ඇමති පිරිසක් කරූට කැමතිවෙන්න එපා කියයි

එජාපෙ නායක රනිල් වික‍්‍රමසිංහ තම පාර්ශවයේ අපේක්ෂකයා ලෙස කරූ ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නට තීරණය කර ඇති බව දැනගන්නට තිබෙන නිසා එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් කථානායක කරූ ජයසූරිය මුණගැසී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්න යැයි ඉල්ලා ඇතිබව වාර්තා වේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක ප‍්‍රමුඛ එජාපෙ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පසුගිය 19වැනිදා උදෑසන පාර්ලිමේන්තුවේදී කතානායකවරයා මුණගැසී මෙම ඉල්ලීම කරඇතැයි වාර්තා වේ. එහිදී කරූ ජයසුරිය මහතා කුමක් ප‍්‍රකාශ කළා දැයි දැනගන්නට නොමැත. මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ සමීපතමයෙක් ප‍්‍රකාශ කළේ අපේක්ෂකයා කරූ ජයසුරිය මහතා බවය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ හා සිවිල් සමාජයේ සහාය කරූ ජයසූරියට ලබාදීමට කැමැත්ත පළ කර ඇති නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා කරූ ජයසූරිය මහතාට අපේක්ෂකත්වය දෙන්නට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.