නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


ලාල් කාන්තගේ රිය අනතුර.? අපේ පිරිහුණ ජන විඥානය කියවිය හැකි හොඳම සංසිද්ධියකි. ලාල් සම්බන්ධ අරංචියෙන් සමාජ ජාලය ඇවිස්සිණ. මහින්දානන්දගේ පුතාගේ සිද්ධියේදී සහ දකුණේ කි‍්‍රෂාන්ත පුෂ්පකුුමාර හෙවත් රත්තරන්ගේ සිද්ධියේදී නිහඬවූ, මුහුණු පොතේ සද්ධිවිහාරිකයන් ලාල්ගේ සිද්ධියේදී යමාමහ පෙළහර පාන්ට පටන් ගත්හ. ලාල් පැයෙන් ඇප ලබා ගෙදර ගිය බවට එක දිගට පෝස්ටු පළවිය. ලාල් කාන්තලාට නම් හිරගෙවල් අමුතු තැන් නොවේ. එහෙත් මහින්දානන්දලාගේ මටසිලූටු බේබදු බේබිලාට හිරගෙවල් නුහුරු ය. ඒ නිසාම උසාවිවල දෙරවල් වසා ඇප දුන්නාට සැක නැත.


බීලා හසුවීම සිද්ධියකි. සිද්ධි යනු සමහර විට වළක්වාගත නොහැකි අවස්ථා වෙයි. ලිස්සා වැටී කකුලක් බිඳුණ විට ලෙඩෙකි. ඔහු කුදලාගෙන හොරිවිල යති. මහින්දානන්දගේ පුතාගේ සිද්ධියත් ලාල් කාන්තගේ සිද්ධියත් වළක්වාගත නොහැකිවූ ඒවාය. එවිට සිද්ධිකාරකයෝ ලෙඩුන් නොව චුදිතයන්, සැකකරුවන් බවට පත් වෙති. මේ සිද්ධි දෙකටම මත්පැන් සම්බන්ධය. මත්පැන් බීම තහනම් නැත. එහෙත් මත්පැන් පාවිච්චිය ගැන නීති බොහෝය. බීලා වාහන එළවීම තහනම්ය. ප‍්‍රසිද්ධ ස්ථානවල බීම තහනම්ය. බීලා සණ්ඩු කිරීම තහනම්ය. ව්‍යතිරේකය හෝ විත්තිවාචකය මම බීලා හිටියේ යන්න පමණකි.


නීතියෙන් තහනම් වූ එවැනි බොහෝ කි‍්‍රයාකාරකම් වෙයි. රේල්පාරේ ගමන් කරන අයවලූනට නීති ප‍්‍රකාර අච්චු කරනු ලැබේ යැ’යි සුද්දාගේ කාලයේ යකඩ උණු කර තැනූ අවවාදය සහිත දැන්වීම් පුවරු අදත් දුම්රිය මාර්ගවල ඉතිරිව ඇත. මිනිස්සු රේල්පාරේ ගියාට කෝච්චි පෙරළෙන්නේ නැත. ඒ් නිසාදෝ ගෙවුණ ආසන්න සියවස තුළ රේල්පාරේ ගමන් කළ කිසිවෙකු උසාවි දක්කා දඬුවම් කර නැත. රේල්පාරේ යනු එවුන් අල්ලා උසාවි දමනවාට වඩා ආණ්ඩුවට කරන්නට කොපමණ වැඩ ඇතුවා විය හැකිය. බීමත්ව වාහන පැදවීම නිතර සිදුවේ. එවැනි අවස්ථා පොලිසියට හසුවී වැටෙන නඩු අනන්තය. එවැන්නක් ප‍්‍රවෘත්තියක් වන්නේ තවත් කාටවත් අනතුරක් සිදුවූ විටය. තමන්ම බීලා ගිහින් අතපය කඩා ගත් විට කිසිවෙක් කතා නොකරති. රටේ නීතිය අනුන්ට හානියක් නොවන තාක් ඉස්මතු නොවේ. අපේ මිනිස්සු රේල්පාරේ ගොස් කෝච්චියට යටවී මැරුණාට, තහනම් තැන්වල නාන්ට ගොස් ගිලී මැරුණාට නීතියෙන් දෝසයක් නැත. එහෙත් මහින්දානන්දලාගේ දරුවන් බීලා මිනිසුන් යටකළාම වැදගත් වන්නේ වින්දිතයාගේ සෞඛ්‍ය තත්වය නොවේ. අර බේබදු කල්ලියට ඇප ලැබුණාද යන්නය. මහින්දානන්දගේ පුතාට ඇප දීම ප‍්‍රවෘත්තියකි. ලාල් සම්බන්ධ ප‍්‍රවෘත්තියක් වන්නේ ඇප නොදීම නොවේ. ලාල් කාන්ත බීලා සිටියා යන්නය. චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන තිදෙනාම බලයට ආවේ විධායක ක‍්‍රමය අවසන් කිරීමටය. ඒවා කඩකළ පොරොන්දු වේ. ලාල්ගේ බීම ප‍්‍රශ්නයක් වන්නේ ජවිපෙ අය නොබීම නිසාය. රත්තරන්ට ඇප ලැබුණාම ගීතා කුමාරසිංහලා නැටුවේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයේ ස්ත‍්‍රීන් පරිහරණය පක්‍ෂය අනුමත කළ නිසා විය හැකිය. මාලනී පොන්සේකා මන්තී‍්‍ර වීමත්, පබා එජාපය හැර යාමත් අගේට විවරණය කළ හැකිය. ලාල්ගේ බීම මේ ආකාරයට ජුගුප්සාජනක තර්ක වෙත තල්ලූ වෙන්නේ රටේ පවත්නා දේශපාලනයද අසා සිටිය නොහැකි කුණුහරුපයක් බවට පත් ඇති නිසා විය හැකිය.

කි‍්‍රෂාන්ත පුෂ්පකුුමාර හෙවත් රත්තරන්ට ඇප දුන් පසුව ගීතා කුමාරසිංහලා ඔහු පිළිගත් හැටි දැක්වෙන පින්තූර නිකුත් විය. 14 හැවිරිදි දැරියකට අතවර කළාම ලංකාවේ ගැහැනුන් හැසිරීමෙන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය සංසර්ගය නොවේ. ¥ෂණය වීමේ ජොලිය විය හැකිය. මහින්දානන්දගේ පුතා ඇතුළු යහළුවන්ට උසාවියේ දොර වසා ඇප දීම ගැන සමාජය නොබියව කතා කරයි.


ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා හැරුණු කොට, බහුතර නීතිඥ ප‍්‍රජාව අධිකරණ නියෝග ගැන ආවාට ගියාට කතා නොකරති. එසේම අධිකරණයද සුද්ධවන්තම නැත. අහන්නත් හිරිකිත කැත කතා අනන්තය.


2005 ජනාධිපති මැතිවරණය අතර මහනුවර මැණික්හින්නේ එජාප රැුස්වීමට පෙරදා රාති‍්‍රයේ වේදිකාව ඉදිකරමින් සිටි පිරිසට ශී‍්‍රලනිප සංවිධායකයෙක් වෙඩි තැබීය. පොලිසිය අත්අඩංගුවට ගත් නීතිඥයෙකුවූ වෙඩික්කාරයා පසුදාම මහනුවර මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කළේය. ඒ වනවිටත් වෙඩික්කාරයා සිටියේ මහාධිකරණ ඇප මතය. හේතුව 2001 මහා මැතිවරණ දිනයේ පිලවල ඡුන්ද මධ්‍යස්ථාන පෝලිමට වෙඩි තබා ඡුන්දය දීමට පැමිණි අයෙකු ඝාතනය කිරීමය. මැණික්හින්න සිද්ධියේ තවත් සැකකරුවෙකු සැඟවී සිටීම සහ වෙඩි තැබූ ගිනිඅවිය සොයා නොගැනීම යන කරුණු මත වෙඩික්කාරයාට ඇප නොදෙන ලෙස පොලිසිය කරුණු දැක්වීය. මැණික්හින්න වෙඩි තැබීමට සම්බන්ධ සියලූ කරුණු සහ මහාධිකරණ ඇප මත සිටිමින් තවත් එවැනි සිද්ධියකට පැටලීම යන කරුණු මත වෙඩික්කාරයාට එජාපය වෙනුවෙන් පෙනීසිට ඇප නොදෙන ලෙස නීතිඥයෝ ඉල්ලා සිටියහ. එහෙත් වෙඩික්කාර නීතිඥවරයාට ඇප ලැබිණ. ඒ කාලයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂය.


මහින්දානන්දගේ පුතාලාට ඇප ලැබෙන විට, අගවිනිසුරු නලින් පෙරේරාය. ජනාධිපති සිරිසේනය. ඔක්තෝබර් ආරාවුලේදී වර්තමාන අගවිනිසුරුවරයා අපේ අධිකරණයට දුන් අගය විශිෂ්ට වේ. දොර වසා නඩු අසමින් මේ සිද්ධවෙන්නේ කුමක්ද? විනිසුරු නලින් පෙරේරා අගවිනිසුරු ලෙස පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය නොව විශිෂ්ටත්වය පමණක් සලකා බැලීමට ජනාධිපති සිරිසේනට ශක්තිමත් කශේරුවක් තිබිණ. ඒ සිරිසේන තමන් නම් කළ විනිසුරුවරුන් පත්නොකළා යැයි ව්‍යවස්ථා සභාව පට්ටගැසීය. කතානායක කරු ජයසූරියගේ ප‍්‍රකාශයෙන් සහ සභාව කල්තැබීමේ යෝජනාවෙන් සිරිසේන නිශේධ විය. රිය අනතුරකදී සැකකරුවන්ට ඇප දීම ගැන පොලිසියේ මතය අධිකරණය සලකා බලයි. මහින්දානන්දගේ පුතාට ඇප දුන් අවස්ථාවේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දොර මාධ්‍යයට වසා දැමිණ. දොරක් වහලා කරන දේවල් අනන්තය. එදා අධිකරණයේ දොර වැසුවේ එය තුුළ බලා සිටිය නොහැකි අසික්කිත දෙයක්, කුණුහරුපයක් එය තුළ සිදුවෙමින් පැවතීම නිසා විය හැකි යැ’යි රට්ටු කියති. ඒ හරහා අධිකරණයට සිදුවන අපහාසය ගැන ගස් බැන්ද යුත්තේ කවුදැයි අධිකරණ කොමිෂන් සභාව තීරණය කළ යුතු වේ. රන්ජන් රාමනායකට එරෙහිව නඩුව පවත්වා ගෙන යා හැකිද?


මේ කතාකළේ ලාල් කාන්ත හරහා ඇතිවූ ආලෝලනයට පසුබිම් වූ කරුණුය. එහෙත් නීතිය කඩකළ අවස්ථාවල අපේ මිනිසුන් පරස්පරව කතාකරන්නේ අධිකරණය ලවා තුුට්ටු දෙකේ වැඩ කරවාගත හැකි නිසාද? අභියාචනාධිකරණයේ සභාපතිධුරය අදටත් හිස්ය. එය පිරවිය හැකි ආකාරය 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41ඇ ෙඡ්දයෙහි දැක්වේ. ‘‘ව්‍යවස්ථාවේ උපලේඛනයේ දැක්වෙන කිසිම ධුරයකට ජනාධිපතිවරයා කිසිම තැනැත්තෙකු පත් නොකළ යුත්තේ ය.’’ එහෙත් ජනාධිපති සිරිසේන අභියාචනාධිකරණයට රටේ අගමැති ලෙස මහින්ද කළ ආකාරයටම තාවකාලික සභාපති කෙනෙකු පත්කළේය. 19 වෙනි සංශෝධනයේ 41ඈ ෙඡ්දය අනුව එකී පත් කිරීම නීති විරෝධී වේ. ජනාධිපති සිරිසේන එසේ කළේ ඇයි? මාර්තු මස විමසීමට නියමිත සිල් රෙදි නඩුවේ ඇපෑලට සාධාරණයක් කිරීමට විය හැකි යැ’යි ජනතාව සැකකරති. ජනාධිපති සිරිසේන ව්‍යවස්ථාව අබිබවා යන්නේ මහින්දානන්දගේ පුතාට, දැරියක ¥ෂණය කළ රත්තරන්ට ලැබුණ ජාතියේ ටිකට් එකක් ලලිත් වීරතුංගට, අනුෂ පැල්පිටට ලබාදීමටද? පොදු දේපල චෝදනා එල්ලවූ ලලිත් වීරතුංගලාට පහළ උසාවියෙන් ඇප ලැබිණ. ඒ කරුණාව ඔවුන්ට මහාධිකරණයෙන් නොලැබිණ. මේ උත්සාහය තාවකාලික සභාපති කෙනෙකු හරහා අභියාචනාධිකරණයට දේශපාලන කොන්ත‍්‍රාත් එකක් භාරදීමද?


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17වෙනි සංශෝධනය අනුමත කළේ පාර්ලිමේන්තුව ඒකමතිකවය. එය කපෝති කළ අවස්ථාවේ සිරිසේනද ඊට අත එසවීය. ඔක්තෝබරයේ රාජපක්‍ෂලා සමග නිදිවදින තෙක් සිරිසේනට 19 වෙනි සංශෝධනය සහජාතය. තමන්ගේය. එහි කිසිදු දෝෂයක් පැවැත්මට බාධාවක් තිබුණේ නැත. ඊවා වනසුන්දරගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා නලින් පෙරේරාගේ නම පමණක් යැවූ ජනවාරි සිරිසේන, ඔක්තෝබර් සිරිසේන වෙලා වාගේය. ටාසි විට්ටච්චිගේ ‘58 හදිසි අවස්ථාව’ පොතේ අග‍්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක දෑතෙහිම ටෙලිපෝන් තියාගෙන පොලිසියට නියෝග කළ බව සඳහන් වේ. එදා බණ්ඩාරනායක හිටියේ හැංගිලාය. අද සිරිසේන හැසිරෙන්නේ ආණ්ඩුවක් නැති ගානටය. අද පවත්නා ආණ්ඩුව නාමිකය. කොන්දක් නැත. කළ සෙල්ලම් නිසා පාරට බහින්න බැරිව සිටියි. සියල්ල සාරාංශ කර කියයි නම්, රනිල් සිරිසේනට ගූ බයය.

පාර්ලිමේන්තුවත් එහි කතානායකත් නොවන්නට තවම අගමැති මහින්ද රාජපක්‍ෂමය. රනිල්ගේ කෑලිත් නැත. අනාගතයේ ටාසි විට්ටච්චි කෙනෙකු මෙය ලියන්නේ එජාපයක් එසමයෙහි නොතිබුණා කියාය. පොලිස් නිලධාරීන් හත්සීයක් ප‍්‍රභාකරන් පණපිටින් පිච්චුවේ කේ.එච්.ජේ. විජේදාස කී දේ නොඅසා පේ‍්‍රමදාස දුන් නියෝගය නිසාය. පිය මග යන සජිත් ඉතිහාසය නොදැන කොමල පාමින් සිටියි. එජාප කොඩිය වැටුණේ 1988දීය. තවම එය එක එකාට පෑගෙමින් පවතී. පොලිසිය තුළ වාස් ගුණවර්ධනලා, අනුර සේනානායකලා ද අධිකරණයෙහි ලෙනින් රත්නායකලා නිර්මාණය වෙමින් පවතී.
දැන් සිරිසේන වෑයම් කරන්නේ අප ජනවාරියේ රාජපක්‍ෂගෙන් බේරාගත් රට නැවත මැදමුලනට සින්න කිරීමටය. රාජපක්‍ෂලා පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කී සිරිසේන සිල් රෙදි නඩුවේ තීන්දුව චකබ්ලාස් කිරීමට අභියාචනාධිකරණ පෙත සකසමින් සිටියි? මේ උදා ව ඇත්තේ ලෝවැඩ ස`ගරාව කවිකර කී කකුළුවන්ගේ දිය කෙළියයි. ජනතාව කියන්නේ ‘මහින්ද එළවාගත් අපට සිරිසේන කවුද?’ කියාය. සුදුකොඩි නඩුවේ විසම්මුතික තීන්දුව දුන් විනිසුරු පි.බී. වරාවැව විශ‍්‍රාම කල් පිරීමට පෙර විශ‍්‍රාම ගැන්වීය. (දුමින්ද සිල්වා නඩුවේ විසම්මුතික තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු තවම සේවයේය.* අභියාචනාධිකරණයේ සභාපති ධුරයට සිරිසේන යෝජනා කරන්නේ සුදුකොඩි නඩුවේ තුන්කට්ටුවෙන් කෙනෙකි. ව්‍යවස්ථා සභාව ඒ නම අනුමත නොකරයි. ව්‍යවස්ථා සභාව ජනතාවගේය. සිරිසේන මහින්ද රාජපක්‍ෂගේය.


මහින්ද-සිරිසේන එකතුවීම තුළ අධිකරණය නින්දා විඳියි. මහින්ද-සිරිසේන මංගල සමරවීරගේ 30 අවුරුදු සාදයේදී, ඔහු දෙපසින් සිටියේ ‘මිස්ටර් බීන්’ සහ ‘පරබල්ලෙකි’.
කිසි දිනෙක ජවිපෙට කැමති නොවූ අය ලාල්් කාත්නට ජයවේවා කීවේ ඇයි? ඒ සඳහා ‘සිරිසේන රත්තරන්’ගේ දේවාලයට චතුරිකා යවා පේනයක් ඇසිය යුතු වේ.
බීම සහ දේශපාලනය අතර බොහෝ සම්බන්ධකම් වෙයි. හැම දේශපාලනඥයාටම බාර් ඇත. උන්ගේ උන් බීමත්ව රිය පැද හසුවූ විට සිරිසේනගේ ආණ්ඩුවේ උසාවි ඇප දෙන්නේ දොරවල් වහගෙනය. ඒ මිනිසුන් පැන පහර දෙති’යි බියෙනි. ලාල් කාන්ත රිමාන්ඞ් කළ විට, රත්තරන්ට ඇප ලැබුණ විට බදා ඉම්බ ගීතලා අහන්නේ, ලාල් ජවිපෙන් නෙරපයිද කියාය. මේ රටේ බහුතර ජනගහනය ස්තී‍්‍රහු වෙති. ගීතලාගේ හැසිරීමෙන් උපකල්පනය කළ යුත්තේ ලංකාවේ ගැහැනු රමණයට වඩා අතවරයෙන්, දූෂණය වීමෙන් ජොලියක් ලබන බවද?


ගාමිණි දිසානායක මස් මාළු අනුභව කළේ නැත. ඒ ගැන ඇසූ විටෙක සිනාසී මෙසේ කීය. ‘‘උපාසකකමකට නොවෙයි. පුංචි කාලෙ අම්මා කවලා තියෙනවා. මම දන්න කාලේ මස් මාළු කෑවේ නෑ. අක්කලා මාළු කාලා වතුර බීපු වීදුරුවකින් බොනකොටත් මට වමනය එන්න වාගේ අපහසුවක් දැනුණා.’’ ගාමිණී පමණක් නොව ඒ යුගයේ කිසිදු දේශපාලනඥයෙකු යහපත්කම වික්කේ නැත.


සේනානායකලා ටික ටික ගන්ට ඇත. සර් ජෝන් හොඳටම ගත්තේය. එහෙත් ඔහුගේ බීම 56දී සටන් පාඨයක් වුණේ නැත. ජේ.ආර්. බීවාද නැද්ද යන්න ජේආර්වත් දන්නේ නැත. මේ රටේ උපාසක දේශපාලනය පටන් ගත් දිනය සොයා පලක් නැත. කළ යුත්තේ එය අවසන් කිරීමය. දාන වස්තුවක පැවතිය යුතු ශුද්ධභාවය බුදුහු වදාළහ. මැදගොඩ අභයතිස්ස මතු නොව කඹුරුගමුවේ වජිර හිමියන් පවා සිල්රෙදි හොරුන්ට දඩමුදල් එකතු කිරීමට පිණ්ඩපාතේ ගියේ රාජපක්‍ෂලාගේ තක්කඩි දේශපාලනයට සිල්රෙදි පෙරවීමටය. රටේ බහුතරය ලාල් කාන්තගේ චුට්ටක් ගත් එක ඉවසති. ඒ පවත්නා තක්කඩි දේශපාලනයට සාපේක්‍ෂවය. ජවිපෙ බහුතර ජනතාවගේ ආකල්ප අනුව වෙනස් විය යුතු වෙයි.

මේ උදාව ඇත්තේ ලෝවැඩ සගරාව කවිකර කී කකුථවන්ගේ දිය කෙළියයි. ජනතාව කියන්නේ මහින්ද එළවා ගත් අපට සිරිසේන කවුද කියාය. සුදු කොඩි නඩුවේ විසම්මතික තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු පි.බී. වරාවැව කල් පිරිමට පෙර විශ‍්‍රාම ගැන්වීය. (දුමින්ද සිල්වා නඩුවේ විසම්මතික තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු තවම සේවයේය.* අභීයාචනාධිකරණයේ සභාපති ධුරයට සිරිසේන ගේ යෝජනා කරන්නේ සුදු කොඩි නඩුවේ තුන් කට්ටුවෙන් කෙනෙකි. ව්‍යවස්ථාදායක සභාව ඒ නම අනුමත නොකරයි. ව්‍යවස්ථාදායක සභාව ජනතාවගේය. සිරිසේන මහින්ද රාජපක්‍ෂගේය.