජනවාරි 08 වෙනිදා මා සිප්සතර හැදැරූ ශාන්ත තෝමසුන්ගේ විදුහලෙහි ආදි ශිෂ්‍යයෝ මා අතින් විද්‍යාලයීය නව විද්‍යාග ාරය විවෘත කරවා රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකටද සහභාගි කරවාගෙන මට දිගාසිරි පැතූහ.‍

ඞීඑස් දයාරත්න