යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තමාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තාවේ’ ඒ සඳහා ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැති බවද වැඩිදුරටත් වාර්තා වේ’

මේ වනවිටත් යුද හමුදාපතිවරයා සේවා දිගුවක් මත ධුරය දරන අතර එම සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වේ’

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී හෙවත් දෙවැනියා වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද මේ වනවිට ජනාධිපතිවරයා ලබාදුන් සේවා දිගුවක් මත තනතුර දරන අතර ඔහුගේ සේවා දිගුව දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වේ’ සේවා දිගුව නොලැබුණේ නම් ඔහු පසුගිය ජුනි 21 වැනිදා වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් විශ‍්‍රාම යෑමට නියමිතව තිබුණි‘ ජනාධිපතිවරයා මෙ වනවිට නාවික හමුදාපති ප‍්‍රියාල් ද සිල්වාටද වසරක සේවා දිගුවක් ලබාදී තිබේ’x