සමාජ මාධ්‍යයට පසුගිය දා තවත් රස කැවිල්ලක් ලැබුණි. ඒ සුනෙත් සර්ගේ වීඩියෝවයි. බොහෝ දෙනෙකු රසවිඳිමින් එම වීඩියෝව තවත් අය සමග බෙදාගත්තේ රස කෑමක් ලැබුණු විට හැසිරෙන අයුරින්ය. දැන් ඒ කතාව ඉවරය. තාවකාලික වින්දනය ඉවරවී තිබේ. දැන් මේ පසුවදන නිවීසැනසී කියවිය හැකිය. සුනෙත් සර්ගේ වීඩියෝවේ සිය ජීවිත රංගනයේ මොහොතක් තත්පර වූ ඒ ශිෂ්‍යාවද, ඒ ශිෂ්‍යාව සුනෙත් සර්ට පිදු රත්නායක සර්ද දැන් සිටින්නේ සිරගතවය. සර්ලා භෞතිකව සිරගතව සිටින විට ශිෂ්‍යාව තම ජීවිතය මෙතනින් කොතැනට ගෙනයන්නේදැයි සිතමින් සිටින්නී මානසික සිරගෙයකය. ඉතිං මෙතැනින් පසු ලියැවෙන්නේ සුනෙත් සර්ලාගේ කතාව නොව අර මනස් සිරකුටියෙහි සිරගතව සිටින ශිෂ්‍යාව ගැනය. පහළ වෙල්ලස්සේ ඇගේ සහෝදරියන් ගැනය. ඈ මේ තානායමට යැවූ ඒ වෙල්ලස්ස ගැනය.

1815දී රට සුද්දාට දෙන්නට කලින් වෙල්ලස්ස යනු වෙල් ලක්ෂයක්ය. 1818 කැරැුල්ල නිසා සුද්දන් මේ බිම සුණු කළ බව කියන්නේ ඉතිහාසයයි. පුදුමාතලන් වැනි කලාපයන් යුද්ධයෙන් පසු කෙසේ පැවතුණිදැයි දන්නා අපට මේ වෙල්ලස්සය ගැන සිතාගැනීමට අමාරු නැත. 1818දී සිදුවූ ඒ ජනසංහාරයද බවබෝග සංහාරයද නිසා වූ තුවාල අදත්, වසර 200ක් ගතවීත්, සුව නැත. ඒ තුවාල මතින් සුනෙත් සර්ගේ වීඩියෝවේ වෙන්දේසි වූ ඒ යොවුන් ජීවිතය පිළිබඳව සොයා බැලිය යුතුය. මේ කතාවට තැනිබිම වූ මොනරාගලද එහි රතුවන් දුඹුරු දුහුවිල්ලද මට නුහුරු නැත. බොහෝ ගම් පිළිබඳ වීඩියෝකරණය වූ මතකයක් මා සතුය. ජගත්, ධම්මික වැනි සුන්දර මිතුරන්ද මේ මතකය අලූ‍ත් කරනවා මිස මතකය කුරුටු ගාන්නේ නැතිය. ඉතිං දැන් අපි කතාවට යමු.

‘‘මෙහෙමයි මිත‍්‍රයා, කුඹුක්කනත් නක්කලත් අතර කන්දක් තියෙනවා. ඒකට අපි කියන්නේ ථෙරපුත්තාභය පවුව කියලා. මේ කන්ද තරණය කරලා කැලේ අනික් පැත්තට ගිහිං හේන් කරන එක මෙහෙ මිනිස්සු ඉස්සර ඉඳලා කරන දෙයක්. හරිම දුෂ්කර ගමනක්. ඒත් මිනිස්සු සංසාරේ වගේ මේ ගමනට හුරුවෙලා. ඉස්සර මේ ගමන ගිහිං හේන් ගොවිතැන් කළ පවුලක් හිටියා. එක දවසක් උදේ රැයින් හේනට ගියේ තාත්තායි නව යොවුන් කෙල්ලයි. වැඩ වැඩිකමට කරුවල ඉක්මනින් ආවා. දෙන්නාටම ? එන්න බෑ. අලි පාරට එන වෙලාව. දෙන්නාම එදා ? හේනේ මුත්තා ගහේ ගහලා තිබුණ පැල්කොටේ තමයි හිටියේ. පහුවදා කෙල්ල ගෙදර ආවා. ඇවිත් අම්මාට කිව්වා තාත්තා එයාව අතපත ගෑවා කියලා. අම්මා පොලිසි ගියා. තාත්තා හිරේ ගියා. දුව මිනිහෙක් එක්ක ගියා. අම්මා තව මිනිහෙක් හොයාගත්තා. ඒ හේන් කතාව ඉවර වුණේ ඔහොම.”‍ සුනෙත් සර්ගේ කතාව ඇසූ මට මගේ මිත‍්‍රයා කියුවේ ඔවැනි කතාවක්ය. වෙල්ලස්සට ඔවැනි කතා ලස්ස ගණනින් ඇත. හේන් කෙරුවාව යනු දුක් කන්දක්ය. දැන් බඩඉරි`ගු කරලේ මිල ඉහළ නිසා මේ තත්ත්වය ටිකක් හෝ වෙනස් වුණත් ඒ පැරණි පුරුදු තවම එහෙමය.

‘‘‍ව්‍යභිචාරය කියන දේ අනික් පළාත්වලට සාපේක්ෂව මොනරාගල වැඩියි. ඒකට හේතුව දුප්පත්කම සහ නොදියුණුකම. සමහර කාලවලට තියෙන දරාගන්න අමාරු රස්නයත් මේකට හේතුවක්ද කියන්න මම දන්නේ නැහැ.  මොනරාගල හැමදෙයකින්ම පස්සෙන් ඉන්නේ. දරුවන් මල් වගේ හදන්න  ඕනි, ලෝකේ හොඳම දේ දරුවන්ට වගේ දේවල් මෙහේ දෙමාපියෝ අහලාවත් නැතුව ඇති. කොහොමත් ඒවා නාගරික සංකල්පනේ. ඉතිං මල් වගේ ගැහැනු දරුවෝ තාත්තා මාමා බාප්පා අතින් නැත්තං සහෝදරයෙක් අතින් අතවරයට ලක්වෙනවා. සමහර තැන්වල එහෙම වෙලා ගැබ්ගැනීම් පවා වාර්තා වෙනවා. එහෙම වුණ තැනකට මම මීට ටික කාලෙකට කලින් ගියා. ඒ තාත්තා, දුව සහ අම්මා දෙන්නාත් එක්කම ඉන්නවා. ඒක ගමේ හරි ප‍්‍රසිද්ධයි. මම මනුස්සයාගෙන්  ඕක දවසක් ඇහුවා. මිනිහා එතකොට මට කිව්වේ තැඹිලි ගහ හදලා ගෙඩි පිට එවුන්ට බොන්න දෙන්න පිස්සුද කියලා. මම හිතන්නේ ඒ තාත්තාට ඒ කතාව මට කියන්න ශක්තිය දෙන්නෙම මේ පළාත්වල තිබෙන සංස්කෘතිය. මේ වගේ ලිංගික කටයුතු මෙහෙට අරුමයන් නෙවෙයි. හරිම නිදහස් තැනකින් තමයි මිනිස්සු ලිංගික ජීවිතය දිහා බැලූ‍වේ.”‍

මේ කාලයක සිට පහළ වෙල්ලස්සේ දරිද්‍රතාව නැතිකරන්නට සටන්කරන රාජ්‍ය නොවන සංවිධානයක මිත‍්‍රයෙක්ය. ලිංගි ක කුහකකම් වගේම ලිංගික ඉරිසියාවන්ද ලිංගික චර්යාවන් මුල්කරගත් සැකයන් සහ අවිස්වාසයන්ද මෙහි හරිම අඩුය. ඒ වික්ටෝරියානු සිතුවිලි විසින් මේ සමාජය තවම එතරම් දුෂණය කර නැති බැවින්ය. එනිසාම ගැහැනුන් වුවත් පිරිමින් වුවත් වරදේ බැඳෙනවා වැනි කතා මෙහේට එතරම් අදාළ නැත. ඒ බොහෝ වැරදි මේ ඉසව්වට වැරදි නොවන නිසාය.

එහෙත් මේ නිදහස් ලිංගික ජීවිතය මත්තට සුළිසුළඟක් ලෙසින් ඔරොත්තු නොදෙන ලෙස පැමිණෙන නවීනත්වය එම නිදහස් ලිංගික ජීවිතය විපරීතයක් බවට පෙරළා ප‍්‍රශ්න කෝටියක් නිර්මාණය කර ඇත. අතීතයේ මේ ලිංගි ක නිදහසත් සමග ලිංගික අධ්‍යාපනයද යම් පමණකට     (අඩුම වශයෙන් ගැබ්ගැනීම් වළක්වා ගැනීම සඳහා හෝ) පරපුරෙන් පරපුරට උරුම වීදැයි අපට සැක සිතෙන්නේ ඒ සරල සමාජයන් මේවා නිසලව දරාගත් බව පෙනෙන විටය. එදා පැල් රකින්නට හේනට ගොස් සිටින මිනිසෙකුගේ හුදකලා ගැහැනිය බැහැදකින්නට ඇගේ රාත‍්‍රි ස්වාමියා නිවසට පැමිණෙන්නට ඇත. එහෙත් අද ඔහු එන්නේ රංචු පිටින්ය. මේ වෙනස වෙල්ලස්සට නොව  ඕනෑම මෙවැනි සමාජයකට දරාගන්නට අමාරුය. අනෙක් පසෙකින් දරා ගනු නොහැකි ආර්ථික අමාරුකම් සහ ඒ නිසාම නිපන් සිතේ කෙඩෙත්තුව දුරුකරන්නට ව්‍යභිචාරය හේතුවක් වන්නට ඇත. කෙලෙසක වුවත් තතු, මේවා ලිහා දැමීම සමාජවිද්‍යාවට භාරය. සුව කෙරුම සමාජ සංවිධානවලට භාරය.

‘‘‍මෙහෙමයි මහත්තයා, මෙහේ ටියුෂන්වලට ළමයි ආවාම විශේෂයෙන් මේ සර්ලා ඒ ළමයි ගැන හොඳට තොරතුරු හොයනවා. ආර්ථික අමාරුකම් ගොඩාක් තියෙනවා නම් ෆ‍්‍රීකාර්ඞ් දෙනවා. ගොඩක් වේලාවට ගැහැනු ළමයින්ට චාන්ස් එක වැඩියි. ඉතිං අවසානයේ ළමයි සර්ගේ තුරුලට යනවා. විශේෂයෙන් අම්මලා මේක දන්නවා. ඒත් ළමයින්ට උගන්නන්න සල්ලි නැති  නිසා දකින්නේ නැතුව වගේ ඉන්නවා. සමහර ළමයින්ගේ අම්මලාත් සර් එක්ක යනවා. ගොඩක් ළමයින්ට උදේට කන්නවත් සල්ලි නැහැ.”‍

මේ මගේ මොනරාගල ටියුෂන් රස්සාව කරන මිත‍්‍රයෙකුගේ කතාවය. ප‍්‍රදේශයට උරුම ලිංගික නිදහසත් උරුම ආර්ථික අමාරුකමුත් මේ සර්ලා ප‍්‍රයෝජනයට ගන්නේ එලෙසින්ය. අනෙක් පැත්තෙන් මෙවැනි ලිංග ික අතවරයක් වැනි සිද්ධියක් පොලිසිය ඉදිරියට පැමිණි විට එම වින්දිත කාන්තාවද ඒ පවුලේ තවත් ඇහැට කනට පෙනෙන කාන්තාවෝ සිටිත් නම් ඔවුන්ට ද පොලිසියේ මහත්වරුන්ගේ  ඕනෑඑපාකම් ඉටුකරන්න වෙනවා සිකුරුය. අනික් පැත්තෙන් මේ සමාජය දැන් තිබෙන්නේ පැරණි සමාජයටද නවීන සමාජයටද යන දෙකටම නැති තැනකය. එය එක පැත්තකින් විපරීත තත්ත්වයක්ය. මේ තත්ත්වය තුළ ලිංගි ක අතවර වැනි කරුණු සම්බන්ධයෙන් යම් කාන්තාවක කතාබහට ලක්වූ විට පිරිමි සමාජයෙන් මෙන්ම ගැහැනු සමාජයෙන්ද අට ගැලවීමක් නැත.  පිරිමි සමාජය බලන්නේ තම සතුට වෙනුවෙන් ඇයට මිලක් ගෙවන්නටය. ගැහැනු සමාජය බලා සිටින්නේ වරදකාරිය වරදටම මුදාහරින්නටය.

‘‘‍වැල්ලවායේ දුෂ්කර ගමක තරුණ ගැහැනු ළමයෙක් දැන් ටික කාලෙකට කලින් අතුරුදන් වුණා. ගෙදර මිනිස්සු සෑහෙන්න හෙව්වා. ඒත් හොයාගන්න බැරිවුණා. පස්සේ ටික කාලෙකින් ගෙදර ආවා. දවසක් මට මේ ළමයා හමුවුණා. මම ඇහැවුවා මොකද ඔයාට වුණේ කියලා. ඒ ළමයා මට කිව්වා කොළඹ ගිහිං ගාර්මන්ට් එකක ජොබ් එකක් හොයාගත්තා කියලා. මම දන්නවා මේ ළමයාට ලියන්න කියන්න මොකවත් බැහැ. මම දිගට කතා කරනකොට විස්තරේ කිව්වා. ළඟ ගෙදරක අක්කා කෙනෙක් තමයි මේ ළමයාට කොළඹ ලිංගික ශ‍්‍රමිකයෙක් විදියට රස්සාව හොයලා දෙන්නේ. පස්සේ අර රස්සාව අරන් දුන්න ගෑනු එක්කෙනා ගැන හොයනකොට ඒ මනුස්සයා සෑහෙන්න පිරිසක් මේ රැුකියාවට කොළඹ එක්කරගෙන ගිහිං තියෙනවා. මේක එක පැත්තකින් මිනිස් ජාවාරමක්නේ, මම කිව්වා මම ඒ ගෑනු කෙනා පොලිසියට අල්ලලා දෙනවා කියලා. එතකොට දන්නවාද අර ගැහැනු ළමයා කිව්වේ, මගේ තාත්තාගෙන් තමයි මගේ ජිවිතේ විනාශ වුණේ, පොලිසි ගියොත් ඒ සේරම මට කියන්න වෙනවා කියලා. එතකොට මම කල්පනා කළා, මම මේක පොලිසියට කියලා මේ ගැහැනු ළමයාගේ ජීවිතය නැවත විනාශ කරනවාද නැත්තං අහක බලා ගන්නවාද කියලා. මම අහක බලාගත්තා.”‍

මේ මගේ එන්ජී ඕ මිත‍්‍රයාට මොනරාගල දරිද්‍රතාව නැතිකරන්නට ගොස් ලැබුණු තවත් කතාවක්ය. කොළඹ රාත‍්‍රිය වර්ණවත් කරන්නෝ මෙවැනි ගැහැනුය.  ඕනෑම කාන්තාවක සිය කැමැත්තෙන් ලිංගික ශ‍්‍රමය විකුණා ජීවත් වන්නේ නම් එය ගැටලූවක් නැති කතාවක් ය. එහෙත් තාත්තාගේ ආසාවේ වස්තුව වී ඒ නිසාම ජීවිතය මහමගට වැටෙන්නේ නම් එතැන ලොකු අවුලක් ඇත.

එදා සමාජය මේ බර දරාගත්තේ නිදහස තුළින්ය. සහ යම් පමණකට ගෞරවය ලබාදීමෙන්ය. හැඟීම් මෙන්ම ලිංගි ක ජීවිතයද  ඕනෑම තැනක සක‍්‍රිය බව ඔවුන් දැනසිටියා පමණක් නොව එය දරාගන්නට සමාජමය පුද්ගල මනසද නිර්මාණය කළේය. ඒ විශාල වශයෙන් සමාජීය ජීවිතයකට මේ මනුස්සයා හුරුකිරීම තුළින්ය. අද හුදකලාවද පුද්ගලයන් දුපත් තුළ සිරව කටයුතු කිරීමද මේ නිදහස් සමාජයන්ට දරාගන්නට බැරිවී ඇත.

ඒ අර්ථයෙන් බලනවිට මේ වීඩියෝව මුදාහැරියා යැයි කියන සුනෙත් සර්ගේ යහළුවන්ද එම වීඩියෝව මුහුණු පොතේ බෙදාහැරී අන් ප‍්‍රජාවද මෙය රසවත් ආහාරයක් සේ සකසා සමාජයට දුන් මාධ්‍යවේදීන්ද මේ ගැහැනු දරුවාට දිවිකදුරු ගෙඩි කන්නට දී තිබේ. එහෙත් ඒවා නොකෑම සඳහා ඇය ශක්තිමත් කිරීම අප හැමගේ වගකීම නොවේද?