ආචාර්ය සිරිමල් අබේරත්න
පරිවර්තනය/ එස්.රණතුංග

යමෙකු විසින් නිෂ්පාදනය කෙරෙන හොර මත්පැන්වල වටිනාකම රටක දළ දේශීය නිෂ්පාදනයට ඇතුළත් නොවන බව ආර්ථික විද්‍යාව ඉගෙනගන්නා සිසුහු හොඳාකාරව දනිති. ශ‍්‍රී ලංකාව වැනි බොහෝ රටවල ඉතා මිල අධික බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් පෙරීමට නීතියෙන් ඉඩක් නොලැබේ. කලකට පෙර එය ආණ්ඩුවේ ව්‍යාපාරයක් වූ අතර වෙනත් කෙනෙකුට ඒවා නිෂ්පාදනය කිරීමට අවසර නොලැබිණ. යමෙක් එය කළේ නම් එය නීති විරෝධී එකක් විය.
මට පෙන්වාදීමට අවශ්‍ය කරුණ නම් ඕනෑම රටක ද.දේ.නි. යන්නෙන් නියෝජනය කරන්නේ ‘පවිත‍්‍ර’ ආර්ථික ක‍්‍රියාවලියක නිමැවුම් වටිනාකම බවයි. කඩු-තුවක්කු සහ මත්ද්‍රව්‍ය වැනි රහසේ නීති විරෝධීව නැතහොත් බලපත‍්‍ර නොමැති නිෂ්පාදනය කෙරෙන නිමැවුම් වටිනාකමක් සහිත දේ විය හැකිය. නමුත් මෙම ආර්ථික ක‍්‍රියාවලියෙන් ලැබෙන නිමැවුම් වටිනාකම ද.දේ.නි.යට ගණන් ගැනෙන්නේ නැත.


මෙය ඇත්තෙන්ම පරිස්සම් විය යුතු තැනකි. ඉහතින් දැක්වූ ආකාරයේ ඕනෑම අපවිත‍්‍රයැයි සැලකෙන ආර්ථික ක‍්‍රියාවක් බලපත‍්‍ර ලබා දීමෙන් හෝ නීතිය මගින් නීත්‍යනුකූල කොට ‘පවිත‍්‍ර’ බවට පත්කළ හැකිය. කඩු-තුවක්කු බෙහෙත් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යමෙකුට බලපත‍්‍ර නිකුත් කිරීමට ආණ්ඩුවට හැකියාව ඇත. නැතහොත් සමහර විවිධ හේතූන් මත මෙයින් සමහරක් දෑ ආණ්ඩුවට පිළිගැනීමට හැකිය. එවැනි සමහර අවස්ථාවල පෙරදී නීති විරෝධී ලෙස සැලකූ දේවල් නීත්‍යනුකූල බවට පත්වන අතර ඒ නිසාම ඒවා ද.දේ.නි.යේම කොටසක් බවට පත්විය හක.


මොන තරම් වෙනසක්ද? එක රටකදී කුඩා නීතියකින් ද.දේ.නි.යේ මිනුම් දණ්ඩ, දණ්ඩනයට යටත් කළ හැකි නමුදු තවත් රටකදී වෙනස් වාතාවරණයක් යටතේ ඉහළට පුම්බා නීත්‍යනුකූල කළ හැකිය.

වටිනාකම විශුද්ධිකරණය


තවත් ගැටලූවක් තිබේ. කෙනෙක් හොර මත්පැන් පෙරා ඒවායින් ලැබෙන නීති විරෝධී ආදායම තමන්ගේ එදිනෙදා වියදම් පියවා ගැනීමට යෙදුවායැයි සිතමු. ඔහු ඒවා යොදන්නේ පවුලේ ආහාරපාන, රෙදිපිළි, ගෙවල්කුලී, වෙනත් පරිභෝජන වියදම්, ගමනාගමනය සහ නිවාඩු ගතකිරීම් ආදිය වෙනුවෙන් පමණක් නොව ඉතිරිකිරීම් සහ ආයෝජනත් වෙනුවෙන් මෙන්ම තවත් විවිධ ගුණාකාරයෙන් ආදායම් වැඩිකිරීමේ මාර්ග උත්පාදනය කිරීමටත්ය.

ගොවීන්ගේ හා භාණ්ඩ නිෂ්පාදකයන්ගේ මෙන්ම භාණ්ඩ සේවා සපයන්නන්ගෙන් ද මේ තැනැත්තා වැඩි වැඩියෙන් ඉල්ලූම් කරන අතර ඒවා වැඩියෙන් නිපදවා නිමැවුම් ආදායම ඉහළ නංවා ගනී. මුදල් වියදම් කිරීම පිළිබඳව සැලකීමේදී එම මුදල් ඉපයූ මූලාශ‍්‍රය-එනම් මුදල ඉපයූවේ පවිත‍්‍ර ක‍්‍රමයකටද නැද්ද යන්න වැදගත් නොවන අතර එම මුදලට ලේබලයක් ගසන්නේ නැත. එනම් මුදල් ඉපයුණේ අනීතික පාතාල ක‍්‍රමයකටද වුවද එය වියදම් පාර්ශ්වයෙන් දළ දේශීය නිෂ්පාදනයට ඇතුළුවන නිපැයුම් වටිනාකමකි. එවිට මුදල් විශුද්ධිකරණය වී ආර්ථික තත්වයේ ප‍්‍රගතියකට යාමක් ප‍්‍රදර්ශනය කෙරේ.


බොහෝ රටවල් සිය සම්පත් යොදවා ආර්ථික ක‍්‍රියාවලියේ කොටසක් ලෙස අවි ආයුධ නිෂ්පාදනය කොට නිමයුම් වටිනාකමක් ලබා ගනියි. එය යහපත් හෝ අයහපත් ආර්ථික ක‍්‍රියාවක්ද? මෙම ප‍්‍රශ්නයට සරල පිළිතුරක් නොමැත. විනාශයෙන් ආරක්ෂා වීම යන්න යෙදිය හැකිය. එබැවින් ලෝක අවි නිෂ්පාදනය ලෝක මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතින්නේ ක‍්‍රියාව-ප‍්‍රතික‍්‍රියාව යන ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් ලෙසය. ආයුධ නිෂ්පාදනය යුක්ති සහගත කිරීමට ලෝකයට සෑහෙන අත්දැකීම් ඇත. අවි ආයුධ නිෂ්පාදනය හොඳ ද නරක ද යන ප‍්‍රශ්නය පැන නොනගින අතර ඒ සියල්ලම රඳා පවතින්නේ චේතනාව මතය.

ඉල්ලූම මැවීම


ලෝකයේ වැඩිවෙමින් පවතින ප‍්‍රචණ්ඩත්වයේ හා යුද්ධවල වැඩිකම සහ වේගය විසින් යුද අවි නිෂ්පාදනයේ මෙන්ම ඒ සඳහා යොදන තාක්ෂණයේ දියුණුබවද වැඩි කරයි. මේ හේතුව නිසාම, අවි ආයුධ නිෂ්පාදනය සඳහා ඉල්ලූමක් සහ එයින් ආර්ථිකය ඉහළ නංවා පවත්වාගෙන යාමේ හැකියාවක් ද නිර්මාණය කෙරේ. ගැටුම්කාරී පාර්ශ්වයන් දෙකක් යුද්ධයක පැටලී ඇතැයි සිතමු. ආයුධ වෙළෙන්දා ප‍්‍රහාරක ආයුධ එක් පාර්ශ්වයකට සපයන අතර ප‍්‍රතිප‍්‍රහාරක අවි අනෙක් පාර්ශ්වයට සපයයි. ඔවුන් වඩ වඩාත් යුද වදින අතර අවි ආයුධ සඳහා ඉල්ලූම ඒ තරමටම ඉහළ නගී. ආයුධ වෙළෙන්දා නිෂ්පාදනය පවත්වාගෙන යමින් ඉල්ලූම සපුරාලයි.


මොනම සංකීර්ණ තත්ත්වයක් යටතේ වුවද නීත්‍යනුකූලව හෝ නැතිව හෝ කරන ලෝක ආයුධ නිෂ්පාදනය, නීත්‍යනුකූල ආණ්ඩු, සමාගම් සහ නීතියෙන් අනුමත නැති ව්‍යාපාර ද සිය ධනයට නියමින් හෝ අනියමින් එක්කර ගනී.
ආර්ථික විද්‍යාව යනු ධනය මවාගැනීමයි. අඩු තැන සිට වැඩි තැනට ගෙන යාම කොයියම්ම හෝ ආර්ථික ක‍්‍රියාවකින් උපයන ධනය, දළ දේශීය නිෂ්පාදනය යන මිනුම් දණ්ඩ යටතේ රටේ මුළු ධන නිෂ්පාදනයට එක් කරගනී.


චීනය හැර ලෝකයේ ආයුධ නිෂ්පාදනය කරන රටවල් 100 විසින් සපයා ඇති ආයුධ නිෂ්පාදනයේ වටිනාකම, ස්ටොක් හෝම් ජාත්‍යන්තර සාම සමීක්ෂණ ආයතනයේ වාර්තා අනුව අ.එ.ජ.ඩොලර් බිලියන 400 කි. (ඇමරිකාව, රුසියාව සහ බි‍්‍රතාන්‍යය යන රටවල් ඉහළින්ම සිටින රටවල් 10ට ඇතුළත්ය.* මෙම රටවලට ආයුධ නිෂ්පාදන කොම්පැනි 66ක් අයිති අතර ඇමෙරිකාවට පමණක් කොම්පැනි 47ක් අයිතිය.


ඉහළින්ම සිටින සමාගම් 100න් සපයා ඇති ආයුධ ප‍්‍රමාණයෙන් හරි අඩක්ම සපයා ඇත්තේ සමාගම් 10ක් විසිනි. එයින් පහක් නම් ඇමරිකාවේ ඛදජනයැැා ඵ්රඑසබ, ඊදැසබට, ඍ්හඑයැදබ, භදරඑය ෘරදච ඨරමප්බ සහ ඨැබැර්ක ෘහබ්පසජි යන සමාගම්ය. අනෙක් 5 නම් බි‍්‍රතාන්‍යයේ ඊ්ෑල යුරෝපා සංගමයේ ්සරඊමිල ප‍්‍රංශයේ ඔය්කැි , ඉතාලියේ ඛැදබ්රාද සහ රුසියාවේ ්ඛඵ්’ ්භඔෑශ යනුවෙනි.
ලෝකයේ ප‍්‍රධාන පෙළේ වාණිජ ගුවන් යානා නිපදවන ඊදැසබට සහ ්සරඉමි යන සමාගම් දෙකේ ප‍්‍රධානම කාර්යය අවි ආයුධ නිපදවීම නොවුණද ඔවුන් ප‍්‍රධාන පෙළේ ආයුධ නිපදවන රටවල් 10ට ඇතුළත්ය. ලෝකයේ විශාලම අවි නිෂ්පාදකයා වන ඛදජනයැැා ඵ්රඑසබ සමාගම එක් යුගයකදී වාණිජ ගුවන් යානා නිෂ්පාදකයෙකුව සිටි අතර එහි අවි ආයුධ අලෙවියේ වටිනාකම ලංකාවේ ද.දේ.නි.යෙන් අඩකට වඩා වැඩිය.


2018 වර්ෂයේදී, වාහන නැව් සහ ගුවන්යානා හැර අවි ආයුධ සහ උණ්ඩ පතරොම් පමණක් අපනයන වටිනාකම අ.එ.ඩො. මිලියන 15 ක් වූ බව ජාත්‍යන්තර වෙළෙඳාම් සංඛ්‍යාන සිතියම පෙන්වා දෙයි. එයින් 38% ක් සපයා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි. අනෙක් විශාලතම අවි ආයුධ අපනයනය කළ රටවල් වූයේ ඉතාලිය, බල්ගේරියාව, ඊශ‍්‍රායලය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය ඩෙකොස්ලෝවැකියානු ජනරජය, ඔස්ට‍්‍රියාව සහ බ‍්‍රසීලයයි. මෙම අපනයනවලින් අඩක් ම මිලදීගෙන ඇත්තේ පොහොසත් ඔපෙක් රටවල් විසින් වන අතර අනෙක් අර්ධය මිලදී ගෙන ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසිනි. සංවර්ධනය වෙමින් පවතින රටවලට දියුණු අවි ආයුධ නිෂ්පාදනයට අවතීර්ණ වීමට අවශ්‍ය සම්පත් හෝ තාක්ෂණය නැත. සමාජය ඒවා පිටතින් මිලදී ගැනීමට එම රටවලට බල කෙරී ඇත. කෙසේ නමුත් බ‍්‍රසීලය, චීනය සහ ඉන්දියාව වැනි විශාල වශයෙන් දියුණු වෙමින් පවතින රටවල් අවි ආයුධ නිපදවන රටවල ගැනුම්කරුවන් අතර දැනටමත් ඉහළ තත්ත්වයක් දිනා ගෙන ඇත.


ආණ්ඩුවල යුද වියදම් අවි නිෂ්පාදනවලට වඩා පුළුල්ය. මන්ද ආණ්ඩුවලට යුද කටයුතු ආශ‍්‍රිත වියදම් සඳහා බදු මුදල් භාවිතය ඇතුළත් වන නිසාය. ආණ්ඩුවල අවි නිෂ්පාදන ආනයනය වියදම් එහි ප‍්‍රා ග්ධන වියදම්වලට ඇතුළත් වෙයි. එහි ජංගම වියදම්වලට හමුදාවල වැටුප්, ගමනාගමන වියදම් සහ යුද කටයුතු නඩත්තු කිරීමේ වියදම්ද ඇතුළත් වේ.


සමස්තයක් වශයෙන් ලෝකය එහි ආණ්ඩුවල යුද පිරිවැය වෙනුවෙන් 2018 දී වැය කළ මුදල අ.එ.ජ.ඩොලර් බිලියන 1.8 කි. ීෂඡුඍෂ දත්ත සංඛ්‍යා අනුව ලෝකයේ විශාලතම යුද අවි අලෙවිකරුවන් වන අ.එ.ජනපදය, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව සහ ප‍්‍රංශය එක්ව දරා ඇති යුද වියදම් ලෝකයේ මුළු යුද වියදම්වලින් 60%කි. විශාලතම යුද වියදම්කරුවා වන අ.එ.ජනපදය පමණක් 2018 දී වැය කර ඇති මුදල අ.එ.ජ.ඩොලර් බිලියන 650 කි.


වර්ධනය සහ සේවා නියුක්තිය


විවිධ රටවල ගොඩනැගෙන මිලිටරි කටයුතු මෙන්ම යුද්ධ සහ ආරක්ෂණ තර්ජන නිසා මිලිටරි වියදම් වේගවත්ව වැඩිවෙමින් පවතී. එමගින් අවි ආයුධ නිෂ්පාදනයට සහ අලෙවියට ඇති ඉල්ලූම උත්පාදනය කෙරේ. එමෙන්ම අදාළ රටවල ද.දේ.නියට සෘජු දායකත්වය සපයයි. ඊට අමතරව යුද්ධ සඳහා කෙරෙන පිරිවැය විසින් රාශිභූත වන තිරසාර ආදායම් මෙන්ම රැුකියාවල් ද ලෝකය තුළ උත්පාදනය කරවයි. ලෝකය තුළ සාමය සහ ජනතාව සහ ජාතීන් අතර විශ්වාසය සාක්ෂාත් වුවහොත් එම නිසා සමහර රටවල ආර්ථික වර්ධනය අඩපණ වී රැුකියා වියුක්තිය ද ඉහළ නගිනු ඇත. වර්ධනය සහ සේවා නියුක්තිය, යුද ගැටුම්, අවිශ්වාසය හා සැකය තිරසාරව පවත්වාගෙන යාමට දෙන දිරි ගැන්වීම්ය. මොන ආර්ථික ලෝකයක් ද මේ.x