සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ නායකයන් කිහිපදෙනෙකු මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන නිසා නායකයන් අතර සීතල යුද්ධයක් ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක් වූ එම බලවේගයේ ප්‍රබලයෙක් කීය.
සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන අය මේ වන විට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු කීය.
එම සීතල යුද්ධය නිසා සමගි ජන බලවේගයේ පක්ෂ යාන්ත්‍රණයක් සකසා ඇතත්, ඒ තනතුරුවලට පත්වන්නේ කවුදැයි එකඟතා ඇති කරගැනීම අසීරු වී තිබෙන බව ඔහු පැහැදිලි කළේය. චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න යන තිදෙනාම සමගි ජන බලවේගයේ ඉහළම තනතුරු බලාපොරොත්තු වන බවද ඔහු කීය.■