කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ජුලි 29 වැනිදා කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රෝහලේදී තමාගේ රාජකාරියට බාධා කරමින් දැඩි බලපෑම් එල්ලකළ බව පවසමින් හා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අසත්‍ය ප‍්‍රකාශ කරමින් තමාගේ කීර්තිනාමයට දැඩි කැළලක් කරන ලද බව පවසමින්ය.


එම අසත්‍ය ප‍්‍රකාශයන්ට හා රාජකාරියට බාධා කිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද වෛද්‍ය සරත් වීරබණ්ඩාර ඉල්ලා ඇත.
බැලූ බැල්මටම පෙනෙන්නේ වෛද්‍ය සාෆි පිළිබඳ මැවූ බොරුව දිනෙන් දින කඩා වැටෙද්දී එයට මුක්කු ගැසීම සඳහාත්, එම බොරුවේ පාර්ශ්වයක් ලෙස තමා මෙන්ම තවත් අය නිරුවත් වෙමින් යෑම වසාගැනීම සඳහාත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවය.


පාර්ලිමේන්තු කමිටුව හමුවේ සීඅයිඞීයේ ශානි අබේසේකර දුන් සාක්ෂියෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර නිරුවත් විය. කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ ක‍්‍රියාකලාපය ගැන සීඅයිඞීය පමණක් නොව වෙනත් පාර්ශ්වද අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ.


හරි නම් සිදුවිය යුත්තේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂගේ පාර්ශ්වික හැසිරීම හා කටයුතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කිරීමත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර පියවර ගැනීමත්ය. එහෙත් සිංහල ජාතියත්, සිංහල බෞද්ධාගමත්, එය ආරක්ෂා කිරීමට පේවී සිටිනවායැයි කියන සිවුරු පොරවාගත් පැවිද්දන් නිසාත් සෞඛ්‍ය නිලධාරීන් ඊට පැකිලෙනවා විය හැකිය.

සබැඳි පුවත් : https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/

https://www.anidda.lk/%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%99/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%9a%e0%b6%b4%e0%b7%85/ https://www.anidda.lk/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e2%80%8d/ https://www.anidda.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%93%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f/ https://www.anidda.lk/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92-%e0%b6%bb%e0%b7%90%e0%b7%94%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba/ https://www.anidda.lk/tag/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92/