සැම අතකම වෙන්වයාම් සිහි ගන්වන සලකුණු ය. සුළඟ ගැවසී තුරු මතින් පත් ළිහා දමයි. නෙතකින් කඳුළක් ගිළිහෙයි. සුවඳක්, නෙත් බැල්මක්, සිනහවක් සුළං දැලේ පාවී කාලය දිගේ ඈතට ඇදී යයි. හුදකලාව ම නන්නාඳුනන ලෝකයක් වෙතට ප‍්‍රවේශ වීමකින් ඇරඹෙන ජීවිතය ක‍්‍රමයෙන් ඇලූම්-බැඳුම් සමුදායක පැටලෙන්නකි. එය හමුවීම් සහ වෙන්වීම්වලින් පිරී පවතී.

නැවත හුදකලාව ම සැඟවී යාමට පෙර ජීවිතය තුළදී ආදරණීයයන්ගෙන් වෙන්ව යාමට සිදු වන අවස්ථා කොතරම් ද? ප‍්‍රියයන්ගෙන් වෙන්වීම රිදුම් උපදවන බව සැබෑ ය. එහෙත් අන් විකල්පයක් නොමැති වූ කල්හි, ඊළඟ වියෝගය දෙසට ඇදෙන හමුවීම් වීදියේ ම ඉදිරියට ඇවිද යාමට අපට සිදු වේ. රිදීමක ගෑවුණු යම් මිහිරක් ද, ශෝකයේ තැවරුණු අරුම පුදුම රසයක් ද සාහිත්‍යයේදී අපි හඳුනා ගනිමු. වියෝගයේ සියුම් විඳීම් පිරි වචන, දෙබස්, දිගු සුසුම්, ශෝකී රාවයන්, ඉකිබිඳීම් සේ ම යළි හමුවීමේ සියුම් අපේක්ෂා රේඛාවන් ද අවකාශය පුරා නිතොරව ඉහිරී යයි. මේ දැන් මසිත තුළ අමරදේවගේ හඬ සුසර වන්නේ කලකට ඉහතදී, යුක්තිය පසිඳනා බිමකදී හමු වූ අජන්තා රණසිංහ නමැති කෘතහස්ත ගී රචකයා උපේක්ෂා සහගතව සිහි කළ ගීතයක් සමගිනි.


ඔබ සැමරැුම් රැුඳි කවුළුව මානේ –
කඳුළක පැල්ලම් ඉරි ඇඳුණා

අලූත් මලින් සැදි වනෝද්‍යානේ –
සැඳෑ බොල් හුළෙඟ් –
මට තනියක් දැනුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ –
හංස ගීතය ලියවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ –
ප‍්‍රාර්ථනා සුවඳේ – ඔබ එතැයි සිතුණා


ඕනෑම කඳුළු බිඳක අගිස්සක බලපොරොත්තුවේ සිහින් රේඛාව දිලිසෙයි. වියෝග මොහොත කල්පනා විමනේ පාළු අවට කම්පනය කරන කල්හි අප සවන් සහ සිත් සතන් මොකක්දෝ නුහුරු වූත්, එසේ ම යම් කිසි ලෙසකින් හුරු පුරුදු ද වූත් ශෝකී රාවයක පැටලෙන්නේ නිරායාසයෙනි.
හෙන්රි වර්ඞ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝ නම් කවියේ වරක් මෙසේ ලියයි.


”ආරම්භය පිළිබඳ කලාව විශිෂ්ට ය. එහෙත් වඩාත් විශිෂ්ට වන්නේ නිමාව පිළිබඳ කලාව යි”.
හමු වීමේ හෝ පේ‍්‍රමයේ මිහිරියාව කවි-ගීතාදිය එක්තරා ලෙසක සාමාන්‍ය ඒවා බවට පත් කරන්නේත්, වෙන්ව යාමේ සහ අහිමි වීමේ හැඟීම් හා බැඳුණු නිර්මාණ දැඩිව හද බැඳ ගන්නා කලා කෘතීන් බවට පත් වෙන්නේත්, යම් වැඩිමනත් ගුණාංගයක් වේදනාබර කලාව තුළට කා වැදී ඇති නිසාදැයි නොදනිමි. නිතරම මසිත නතර කර ගන්නා එඞ්වඞ් මුන්ච්ගේ ශෝකී පින්සල අදත් අමතක කළ නොහැක. මේ සටහන ලියන මොහොතේ මගේ සිතිවිලි වේදිකාවේ පසුබිම සැරසී ඇත්තේ ඔහුගේ ඵැක්බජයදකහ නම් ප‍්‍රකට සිතුවම වැන්නකින් යැයි සිතමි.

එය ශෝකාකූලභාවයේ උපරිමය පත් ඉරුවක තවරා කළ නිර්මාණයකි. මුන්ච්ගේ සිත්තම් ක‍්‍රමයේ අනන්‍යතාවන් බඳු වූ ළා මලානික වර්ණ ගැළපුම සහ පසුබිම් අවටින් මතු වන කතා කරන සෙවණැලි රූ වැලක් වැනි පාළු හැඟීම් කැටිය, 1891 වසරේදී නිමැවුණු මේ සිතුවමට ද ඇතුළු වී ඇත. සිත්තරාගේ මිතුරෙකුගේ දුක්බර ආදර අත්දැකීමක් මෙයට පාදක වූ බව ප‍්‍රකටය. සයුර සහ අහස වෙරළ පසුබිමින් වෙන් කෙරෙන නිම්නෝන්නත රේඛාවන් ආදරවන්තයාගේ වියෝග ඉරියව්ව හා මනාව සමපාත වේ. වියෝ වීමකින් හෝ ප‍්‍රතික්ෂේප වීමකින් පසුව කෙනෙකු දකින ඇල් මැරුණු වටපිටාව නිරූපණය කරන බව දැනේ.

දිය මතට වැටී ඇති සඳ පහනෙහි ඡායාව පැහැබරව පෙන්වන්නේ විප‍්‍රලම්භ ශෘංගාරය බව ද, සිතුවමේ වම්පස ඉහළ කලාපයේ දැවටී ඇති මෘදු දම් පැහැයෙන් ඇඟවෙන්නේ තව දුරටත්, සිතැඟි තුළ වියෝ නොවී පවතින අපේක්ෂාවන් බවද විචාරකයෝ දක්වති. වෙන්වීමේ වේදනාව ප‍්‍රකාශ කරන්නට සංගීතය තරම් සූක්ෂ්ම භාෂාවක් නැතැයි ඒ අතර මට සිතේ. ශෝකී ස්වර පරාස අතර වචන එතරම් වැදගත් නොවන බැවින් ගීතය ගැයෙන භාෂාව ගැටලූවක් වන්නේ නැත. සංගීතය හඹා එන අරුත හරියට ම උකහා ගන්නට පමණක් භාෂාව උදව් කරනු ඇත. ෂභෘෂඛ් නමැති ගායිකාව ගයන ෘැරබසැරු ෘ්බිැ නම් වූ ප‍්‍රංශ ගීතය මේ වෙනුවෙන් මට ඉදිරිපත් කළ හැකි හොඳ ම උදාහරණයකි. වියෝගයේ වේදනාවත්, එහි කෙළවරක ඇතැයි සිතන අපේක්ෂාවත් මධුර හඬකින් ෂභෘෂඛ් ගයනු ශදමඔමඉැ මගින් ඔබත් අසන්න. පෙර කීවා සේ පැහැදිලි සෝ හැඟුම් තවත් පිරිපහදු කර ගන්නට පමණක් අරුත් කියවමු.

අහෝ මගෙ මිහිරි වේදනාව!
ඔබ යළිත් දබර වීමෙහි අරුතක් නැහැ.
මගේ මේ ජීවිතය කිසි කමකට නෑ.
ඔයා නැතිව මං දුකට පත් වෙලා.
මේ පටු වීදියේ මං ඇවිද යනවා.
ඉතින් මේ මගේ අන්තිම නර්තනය!

දුක අමතක කරන්නට සියල්ල හැරදා ආයෙත්
අලූතින් පටන් ගන්නට

මගේ මිහිරි වේදනාව!
අහස අකුලා ? දහවල කලතා
සුළඟ සහ වැස්ස සමග
එක ආදර ස්පර්ශයක්
එක පැණි බින්දුවක් පතා
නටමි මම නටමි නටමි නටමි


සැබැවින් ම අපි මේ ජීවන මාවතේ දෛවයේ අපි සංගීත රාවය අනුව පා තබමින් ගමන් කරමින් සිටිමු. අපහසුවෙන් මුහුණදෙන සමුගැනීම්වල නිම්නයෙන් එපිට ඔබටත්, මටත් යම් නොදන්නා දම්පාට දිලිසුමක් පෙනේවා! ඒ ප‍්‍රාර්ථනය මෙබඳු කලා නිර්මාණවල රිද්දීම් අතරින් යම්තමින් දැනී යන පිරිමැදීම් අතර කොහේ හෝ තිබෙනු ඇත. එසේ නම්, මා අන්තිමට කියන්නට තබා ගත් පාවුලෝ කොයියෝ ලියූ වැකිය මෙයයි.


”සමුගැනීමට අවශ්‍ය නිර්භීත බව ඔබට තිබේ නම් ඒ වෙනුවෙන් අලූත් හමුවීමක ත්‍යාගය සැම විට ම ඔබට ලැබෙනු ඇත.” x

ලක්ශාන්ත අතුකෝරල