උඩ බලාගෙන කෙළ ගහගන්නා මිනිසුන් (මිනිස් ජාතියක්* වැඩියෙන්ම සිටින්නේ මේ රටේ දැයි සිතෙන තරමට මේ රටේ මිනිසුන් ගැන මේ රටේම මිනිසුන් කියන නිශේධනීය කතා අපට කොතෙකුත් ඇසී තිබේ. තමන්ගේම වර්ගයාට එසේ අගරු-නිගරු කරගන්නා වෙනත් ජාතියක් ගැන මෙතෙක් නම් අපට මතක් කරගන්නට ලැබී නැත. එහෙත් අපහාස මුඛයෙන් කරන ඒ චෝදනා අසාධාරණ චෝදනා ද නොවේ. මේ රටේ බහුතරය (විශේෂයෙන් රටේ මර්මස්ථානවල වැජඹෙන* චෝදනා ලැබීමට සකලවිධ වූ සුදුසුකම් සපුරා ඇත්තෝම වෙති.


ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු ලෙසත්, පරිපාලන හා කළමනාකරණ කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් ලැබූවකු ලෙසත් සැලකිය යුතු ජිනසිරි දඩල්ලගේ මහතා විසින් මෑතකදී රචනා කරනු ලැබූ ‘ඒවා මෙහේ බෑ මංචං’ නම් වූ කෘතිය ලංකාවේ මේ අවාසනාවන්ත තත්ත්වය ඉතා පැහැදිලි ලෙස පෙන්වා දෙන්නකි.


වෘත්තීය පුහුණුවක් සඳහා එතෙර ගොස් යළි සිය රටට පැමිණෙන පුද්ගලයෝ ඒවා සැමරීම සඳහා විවිධාකාරයේ සාද සංවිධානය කරති. කෑමෙන් බීමෙන් සංතර්පණය වන අතරේ ආ ගිය කතා කියමින් මධුවිත් තොල ගාමින් සිටින ඔව්හු චාරිකාවේදී ලැබූ අත්දැකීම් උණුසුම් මාතෘකා බවට පත් කර ගනිති. ඒ ඒ රටවල ප‍්‍රතිපත්ති භාවිතාවන් තුලනාත්මක සංස්කරණ ආදිය ගැන දොඩමඵ වෙන අතරේ ‘ඒවා නම් එහෙමයි, එහේ නං නියමයි’ යනාදි වශයෙන් වෙනත් රටවල් ගැන පාරට්ටු කරන ඔවුන් මේ රට ගැන කියන්නේ ‘ඒව මෙහේ බෑ මචං’ කියා ය. මධුවිත හිස්වන තුරුම එසේ පිටරටවල ඓශ්චර්යය ගැන වර්ණනා මුඛයෙන් කතා කරන ඔවුනගේ කතා අතරට පොදු සමාජ ආකල්ප ගණනාවක් ද පිවිසෙයි. ‘මේ රට හදන්න බෑ’, ‘අනේ මංදා මේව කවදා වෙනස් වේවිද කියලා’, ‘ඔක්කොම ඉතිං දේශපාලනේ තමයි’. ‘ප‍්‍රතිපත්ති අත්දැකීම් විචාරයක්’ ලෙස නම් කර ඇති මේ කෘතියෙන් කියැවෙන්නේ දේශපාලනමය විෂම චක‍්‍රයක පැටලී, කළමනාකරණ හා පරිපාලන ක්‍ෂේත‍්‍රයන්හි නියැළී සිටින්නන් තුළ නිරුත්සාහයෙන් හිස ඔසවන මන්දෝත්සාහී බව ද සමගින් දිනෙන් දින පරාභවය කරා ඇදී යමින් ඇති මේ රටේ දුක හිතෙන කතාව ය.

ඒ කතා ඇසීමෙන්, කියවීමෙන් පාඨකයන්ගේ සිත් තුළ ඇවිළයන ගින්නට පිදුරු හෙළමින් ඔහු විදේශ රටවල විචාරශීලි, විධිමත්, ක‍්‍රමානුකූල කළමනාකරණ හා පරිපාලන ව්‍යුහයන් පිළිබඳව ද විස්තර කරයි. අනෙක් අතට මෙය කතාන්තරයක් ලෙස රසවත්ව විකාශනය වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය හා පෞද්ගලික අත්දැකීම් ද උචිත ලෙස යොදාගෙන ඇති හෙයිනි.


‘හොඳම පාසල ළගම පාසල’ නම් වූ, පොතේ මුල් පරිච්ෙඡ්දයෙන් කියැවෙන්නේ ද එවැනි කතාවකි. මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ (අවුරුදු එකහමාරක* උසස් පාඨමාලාවක් හැදෑරීම සඳහා වරක් කතුවරයාට මහා බි‍්‍රතාන්‍යයට යාමට සිදුවෙයි. බිරිඳ හා දියණියෝ ද ඔහු කැටුව යති. ඔහුගේ ඊළග ගැටලූව වන්නේ දියණියන් එංගලන්තයේ පාසලකට ඇතුඵ කිරීම ය. සිය අධ්‍යයන කටයුතු සඳහා අනුග‍්‍රහය දැක්වූ බි‍්‍රතාන්‍ය මණ්ඩලයේ අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ශ‍්‍රී ලාංකේය නිලධාරිනිය පවසන්නේ ලංකාවේ මෙන් මෙහේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම දුෂ්කර ව්‍යායමයක් නොවන බව ය. ඒ අනුව ප‍්‍රදේශයේ පිහිටි රජයේ අධ්‍යාපන කාර්යාලයෙන් ඒ ගැන විමසූ විට සිතියමක් රැුගෙන එන නිලධාරියා පදිංචි ස්ථානයට සමීපයෙන් පිහිටි පාසල් 3ක් පෙන්වා අනතුරුව ඒ සිතියම කතුවරයා අත පත්කරයි. ඔහු කියා සිටින්නේ කැමති පාසල තෝරාගෙන ඒ බව ¥රකථනයෙන් හෝ පැමිණ හෝ දැනුම් දෙන්නැයි කියා ය. එපමණකි. පසුකලෙක (2003 දී* කැනඩාවේ පුරවැසිභාවය ලබා කැනඩාවට ගිය අවස්ථාවේදී ද දරුවන්ගේ අධ්‍යාපන ප‍්‍රශ්නය විසඳී ඇත්තේ මෙලෙසිනි.

‘මහා බි‍්‍රතාන්‍යයේ හා කැනඩාවේදී මා ලැබූ අධ්‍යාපනික අත්දැකීම අනුව හොඳම පාසල ළගම පාසල බවට පත්කළ හැක්කේ ප‍්‍රතිපත්තිමය තීරණයකින් පමණක් බව අවබෝධ විය… පාසලට දරුවන් ඇතුළත් කර ගැනීමට දෙමව්පියන් කරන්නේ කුමන දුෂ්කර ක‍්‍රියාවක්ද? පදිංචි සහතික ලබා ගැනීම්, ව්‍යාජ සහතික පිළියෙල කිරීම්. අයථා ක‍්‍රියාමාර්ග හා බලපෑම් කිරීම්, දේශපාලනඥයන් පසුපස යාම්, අල්ලස් ලබා දීම් ආදි අනේකවිධ අයුතු හා වෙහෙසකර කාර්යයක් බවට අපගේ අධ්‍යාපන ක‍්‍රමය පත්වී ඇත්තේ එවැනි යහපත් ප‍්‍රතිපත්ති ප‍්‍රවේශයක් වෙත යොමු නොවීම නිසා නොවේ ද?’ (ඒව මෙහේ බෑ මචං, 23 පිටුව*


පොතේ 3 වන පරිච්ෙඡ්දය නම් කොට ඇත්තේ ‘කර්මකාරක හා කර්තෘකාරක සහනාධාර’ ලෙස ය. ණය උගුලේ හිරවෙන්නට ඔන්න මෙන්න කියා සිටින රටක් වශයෙන් ප‍්‍රකටව ඇති ශ‍්‍රී ලංකාව, නිදහසින් පසු ‘විදේශ ණය’ මත යැපෙන කනගාටුදායක තත්වයකට පත්ව ඇති ආකාරය කතුවරයා පෙන්වා දෙන්නේ මේ ණය අප වෙත ප‍්‍රදානය වී ඇත්තේ සංවර්ධනයේ නාමයෙන් බව ද සිහිකැඳවමිනි.


ලෝක යුද්ධ පවතිද්දී ඇරඹුණු ලංකාවේ සහනාධාර ප‍්‍රතිපත්තියට අනුව මුලින්ම සහල් ලබා දුන්නේ නොමිලේ ය. හාල් සේරු දෙක බැගින් දීම අනුක‍්‍රමයෙන් සිදුවූ අතර ඉනික්බිතිව ඒ වෙනුවෙන් කටයුතු කළ දේශපාලන නායකයෝ ‘බත් දුන් පියවරුන්’ බවට පත්වූහ. ලෝක යුද්ධය අවසාන වූ පසුව ද බත්, හාල්, ඇටවර්ග නොවේ නම් මොනවා හෝ දෙන පොරොන්දු අඛණ්ඩව පැවතුණේ ඒවා බලයට පත්වීමේ අනිවාර්ය සාධක බවට පත් වූ නිසා බව ය, කතුවරයා පෙන්වා දෙන්නේ. ‘අපේ ඡුන්දය හාල් සේරු දෙකක් දෙන අයට’ යනුවෙන් ජනතා මනෝභාවයන් එක්තරා යාචක ස්වභාවයකට හැඩතල ගැන්වුණේ ද අනුක‍්‍රමිකව ය. ධාන්‍ය රාත්තල් අටක්, රු. 2500ක් ආදි වශයෙන් දිගින් දිගටම, පරපුරින් පරපුරටම හුරුපුරුද්දක් බවට පත්වෙමින්, ඉදිරියට ගලා ආ මේ යැපීම් මානසිකත්වය මේ වනවිට ජානගත වී ඇති සේ ය.

නොමිලයේ පොත්, නිල ඇඳුම්, කෘෂිකර්ම සහනාධාර ලබාදීම් ආදි වශයෙන් එය විවිධ ඉසවු කරා අඩුපඬු විහිදුවමින් තිබේ. ‘මේ අනුව ඉදිරියේදී අමුඩ ලේන්සු බෙදීමේ සංකල්පයක් බිහිවීමට ද ඉඩ ඇත. එය මෙලෙස සාධාරණීකරණය වීමට ද ඉඩ ඇත. ලංකාවේ කෘෂිකර්මය කඩා වැටෙමින් පවතී. මෙයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ලංකාවේ තරුණ ජනතාව කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයේ නියැලීමට මැලිකමක් දැක්වීමයි. ඒ නිසා ඔවුන්ට නවීන තාක්ෂණික අමුඩයක් ලබා දිය යුතුය. එවැනි අමුඩ සංකල්පයන් ද අපේ රටේ ඉදිරියේදී සමාජගත වීමට ඉඩ ඇත. එවැනි දේ අවශ්‍ය වන්නේ තවදුරටත් බෙදා දිය යුතු දේවල් මොනවා ද යන්න හඳුනා ගැනීම පවතින දේශපාලන සම්ප‍්‍රදාය තවදුරටත් ඉදිරියට යාම සඳහා අවශ්‍ය වන බැවිනි. (31-32 පිටු* කර්මකාරක හා කර්තෘකාරක සහනාධාර පිළිබඳ වෙනස කතුවරයා පෙන්වා දී ඇත්තේ එක් උදාහරණයකිනි. මෙය දේශපාලන පිටකැසීමක් නොව තමාගේ මධ්‍යස්ථ මතය එළිදැක්වීමක් පමණකි යි කතුවරයා විශේෂයෙන් සඳහන් කරයි. ඒ අනුව ජනසවිය වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූයේ කර්තෘකාරක ප‍්‍රවේශයකි යි ඔහු කියයි. එහි තේමා පාඨය වූයේ දුප්පතුන් සඳහා නිලධාරීන් නායකත්වය නොදිය යුතු ය යන්න ය.

ඒ අනුව ගොවියා හෝ සුඵ කාර්මිකයා හෝ අඩුආදායම්ලාභී සේවා සපයන්නා හෝ වෙළඳපොල තත්ත්වයන්ට අනුකූලව නිපදවිය යුතුව තිබූ අතර භාණ්ඩවල තත්ත්වය ඉහළ දැමීම, නිෂ්පාදන වියදම් අඩුකර ගැනීම තම තමන් සතු වගකීමක් බව ඔවුනට පෙන්වා දෙනු ලැබ තිබිණ. රජය හෝ නිලධාරීන් ඒ සඳහා පූර්ණ වශයෙන් වගකීවේ නැත. ගමට අවශ්‍ය පාර, යටිතල පහසුකම් තීරණය කළ යුතු වූයේ ජනතාව ය. කර්තෘකාරක සහනාධාර වැඩසටහනක් වූ මෙහි ඉනික්බිතිව සිදු වූ වෙනස ඔහු පෙන්වා දෙන්නේ මෙසේ ය.


‘ජනසවිය මගින් එලෙස ඉදිරිපත් වූ කර්තෘකාරක මතවාදය ඊළග රජයේ ප‍්‍රබල සහනාධාර ප‍්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කළ සමෘද්ධි වැඩසටහන මගින් සුණුවිසුණු කර දමන ලදි. මේ සඳහා වෙනම නිලධාරි යාන්ත‍්‍රණයක් බිහිවිය. තීරණය කිරීම, දුප්පතුන් හඳුනා ගැනීම, යටිතල පහසුකම් හඳුනා ගැනීම ක‍්‍රමයෙන් නිලධාරීන්ගේ අතට පත්විය. ගමේ පාරවල් බෝක්කු කොන්ත‍්‍රාත් කිරීම ගමේ සංවිධානයේ නමින් නිලධාරියා කරන කොන්ත‍්‍රාත්තුවක් බවට පත්විය. සමෘද්ධි නිලධාරියා දුප්පතුන්ගේ නායකයා බවටත් බොහෝ තැන්වල ගමේ කොන්ත‍්‍රාත්කරුවා බවටත් පත්විය. දැන් දිළිඳු සහන ව්‍යාපාරය නැවතත් බරපතළ ලෙස කර්මකාරක වේ. සමෘද්ධි නිලධාරියා නිල නොලත් දේශපාලන බලවතා බවට ද පත්වෙයි. ඔවුහු බොහෝ ස්ථානවල ග‍්‍රාමීය දේශපාලන බල අධිකාරිත්වය ද ලබා ගනිති. ජනතාව කර්මය බවටත්, නිලධාරියා හා දේශපාලනඥයා කර්තෘ බවටත් පත්වේ. සමෘද්ධි නිලධාරීහු දේශපාලන රැුස්වීම්වල ප‍්‍රධාන සහභාගි වන්නන් හා සංවිධායකවරුන් බවට පත්වෙති. එය අනිවාර්ය සහභාගිත්වයකි. ඔවුන් දේශපාලන බලය තීරණය කරන සමාජ ප‍්‍රවේශය බවට ද පත්වේ. මේ පිළිබඳ ප‍්‍රීතියෙන් පිනායන සමෘද්ධි අමාත්‍යවරයා සමෘද්ධිය. ඡුන්ද මැෂිම ලෙස හඳුන්වයි.

එය නැවතත් මැතිවරණ දිනා ගැනීමේ උපායක් ලෙස ඉදිරියට යන අතර, දිවි නැගුම ලෙස නම වෙනස් වී තවදුරටත් කර්මකාරක ගතිලක්ෂණ හා සඵපිළි අන්දා ඉදිරියට ගැනීමට උත්සාහයක් පැවතිණි. සහනාධාර ප‍්‍රතිපත්තියේ කර්මකාරක ප‍්‍රවේශයන් සඳහා නීත්‍යනුකුලභාවයක් ද ලබා ගන්නා අතර ඒවා ව්‍යවස්ථාපිත මැතිවරණ අල්ලස් ලෙස පවත්වාගෙන යමින් ඒවා ලබා ගන්නා පවුල් ප‍්‍රතිශතයක් නඩත්තු කිරීම මැතිවරණ දිනීමේ මූලික ක‍්‍රමෝපායක් හෝ සමාජ සංස්ථාවක් බවට පත් වී ඇත. (36 පිටුව*
සහනාධාරවලින් යැපෙන අතිබහුතරයේ මානසික මට්ටම, බුද්ධි මට්ටම උසස් කිරීම යනු දේශපාලන සියදිවි නසාගැනීමක් ලෙස ඇතැම් බලවතුන්ට පෙනී ගොස් ඇත්තේ දැයි අපට සිතුණේ කලකට පෙර කියවූ එක්තරා පුවත්පත් වාර්තාවකට අනුව ය. රජරට පෙදෙසේ ජීවත් වූ එක් කාන්තාවකගෙන්, ඇගේ කුඩාම දරුවාගේ නම කුමක් දැයි රජයේ නිලධාරියකු විමසා ඇති අවස්ථාවකදී ඇය පිළිතුරු දී තිබුණේ ‘සහනාධාර’ යැයි කියා ය.


‘අපේ ප‍්‍රශ්නයට, අපේ දුකට, අපේ ඉරණමට වගකිව යුත්තේ අහවලාය’ යන චෝදනා පත‍්‍රයක් මේ රටේ බහුතරයක් සන්තකයේ පවතින බවක් බොහෝවිට පෙනීයයි. මේ සාවද්‍ය මනෝභාවය එසේ ඔවුනට බලපෑම් කරන්නට වී ඇත්තේ සහනාධාර මානසිකත්වයට තුඩුදුන් දේශපාලන කතන්දරයට සමාන්තරව දැයි සිතෙන අවස්ථා ද තිබේ. මේ රටේ ගැටලූ උග‍්‍රවී, පශ්චාත්තාප වර්ධනය වී, එදිරිවාදිකම් පැටවු ගසමින් ඇත්තේ තමාගේ ප‍්‍රශ්නයට වගකිව යුත්තකු සොයන්නට, ඇගිල්ල දිගු කරන්නට නිරන්තර සූදානමක් බොහෝ දෙනා තුළ පවතින නිසා ද විය හැකි ය. මේ පූර්වාදර්ශය ජනතාවට සපයා ඇත්තේ ද දේශපාලනඥයාම ය. අව්වට, වැස්සට, දේශගුණ විපර්යාසයනට, පාස්කු බෝම්බයට මෙන් ම මන්දපෝෂණයෙන් ළදරුවකු මිය ගිය විට ද ඊට පවතින රජය වගකිව යුතු බවට ආඩපාලි කියනු ඇසෙන්නේ ඔවුන් ය. පවතින රජය, විපක්ෂය නියෝජනය කරන විට ද වැඩි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව බලන විට දේශපාලනඥයන්ට වඩා මේ රටේ ඉන්නේ මුවා හේන පාඵ කළ විට මුවහමට තඩිබාන ගමරාළලා ය. ජනතාවගේ පරපෝෂිත මනෝභාවය වර්ධනය වන තරමට කරල් පැහෙන්නේ ඔවුන්ගේ හේන්වල ය.


කැනඩාවේදී තමා ලද වෘත්තීය අත්දැකීම් කතුවරයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ‘නිදහස් අධ්‍යාපනයේ සාඩම්බර උපාධිධාරීන්’ ලෙස නම් කෙරෙන 10 පරිච්ෙඡ්දයෙනි. ඔහු මේ ලිපිය සම්පාදනය කර ඇත්තේ 2017 සැප්තැම්බර් 15 වනදා ය. ඒ වූ කලි පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමන ලෙසට කෙරුණ සටනේ තීරණාත්මක දිනයකි. ඒ වන විට සයිටම් සටනට මාස 8ක් සම්පූර්ණ වී අවසන් ය. කිසියම් අවස්ථාවකදී කතුවරයාට ද උපාධිධාරීන්ගේ රැුකියා ගැටලූවලට අදාළ ප‍්‍රශ්න සඳහා කරඋර දීමට සිදුවී තිබේ. ඒ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටීම හේතුවෙනි. උපාධිධාරීන් 20,000කට පමණ රැුකියා ලබාදීම සඳහා (අග‍්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන්* ඒ අවස්ථාවේදී ඉල්ලූම්පත් කැඳවා තිබිණැයි ඔහු කියයි. උද්ඝෝෂණය පැවැත්වී ඇත්තේ වයස අවුරුදු 35ට වැඩි උපාධිධාරීන්ට මෙහිදී සිදුවන අසාධාරණය සම්බන්ධයෙනි. ඒ අනුව උද්ඝෝෂණයට සම්බන්ධ වූ උපාධිධාරී නියෝජිතයන් වෙතින් කතුවරයා මෙවැනි ප‍්‍රශ්නයක් නගා තිබේ.


වයස 28 දී පමණ උපාධියක් ලබාගන්නා අයෙක් වයස 35 වන තුරු කරන්නේ කුමක් ද?
පිළිතුර වී ඇත්තේ ‘උපාධියක් ඇති නිසා රජයේ රැුකියාවකට හැර වෙනත් රැුකියාවකට නොයන බව’යි.
ලංකාවේ අධ්‍යාපනය නිදහස් යැයි අභිමානයෙන් කතාකරන අප උපාධියක් ද අතැතිව අවුරුදු 10ක් පමණ විරැුකියාවෙන් පෙළෙන්නේ මන්ද යන පැනයට කතුවරයා පිළිතුරු ලබා දෙන්නේ මෙසේ ය.


‘සේවාකාලය තුළ බොහෝ විදේශ අත්දැකීම් ලැබූ මා කැනඩාවට යන විට එංගලන්තයේදී ලැබූ පශ්චාත් උපාධි සහතිකයකට ද හිමිකම් කීවෙකි. ඒ අනුව කැනඩාවට යාමේදී මාගේ පෞද්ගලික අදහස වූයේ මාගේ උපාධි සහතිකයට එහිදී හොඳ පිළිගැනීමක් ඇතිවේය යන්නයි… මුලදී රැුකියාවන් සඳහා ඉල්ලූම්පත් සකස් කිරීමේදී මාගේ සියලූ සුදුසුකම්, උපාධි සහතික පිළිබඳ විස්තර මෙන්ම මා ලංකාවේදී කළ බොහෝ ඉහළ රැුකියාවල විස්තර ද මහත් ආඩම්බරයෙන් ඇතුළත් කිරීමට කටයුතු කළෙමි.


එහෙත් කැනඩාවේදී හඳුනාගත් බොහෝ මිතුරන්ගේ අදහස වූයේ, අවශ්‍ය වන්නේ හැකි පමණ ඉල්ලූම්පත් දැමීම බවත් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලැබීම වුව වාසනාවක් වන බවත් ය. ඒ අනුව මා ද ඉතා විශාල ඉල්ලූම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කළත් දීර්ඝ කාලයක් මුඵල්ලේ ඒවාට කිසිදු පිළිතුරක් නොලැබුණි. ලංකාවෙන් රැුගෙන ගිය මුදල් ද ඉක්මනින් අවසන් ව යන ලකුණු පහළව තිබූ බැවින් මාගේ ඉල්ලූම්පත්වල වූ සුදුසුකම් ද ටිකෙන් ටික ඉවත් කර ගැනීමේ අනිවාර්යය නිහතමානීකමක් මා තුළ පහළ විය. ඒ අනුව මම මුලින්ම මාගේ ඉල්ලූම්පත‍්‍රවලින් මාගේ ඉහළම අධ්‍යාපන සුදුසුකමක් වූ එංගලන්තයේ පශ්චාත් උපාධි සහතිකය හා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධි සහතිකය ගලවා දැමුවෙමි.

(99-100 පිටු* මේ ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කතුවරයා වෙනසකට අනුගත වීමට සමත්, වෙනස් වන්නට සූදානමින් සිටින පුද්ගලයෙකු බව ය. එතෙරදී ඔහු ස්වයංඅධ්‍යයන කටයුතුවල යෙදී ඇත්තේ කුසලතා වර්ධනය කරගෙන ඇත්තේ පිසා ඩිලිවරි සේවය වැනි නිශාචර වෘත්තීන්හි ද යෙදීමෙනි. තවත් පැත්තකින් කතුවරයාගේ යථොක්ත ප‍්‍රකාශය අපේ සිතට අලූත් කරුණු කිහිපයක් හා ප‍්‍රශ්න ගණනාවක් ද ඇතුඵ කරයි. උපාධි සහතිකය යනු පැතුම් ඉටුකරන කප්රුකක් නොවන බව, ජීවිතය ජයගැනීමට නම් රැුකියා සඳහා හැකියාවන් වර්ධනය කරගත යුතු බව ඉන් කියැවේ. එහිදී පැනනගින ප‍්‍රශ්න නම් මේවා ය. උපාධියේ අධිමානය, මේ රටේ තරුණ පරපුරට කවර ප‍්‍රමාණයේ අනතුරක් වී ඇත්තේ ද? නව නිර්මාණ, නව නිෂ්පාදන උත්පාදනය සඳහා ඉතිරි කර ගත යුතු ඔවුන්ගේ කාලය (තරුණ ජවය* තේරුමක් නැති ලෙස මහපාරට වැය වී ඇත්තේ ද? මෙවැනි සන්දර්භයක් තුළ ‘රට දිනවීම’ යන්න පෝස්ටර් හා බැනර්වලට පමණක් සීමා නොවන්නේ ද?
කලකට පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ප‍්‍රචාරය වූ ගීතයක ආරම්භක පදය වූයේ ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි’ යන්න ය.

බැලූ බැල්මට හිතලූවක් ලෙස පෙනී ගිය ද මේ රටේ පැරණි වැව් පද්ධති, ප‍්‍රතිමා, කලාකෘති ආදිය දකින විට හා නූතන පුරාවිද්‍යාඥයන්ගේ නව සොයාගැනීම් හා අදාළ වාර්තා ඇසෙන පෙනෙන විට මේ සියලූ අබග්ගයන් සිදුවී ඇත්තේ (කතුවරයාගේ අවධාරණයකට ද අනුව* නිදහසින් පසුව ද යන සැකසාංකාව අප තුළින් හිස ඔසවයි. නිදහසට බොහෝ කලින් ඈත අතීතයේ දී නම් මේ රටේ නවෝත්පාදකයන් සිටි බවට යම් යම් සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් ද සොයා ගනු ලැබ ඇති අතර ඊට ප‍්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන්නේ සීගිරි ආලකමන්දාවයි. බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන් මවිතයට පත් කළ වැව් පද්ධතිය නිර්මාණය කෙරුණේ ද ඒ අතීත යුගයකදීයි. මේ අනුව නවෝත්පාදකයන් බිහි කළ හැකිවන්නේ රාජාණ්ඩුවලට ද යන අමුතු කතාවක්, පුදුම කතාවක් ද මෙතැනට ඇදී එයි.


අප දන්නා තරමින් නම් නිදහසින් පසු මේ රටේ ස්ථාපිත වූයේ අන් කිසිවක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජනතා ඡුන්දයෙන් තේරී පත් වූ පුද්ගලයන් ජනතා පරමාධිපත්‍යයේ රගනඵව (හෝ සමයං නැටුම හෝ* වේදිකාගත කරන්නට වූයේ එතැන් සිටයි.


රාජාණ්ඩු යටතේ දියුණුවට පත්ව තිබූ රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වීමෙන් පසු අසමත් රාජ්‍යයක් බවට පෙරඵණේ කවර හේතුසාධක මුල්වීමෙන් දැයි පර්යේෂණාත්මකව සොයා බැලිය යුතුවන්නේ සමාජ විද්‍යාඥයන් ය. මෙහිදී චුදිතයන් බවට පත්වන්නේ දේශපාලන බලවතුන් ද? නැතහොත් මාංචුලෑම සඳහා දෑත් දිගු කළ යුතු වන්නේ ඔවුන් අභිෂේක කළ හුදීජනයා ද? යන්න ඊට ම ඈඳෙන තවත් උභතෝකෝටිකයකි. මේවා ගැන ගැඹුරින් සිතා බලන්නටත්, සමාජයේ අප රැුඳී සිටින්නේ කොතැනක ද යන්න පිළිබඳව සිහිඑලවා ගනු පිණිසත් ‘ඒවා මෙහේ බෑ මචං’ පුඵල් අවකාශයක් විවර කරයි. මෙවැනි පොතක් එළිදැක්වීම සඳහා රාජ්‍ය සේවයේ (එතෙර මෙතෙර* අත්දැකීම්, බස හැසිරවීමේ හැකියාව ආදිය පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. ශක්තිමත් කශේරුකාවක් ද ඒ සඳහා අවශ්‍ය යැයි අපට සිතෙන්නේ දේශපාලන බලවතුන්ගේ පාපකර්මවලට කරඋර දෙන රාජ්‍ය නිලධාරීන්ගේ දෑත්වලට වැටෙන විලංගු ද දැන් දැන් අපට පෙනීයමින් ඇති නිසා ය.x

x කැත්ලීන් ජයවර්ධන