මට මතක හැටියට ගෙදර කවුරුත් නැති දවසට ගෙවල් කිට්ටුව වූ වීඩියෝ සෙන්ටර් එකට ගොස් කාම චිත‍්‍රපට රැුගෙන ඒම මා පටන් ගන්නේ 90 දශකයේ මැද භාගයේ ය. අපේ ගැටවර කාලය ඇරඹෙන්නේ දකුණේ සමාජය සාපේක්ෂ නිදහසක් භුක්ති විඳි චන්ද්‍රිකා පාලන සමයේ වුවත් නිල් චිත‍්‍රපට හෝ පත්තර යනු තහනමේ සන්ත‍්‍රාසජනක ආස්වාදය විසින් ගුප්තකරණය වූ කලාපයකි. ඉඳහිට කාම වීඩියෝ තිබූ වීඩියෝ සෙන්ටර් වටලන ලද ප‍්‍රවෘත්ති පුවත්පත්වල පළවිය. මේ නිසා බොහෝ වීඩියෝහල් නිල් චිත‍්‍රපට ලබාදීමට පෙර සිය පාරිභෝගිකයා ගැන සැලකිලිමත් වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

වීඩියෝහලෙන් අයිඩෙන්ටිය තබා රුපියල් විස්සක හෝ තිහක දිනක කුලියට ගන්නා ලද නිල් වීඩියෝ නිවස කරා ගෙනඒමේදී පාරිභෝ ගිකයෝද සැලකිලිමත් වූහ. හැඳුනුම්පත වෙනුවට රුපියල් තුන්සීයක් පමණ වූ නැවත ගෙවන තැන්පතුවක් තැබීමට සමහරු කැමති වී තිබුණේ යම් මොහොතක පොලිසිය වීඩියෝහල වැටලූවහොත් එය සමඟ තමන්ගේ ඇති සම්බන්ධයේ සලකුණු හමු නොවීමට ය. කොහොමටත් වික්ටෝරියානු ක‍්‍රිස්තියානි ලෝක දැක්ම දේශීයකරණය වන යටත්විජිත කාලයෙන් පසු ලිංගික තෘප්තිය සහ ශෘංගාරය යනු පුරවැසියෙකු නීතිය ඉදිරියේ සේම නීතියට පෙරම වැරදිකරුවෙකු බවට පත්විය හැකි කලාපයන් ය. ලිංගික තෘප්තිය ගැඹුරු ලෙස වරදකාරීත්වය හා බැඳීමේ දේශපාලනය සංකීර්ණ එකකි. එහෙත් මේ ලිපිය දිශානත වන්නේ ඊට වඩා සරල අදහසක් පැහැදිලි කර ගැනීම සඳහා ය. මේ ලිපියේ නිමිත්ත වන්නේ රුහුණේ උපකුලපතිතුමා සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ සිනමා කෘතිය කාම චිත‍්‍රපටයක් ලෙස නම් කර එය විශ්වවිද්‍යාලය තුළ පෙන්වීමට විරුද්ධ වීමයි.

ඩබල් එක්ස් හා ටි‍්‍රබල් එක්ස්


ගැටවර කාලයේ මා කාම චිත‍්‍රපට ගැනීමට වීඩියෝ සෙන්ටර් එකට ගිය විට එහි හිමිකරුවා මගෙන් අසන ප‍්‍රශ්නයක් තිබේ. ‘ඩබල් එක්ස් ද ටි‍්‍රබල් එක්ස් ද?’ ඩබල් යනු සොෆ්ට් පෝර්න් ය. ටි‍්‍රබල් යනු හාඞ්කෝර් ය. මේ කාලයේ ලංකාවේ වීඩියෝ සෙන්ටර්වල තිබුණු ටි‍්‍රබල්වල බොහෝ විට තිබුණේ ආරම්භයේ සිට අවසානය දක්වාම රමණ දර්ශන පමණය. ඩබල්වල බොහෝ විට ලිංගික අවයව හෝ ලිංගික විනිවිදීම පැහැදිලිව පෙන්වූයේ නැති අතර කතාවක් තුළ ශෘංගාරය කැටි කර තිබුණි. ටි‍්‍රබල් එක දිගට නැරඹීම අසීරු වූ නිසා මා බොහෝ විට ඩබල් හා ටි‍්‍රබල් මාරුවෙන් මාරුවට ගත් බව මට මතකය.

නාලන්දයේ ඉගෙනගන්නා කාලයේ අපි ඉස්කෝලෙන් පැන පාසල ළඟ තිබූ මිතුරකුගේ් නිවසට වීඩියෝ පට රැුගෙන ගිය දවස්වල මා කළේ දොරෙන් එළියේ පුටුවක් තබාගෙන දොර මුරකිරීම යි. එයට හේතුව වුණේත් බොහෝ විට මෙසේ එකතුවන කොල්ලන් නරඹන්නේ ටි‍්‍රබල් වීම යි.


තත්වය මෙසේ වුවත් ඩබල් එක්ස් නැරඹීමේ මගේ ආශාව වැඩි කල් නොගොස් අපේක්ෂා නොකළ අනතුරකට මුහුණ දුන්නේ ය. අපේ වීඩියෝ සෙන්ටර් එකේ අයියා වරක් මට ‘අන් බෙයාරබ්ල් ලයිට්නස් ඔෆ් බීන්ග්’ චිත‍්‍රපටය ඩබල් එකක් ලෙස ලබා දී තිබුණේ ය. මා හිතුවේ එය වැරදීමක් විය හැකි බව ය. නමුත් මැඩම් බොවාරි, ලේඩි චැටර්ලිස් ලවර් වැනි චිත‍්‍රපට ද මට ඩබල් ලෙස ලැබෙන විට එය වැරදීමක් නොවන බව මට වැටහුණි. මේ වීඩියෝ පට තවත් පිටපතකින් පටිගත කරන ලද ඒවා වූ නිසා නම සඳහන් ආවරණයක් නොතිබුණා සේම මේ වීඩියෝ පටවල අලවා තිබූ නම් ද වෙනස් විය. ‘මරු එකක් මල්ලි’ කියා ඔහු මේ ආකාරයෙන් මට දුන් බොහෝ ඩබල් එක්ස් ලෝක සිනමාවේ සම්භාව්‍ය කෘතීන් විය. නැත්නම් සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් මත පදනම් ව නිර්මාණය කරන ලද උසස් සිනමා කෘතීන් විය. මේ නිසා මේ චිත‍්‍රපට විසින් ගෙදර කවුරුත් නැති වෙලාවට ඩබල් එක්ස් නැරඹීම නැමැති වතාවතේ අර්ථය පූර්ණ අර්බුදයකට යවා තිබුණේ ය. කාම චිත‍්‍රපටයක් යනු කාමය උද්දීපනය කරන චිත‍්‍රපට ය. ඒවා නිර්මාණය වන්නේ නරඹන්නාගේ ලිංගික තෘප්තිය කේන්ද්‍ර කරගෙන ය. නමුත් මැඩම් බෝවාරි හෝ ලේඩි චැටර්ලි යනු ලිංගික ආශාව යනු කුමක් ද යන්න වටහා ගැනීම නිර්මාණයේ එක් මානයක් බවට පත් කරගත් කෘතීන් ය.

වෙනත් වචනවලින් කියන්නේ නම් ලිංගිකත්වය පැවැත්මේ සංකීර්ණ මානයක් ලෙස සලකා බලන කෘතීන් ය. මේ නිසා ඒවායේ ලිංගික දර්ශන ඇතුළත් වන අතර ඒ දර්ශනයන්ගේ අරමුණ යනු නරඹන්නාගේ ලිංගික තෘප්තිය සංසිඳවීම නොවේ. ඒ වෙනුවට මේ කෘතීන් තෘප්තිය යනු කුමක්ද නොඑසේ නම් ආශාව යනු කුමක්ද යන ප‍්‍රශ්නය නරඹන්නා තුළ ප‍්‍රශ්නගත කළ හැකි ය. එහෙමත් නැත්නම් ආශාව යනු කුමක්ද යන්නට දැනට ඇති උත්තරය වඩා සංකීර්ණ කළ හැකි ය. එසේත් නැත්නම් ලිංගිකත්වය පුද්ගල අනන්‍යතාවේ තීරණාත්මක ලක්ෂ්‍යයක් ලෙස හැසිරෙන්නේ කෙසේ ද යන්න නිරූපණය කරනවා විය හැකි ය. එක්කෝ ලිංගිකත්වය සමාජ පීඩනයේ උපකරණයක් බවට පත් වන හැටි අවධාරණය කරනවා විය හැකි ය. මේ ආදි වශයෙන් පැවැත්මේ සංකීර්ණ බව පෙන්වන ජනේලයක් බවට ලිංගිකත්වය හෝ ලිංගික ආශාව මෙවැනි නිර්මාණකරුවන් අතින් පත් වෙයි.


ඉහත සන්දර්භය තුළ අපේ වීඩියෝ සෙන්ටර් එකේ අයියාගේත් රුහුණේ උපකුලපතිතුමාගේත් ඇති එක් සමානකමක් හා එක් අසමානකමක් අපට වටහාගත හැකි ය. සමානකම නම් ඔවුන් දෙදෙනාටම ලිංගික තෘප්තිය උදෙසා නිර්මාණය කරන කෘතීන් සහ ලිංගික ආශාව හෝ ලිංගිකත්වය සෞන්දර්යාත්මක ප‍්‍රශ්නාර්ථිකයක් බවට පත් කරගන්නා කෘතීන් අතර වෙනස වටහාගත නොහැකි වීම ය. එසේම ලිංගිකත්වය ඔස්සේ සමාජ පීඩනය නිරූපණය කරන කෘතීන් සහ ලිංගික තෘප්තිය උදෙසා නිර්මිත කෘතීන් අතර වෙනස ද වටහාගත නොහැකි ය. එහෙත් මේ තත්වය ඔවුන් දෙදෙනාට පමණක් සුවිශේෂ තත්වයක් ලෙස දැකීම සාධාරණ නැත. මෙය ලංකාවේ වාරණ මණ්ඩලවලට, සාහිත්‍ය සිනමා විනිශ්චය මණ්ඩලවලට පත්වන බොහෝ පුද්ගලයන්ට ද පොදු ලක්ෂණයකි. ඕනෑම ලිංගික දර්ශනයක් ඔවුන් තුළ ස්වයංවින්දනීය ලිංගික තෘප්තියක් ඇති කරයි. මෙය ලංකාවේ බහුතර පොදු ජනයා ලිංගිකත්වය පිළිබඳ හෙලන බැල්මට වෙනස් නැත.


90 දශකයේ සිංහල සිනමාවේ කාම රැුල්ල ඇරඹුණේ ‘ඇගේ වෛරයෙනි’. එහි අඩංගු වූ ලිංගික දර්ශනය වූයේ ස්ත‍්‍රී ¥ෂණයකි. අප පාසලෙන් පැන ‘වැඩිහිටියන්ට පමණයි’ චිත‍්‍රපට නැරඹූ කාලයේ ‘චයිල්ඞ් බර්ත්’ නැමැති වාර්තා චිත‍්‍රපටය පැරණි සැවෝයි සිනමාහලේ සැලකිය යුතු කාලයක් තිරගත විය. මීට කිට්ටු කාලයක පූලාන් දේවිගේ ජීවිත කතාව මත පදනම් වූ ‘බැන්ඩිට් ක්වීන්’ චිත‍්‍රපටය ලංකාවේ ජනපි‍්‍රය වන්නේ පිරිමින් බොහෝ ගනනක් අතින් ඇය ¥ෂණය වන ක‍්‍රෑර සමූහ ¥ෂණය නිසා ය. අන්තර්ජාලය පොදුජනකරණය වී පෝර්න් නැරඹීම සාමාන්‍යකරණය වීමෙන් වූයේ යහපතකි. එසේ නොවන්නට ලිංගික තෘප්තිය උදෙසා අප තව මොනවා බලනු ඇද්ද යන්න දන්නේ (නාථ* දෙවියන් පමණ ය.


වීඩියෝ සෙන්ටර් එකේ අයියා සහ රුහුණු උපකුලපතිවරයා අතර ඇති අසමානකම නම් අයියා කාම චිත‍්‍රපට ලෙස දකිමින් උසස් සිනමාකෘති වෙත ප‍්‍රවේශය ලබාදෙන අතර උපකුලපති කාම චිත‍්‍රපට ලෙස දකිමින් උසස් සිනමාව කෙරෙහි ඇති ප‍්‍රවේශය වැලකීමයි. ඒ අතින් අයියා නොදැන හෝ ප‍්‍රගතිශීලී ය. එහෙත් අයියා උපකුලපති කෙනෙකු වූවා නම් ඔහු හැසිරෙනු ඇත්තේ ද රුහුණු උපකුලපති හැසිරෙන ආකාරයට විය හැකි ය. මක් නිසාද යත් ඔහුට ද ලිංගික තෘප්තිය වෙනුවෙන් සහ ලිංගිකත්වය ගැන කරන නිර්මාණ අතර වෙනස වටහාගත නොහැකි නිසා ය.


වීඩියෝ සෙන්ටර් එකේ අයියා සහ රුහුණු උපකුලපතිවරයා අතර ඇති අසමානකම නම් අයියා කාම චිත‍්‍රපට ලෙස දකිමින් උසස් සිනමාකෘති වෙත ප‍්‍රවේශය ලබාදෙන අතර උපකුලපති කාම චිත‍්‍රපට ලෙස දකිමින් උසස් සිනමාව කෙරෙහි ඇති ප‍්‍රවේශය වැලකීමයි. ඒ අතින් අයියා නොදැන හෝ ප‍්‍රගතිශීලී ය. එහෙත් අයියා උපකුලපති කෙනෙකු වූවා නම් ඔහු හැසිරෙනු ඇත්තේ ද රුහුණු උපකුලපති හැසිරෙන ආකාරයට විය හැකි ය. මක් නිසාද යත් ඔහුට ද ලිංගික තෘප්තිය වෙනුවෙන් සහ ලිංගිකත්වය ගැන කරන නිර්මාණ අතර වෙනස වටහාගත නොහැකි නිසා ය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ සංස්කෘතික දිලිඳු බව


කොහොම වුණත් අපට ඇති ගැටලූව වන්නේ විශ්වවිද්‍යාලයක මුල් පුටුව මෙවැනි අවරසිකවාදියෙකුට හිමිවීම ය. මේ ගැන බොහෝ දෙනෙකු මාධ්‍ය සාකච්ඡුා ඇතුළු විවිධ අවකාශයන්වල අදහස් දක්වන හැටි දක්නට ලැබුණි. ශිෂ්‍ය ව්‍යාපාරය ද උපකුලපතිවරයා ගැන අතිශය විවේචනාත්මක ය.
මෙවැනි උපකුලපතිවරුන් ලංකාව තුළ බිහිවීම අරුමයක් ද? පසුගිය දිනෙක ජයවර්ධනපුර සරසවියේ රාත‍්‍රී අටයි තිහෙන් පසුව ශිෂ්‍යාවන්ට රැුඳී සිටීමට අවසර නොදීම ගැන ලිපියක් ලියූ ශිෂ්‍යාවකට එහි ශිෂ්‍යයන් ප‍්‍රතිචාර දක්වා තිබූ හැටි සහ මේ අයිතිය දිනාගැනීමට උත්සාහ දැරීමේ දී මුහුණ දෙන්නට වූ අප‍්‍රසන්න අත්දැකීම් ගැන ශිෂ්‍ය ව්‍යාපාරය ද දනියි. මේ නිදහස වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය නැගී නොසිටියේ ඇයි? නේවාසික විශ්වවිද්‍යාලයක් වන ජපුර පරිශ‍්‍රය තුළ මා දන්නා හැටියට ශිෂ්‍යයන්ට පැය විසිහතර පුරා රැුඳී සිටිය හැකි වුව ද ශිෂ්‍යාවන්ට නිල වශයෙන් රැුඳී සිටිය හැක්කේ රාත‍්‍රී 8.30 වන තෙක් පමණ ය. ශිෂ්‍යාව මතු කරන්නට උත්සාහ කළේ මේ වෙනස්කොට සැලකීම ගැන ය.

ස්ත‍්‍රී නිදහස වෙනුවෙන් හඬක් නඟන්නට උත්සාහ කරන විට ඇගේ කන්‍යාභාවය ප‍්‍රශ්න කළ ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් ගැන ශිෂ්‍ය ව්‍යාපාරය දැනනොසිටියේ ද? අනාගත උපකුලපතිලා බිහිවන්නේ මෙවැනි සංස්කෘතික දිලින්දන් අතරින් ය. ඔවුන් සමඟ කලාවේ නිදහස ගැන හෝ මිනිස් නිදහස ගැන සංවාද කරන්නට හැකිවනු ඇති ද?


ස්ත‍්‍රීන්ට භයානක නගරයක් ලෙස හඳුන්වන නව දිල්ලියේ පිහිටි ජවහල්ලාල් නේරු විශ්වවිද්‍යාලය ද නේවාසික සරසවියකි. එහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැය විසිහතර පුරා සරසවි බිමේ සැරිසරති. ඔවුන්ගේ සමහර කලා දේශපාලන සංවාද ඇරඹෙන්නේ රාත‍්‍රී ආහාරයෙන් පසුවය. ශිෂ්‍යාවන්ට ශිෂ්‍යයන්ගේ කාමරවලට ඇතුල් විය හැකි අතර ඔවුන් පෙම්වතුන්ගේ හෝ මිතුරන්ගේ කාමරවල රාත‍්‍රිය ගතකිරීම සාමාන්‍ය දෙයකි. එහි ශිෂ්‍යාවන් නිදහසේ අඳින පළඳින අතර දුම්බීම හෝ මත්පැන් පානය යනු ශිෂ්‍යාවන් අතර ද සාමාන්‍ය දෙයකි. පෙට්ටි කඬේ ලයිටරයෙන් සිගරට් එක පත්තු කරගෙන පාරේ ඇවිද යන සරසවි ශිෂ්‍යාවන් මා මුලින්ම දැක්කේ නවදිල්ලියේ දී ය. ගැහැනුන් මත්පැන් නොබොන අවන්හල් මා දිල්ලියේ දැක නැත.


ඉන්දියාවේ නාගරික මධ්‍යම පංතියේ විශාලත්වය නිසාම අඩු තරමින් මුම්බායි, දිල්ලි, බැංගලෝර් වැනි නගරවල ඔවුන් සිය සමාජ නිදහස යම් ආකාරයකට තහවුරු කර ගෙන ඇත. භාරතීය ජනතා පක්ෂය වැනි පසුගාමී දේශපාලනයන්ගේ බලපෑම යටතේ වුව ද මේ තත්වය තවම රැුකගන්නට ඔවුන් සමත් වී ඇති බව පෙනේ. මේ කාරණය මේ නගරවල ඇති විශ්වවිද්‍යාලවල ස්වරූපය තීරණය වීමට ද යම් ආකාරයකට බල පා ඇතැයි කීම අසාධාරණ නොවේ. මේ නිසා ලංකාවේ සරසවි ශිෂ්‍යාවන්ට නැති මිනිස් නිදහසක් හා රාත‍්‍රී ජීවිතයක් දිල්ලියේ සරසවි ශිෂ්‍යාවන්ට ඇත.


එසේම ඉන්දියාවේ වාමවාදී ශිෂ්‍ය ව්‍යාපාරය සංස්කෘතික වශයෙන් නාගරික මධ්‍යම පංතික විදග්ධබවකට ආශා කරයි. වාමාංශිකයන් හා ස්ත‍්‍රීවාදීන් අතර න්‍යායික ගැටුම් පැවතුණ ද සමකාමී සංක‍්‍රාන්ති ලිංගික අයිතීන් වෙනුවෙන් වන ව්‍යාපාර වැනි අවස්ථාවල දී ඔවුහු එක්ව කටයුතු කරති. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය නිර්ධන අයිතිවාසිකම් වෙනුවෙන් කරන පෙනීසිටීම ප‍්‍රශස්ත ය. එහෙත් නිර්ධන අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමට සංස්කෘතික නිර්ධනයන් විය යුතු නැත. රුහුණේ උපකුලපතිලා වැනි අය සරසවිවල පරිපාලනයට පත්වීම සිදුවන්නේ ම මිනිස් නිදහස වෙනුවෙන් වන විශ්වීය අගයන් මත පදනම් වූ අරගලයකට මුල පිරීමට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට නොහැකි වීම නිසා ය. අවම වශයෙන් බණ කියන, බණ අසන, දානෙ දෙන, විශාල බුදුපිළිමවලට වන්දනා කරන පිරිවෙන්භාවයෙන් විශ්වවිද්‍යාල නිදහස් කරගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. අපේ වීඩියෝ සෙන්ටර් එකේ අයියා වැනි අය උපකුලපතිලා බවට පත්වන්නේ එවැනි ම අයියලා ශිෂ්‍යයන් බවටත්, ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් බවටත් පත්වන පසුබිමකය. මේ නිසා හැකි නම් රුහුණෙන් දැන් නැෙඟන මේ හඬ විශ්වවිද්‍යාල ලෞකිකකරණය කරන, ඒවායේ සංස්කෘතික හා මිනිස් නිදහස වෙනුවෙන් ඇත්තට අරගල කරන, නවක වදය වැනි නින්දිත භාවිතයන් පිටු දකින, විශ්වීය ලිබරල් අගයන් මත පදනම් වූ පුළුල් ශිෂ්‍ය ව්‍යාපාරයක් බවට පෙරලළන්න. එසේ නොවන තාක් අපට පෙනෙන්නේ රුහුණේ උපකුලපතිලා වැනි ශිෂ්‍යයන් ය. ශිෂ්‍යයන් වැනිම උපකුලපතිලා ය. x



x කෞශල්‍ය කුමාරසිංහ