තාක්ෂණය. ඉසෙඞ් ස්කෝ සහ තෙල් මිල සූත‍්‍රය හැර අපට තේරුම්ගන්න අසීරු අනෙක් මාතෘකාව. බොහෝවිට ලංකාවේ විද්‍යා ක්ෂේත‍්‍රයේ අධ්‍යාපනය ලබන උදවිය තාක්ෂණයට අලූ‍ත් යමක් එකතු කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට විද්‍යාව ඉගෙනගන්නේ රැුකියාවක් සොයාගන්නට. ඉඳහිටක සිදුවන ලංකාවෙ නව විද්‍යා සොයාගැනීම් අටපට්ටම, ලෝකය සහ ලෝකයෝ වැනි වැඩසටහනක විනාඩි කිහිපයක පෙන්වීමට සීමා වෙනවා.

නව ලෝකය කෘත‍්‍රිම බුද්ධිය පිළිබඳ පරීක්ෂණ කරද්දී ලංකාව තවම සොයාගන්නෙ හොද්දෙහි ලූ‍ණු ප‍්‍රමාණවත්දැයි පරීක්ෂා කළ හැකි අන්දමේ යන්ත‍්‍ර. සැබෑවටම පසුගි ය වසරේදී එවැනි යන්ත‍්‍රයක් හඳුන්වාදී තිබුණා. පොල් ලෙලි ගසන යන්ත‍්‍ර, වතුරෙන් ත‍්‍රීවීලර් දුවවන යන්ත‍්‍ර තවම අප හොයනවා. ඊට අමතරව සකර්බර්ග්ගේ අන්තර්ජාල සොයාගැනීම වන ෆෙස්බුක් හරහා ලංකාවේ අපි අලූ‍ත්ම සොයාගැනීම් කරනවා. ඒ අතර මෑත කාලයේ සොයාගැනීමක් තමයි කෑම සහ යට ඇඳුම් හරහා එක් ජනවර්ගයකට පමණක් අයත් වෙන පුද්ගලයන්ව වඳ කිරීමේ තාක්ෂණය.

අලූ‍ත් තාක්ෂණය හඳුනාගනිද්දී තව අතුරු ප‍්‍රශ්නවලට අපි මුහුණදෙනවා. දැන් කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සහ ගාලූ‍ පාරේ ඇති ස්මාට් වාහන නැවතුම්පොලවල් උදාහරණයට ගත හැකියි. ඉස්සර මේ තැන්වල වාහන නවත්වද්දී යම් පුද්ගලයෙක්ට මුදල් ගෙවා ඉතිරි ලබාගත හැකිවුණා. දැන් මාරු කාසි නැත්නම් ඒ තැන්වල වාහන නවත්වන කෙනෙක් මුහුණදෙන්නෙ ලොකු අපහසුතාවකට. ඉතිරි ලබාදෙන්න හැකියාවක් ඒ යන්ත‍්‍රවලට නැහැ. ඉතින් සමහර මොහොතක රුපියල් සීයක් පන්සීයක් යන්ත‍්‍රයකට පුදන්නට සිදුවෙනවා. ස්මාට් වීම පහසු නැහැ. ස්මාට් වෙන්නට මොනතරම් උත්සාහ කළත් ප‍්‍රායෝගික නොවුණොත් අන්තිමේ තාක්ෂණය පවා විහිළුවක් වෙනවා.
මේ කතාව ජාත්‍යන්තරව කතාබහට ලක්වූ නව සොයා ගැනීම් කිහිපයක් ගැන. ඇමෙරිකාවේ කොමඩි සෙන්ට‍්‍රල් නාලිකාවේ ඬේලි ෂෝ වැඩසටහනෙහි රොනී චෙන්ග් විසින් නව සොයාගැනීම් පිළිබඳව කළ විග‍්‍රහ කිහිපයක් ඇසුරෙනුයි මේ සටහන. ඔහු මේ බොහෝ දේ හාස්‍යමය ඇහැකින් දකිනවා.

ස්මාට් පොලිස්
නීතිය ආරක්ෂා කරන්නන් ස්මාට් වීම අත්‍යවශ්‍යයි. නවීන තාක්ෂණය හොරු අල්ලන්නට අනිවාර්යයෙන්ම ඕනෑ. ඉතින් විවිධ පොලිස් දෙපාර්තමේන්තු විසින් විවිධ උත්සාහයන් දරනවා. ලංකාවේ නම් උදාහරණ අඩුයි. අධිවේගයෙන් යන මෝටර් සයිකල් ධාවකයන්ගේ පපුවට වෙඩි තැබීමේ ක‍්‍රමයක් ගැන නම් ලංකාවෙන් අසන්නට ලැබී තිබුණා. අධිවේගයෙන් යන අපරාධකරුවන් ඇල්ලීම ගැන කතාකරද්දී, ඩුබායි පොලීසිය පරීක්ෂණ මට්ටමෙන් ක‍්‍රියාත්මක කරන ‘ස්කෝපියන් හෝවර්බයික්’ නමින් හඳුන්වන පියාඹන මෝටර් සයිකලය විශේෂ සොයා ගැනීමක් යැයි කල්පනා කළ හැකියි. මේ මෝටර් සයිකලයට අඩි 16ක් ඉහළින් යා හැකියි. මයිල් 40ක වේගයෙන් යා හැකියි. තදබදය අස්සේ පලා යන හොරෙකු අහසින් ගොස් ඇල්ලීමට ඒ හරහා හැකියි. ඒ මෝටර් සයිකලයේ බැටරිය උපරිම චාර්ජ් වූ විට විනාඩි 25ක කාලයක් අහසේ සිටිය හැකියි. ඒ නිසාම අපට මැවී පේනවා ඩුබායි පොලිස් නිලධාරීන්ගෙන් අනාගතයේ නිතර ඇසෙන මැසිවිලි නැඟීමක්.

‘සර් අපි ළඟටම ගියා. හොරාව අපට අල්ලගන්න තිබුණා. ඒත් එයා විනාඩි 25ට වඩා දිගටම ඩ‍්‍රයිව් කළානෙ.’
ඩුබායි පොලීසිය මෙහෙම කරද්දී චීනය කෘති‍්‍රම බුද්ධිය පාවිච්චි කරමින් අපරාධ ගැන සෙවීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. පරිගණක පද්ධතියක් හරහා දිස්ත‍්‍රික්ක 50ක තිබෙන පොලිස් ආයතන සම්බන්ධ කර තිබෙනවා. ඒ හරහා යම් පුද්ගලයෙක් අපරාධයක් කරන්නට සූදානම් වෙන්නේ නම් එය හඳුනාගත හැකි බව චීනය කියනවා. ඊළඟට අපරාධය කරන්න යන පුද්ගලයා කලින් හඳුනාගන්න ඒ හරහා පුළු‍වන් බව සොයාගැනීම කළ අය කියනවා. අපරාධයක් කරන්න කලින් ඒක හඳුනා ගැනීම හොඳයි. කොමියුනිස්ට් චීනයට අත්‍යවශ්‍යම දේ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න නිදහසට කරුණු සෙවීම නොවන්නේ නම්. මේ අනාගත වක්තෘ කෘත‍්‍රිම බුද්ධිය විශ්වාස කරන්නෙ කොහොමද, ඒක මේඞ් ඉන් චයිනා නම්.

ඒ අතරෙ ඇමෙරිකාවේ ජෝර්ජියා පොලීසිය විසින් ආර්නෝ නම් රොබෝ බල්ලෙක්ව පොලීසියට එකතු කරගෙන තියෙනවා. මේ බල්ලාට හොරුන්ව හඳුනගන්න බැහැ. හොරුන් පසුපස හඹා යන්නත් බැහැ. මේ බල්ලා ඉන්නෙ කුඩා දරුවන්ගේ ආකර්ෂණය පොලීසියට දිනාගන්නයි. චීනය කෘත‍්‍රිම බුද්ධියට යද්දී තවම ඇමෙරිකාව නගුට වනන්නවත් බැරි බල්ලන්ව සොයාගැනීමෙ මට්ටමේ. ඒත් පොඩි දරුවන්ගේ අවධානය දිනාගන්න ටෙඩි බෙයාර්ලා වැනි රොබෝ බල්ලන්ව කුමකටද? ඇත්ත බල්ලෙක්ව පාවිච්චි කරන්න පුළුවන්කම තිබියදී.

පියාඹන කාර්
උබර් සමාගමෙන් පියාඹන ටැක්සි ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට උත්සාහ කරන බව කියනවා.
‘උබර්ලව තවම අපට පොළොවෙදී හොයාගන්න අමාරුයි. දැන් එයාලව අහසෙදී විශ්වාස කරන්න පුළුවන්ද? කියලා. මං කොහොමද විශ්වාස කරන්නේ අමතර රැුකියාවක් විදියට ටැක්සි පදින කෙනෙක්ව මගේ පයිලට් විදියට.’ ලියුම්කරු වැනි උබර් පාරිභෝගිකයෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ‘අපට ඕනෑ අනුන් පදින පියාඹන මෝටර් රියක් නොවෙයි. අපට ඕනෑ අපේම මෝටර් රිය පදින්න.’ අපි ඒ ආශාවට ගැළපෙන මෝටර් රියක් හොයනවා.

ස්ලෝවැකියන් සමාගමක් පියාඹන මෝටර් රථයක් හඳුන්වා දී තිබෙනවා. එයා ඉතා වේගයෙන් පොළොවේ ගමන් කරනවා. විනාඩි තුනක් තුළ මෝටර් රථයක සිට කාර් එකක් දක්වා මාරු කරගත හැකියි. එහෙත් එය පැදවීමට පයිලට් බලපත‍්‍රයක් අවශ්‍යයි. ලංකාවේ නම් ලර්නර්ස් ආයතනයක දිනකට පැය භාගය බැගින් දින විස්සක් පුහුණුව ලබාගෙන මෝටර් ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අත යට හුවමාරුවකින් පයිලට් බලපත‍්‍රය ලබාගැනීම අමාරු නැහැ. එහෙත් එය සාමාන්‍ය මාර්ගයකදී අහසට ගෙන යා නොහැකියි. එය අහසට ගන්නට ගුවන් පථයකට ගෙන ආ යුතුයි. එහෙනම් ඒක කාර් එකක් නෙවෙයි. ඒක ගුවන් යානයක්. ඕනෑ එකකට කාර් එකක් කියන්න බැහැ. සබ්මැරීනයක් කියන්නේ වතුර යට යන කාර් එකක් නෙවෙයි. රෝලර් ස්කේට් කියන්නේ කකුල් යට තියෙන කාර් එකක් නෙවෙයි. හරකෙක් කියන්නේ පාරෙ ජරා කරන කාර් එකක් නෙවෙයි.

තවත් සොයාගැනීම්
සැම්සුන්ග් සමාගමෙන් කතා කළ හැකි ශීතකරණයක් හඳුන්වා දී තිබුණා. ශීතකරණය ස්මාට් තාක්ෂණයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. ඇත්තෙන්ම ශීතකරණයක් අන්තර්ජාලයට සම්බන්ධ වී කුමක් කරන්නද. අවශ්‍ය නම් ශීතකරණයට රහස් මුරපදයක් දාන්න පුළුවන්. ඒත් එයින් ලැබෙන ප‍්‍රයෝජනය කුමක්ද. නිවසේ සිටින වියපත් මවට මුරපදය අමතක වී මුරපදය අහන්නට දිනකට පස් වතාවක් මවගෙන් දුරකථන ඇමතුම් ලැබීමද. මෑතදී තවත් සමාගමක් කෘත‍්‍රිම බුද්ධිය හරහා පුංචි දරුවන්ට දත් මදින බුරුසුවක් හඳුන්වාදී තිබුණා. දත් බුරුසුව පරිගණක ක‍්‍රීඩාවකට සම්බන්ධයි. බුරුසුව චලනය කරද්දී පරිගණක ක‍්‍රීඩාව ක‍්‍රියාත්මක වෙනවා. පුංචි දරුවන් ආසාවෙන් දත් මදින්නට යොමු කිරීම යන්ත‍්‍රයෙහි අරමුණ. මේ යන්ත‍්‍රය හඳුන්වාදෙන කාන්තාවක් ක‍්‍රීඩා කරන අන්දම කලින් කර පෙන්වනවා. ඇය බුරුසුව කට ඇතුළට නොදා බුරුසුව චලනය කරමින් ක‍්‍රීඩා කර පෙන්වනවා. දරුවනුත් ඒ බුරුසුව කට ඇතුළට නොදා ක‍්‍රීඩා කරන්නට පටන්ගත්තොත්. ආයෙමත් පරණ ක‍්‍රමයටම දරුවන්ට දත් මද්දවන්නට වෙනවා.

තවත් ආයතනයක් පනාවක් හඳුන්වා දී තිබුණා. එය ස්මාට් ජංගම දුරකථනයට සම්බන්ධයි. ඒ බුරුසුවෙහි ඇති මයික‍්‍රෆෝනයක් හරහා හිස පීරන හඬට ඇහුම්කන් දෙනවා. හිසෙහි හඬට අනුව හිසකෙස් බිඳීයෑම ගැන බුරුසුව දැන ගන්නවා. ඉන්පසුව හිස පීරන්නාට හිස පීරීම සඳහා උපදෙස් දෙනවා.

නිවසේ උපකරණ සියල්ලටම පාහේ ස්මාට් තාක්ෂණය සම්බන්ධ කරන්නට දැන් නව නිපැයුම්කරුවන් උත්සාහ කරනවා. ඇමසන් වැනි වෙබ් අඩවියක් හරහා එවැනි උපකරණ දහස් ගණනක් මිලට ගත හැකියි. ඊබේ හරහා ගෙන්වාගත හැකියි.

ස්මාර්ට් වැසිකිළි පවා තිබෙනවා. වැසිකිළි අසුන එසවීමට, උණුසුම් කිරීමට සහ ෆ්ලෂ් කිරීමට මෙන්ම අපගේ මලද්‍රව්‍ය විශ්ලේෂණය කරන්නටත් දැන් වැසිකිළි පද්ධති නිර්මාණය කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමසන් ඇලෙක්සා සමඟ සම්බන්ධ වූ කෝලර් නම් වැසිකිළියක් අලෙවි කරන්නට ඇමසන් වෙබ් අඩවියෙහි තියෙනවා. ඒ අනුව ‘ඇලෙක්සා, කෝලර්ට කියන්න වැසිකිළිය ෆ්ලෂ් කරන්න කියලා.’ යැයි කීවිට වැසිකිළිය ෆ්ලෂ් වෙනවා. එහෙත් ඒ වැසිකිලිය ඩොලර් 5625ක් වෙනවා. රුපියල් වලින් කීවොත් ලක්ෂ අට ඉක්මවනවා.

නවත්වාගත නොහැකි පුරුද්දක් දිගින් දිගටම කළොත් පුංචි වේදනාවක් අතට ලබාදෙන අන්දමේ උපකරණයක්. සිගරට් බීම, පෑන කටේ ගැසීම, පැණිරස කෑම වැනි පුරුද්දක් ඇති අයෙක්ට එය පාවිච්චි කළ හැකියි. එහෙත් ඇත්තටම පැණිරස කෑමට වුවමනා කෙනෙක් සිටිනවා නම් ඔහුට අතේ ඇති වළල්ල ගලවා දමා පැණිරස කන්න බැරි ඇයිදැයි තේරෙන්නෙ නැහැ. ඇෙඟ් උණුසුම පරීක්ෂා කරන ස්මාට් යට ඇඳුම, බෙහෙත් බොන වෙලාව සිහිපත් කරන අත් පටිය, ස්මාට් රෙදි හෝදන මැෂිම, ස්මාට් බ්ලෙන්ඩරය, කුකරය ඇතුළු ඕනෑම උපකරණයක් සොයාගත හැකියි.

ස්මාර්ට් ලගේජයක් පවා තියෙනවා. රෝද තිබෙන බෑගයක්. තවදුරටත් බෑගය ඔසවාගෙන යා යුතු නැහැ. කැමරා සහ සෙන්සර් හරහා බෑගයේ හිමිකරුවාව හඳුනාගෙන බෑගය ඒ පසුපස ගමන් කරනවා.

තවත් උපකරණයක් තිබෙනවා ඊමේල්, සමාජ වෙබ් අඩවි, යන්ත‍්‍ර උපකරණ බොහොමයකට යෙදු රහස් පද මතක තබාගැනීම අපහසු නිසා ඒවා මතක තබාගන්නා උපකරණයක්. ඒ උපකරණයට එක් රහස් පදයක් යෙදිය හැකියි. එවිට මතක තබාගත යුත්තේ ඒ මුරපදය පමණයි. අපට නොතේරෙන කාරණයක් තියෙනවා. යම් පුද්ගලයෙක් සියලූ‍ තැන්වලට එකම මුරපදයක් යොදන්නේ නැතිව ඩොලර් හාරපන්සීයක් වියදම් කොට යන්ත‍්‍රයක් ගන්නෙ කුමකටද කියන එක. එහෙත් එවැනි ඕනෑම ස්මාට් උපකරණයක් හරහා එන අනෙක් උවදුර තමයි හැකර්ලාගේ තර්ජනය. දොරක් පරිගණකයකට සම්බන්ධ නම් එය හැක් කරන්න පුළුවන්. පරිගණකයට සම්බන්ධ විදුලි බල්බයක් හෝ තිබේ නම් එය හැක් කරන්න පුළුවන්. මෙවැනි නිෂ්පාදනවලට විශාල ඉල්ලූ‍මක් තිබෙන ඇමෙරිකාව වැනි රටක එවැනි අනතුරු පිළිබඳව බොහෝවිට අනතුරු හැඟවීම් කෙරෙනවා. එමෙන්ම පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිරාවරණය වෙනවා. අත්පටියෙන් හදගැස්ම ගැනත්, පනාවෙන් හිසෙහි ඉස්හොරි ගැනත්, යට ඇඳුමෙන් ශරීරයෙහි උණුසුම ගැනත්, ස්මාට් වැසිකිළියෙන් මූලග්ගාය ගැනත් තොරතුරු අන්තර්ජාලයට නිරාවරණය වෙනවා. ඒ සියලූ‍ තොරතුරු නැවතත් අපව හඹා එන්නට පටන්ගන්නවා. ආහාර ගැන යූටියුබ් වීඩියෝවක් බලද්දී මූලග්ගායට බෙහෙතක් පිළිබඳ ගූග්ල් දැන්වීම් දකින්න කැමති අය නැහැ.
අනෙක නිවසේ සිටින හැම උපකරණයක්ම ළමා කාටූන් චිත‍්‍රපටියක මෙන් කතාකරන්නට පටන්ගත් විට නිවැසියන්ට කණක් ඇසී ජීවත්වෙන්නට නොහැකි වේවි. නිවැසියන් භාණ්ඩ සමඟ කතාකරන්නට පටන්ගනිද්දී තව තවත් මිනිස් ජීවිත සාමූහික පැවැත්මෙන් හුදෙකලා පැවැත්මට මාරු වේවි. තාක්ෂණයට බියෙන් පසුවන අප වැන්නන්ට විටෙක එහෙම හිතෙනවා.

ජනවාරි දහවැනිදා ලාස් වේගාස්හි පරිගණක සොයා ගැනීම් එළිදැක්වීමේ උත්සවයක විදුලිය අක‍්‍රිය වීම නිසා සියලූ‍ කටයුතු ඇණහිට තිබුණා. නිවසේ සියලූ එදිනෙදා භාණ්ඩ විද්‍යුත් උපකරණ වූ පසුව ඊළඟට එන අභියෝගය විදුලිය ඇණහිටීම.

නව සොයාගැනීම් සඳහා විවිධ සොයාගැනීම් වැඩිවන තරමට තමයි ප‍්‍රයෝජනවත් සොයාගැනීම් වැඩිපුර දකින්න ලැබෙන්නේ. හැමදේටම සිනහසෙන පුද්ගලයන්ගේ උසුළු විසුළුවලට නොතකමින් වෙහෙසී සොයාගැනීම් කරන මිනිසුන් නිසා ලෝකය ඉදිරියට යනවා. ඇතැම් ධනවතුන් තමන්ගේ මුදල් වියදම් කරන්නට ක‍්‍රම සොයමින් සිටින නිසා ඇතැම් විහිළුකාර සොයාගැනීම්වලිනුත් දැවැන්ත ආදායමක් උපයන්නට පුළුවන්කම තියෙනවා.

අනුරංග ජයසිංහ