මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ හා අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්වනු ඇතැයි එජාපයේ ප්‍රබලයෙක් පැවසීය.
සජිත් ප්‍රේමදාසට 2020දී ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවක් නොමැති බව දැනගන්නට තිබෙන බවත් ඔහු අනිවාර්යෙන්ම අගමැති අපේක්ෂකයා බව පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත්කළ යුතුයැයි එජාපයේ සජිත් ප්‍රේමදාස පාර්ශවයේ මතය වන බවත් ඔහු කීය. පක්ෂ සාමාජිකයන් සහ පක්ෂයේ ආධාරකරුවන් අතර ඉහළම ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටින සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීම සඳහා වන සටන පහසුවෙන් ජයගත හැකි බවට පක්ෂය තුළ මතයක් ගොඩනැගී ඇති බවටද එම ප්‍රකාශකයා පැවසීය ■