සෙනට්සභික ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් මැතිතුමා අග‍්‍රගණ්‍යයේ පොදුජන සේවකයෙකි. ලංකා මුස්ලිම් ශිෂ්‍යත්‍ව අරමුදල හා සමස්ත ලංකා මුස්ලිම් තරුණ සමිති සම්මේලනයේ නිර්මාතෘවරයා වූයේය. ශ‍්‍රී ලංකා විශ්වවිiාලයේ සෙනට් සභාවේ හා පාලකමණ්ඩල සභික ධුර, සමස්ත ලංකා ගුරු සංගමයේ සභාපති හා විදුහල්පතිවරුන්ගේ සම්මේලනයේ ලේකම් පදවිය ද ඉසිලීය. 1952 වසරේ ලංකාවේ සෙනට් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්වූ අසීස් මහතා එම ධුරයට කිහිපවිටක් නැවත පත්කරනු ලැබීය. සම්මානනීය රාජ්‍ය සේවා කොමිෂන්සභාවේ ද සභිකයෙක් විය. බි‍්‍රතාන්‍ය රජයෙන් එම්.බී.ඊ. ගෞරව නාමයෙන්ද ඔහු පිදුම් ලැබීය. නවදිල්ලියේ Institute of Objective Studies විසින් නිකුත්කරන ලද ‘20 වන සියවසේ ශ්‍රේ්ෂ්ඨ මුස්ලිම් නායකයන් 100’ ප‍්‍රකාශනයෙහි සම්මානයට පාත‍්‍රවන එකම ශ‍්‍රී ලාංකිකයා වනුයේද අසීස් මහතාය


මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ චරිත ලක්‍ෂණ අල්පමාත‍්‍රයක් පමණි. ඔහු කවුරුද යන්න පැහැදිලිව හඳුනාගතහැක්කේ එක් අයෙකු විසින් කරන ලද මෙම හැඳින්වීම තුළිනි: ”හේ මුස්ලිම් භක්තිකයෙකි; යාපනයේ සිට එන්නෙකි; පෙනුමෙන් බර්ගර් ජාතිකයෙකි; ක‍්‍රියාවෙන් සිංහලයෙකි”. ඔහු පටු චින්තනය අත්හළ සැබෑ යුගපුුරුෂයෙකි.


මාගේ දේශනයේ ඉතිරි කොටසින් මා සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සිංහල-මුස්ලිම් සම්බන්‍ධය හා එය හුදු සම්බන්‍ධතාවකට පමණක් සීමා නොවී, ඉන් ඔබ්බට ගිය පුළුල් සන්දර්භයන් ගැනය. මා හා විටින්විට වැඩ කරන්නට යෙදුණු, ඒ සමගම මා ඉතා ගරුකරන මහාචාර්ය ලෝ(ර්නා දේවරාජා විසින් රචිත ”ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු- වසර 1000ක ජනවාර් ගික සහජීවනය – 900 සිට 1915” නම් ග‍්‍රන්‍ථය 1994 දී එළිදැක්විණ. මෙම පොත ලිවීම සඳහා දරන ලද දැඩි ප‍්‍රයත්නයත් පුළුල් ගවේෂණයත් හේතුවෙන් පොත එසේ නම් කිරීම සතුට දනවන්නකි. එතුමිය විසින් රචිත පරිදි ”ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පාරම්පරික පුරවැසියන් වන සිංහල ජනතාවත්, මුල්කාලයේ විදේශිකයන් වූ මුස්ලිම් ජනයාත් අතර ගොඩනැගුණ සුහදතාව හා ඔවුන් වසර දහසකට වඩා කාලයක් සුහදව විසූ බව දන්නේ ටිකදෙනෙක් පමණි”. එතුමිය වැඩිදුරටත් පවසන අන්දමට, ”මෙම සහජීවනය කෙතරම් සාමකාමීව තිබුණේදැයි කිවහොත් එම යුගය ඉතිහාසඥයන්ගේ අවධානයට පවා හසුවී නොමැත”. එතුමිය වැනි ශ්‍රේෂ්ඨ විද්වතෙකු පුළුල්වූ ගවේෂණාත්මක අධ්‍යයනයකින් පසුව එවන් සාධනීය නිගමනයකට එළඹීම අතිශයින් වැදගත් වේ. මෙම පුළුල් සහජීවනයේ වැදගත් අංග විස්තරාත්මකව පිරික්සීම සතුට දනවන කරුණකි. එතුමිය පවසා සිටින පරිදි ”මුස්ලිම්වරුන් රජයේ පරිපාලන සේවයේ මෙන්ම බෞද්ධ සිද්ධස්ථානයන්හි නිලධාරීන් ලෙසද කටයුතු කරත. මුස්ලිම්වරු දළදා මාලිගාවේ ක‍්‍රියාවන්ට ද සම්බන්‍ධ වෙමින් බෞද්ධයන්ගේ වැදගත්ම පූජනීය සංදර්ශනය වූ ඇසළ මහා පෙරහැරෙහි කටයුතුවලට ද සක‍්‍රිය දායකත්වය ලබාදුන්හ”. වැඩිදුරටත් ලියාගෙන යන එතුමියගේ අතිශය වැදගත් සඳහන වනුයේ ”මෙම එකමුතුව ගොඩනැගීමේදී මුස්ලිම් සංස්කෘතික අනන්‍යතාවට කිසිදු හානියක් නොවීම, බහුතර – සුළුතර සහජීවනයක අද්විතීය නිර්මාණයකි” යනුවෙනිි. මෙම සහජීවනය ජන සංඛ්‍යාත්මක ශක්තිය මත පදනම්ව ගොඩනැගුණක් නොවන බව ඔබට පෙනීයනු ඇත. මුළුමනින්ම ස්වාභාවික වූත් අසීමිත අන්‍යෝන්‍ය අවබෝධය හා පිළිගැනීම මත පදනම්වූවකි. අසීමිත කරුණාව හා ඉවසීම පාදක කරගත් බෞද්ධ දර්ශනයේ දැක්වෙන පරිදි, අන් අය තම ඇදහීමට හරවාගැනීමේ කිසිදු අභිප‍්‍රායක් නොපැවතීම, මෙම යහපත් ප‍්‍රතිඵලයට බලපෑ වැදගත්ම සාධකය වේ. එවක සමාජයේ හුරුපුරුදු නිවුණු, ඉවසිලිවන්ත ස්වභාවය හා ආකල්ප, මහාචාර්ය දේවරාජාගේ ග‍්‍රන්‍ථයෙන් පැහැදිලිව දැකිය හැකිය. අන්‍ය ලබ්ධිකයන් කෙරෙහි සිංහල රජවරුන් දැක්වූ අතිඋදාර සැලකිල්ල එහි දැක්වේ. උදාහරණ ලෙස දක්වමින්, උඩරට රජවරුන් විසින් පවරා දෙන ලද ඉඩම්වල ඉදිකරනු ලැබූ මුස්ලිම් දේවස්ථාන වන මහනුවර කටුපල්ලිය, මද්දුල්බෝව හා කහටපිටිය පල්ලිය එහි සඳහන් වේ. මුස්ලිම් ග‍්‍රාමවාසීන්ගේ සුබසිද්ධිය සඳහා පල්ලි ඉදිකිරීමට බෞද්ධ පන්සල් සතු ඉඩම් වෙන්කර දුන් අවස්ථා ගැනද සඳහන් වේ; පංගොල්ලමඩ පල්ලිය ඉදිවී ඇත්තේ දෙගල්ෙදාරුව විහාරභූමියේය, රඹුකඳන පල්ලිය කුරුණෑගල රිදී විහාරයට අයත් ඉඩමකය.

රිදී විහාරවාසී භික්‍ෂූහු, විහාර ඉඩකඩම්හි විසූ මුස්ලිම් කුලී නිවැසියන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවන්හිදී උපකාරවීමට මුස්ලිම් පූජකයන්ට අවස්ථාව සලසා දුන්හ. අනතුරුව එතුමිය එළඹි වැදගත්ම නිගමනය වනුයේ ”මේ අයුරින් මුස්ලිම්වරුන් සමාජ – ආර්ථික ව්‍යුහයට අන්තර්ග‍්‍රහණය වූයේ ඔවුන්ගේ ආගමික අනන්‍යතාව නැති කරනොගෙන පමණක් නොව එහි උද්දීපනයක්ද පවා ඇතිකරමිනි” යන්නය. එය සමාජයකට ලැබිය හැකි අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් නොවන්නේද? මුස්ලිම්වරුන් හා මහා සංඝයා ඇතුළු සිංහල බෞද්ධ ජනතාව අතර දිගු කලක් තිස්සේ පැවැති සුහදතාව මහාචාර්ය දේවරාජාගේ ගවේෂණ තුළින් මනාව දිස්වෙයි. විදේශ රටවල් හා සහසම්බන්‍ධය කෙසේද? මෙහිදී වුවද මුස්ලිම්වරුන් වැදගත් කාර්යයක් ඉටුකළ බවට සාක්‍ෂි තිබේ. ”ශ‍්‍රී ලංකාවේ විදේශ සබඳතා ක්‍ෂේත‍්‍රයෙහිද මුස්ලිම්වරු වැදගත් කාර්යභාරයක් ඉටුකළහ. 13වන සියවස තරම් ඈතදී පවා සිංහල රජවරුන් වෙළඳ සබඳතා පිළිබඳව ගිවිසුම් ඇතිකරගැනීම් වස් ඊජිප්තුවේ ‘මැම්ලූක්’ සභාවට අල්හජ් අල් උදුමාන් යවා තිබුණි. මහනුවර යුගය තෙක් වැදගත් කර්තව්‍යයන් ඉටුකිරීමට මුස්ලිම්වරුන් නියෝජිතයන් සේ දකුණු ඉන්‍දියාවට පවා යවා ඇති බව හෙළිවෙයි. ග‍්‍රන්‍ථය ලිවීමේදී විද්වත් මහාචාර්යතුමිය පවසන පරිදි ”මාගේ පර්යේෂණය අතරතුර මුස්ලිම් ගම්මාන, පල්ලි හා බෞද්ධ ආරාමයන් නැරඹීමටත්, එහි භාරකාර මණ්ඩල හා ප‍්‍රසිද්ධ භික්‍ෂූන්වහන්සේලා හමුවීමටත් අවශ්‍ය විය. පැරණි ගම්වාසීහු තම මුතුන්මිත්තන් සිංහල රජවරුන් හා පැවැති සමීප ඇසුර ගැන සංවේදීව සිහිපත් කළහ. මුස්ලිම් වෙදවරු බෞද්ධ පිරිවෙන් ඇසුරේ ගෙවීගිය තම ශිෂ්‍ය ජීවිතය ගැන සිහිපත් කළහ. එවක සිටි මල්වතු මහානාහිමියන් ඇතුළු වයෝවෘද්ධ භික්‍ෂූන්වහන්සේලා තමන්ට මතක තිබෙන ඈත කාලයේදීත් මුස්ලිම්වරුන් බෞද්ධ විහාරස්ථානවලට කළ සේවය සිහිපත් කළහ. එතරම් නවීකරණයට, එතරම් වාණිජකරණයට හා එතරම් දේශපාලනීකරණයට භාජනය නොවූ ඈත දුරබැහැර ප‍්‍රදේශවල සිංහල ගැමියන් හා මුස්ලිම් ගැමියන් අතරේ පමණක් නොව බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා හා මුස්ලිම් ජනයා අතර සුහද සබඳතාවක් තවමත් දැකිය හැකිය”. ”එතරම් නවීකරණයට, එතරම් වාණිජකරණයට හා එතරම් දේශපාලනීකරණයට භාජනය නොවූ” යන වදන්වල අරුත් අතිශයින් වැදගත්ය. පසු කාලයේ මෙම කළමනා ත‍්‍රිත්වයෙහි ආගමනයත් සමග තරගකාරිත්වය හා අසහනය ආදිය එදිනෙදා ජනජීවිතයට ඇතුළු විය. හැඩගැසීගෙන එන්නාවූ වත්මන් සහජීවනයට මේවා නිසැකවම බලපෑම් ඇතිකර තිබේ. මේ සිදුවී ඇති පරිණාමය ඇතැම් ඍණාත්මක ආකල්පයන් ජනිත කරන අතර මේවා වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි. අද අප ගෝලීය සමාජයක ජීවත්වන හෙයින් ගෝලීය සන්දර්භයන්ද අප පෙළනු ඇත. එවැනි දෑ වගකීමෙන් යුතුව මනාව කළමනාකරණය කරගැනීමට අප සමත්විය යුතුයි. අද අප අත්දකින වේගවත් තාක්‍ෂණික දියුණුව මෙම ප‍්‍රවණතාවන් තවදුරටත් උද්දීපනය කරනු ඇත. සුලබව ලබාගත හැකි, පහසුවෙන් පිවිසිය හැකි තාක්‍ෂණික මෙවලම්, අධිවේගීව ගලාඑන ප‍්‍රවෘත්ති – ඇතැම්විට එහි අපැහැදිලි හෝ ව්‍යාජ ස්වභාවය හේතුකොට මතුවන ක්‍ෂණික අසහනය හා උද්වේගකාරී හැඟීම් නිසා හොඳින් සිතාබලා, ගතයුතු පියවර හා දැක්විය යුතු ප‍්‍රතිචාරයන් කුමක්ද යන්න තෝරාබේරාගැනීමට අවශ්‍යයෙන්ම වැයකළ යුතු වූ කාලයද නොලැබී යනු ඇත. ඊළඟට, ජනප‍්‍රියත්‍වය පසුපස හඹායාම හා දේශපාලනයේ කැපී පෙනීසිටීමට ප‍්‍රබල පෙළඹවීමක්, ප‍්‍රවණතාවක්, පෙනෙන්නට තිබේ. මේවාත් කල්පනාකාරීව කළමනාකරණය කරගත යුතු ව තිබේ. මේවායේ යම් මධ්‍යස්ථභාවයක්, සමබරතාවක් ඇතිකර ගතයුතු යි.

වේගයෙන් ගලා එන සත්‍ය, අර්ධ සත්‍ය හා අසත්‍ය ප‍්‍රවෘත්ති හමුවේ සමබර – මධ්‍යස්ථභාවය ස්ථාපිත කරගැනීමට විවිධ ජනවර්ග හා ජනකොටස්වලට එන්න එන්න ම අසීරු කාර්යයක් වේ. ආගමික හෝ වාර්ගික හෝ වෙනත් කණ්ඩායම් තම අනන්‍යතාව විදහාපාමින් අදාළ උත්සව පවත්වමින් තම අභිමානය විදහාපෑමේ හා භුක්තිවිඳීමේ කිසිදු වරදක් නැත. එහෙත් ගැටලූව වන්නේ තමන් සමාජයේ එක්කොටසක් පමණක් වන අතර සමාජයේ බහුතරය වන අනිකුත් අය හා පවතින සහසම්බන්‍ධයට, සාමකාමී සහජීවනයට හානියක් නොකෙරෙන අයුරින් තම උත්සවයන් කළමනාකරණය කරගත හැකි ද යන්න යි. විවිධත්වය තුළ ඒකීයත්වය යන සංකල්පය රැුකගත හැකි ද? සැම ජන වර්ගයක් හෝ ජන කොට්ඨාසයක් මෙම උතුම් සංකල්ප නොතකා ක‍්‍රියාකරයි නම් සමාජය තුළ භයානක වාර්ගික ගැටලූ හා අසහනයන් ඇතිවීම වැළැක්විය නොහැකිය. මෙම ප‍්‍රවණතාවන් පාලනයකර කළමනාකරණය කරගැනීමට නම්, ජාතික මට්ටමේත් අනිකුත් ආයතන තුළත්, ජනවර්ග තුළ හා අනිකුත් කාණ්ඩ තුළත්, පරිණත දේශපාලන නායකත්‍වයක් තිබීම අවශ්‍යයි. අද අපට මෙවැන්නක් තිබේද? එවැනි සාධනීය තත්වයක් නොමැතිනම්, මෙම ප‍්‍රශ්නයට අවධානය යොමුකොට ක‍්‍රමවත්ව, අධිෂ්ඨාන ශක්තියෙන් යුක්තව අවශ්‍ය පිළියම් යෙදීම ඉතා හදිසි කරුණක් සේ සලකා ක‍්‍රියාකිරීමේ යුතුකමක් මෙන්ම වගකීමක්, උගත්, බුද්ධිමත්, පොදුජන යහපත ගැන හැඟීමක් ඇත්තවුන්හට නොතිබේද? විවිධත්වයේ අසිරිමත්බව යන මූලධර්මය අනුකූලව අනන්‍යතා පිළිබඳ කාරණා කළමනාකරණය කළයුතු ය. එසේ නොමැතිව අන්‍යයන්ට තර්ජනයක් හෝ ඔවුන්ගේ සිත් සතන් සසල කෙරේ නම් ඒවා පක්‍ෂග‍්‍රාහීබව සහ ප‍්‍රචණ්ඩත්වය ඇතිකරන මට්ටමකට ඇදවැටෙන්නට හැකිය. මෙහි ප‍්‍රතිඵලය වනුයේ සියල්ලන්ම පරාජයට පත්වීම යි; විශේෂයෙන් අප රටට එය දරාගත නොහැකිවනු ඇත. දැනට මා ඉහතින් සඳහන්කළ කාරණා බොහෝ කාණ්ඩවලට, විවිධ මට්ටම්වලට බලපෑවද, අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ පෙදෙස්වල මුස්ලිම්වරුන් කෙරෙහි ඍණාත්මක ආකල්පයක් ගොඩනැගෙමින් ඇති බව නොපිළිගන්නේනම් එය යථාර්ථය බැහැරකිරීමකි. විශේෂයෙන් 2001 සැප්තැම්බර් මාසයේ 11 අමෙරිකාවට එල්ලවූ ප‍්‍රහාරයත්, ඉන් පසුව වර්ධනයවූ අන්තවාදී කණ්ඩායම් තුළින් ඇතිවූ ආරවුල් හා ලේ වැගිරීම් හේතුවෙන් නිර්මාණය වූ තත්වය නිසා මුස්ලිම්වරුන් කොන්කිරීමක් හා ඔවුන් පීඩාවට පත්වන තත්වයක් ද උද්ගතව ඇත. මෙම හැඟීම් උත්සන්න වීමට තවත් එක් හේතුවක් වී ඇත්තේ මුස්ලිම් කාන්තාවන් හා පිරිමින් සෑහෙන සංඛ්‍යාවක් විසින් අනුගමනය කරනු ලබන්නාවූ ඇඳුම් පැළඳුම් විලාසිතාව යි. ඊට හේතු හා එහි වගකීම, කිසියම් එක් කණ්ඩායමකට පමණක් බැරකළ නොහැකි වූත් සංකීර්ණ වූත් එකකි; එනමුදු ඒ හා ආශ‍්‍රිත විවිධ මතයන් හා හැඟීම් කළමනාකරණය කරගැනීම උගහට ය.

චාරිත‍්‍රානුකූල වුව ද, නීත්‍යනුකූල වුව ද, එවන් අනන්‍යතා ප‍්‍රදර්ශනය කිරීම තුළින් එම කණ්ඩායම් තුළ තමන් අන්‍ය වූත්, දේශීය ඌරුව නොඉවසන කණ්ඩායමක් සේ විසීමේත් කැමැත්තක් ඇති බව, අනිකුත් රටවැසියන්හට හැඟී යන්නට පිළිවන. ඇතැම් කණ්ඩායම් විසින් ඉස්ලාම් ධර්මයට විවිධ වූ අර්ථකථනයන් දෙනු ලැබීම, ප‍්‍රශ්නය තවදුරටත් ව්‍යාකුල කරයි. මේ සම්බන්‍ධයෙන් මලයාසියාවේ අග‍්‍රාමාත්‍ය මහතිර් මොහමද් මෑතකදී රූපවාහිනී සීඑන්එන් ප‍්‍රවෘත්ති සේවය හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. සීඑන්එන්: ඔබ මධ්‍යස්ථ මතධාරී, මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක නායකයෙකි. 2003 දී ඔබ ඉස්ලාම් බැතිමතුන් අමතා ”කාලානුරූපීව අවශ්‍ය ලෙස යළි හැඩගැසෙන්න” යි ඉල්ලීමක් කළේය. එය ඉටුවී ද? මහතිර්: අද ඔබ දකින ඉස්ලාම් ක‍්‍රියාකාරකම්, මුල් ආගම විසින් උගන්වනු ලැබූ අයුරු නොවේ. යම් යම් බලවතුන්, නායකයන් හා විද්වතුන් ආදින් විසින් දෙන ලද අර්ථකථනයන් අනුව වෙනස්වූ, ඉස්ලාම් ක‍්‍රියාකාරකම් ය. කුරානයේ එන මුල් ඉගැන්වීම්වලින් බැහැර වූවකි, අද පවත්නේ. අපට හැෙඟන පරිදි කුරානයේ හැඳින්වෙන ඉස්ලාම් ධර්මය සෞම්‍ය වූත්, මධ්‍යස්ථ වූත්, එකකි. එහි යුද්ධ කරන්න කියා නැත. සැම මුස්ලිම් ජාතිකයන් සහෝදරයන් ලෙස ජීවත්විය යුතු බැව් පැවසේ. ප‍්‍රාණඝාතය තහනම් කර ඇත. මුල් ඉස්ලාම් ඉගැන්වීම මගින් තහනම් කළ දේ අද කෙරෙමින් පවතිනවා. එබැවින් මුල් ආගමික ඉගැන්වීමට දෙන විවිධ අර්ථකථනයන් තමා අද ලෝක ප‍්‍රජාව වර්තමාන තත්වයට ඇද දමලා තිබෙන්නේ. සීඑස්එන්: ඒ අනුව ඔබ කියන්නේ විවිධ පුද්ගල අර්ථකථනයන් අනුව තමයි ඔබගේ ආගම මෙහෙයවෙන්නේ.

මහතිර්: ඔව්; කෙනෙක් එනවා, ඔහු ජනප‍්‍රිය නායකයෙක් වෙනවා. ඔහු තමන්ගේ අර්ථකථනය දී කියනවා යුද්ධ කළයුතුයි, මනුෂ්‍ය ඝාතන කළයුතුයි, අන්‍ය ආගම් අදහන්නන්ට එරෙහි වියයුතුයි, තමුන් අතරේ වුවද අන්‍ය මතයන් දරන අය පවා ප‍්‍රතික්‍ෂේප වෙනවා. මෙහි ප‍්‍රතිඵලය වනුයේ අස්ථාවරත්වය, එදිරිවාදුකම්, සිවිල් යුද හා ජාතීන් තුළ යුද තත්වයන් නිර්මාණයවීමයි”. මෙහි සඳහන් කරුණු සම්බන්‍ධයෙන් එකඟ වූවා හෝ නොවූවා හෝ, මහතිර් යනු ගෞරවයට පාත‍්‍රවූ ලෝක නායකයෙකි. ඔහුගේ හඬට සවන්දෙන්නෝ බොහෝ ය. නෝනාවරුනි, මහත්වරුනි, මෙම දේශනය මගින් මාගේ ප‍්‍රයත්නය වූයේ අප සමාජය සාර්ථකව ස්ථාපිත කළ විවිධත්වය තුළින් එකමුතුකම සහ සිංහලයන් හා මුස්ලිම්වරුන් අතර සියවස් ගණනාවක් තුළ ගොඩනගා පවත්වාගෙන ආ අන්‍යෝන්‍ය සුහදතාව, සාමකාමී සහජිවනය හා සංහිඳියාව කෙරෙහි ඔබගේ අවධානය යොමුකිරීමටයි. වර්තමානයේ අප මුහුණපාන අයහපත් වූත්, අසහනකාරී වූත්, ප‍්‍රවණතාවන්් හා එම තත්වයන් පාලනය කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරගත යුතුව තිබෙන බව අවධාරණය කිරීමටත් මෙමගින් උත්සාහ කළෙමි. විවිධත්වය පාලනය කරගැනීමේ බැ?රුම්කම ගැනත් අවධානය යොමු කළෙමි. මා එක් කලක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ව සිටියදී බහරේන්හි අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් පැවති දිවාභෝජන සංග‍්‍රහයකදී මම එතුමාට ආසන්නව අසුන්ගෙන සිටියෙමි. අපගේ සතුටු සාමීචියේ දී ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් අධ්‍යාපනය හා මුස්ලිම් පාසල් ගැන කතාබහක යෙදුණෙමි. දැඩි අවධානයෙන් යුතුව මට සවන් දුන් ඔහු මා මවිතයට පත්කළ පැනයක් නැගුවේය. ”ඇයි පීරිස් මහත්මාණෙනි මුස්ලිම් පාසල්යයි කියන්නේ?” ඔහුගේ මතය වී තිබුණේ විවිධ ජන කණ්ඩායම් වෙන් වෙන්ව විසීම හානිකර බව ය; ඉතාමත් බුද්ධිමත් හා තාත්වික මතයකි. අපගේ වර්තමාන පාසල් ව්‍යුහයට බලපෑ ඇතැම් ඓතිහාසික සංසිද්ධීන් හා ජනකොටස් එක්රොක්වීමේත් කේන්‍ද්‍රගතවීමේත් ප‍්‍රවණතාව ආදින් මම ඔහුට පෙන්වා දුනිමි. එබැවින් මේවා ඉතාමත් සංකීර්ණය; විවිධ අය විවිධ වූ මත දරති. අනන්‍යතාව, අන්‍යෝන්‍ය ගෞරවය ආශ‍්‍රිත කරුණු අතිශයින් වැදගත්වේ. මෙවැනි සංවේදී කරුණු නිසි ලෙස කළමනාකරණය නොකෙරේ නම් සමාජයේ ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වියහැකිය. සිංහල හා මුස්ලිම් ජනයාට එක්ව ක‍්‍රියාකිරීමට, සියවස් ගණනක ඉතිහාසය විසින් ගෞරවාන්විත රාමුවක් සාදා දී ඇත.

අතීතයේ මෙන්, ජන ජීවිතයේ සංහිඳියාව, පුද්ගල මට්ටමේ නොහොත් එකිනෙකා අතර සතුටුදායක තත්වයේ පවතී. මෙවන් දිවියක වැදගත්කම විදහාපෑමට මා පෞද්ගලිකවම දන්නා සිද්ධියක් ගෙනහැර පෑමට කැමැත්තෙමි. මම කොළඹ මාලිගාකන්‍ද විද‍්‍යෝදය පිරිවෙන් භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක්මි. විෙiා්දය යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පිරිවෙණයි. එය බෞද්ධ අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානයක් වූවා පමණක් නොව දේශීය සංස්කෘතියේ පුනර්ජීවයක් ඇතිකළ, ජාතික නිදහස් ව්‍යාපාරයට ද විශාල වශයෙන් දායක වූ ආයතනයකි. ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා හා ගුරු ස්වාමීන්වහන්සේලා ද එහි නේවාසිකව සිටියහ. මොවුනට දානය සැපයිය යුතු ව තිබුණි. ඵක් වකවානුවකදී පිරිවෙන් භාරකාරත්වය ට බැ?රුම් ආර්ථික අහේණියකට මුහුණපාන්නට වූයෙන් නේවාසික භික්‍ෂුන්වහන්සේලාට දානය සපයා දීම බරපතළ ගැටලූවක් විය. මේ අවධියේ මැද කොළඹ ආසනයේ තෙවෙනි මන්ත‍්‍රී හළීම් ඉෂාක් මැතිතුමා එම ස්ථානය පසුකර යන ගමන් පිරිවෙණට ගොඩවැදී යාමට අදහසක් පහළවී එතැනට සැපත් විය. එහිදී පිරිවෙනේ නායක ස්වාමීන්වහන්සේ බැහැදුටු එතුමා පිරිවෙණ මුහුණ පා සිටි තත්වය ක්‍ෂණිකව වටහාගෙන තම විමධ්‍යගත අරමුදලින් සෑහෙන මුදල් ප‍්‍රමාණයක් පිරිවෙණට ලැබෙන්නට කටයුතු යෙදුවේය. ඉන් මාස කීපයකට පසු පිරිවෙණේ තිබූ එක් උත්සවයකට නායක ස්වාමීන්වහන්සේ මන්ත‍්‍රීතුමන්ටත් ඇරියුම්කර තිබුණි. මෙම ගාම්භීර අවස්ථාවට මල්වතු හා අස්ගිරි අනුනායක ස්වාමීන්වහන්සේලා කීපනමක් ඇතුළුව දිවයිනේ නන් දෙසින් ප‍්‍රසිද්ධ ස්වාමීන්වහන්ස්ලා ඇරයුම් ලැබ පැමිණ සිටියහ. උත්සව ශාලාවේ ප‍්‍රධාන වේදිකාවේ අසුන් ගත්තවුන් අතර සිටි එකම ගිහියා වූයේ හළීම් ඉෂාක් මන්ත‍්‍රීතුමා ය. අනික් අය වයෝවෘද්ධ තපෝවෘද්ධ ස්වාමීන්වහන්සේලා ය. පිරිවෙන් පාලක මණ්ඩලයට පවා අසුන් පනවා තිබුණේ ප‍්‍රධාන වේදිකාවට පහළිනි. ප‍්‍රධාන වේදිකාවේ අසුන් පනවා තුබූ ආකාරය පිළිබඳව යම් කසුකුසුවක් ඇතිවී තිබුණි. උත්සවය ආරම්භවීමත් සමග නායක ස්වාමීන්වහන්සේ පැමිණි පිරිස අමතමින් වේදිකාවේ අසුන්ගෙන සිටින ගිහි භවතා හඳුන්වාදෙමින් එතුමාට වේදිකාවේ විශේෂ අසුනක් පනවන්නට හේතුව පහදා දුන්හ. වේදිකාව මත කිසිදු බෞද්ධ සම්භාවනීය ගිහිකෙනෙකු නොසිටිමුත්, වේදිකාවෙහි අසුන්ගත් එකම ගිහියා හළීම් ඉෂාක් මන්ත‍්‍රීතුමන් පමණකි. එදින තිබූ හැඟීම් හා වාතාවරණය මහාචාර්ය ලෝ(ර්නා දේවරාජා විසින් මැනවින් පර්යේෂණයකොට රචිත ග‍්‍රන්‍ථයෙහි විස්තර වේ.


මෙම සමරු දේශනය සෙනට්සභික ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් ශ‍්‍රීමතාණන් අනුස්මරණයක් සේ ම එතුමන් වෙත පිදෙන උපහාරයකි. එතුමා සිංහල බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර පැවැති ඓතිහාසික සම්ප‍්‍රදාය, පුළුල් දැක්ම හා අන්‍යෝන්‍ය සුහදතාව, පෝෂණය කරමින් ආරක්‍ෂාකරගැනීම සඳහා මුළු හදවතින්ම වෙහෙසුණුු චරිතයකි. එමනිසා එතුමාගේ ලිපි එකතුවක් සේ ප‍්‍රකාශිත The West Reappraised ග‍්‍රන්‍ථයෙන් උපුටනයක් සමගින් මෙම සමරු දේශනය අවසන් කිරීමට කැමැත්තෙමි. එහි, එතුමා ලියූ ”බුද්ධ ජයන්ති” යන ලිපියේ මෙසේ සඳහන් වී තිබේ:


”බුද්ධ ජයන්තිය උචිත අයුරින් ගෞරවාන්විතව සැමරීම සඳහා බෞද්ධ උසස් විද්වත් මණ්ඩලයක් ස්ථාපිත කෙරේ. මෙම ඓතිහාසික අවස්ථාව ලංකාවේ වෙසෙන අතිමහත් බහුතරයට දැඩි ආගමික වැදගත්කමක් තිබෙනවා පමණක් නොව මේ සුන්‍දර දිවයින අපගේත් දේශය බවට උද්දාමයෙන් හිමිකම් කියාපාන අප සියල්ලටම දේශීීය වශයෙන් අතිශයින් වැදගත්ය. මෙම සුන්‍දර දිවයින නිජබිම කරගත් අප, බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම්වලින් වෙන්කළ නොහැකි ලෙස බද්ධවී ඇති දේශීය උරුමයන් හා ප්‍රෞඪ ඉතිහාසය කෙරෙහි අප හැඟීමෙන් හා අවදියෙන් විසිය යුතු ය.

බෞද්ධ දර්ශනයෙන් වෙන්කළ නොහැකි සේ ගෙතුණු දේශීය කලාව, ගෘහනිර්මාණ ශිල්පය, ඉගැන්වීමේ ක‍්‍රම, සාහිත්‍යය ආදිය, ඉදිරියේ පැවැත්වීමට නියමිත සමරු උත්සව තුළින්, විශේෂයෙන් බෞද්ධ නොවන අපට සිහිපත්කර දෙයි. අප දේශය, අනිකුත් දේශයන් අතර විරාජමානව, අග්නිදිග ආසියාවේ විශිෂ්ට තැනක් අත්පත් කරගෙන තිබීම බුදුරජාණන්වහන්සේගේ ජීවිතය හා දර්ශනයෙන් වෙන්කළ නොහැක. මේ තුළින් ජාතීන් අතර සාමය, සංහිඳියාව හා සහජීවනයට අප එකඑල්ලේ ම පොළඹවන බව අභිමානයෙන් යුක්තව සිහිපත් කළයුතුයි. මුල්ම මුස්ලිම් ජනාවාසිකයන් සේ දිවයිනට පැමිණි අයට හෘදයංගම පිළිගැනීමක් ලැබුණේත්, ලංකාවේ අප භුක්ති විඳින ආගම ඇදහීමේ නිදහස හා වරප‍්‍රසාද ලැබුණේත්, එදින විසූ සිංහලයන් තුළ තිබූ, බුද්ධ ධර්මයේ ඉගැන්වෙන ඉවසීම හා කරුණාව විසින් පෝෂණය වූ ගුණවත්කම නිසා ය. මුල්ම මුස්ලිම් ජානපදිකයන් හා ඔවුන්ගෙන් පැවතෙන්නන් ලද පිළිගැනීම, සුහදත්වය හා නිදහස හේතුවෙන්, ලංකාවේ සම්පත් වර්ධනය හා සුබසිද්ධිය සඳහා ද සැලකිය යුතු මෙහෙයක් කිරීමට මුස්ලිම් ජනතාවට හැකිවිය”.
සෙනට්සභික ආචාර්ය ඒ.එම්.ඒ. අසීස් වැනි, පැහැදිලි දර්ශනයක් තිබෙන්නාවූ, උගත්, විචක්‍ෂණ බුද්ධියෙන් ආඪ්‍යවූවන් පෙරටත් වඩා අද දවසට අවශ්‍යය. ඔහු අවුරුදු 62ක් වන් තරුණ වියකදී මෙලොව හැර යන්නට වීම අප මුළුමහත් ජාතියේම අභාග්‍යයකි.


ඔහුට පිදිය හැකි ශ්‍රේෂ්ඨම උපහාරය වනුයේ අනිකුත් සම්මානනීය මුස්ලිම් සංවිධාන හා එක්වී, එසේම අනිකුත් ජාතීන් හා ආගම් නියෝජනය කරන එවැනි සංවිධාන සමග එකමුතු වී, සැකය, අසාධාරණය හා ප‍්‍රචණ්ඩත්වයට එරෙහි වී ශතවර්ෂ ගණනාවක් තිස්සේ අප සමාජයේ විශිෂ්ට ගුණාංග සේ අප’තර සුරක්‍ෂිතව රැුඳි සුහදත්වය, සංහිඳියාව හා සහජීවනය යළි ගොඩනැගීමට අධිෂ්ඨානශීලීව පෙරමුණට ඒමයි. කිසිවක් නොකර හිඳීම විකල්පයක් නොවේ. ‘ක‍්‍රෑරත්වය හා අශිෂ්ටකම ව්‍යාප්ත වීමට අවශ්‍යවනුයේ ගුණවත් මිනිසුන්ගේ නිහැඬියාව පමණ යි’ යන පඬිවදන සැමවිටම සිහි තබාගතයුතු යි.x

දේශමාන්‍ය ආචාර්ය එම්.ඞී.ඞී. පීරිස් මහතා පේරාදෙණිය විශ්වවිiාලයේ උපාධිධාරියෙකි. කොළඹ විශ්වවිiාලය හා එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිiාලය ඔහු වෙත ආචාර්ය උපාධි පිරිනමා ඇත. ශ‍්‍රී ලංකා සිවිල් සේවයේ නියැළුණු ඔහු එම සේවය අහෝසි වීමෙන් බිහිවූ ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ද කටයුතු කළේය.


අග‍්‍රාමාත්‍ය ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, කෘෂිකර්ම, ආහාර හා සමූපකාර අමාත්‍යංශ ලේකම්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හා ගුවන් විදුලි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය, ඔහු දැරූ විවිධ නිලයන් සමහරකි.

දේශමාන්‍ය, ආචාර්ය එම්.ඞී.ඞී. පීරිස්
පරිවර්තනය/ වෛද්‍ය එල්.ඒ.ඩබ්ලිව්. සිරිසේන
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ