ආර්ථික විශේෂඥයෙකු වන ඩැනියෙල් සුස්කින්ඞ් ‘අ වර්ල්ඞ් විතවුට් වර්ක්‘ නමින් කෘතියක් ලියා තිබෙනවා. එම කෘතියෙහි තේමාව ගැන ගාඩියන් පුවත්පත ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කර තිබුණා.


එදිනෙදා කතාකරන මාතෘකාවක් නොවුණත්, මිනිසුන් රැුකියා නොකරන හෙට දිනයක් ගැන කල්පනා කරන්නට හේතු බොහොමයක් තිබෙනවා. ඒ නිසා ඩැනියෙල් සුස්කින්ඞ් මතුකර පෙන්වන ඇතැම් කාරණා ගැන සඳහන් කිරීම වටිනවා.


රැුකියා නැති හෙටක් සඳහා මූලිකම හේතුව ලෙස සැලකෙන්නේ තාක්ෂණයෙහි වර්ධනය. රැුකියා නැතිවීම යනු සියල්ලටම රැුකියා නැතිවීම නොවෙයි. බොහෝ රැුකියා වලින් කෙරෙන කාර්යභාරය ඊට වඩා ලාභදායී ලෙස යන්ත‍්‍රයකින් කළ හැකි වෙද්දී, ලෝක ජනගහනයට ප‍්‍රමාණවත් තරම් රැුකියා නැතිවීමයි ගැටලූව වන්නේ.


ඇත්තෙන්ම යන්ත‍්‍රවලින් රැුකියා ඩැහැගැනීම ගැන බිය මීට වඩා පැරණි එකක්. මීට පෙර අතීතයේදී නම් ඒ බිය තේරුමක් නැති බියක් ලෙස සැලකුවා. මීට වසර දෙතුන්සීයකට පෙර සිටම විවිධාකාර යන්ත‍්‍රසූත‍්‍ර බිහිවෙමින් කාර්මික විප්ලවය වර්ධනය වෙද්දී මිනිසුන් කරන බොහෝ දේවල් යන්ත‍්‍රවලින් පැහැරගැනීම ගැන බිය මුලින්ම පැතිර ගියා. පරිගණක බිහිවෙද්දීත් ඒ බිය වර්ධනය වුණා. එහෙත් ඒ යන්ත‍්‍ර නිසා මිනිසුන්ගේ රැුකියා අවස්ථා අහිමිවුණේ නැහැ. කාර්මික රැුකියා නැතිවෙද්දී මිනිසුන්ට කරන්නට අලූත් ක්ෂේත‍්‍රවල රැුකියා බිහිවුණා. යන්ත‍්‍ර බිහිවෙද්දී ඒ යන්ත‍්‍ර පාලනය කරන්නට මිනිසුන්ව ඕනෑ වුණා. අදටත් මිනිස් ශ‍්‍රමය බොහෝ තැන්වලට අවැසි වෙනවා. විශේෂයෙන්ම මිනිස් බුද්ධියට අභියෝග කරන්නට යන්ත‍්‍රවලට අසීරුයි.


ඇත්තෙන්ම දැනට පවතින යන්ත‍්‍රවලට කළ හැකි දේවල්වල සීමාවක් තිබෙනවා. මිනිස් බුද්ධිය අවශ්‍ය වෙන වැඩකටයුතු සඳහා යන්ත‍්‍ර පාවිච්චි කළ නොහැකියි. යන්ත‍්‍රවලට ක්ෂණික තීන්දු ගත නොහැකියි. අසීරු සැත්කමක් කිරීම, ඉගැන්වීම, හොඳ ඉදිකිරීම් සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම, සන්නිවේදනය, යන්ත‍්‍ර සූත‍්‍ර පාලනය කිරීම ආදී බොහෝ දේවල්වලට මිනිසුන් අවශ්‍ය වෙනවා. එහෙත් කෘත‍්‍රිම බුද්ධිය වර්ධනය වෙද්දී මිනිසුන්ගේ බුද්ධියෙන් ගත හැකි තීන්දු ගැනීම් බොහොමයක් යන්ත‍්‍රවලින් කළ හැකි වෙනවා. අනාගතයේදී සැත්කමක් කිරීම, දරුවන්ට ඉගැන්වීම ආදී බොහෝ දේවල් මිනිසුන්ට වඩා ප‍්‍රමිතියකින් යුතුව යන්ත‍්‍රවලට කළ හැකිවේවි.
මීට පෙර යන්ත‍්‍රවලින් අපගේ රැුකියා ඩැහැගැනීම පිළිබඳ ප‍්‍රවාදයන් සැබෑ නොවුණේ ඒ යන්ත‍්‍ර තනිව කල්පනා කරන, තර්ක කරන, තීරණ ගන්න තරම් දියුණු නොවූ නිසායි. ඒ නිසාම යන්ත‍්‍ර පසුපස මිනිසුන් සිටිය යුතු වුණා.


එක් උදාහරණයක් කීවොත් මීට පෙර යන්ත‍්‍රයකට තනිව කළ නොහැකි බව කී වාහනයක් පැදවීම ආදී බොහෝ දේ දැන් පරිගණකයකට කළ හැකියි. කෘත‍්‍රිම රිය පැදවීම් තාක්ෂණය දියුණු වෙද්දී ලොවපුරා රියදුරු රැුකියා කීයක් අහිමි වේවිද.


අද දකින්නට ඇති තවත් සරල උදාහරණයක් මෙසේ සැලකිය හැකියි. මීට පෙර පුවත්පත් ක්ෂේත‍්‍රයෙහි සෝදුපත් කියවීම හා යතුරු ලේඛක වෘත්තීන් පැවතුණා. එහෙත් ලේඛකයන් අතින් ලිවීම වෙනුවට පරිගණකයෙන් ලිවීම වර්ධනය වීමත්, සෝදුපත් කියවීම වෙනුවෙන් මෘදුකාංග බිහිවීමත් නිසා ඒ රැුකියා දෙකම ජාත්‍යන්තර මට්ටමෙන් නැතිව ගොස් තිබෙනවා. සිංහල භාෂාවට අදාල පරිගණක මෘදුකාංගවල අඩුපාඩු තවමත් පවතින නිසා සෝදුපත් කියවන්නන් ලංකාවට තවමත් අවශ්‍ය වෙනවා. එහෙත් අනාගතයේදී මෘදුකාංග දියුණු වේවි.


භාෂා පරිවර්තනයත් උදාහරණයට ගත හැකි එවැනි විෂයක්. තවමත් ගූගල් පරිවර්තකයට ඉංග‍්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට යම්කිසි ලේඛනයක් නිසියාකාරව පරිවර්තනය කළ නොහැකියි. එහි ඇති කෘත‍්‍රිම බුද්ධියට ඇතැම් යෙදුම්වල වචනාර්ථයෙන් එහා ගිය ධ්වනිතාර්ථය තේරුම් ගන්න බැහැ. ඒ නිසා මනුෂ්‍ය පරිවර්තකයන් අවශ්‍ය වෙනවා. එහෙත් කෘත‍්‍රිම බුද්ධියට එවැනි යෙදුම් ආදිය හඳුනාගෙන තර්ක බුද්ධියෙන් පරිවර්තන කටයුතු කළ හැකි දිනයක බොහෝ පරිවර්තකයන්ගේ වෘත්තිය අහිමිවේවි. නවකතාවක් හෝ නාට්‍යයක් පරිවර්තනය කිරීම කලාත්මක කටයුත්තක් නිසා එවැනි පරිවර්තකයන් ඉතිරි වෙන්නට ඉඩ තිබෙනවා. එහෙත් යම්කිසි තාක්ෂණික ලේඛනයක් පරිවර්තනය කරන්නට පරිවර්තකයන් අවශ්‍ය නොවේවි.
අලූත් පරම්පරාවේ දරුවෙක් සිය අනාගතය ගැන කල්පනා කරද්දී යන්ත‍්‍රවලට කළ නොහැකි මොනාදැයි සිතන්නට සිදුවේවි. සුස්කින්ඞ් කියන්නේ මෙසේයි. ‘අනාගතයේදී මිනිසුන් එක්කෝ යන්ත‍්‍රවලට මිනිසුන් කිසිදා නොපවරනු ඇතැයි සිතිය හැකි රැුකියා ගැන කල්පනා කළ යුතුයි. නැතිනම් යන්ත‍්‍ර නිර්මාණය කිරීම රැුකියාව ලෙස තෝරාගත යුතුයි.‘


ඇත්තෙන්ම යන්ත‍්‍රවලින් ඉදිරියේදී කරනු ඇතැයි කල්පනා කළ හැකි රැුකියා මොනවාදැයි නිශ්චිතව කිව නොහැකියි. එහෙත් අනුමාන කළ හැකි ක්ෂේත‍්‍ර තිබෙනවා. උදාහරණයකට දේශපාලන නායකත්යවය, රංගනය, කලා නිර්මාණකරණය, නීති ක්ෂේත‍්‍රය ආදී නොයෙකුත් ක්ෂේත‍්‍ර යන්ත‍්‍රවලින් වසර 50ක 60ක අනාගතයේදී ඩැහැගන්නේ නැති ඒවා. ඇත්තෙන්ම අනාගතයේ රැුකියා වෙළඳපොල ගණිත, විද්‍යා, තාක්ෂණ විෂයන්ට වඩා වාණිජමය හා කලාත්මක විෂයන්ට යොමුවේවි. ඒ නිසා හෙට දිනයට ප‍්‍රතිපත්ති හදන උදවිය ඒ විෂයන් ගැන කල්පනා කළ යුතුයි.


මිනිසුන්ට කරන්නට ඇති වැඩ ප‍්‍රමාණය අඩු වෙන තරමට එය මිනිසුන්ට පහසුවක්. ඒ නිසා යන්ත‍්‍ර බිහිවී, මිනිසුන්ගේ වැඩ අඩු කිරීම හොඳයි. තාක්ෂණයේ දියුණුව යනු කිසිසේත්ම නරක දෙයක් නොවෙයි. ඔබේ සිරුරෙහි ඇති රෝගයක් ක්ෂණිකව සුව කළ හැකි තරම් තාක්ෂණය දියුණු වීම යහපත් දෙයක්. තාක්ෂණය දියුණු වෙන තරමට මනුෂ්‍ය වර්ගයා දියුණු වෙනවා. මීට පෙර තිබුණාට වඩා ආහාර සපයාගැනීම පහසු වේවි. ඉදිකිරීම් පහසු වේවි. දේශගුණික අර්බූදය ඇතුළු විවිධාකාර ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම යන්ත‍්‍රවල උදව්වෙන් කළ හැකිවේවි. මිනිසුන්ට ජීවිතය විඳින්නට වැඩි අවස්ථාවක් විවර වේවි.


එහෙත් මෙතෙක් ලෝක ඉතිහාසයේදී මිනිසුන්ට ලැබෙන ආහාර පාන, සුවපහසුව ආදී බොහෝ දේ තීරණය වෙන්නේ ආදායම මත. ආදායම තීරණය වෙන්නේ ඔවුන් කරන රැුකියාව මත. ඒ අනුව ලෝකයේ රැුකියා යන්ත‍්‍ර අතට පත්වෙන තරමට මිනිසුන්ගේ රැුකියා ප‍්‍රමාණය අඩු වීමත්, එසේ වෙද්දී ආදායම් මාර්ග නැති වෙන්නත් ඉඩ තිබෙනවා.

එසේ වෙද්දී විරැුකියාව හා ආර්ථික විෂමතාවය වර්ධනය වේවි. දැවැන්ත කර්මාන්ත හිමියෙක් රොබෝවරුන් පාවිච්චි කරන තරමට කම්කරු ශ‍්‍රමය සඳහා වැයවන වියදම අවම වේවි. ඒ නිසාම ඔවුන්ගේ ලාභය වැඩි වේවි. එහෙත් එය මිලදී ගන්නා සාමාන්‍ය වෘත්තිකයෙක්ට රැුකියා වෙළඳපොල සීමා වීමෙන් පීඩා විඳින්නට සිදුවේවි. එවැනි දැවැන්ත ව්‍යාපාරිකයන් ජීවත්වෙන රටවල්වල වැසියන්ට ව්‍යාපාරිකයන්ගෙන් රජය බදු අයකරන නිසා හෝ යම්කිසි සහනයක් ලැබේවි. එවැනි බඩු අලෙවි කරන වෙළඳපොලවල් පමණක් වන අපේ රටවල් තව තවත් පීඩා විඳීවි.

තාක්ෂණ දියුණුවෙහි උපරිම ඵල නෙලන්නට නම් පවතින ආර්ථික ක‍්‍රමය වෙනස් විය යුතුයි. ඇත්තෙන්ම කෘත‍්‍රිම බුද්ධියේ වර්ධනයත් සමග රැුකියා අහිමිවීම යනු තාක්ෂණ විශේෂඥයන් විසඳිය යුතු ප‍්‍රශ්නයක් නොවෙයි. ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණු වුණත් රැුකියා විරහිත උදවිය කන්නට දෙයක් නැතිව, හාමත් වෙන යුගයක් ඇති වෙනවානම් ඒ දියුණුවෙන් පලක් නැහැ. ලෝකයේ තාක්ෂණ දියුණුව මනුෂ්‍යයන් අතර බෙදී යා යුතුයි. එය ආර්ථික විශේෂඥයන්, දාර්ශනිකයන්, දේශපාලන නායකයන් විසඳිය යුතු ප‍්‍රශ්නයක්.


රැුකියා වෙළඳපොල සීමා වෙද්දී, රැුකියා විරහිත උදවියගේ ආර්ථික දිවිය ගැන කල්පනා කළ යුත්තේ ආර්ථික විශේෂඥයන්. ඇතැම්විට දැනට පවතින පැරණි නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවට, වඩා ශක්තිමත්ව බදු අය කරමින් රැුකියා විරහිත ප‍්‍රජාව වෙත අවධානය යොමුකරන ක‍්‍රමවේද ගැන කල්නා කරන්නට සිදුවේවි. ඇතැම්විට රැුකියා විරහිත අයව නව රැුකියාවකට යොමු කිරීම සඳහා පුහුණු කරන ක‍්‍රමවේද ඇති කරන්නට සිදුවේවි. එලෙස පුහුණුව ලබන අයට පහසුකම් සැපයීමේ ක‍්‍රමවේද සකස් කරන්නට සිදුවේවි. විශ්වීය වශයෙන් රැුකියාවක් කළත් නොකළත් ජීවත්වීම සඳහා මූලික ආදායමක් ලැබෙන ක‍්‍රම සකස් කරන්නට සිදුවේවි. දැවැන්ත බිලියනපතියන් සහ හාමත් දිළින්දන් සිටින ලෝකයක් වෙනුවට සමානාත්මතාවය ඇති කරන්නට සිදුවේවි.


දශක ගණනාවකට පෙර අනාගතයේදී සිදුවෙනවායැයි කී දේවල් අද යථාර්තය බවට පත්ව තිබෙනවා. අද අප ජීවත්වෙන්නේ අනාගතයේ. අපි අනාගතයේ නව තත්වයන්ට මුහුණදෙන හැටි හොඳින් කල්පනා කොට, සැලසුම් හදා එයට මුහුණදුන්නොත් අනාගතය නරක නැහැ. කිසිම සැලසුමක් නැතිව, කල්පනා නොකර අතීතයේ තිබුණු තත්වයන්ට ගැලපෙන විදියට ජීවත්වුණොත් අනාගතය අඳුරු වේවි.

අමිල රත්නායක