පි‍්‍රයදර්ශනි ආරියර්තන

වෘත්තීය සමිතිවල ආරම්භය කාර්මික විප්ලවය සමයේ බටහිර සිදුවූ අතර එය ආර්ථික ශක්තිය සුළු පිරිසක් අත තීබීමට එරෙහිව වැඩ කරන පන්තියේ ආර්ථික හා සමාජීය සුභසාධනය අරමුණු කරගත් ව්‍යාපාරයක් විය.

වර්තමානය වන විට වෘත්තීය සමිති වෛද්‍ය, ගුරු, හෙද වැනි සේවාවන් කරාද ව්‍යාප්තව ඇති හෙයින් ඒවායේ ක‍්‍රියාමාර්ග වඩා වෘත්තීමයභාවයක් ගනු ඇතැයි අපේක්ෂිතය.

වෘත්තීය සමිතියක් රටේ නීතියට අනුගත, එහි ව්‍යවස්ථාව අනුව හා ආරම්භයේ සිටම පවතින සම්මතයන් හා සම්ප‍්‍රදායන් ද රැක ගනිමින් ගමන් කරන්නාවූ එකම රැුකියාවක යෙදෙන පුද්ගල එකතුවකි. මේ තුළ ටේ‍්‍රඞ්යුනියනිසම් නොහොත් වෘත්තීය සමිති භාවය තිබිය යුතුය. සාමාජිකයන්ට වෘත්තීය සමිතිය තමන්ගේම එකක් විය යුතු අතර තමුන් අතරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තේරී පත් වූ කාර්යක්ෂම හා අවංක නායකයන් එහි සිටිය යුතුය. එය ස්වාධීන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් විය යුතු අතර බාහිර බලවේගයන්ගේ බලපෑමට ලක් විය යුතු නැත. වෘත්තීය සමිතිය පවත්වාගෙන යාම සඳහා තමන්ගේම අරමුදල් තිබිය යුතු අතර සියලූ සාමාජිකයෝ ක‍්‍රියාකාරකම් සඳහා සහභාගි විය යුතුය.
වෙනත් රටවල එසේ වුවද එවැනි වෘත්තීය සමිති ලංකාවේ ඇත්තේම නැත. බොහොමයක් වෘත්තීය සමිති දේශපාලන පක්ෂයන්ට අනුබද්ධිත ඒවාය. ඒ ඒ පක්ෂවලට විවිධ කේෂේත‍්‍රයන්හි විහිදුණු වෘත්තීය සමිති ජාල පවා ඇත. තම සේවකයන් වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි මවාපාමින් තම පක්ෂයේ න්‍යාය පත‍්‍රයට අනුව ඒවායේ කටයුතු සිදුවේ. තවත් ඒවා තනිකරම කටයුතු කරන්නේ නායක කාරකාදීන්ගේ අභිමතය පරිදිය. ඔවුන්ගෙන් වැඩි පිරිස විවිධ දේශපාලන පක්ෂ හා සන්ධානගත වී සිටිති. සාමාජික මුදල් මත වෘත්තීය සමිතියේ කටයුතු සිදුකරනවා වෙනුවට තම පක්ෂයේ හෝ තම රහස් ස්වාමියාගේ අල්ලස් මත නායකයෝ වෘත්තීය සමිති කටයුතු සිදුකරති. උදාහරණයක් ලෙස ගතහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන නිලධාරීන් කටයුතු කරන්නේ රාජපක්ෂ පවුලේ හිතවතුන් ලෙසය. රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සාමාජිකයන්් අතිබහුතරය හෙදියන් වුවද එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝය. උන්වහන්සේගේ පන්සල රාජපක්ෂ පාර්ශ්වයේ පන්සල ලෙසද සමහරු හඳුන්වති. මේ අය කටයුතු කරන්නේ රාජපක්ෂ පවුලේ න්‍යාය පත‍්‍රයටය. මෙම තත්වය හොඳින් වටහා ගැනීමට රාජපක්ෂ සමයේ හා 201න් පසු ඔවුන්ගේ ක‍්‍රියා කලාපය ප‍්‍රමාණත්ය. මොවුන් කෙතරම් දුෂ්ටදැයි අවබෝධ කර ගැනීමට සුවසැරිය ගිලන්රථ සේවයට විරුද්ධ වීම ප‍්‍රමාණවත්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව රෝගීන් ප‍්‍රවාහනයට 1990 ගිලන් රථයට වඩා ත‍්‍රිරෝද රථය හොඳය.

අනෙක් අතට වතුකරයේ සමහර වෘත්තීය සමිතිවල සාමාජික මුදල අනෙකුත් ඒවාට සාපේක්ෂව වැඩිය. එම මුදල් දේශපාලකයන්ද වන වෘත්තීය සමිති නායකයෝ තමනට රිසි සේ පරිභෝජනය කරති. එසේම ඔවුහු වතු කම්කරු ජනතාව වෘත්තීය සමිති හරහා එකතු කර ගෙන තම දේශපාලන න්‍යාය පත‍්‍රයන් උදෙසා කදිමට පාවිච්චි කරති.

ලංකාවේ ඇති විශාල වෘත්තීය සමිති රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය අංශය නියෝජනය කරන දේශපාලන නැමියාවකින් යුතු ඒවාය. ජනතා විමුක්ති පෙරමුණ හා කුඩා වාමාංශික පක්ෂ හැරුණු කොට සංවර්ධන ක‍්‍රියාවලියේදී රාජ්‍ය සේම පෞද්ගලික අංශයේද පංගුකාරිත්වය පිළිගන්නා දේශපාලන පක්ෂ ඒවා පිටුපස සිටිති. එහෙත් තමන් සහයෝගය නොදෙන දේශපාලන කණ්ඩායම බලයේ සිටින විට කරනු ලබන එවැනි හැම දෙයටම ඔවුහු විරුද්ධ වෙති. වැඩවර්ජනය කරනවා යයි තර්ජනය කරති. වර්ජනය කරති. තමුන්ට අදාලම නැති නොදන්නා විෂයන් ගැන හිතලූ කථා මාධ්‍ය සාකච්ඡා පවත්වා දෙසති.

සේවක පිරිස් ද බැඳෙන්නන් වාලේ වෘත්තීය සමිතිවලට බැඳුණද එහි නායකකාරකාදින් සිටිනුයේ කුමන න්‍යාය පත‍්‍ර වලදැයි අවබෝධයක් ඔවුන්ට නැත. තමා බැඳී ඇති ගුරු සංගමය ලංකා ගුරු සංගමයද ලංකා ගුරු සේවා සංගමය දැයි අවබෝධයක් නැති ගුරුවරුන් කීප දෙනෙකු මට මුණගැසී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සෑහෙන පිරිසකගේ දරුවන් හා සහෝදරයන් පිටරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන බව ප‍්‍රකට කරුණකි. එහෙත් බටහිර වෛද්‍ය අධ්‍යාපනයේ පමණක් රාජ්‍ය පෞද්ගලික පංගුකාරිත්වය එපා යැයි නායකයන් කියන විට ලැජ්ජා නැතිව එම සංගමයේම ඔවුහුද රැඳීසිටිති.

ලෝකයේ අතිබහුතරයක් රටවල මැයි දිනය වැඩකරන ජනයාගේ රුධිරය, දහඩිය සංකේතවත් කරන රතු පැහැයෙන් බබලයි. ලංකාවේ එයද මල්ටි කලර්ය. බොහෝ පිරිස පාරට බහින්නේ කවුරුන් හෝ සපයන වාහනයකට ගාල් වී දෙන දෙයක් කා බී ය. මේ අනුව බලන විට පෙනීයන්නේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමස්තයක් ලෙස ගත් විට එහි අරමුණුවලින් බැහැරව නැට්ටට අනුව වැනෙන බල්ලකු බවට පත්ව ඇති බවයි.