සඳගමනට වසර 50 සම්පූර්ණ වුණේ ගෙවී ගිය ජුලි 20 වැනිදායි. සඳගමන ගැන හැමෝම කතාකරද්දී සඳගමන බොරුවක්දැයි විමසන පිරිසකුත් ඉන්නවා. සඳගමන බොරුවක්යැයි කීමම තර්කානුකූල කාරණයක්යැයි කිව නොහැකියි. එහෙත් අදටත් අපට සඳගමන බොරුවක්යැයි තර්ක කරන පුද්ගලයන් මුණගැහෙනවා. සමාජ මාධ්‍ය කලාපයට ගියත් එවැනි අදහස් තොග ගණනින් දැකගන්නට ලැබීම අපේ සමාජයේ තරම කියාපානවා.


ලොකුම හිසරදය වන්නේ එවැනි අය සමඟ සංවාද කිරීමයි. ඒ නිසා සඳගමන බොරුවක්යැයි කුමන්ත‍්‍රණ න්‍යායෙන් තර්ක කරන උදවිය නඟන තර්ක කිහිපයක් හා ඒවාට සරල පිළිතුරු කිහිපයක් ගැන අප මෙහි කතාකරනවා. ද ටෙලිග‍්‍රාෆ් වෙත විද්‍යාඥවරියක වන ඇනා රොස් පළකළ අදහස්වලින් අප කරුණු උපුටාගත්තා.

කොඩිය සුළඟට වැනුණත් හඳේ සුළඟක් නැහැ

හඳේ සුළඟ නැති වීමම තමයි මේ තර්කයට හේතුවූ කොඩියේ හැඩයට හේතුවුණේ. හඳේ සුළඟක් නැති නිසා බිමට කඩාවැටුණු කොඩියක් සඳ මත සිටුවීමෙන් වැඩක් නැහැ. ඒ නිසාම පෘථිවියේදී ඔවුන් කොඩිය සැකසුවේ සුළඟ නැති තත්වයක් තුළ වුව එය කෙළින් පවතින අන්දමටයි. ඒ සඳහා කොඩියේ උඩින් දිගු අතට කම්බියක් වැනි යමක් තිබෙන අයුරු ඡුායාරූපවලින් වුව දැකගත හැකියි. එහෙත් හඳ මත තැබූ කොඩිය සවි කරන අතරේදී කුඩා අත්වැරැුද්දකින් එය සම්පූර්ණයෙන්ම කෙළින් රැුඳුණේ නැහැ. ඒ නිසා එක් කොටසක් යාන්තමින් කඩාවැටුණා. ඒ කොටස සෙලවෙන අන්දම ඡුායාරූපගත වුණේ ඒ නිසා. ඒ නිසා සුළඟක් නැතත් එය සුළඟට වැනෙන බව කොඩිය සවිකොට සුළු මොහොතකට පෙනෙන්නට තියෙනවා. එහෙත් වීඩියෝවල කොඩිය සුළඟට වැනෙන්නේ නැති බව පැහැදිලිව පෙනෙනවා.

වැන් ඇලන් බෙල්ට් එක
ගගනගාමියෙකුට පණපිටින් පසු කරන්න බැහැ

පෘථිවියේ ගුරුත්වයෙන් නිර්මාණය කරන දැවැන්ත තරංග පෘථිවිය වටා තිබෙන බව ඇත්තක්. එය ‘වැන් ඇලන් බෙල්ට්’ නමින් හඳුන්වනවා. එමෙන්ම එහි තරංග මාරාන්තිකයි. එහෙත් එය තුළින් ගිය ගගනගාමීන් දැඩි වේගයෙන් එය පසුකර ගියා. ඒ නිසාම ඔවුන් එයට නිරාවරණය වුණේ ඉතා සුළු කාලසීමාවකට පමණයි. එමෙන්ම යානය සකසා තිබූ ආකාරයෙන්ද ඔවුන්ට මාරාන්තික හානියක් එයින් සිදුවුණේ නැතිවීම විද්‍යාත්මකව පිළිගත හැකියි.

හඳේදී ගත් ඡුායාරූපවල තරු නැහැ.
කළු අහස පමණයි.

මෙය තේරුම් ගැනීමට කැමරාවකින් රාත‍්‍රී අහසේ ඡුායාරූපයක් ගැනීම වුව ප‍්‍රමාණවත්. ඔබේ ඡුායාරූපයටත් චන්ද්‍රයා හැර සම්පූර්ණයෙන්ම කළු අවකාශයක් නැෙඟ්වි. ඔබට ඒ තරු සියල්ලම ඡුායාරූපයට නඟන්නට නම් ඔබේ කැමරාවේ රූපරාමුවේ කාලසීමාව (එක්ස්පෝෂර් ටයිම්* තත්පර15කට වැඩියෙන් සකසන්නට සිදුවෙනවා. තරුවකින් එන ආලෝකය කැමරාවට අල්ලාගැනීම එසේ නැතිනම් අසීරුයි.

හඳට තනි ආලෝක ප‍්‍රභවයක් තිබුණත්, සඳගමනේ සෙවණැලි විවිධ පැතිවලට විහිද ගිහින් තියෙනවා

සඳෙහි භූමිය දැඩි විවිධත්වයකින් යුක්තයි. දැවැන්ත කඳු හා වළවල් තියෙනවා. ඒ නිසාම සූර්යයා සඳෙහි මතුපිටින් බැස යද්දී ආලෝකය එන්නේ විවිධාකාර චලිතයන් ඇතිවයි. ඒ වගේම රාත‍්‍රී කාලයේ පෘථිවියට සඳ ආලෝක ප‍්‍රභවයක් වෙනවාටත් වඩා වැඩියෙන් සඳ මෙන් කිහිප ගුණයක් විශාල, නිල්පැහැ සාගරවලින් පිරුණු පෘථිවිය දැවැන්ත ආලෝක ප‍්‍රභවයක් වෙනවා. ඒ නිසාම සඳෙහි සෙවණැලි විවිධකාර වෙනවා.

චන්ද්‍රයානය ගොඩබැස්ස තැන ගොඩබැසීමේදී ඇතිවූ කම්පනයේ පිපිරුම් සලකුණු නැහැ

මිනිසුන් රැුගත් මේ යානය ගොඩබසිද්දී භූමිය වෙත රොකට් එන්ජින්වලින් දැඩි පීඩනයක් එල්ලකරනවා. ඒ බිමට ගොඩබසින වේගය අඩුකොට හැකි තරම් සුමට ලෙස ගොඩබසින්නටයි. පෘථිවි පෘෂ්ඨයට මේ ගොඩබැසීම කළා නම් භූමිය මත පිපිරුම් ලකුණු දැකගත හැකියි. එහෙත් සඳ මත ගුරුත්වය ඉතා අඩුයි. ඒ නිසා බිමට සුමට ලෙස ගොඩබසින්නට දැවැන්ත කම්පනයක් අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම දැවැන්ත හානියක් කරන්නට එය ප‍්‍රමාණවත් නැහැ.

ඔය මොනවා කිව්වත් හඳට ගිය බව
විශ්වාස කරන්න බැහැ

ඇපලෝ 11 සඳගමන සිදුවූ බව තේරුම් ගත හැකි සාක්ෂ්‍ය ඕනෑ තරම් තියෙනවා. කලින් චන්ද්‍ර ගමන්වලදී ඉතිරි කළ සලකුණු පසුකාලීන චන්ද්‍ර ගමන්වලදී හමුවී තියෙනවා. එමෙන්ම චන්ද්‍රයාගෙන් ලබාගෙන පස්, ගල් සාම්පල් ඕනෑ තරම් තියෙනවා. ඇමෙරිකාව සඳ ගැනත්, සඳෙහි පස් ආදිය ගැනත් හෙළිකළ දත්ත රැුසක් තියෙනවා. ඇමෙරිකාව ඒ දත්ත හෙළිකළේ හඳට නොගිහින් නම් රුසියාව, චීනය ආදි රටවලට ඒවා බොරු බව ඔප්පු කරන්නට ඕනෑ තරම් කාලය තිබුණා. ඒ රටවල් ඇමෙරිකාවෙන් පසුව සඳට ගියා. එපමණක් නොව, ඇමෙරිකාව සඳට නොගිහින් ඒ බව ප‍්‍රචාරය කළා නම්, රුසියාව එදා ඒ තරම් ලෙහෙසියෙන් පරාජය බාර නොගන්නට ඉඩ තිබුණා.


මේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම මාධ්‍යයට විවෘත වුණා. සඳ මත ඇමෙරිකානු ගගනගාමීන් කැඩපත් තැබුවේ, පෘථිවියේ සිට ආලෝක තරංග යවා, සඳ සහ පෘථිවිය අතර දුර මැනගැනීමටයි. ඒ කැඩපත් ඇපලෝ මෙහෙයුම්වලින් සඳ මත ඉතිරි කළ සලකුණු රැුසක් අතරින් එකක් පමණයි. ඒ සියල්ලට වඩා මේ තරම් දැවැන්ත කුමන්ත‍්‍රණයක් යටගසන්නට ඇමෙරිකාවේ ඉහළ පෙළේ දැවැන්ත නිලධාරීන් ගණනාවක් මෙන්ම, විද්‍යාඥයන් ගණනාවක්ද අවැසි වෙනවා. ඒ අතරින් එක් අයෙකුවත් පසු කාලයේදී සත්‍යය හෙළි නොකර ඉන්නට ඉඩක් නැහැ. ඒ දැවැන්ත නිලධාරීන් පිරිස අතර ලාංකික විද්‍යාඥයෙකු වන සිරිල් පොන්නම්පෙරුම මහතාත් ඉන්න බව අමතක කළ යුතු නැහැ.


ලාංකික විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පසුගිය සතියේ රූපවාහිනී නාලිකාවකට මේ කුමන්ත‍්‍රණ ගැන අදහස් දක්වමින් කී කතාවක්ද වැදගත්. ‘ඔබට ඕනෑ විශ්වාසයක් දරන්න පුළුවන්. ඔබ පිළිගත්තත් නැතත්. වසර 50කට පෙර මිනිසා සඳ මත පා තැබුවා.’x

x අමිල රත්නායක