වසර දෙසීයකට පෙර ඇමරිකාවේ මේරිලන්ඩ්හි වහල් පවුලක කළු බිළිඳෙක් උපන්නේය. වහල්භාවය හැර අන් කිසිවක් උරුමයෙන් නොලද ඔහු වෙනුවෙන් ලියැවී තිබුණේ සියලු තහංචි සහිත පූර්ණ මෙහෙකාර ජීවිතයකි. එහෙත් යම්තම් දහ වැනි විය සපුරත්ම ඔහු ඉරණමට අභියෝග කළේ හොර රහසේ අකුරු ඉගෙන ගන්නට පටන් ගනිමිනි. අවට කුඩා දරුවන්ට සඟවා ගත් පාන් කැබලි පිරිනැමූ ඔහු ඒ වෙනුවට තමාට පොතක පිටුවක් දෙකක් කියවා දෙන ලෙස අයැද සිටියේය.දහසකුත් බාධක මධ්‍යයේ අඳුරු උරුමය පරදවා බුද්ධියේ සහ දැනුමේ අරුනලු දකින්නට සමත් වූ හෙතෙම සිය පෙම්වතියගේ උපකාර ඇතිව නිදහස් නිව්යෝර්ක් නුවරට පලා ගියේය. මේ වූ කලී ඉතිහාසය වෙනස් කළ පලායාමකිග එසේ නිව්යෝර්ක් නගරයට පැමිණියේල නිවහල් භාවයල නිදහස සහ සමානාත්මතාව පිළිබඳ සුවහසක් දේශන සහ ලේඛන මගින් ඇමරිකාව සොළවා දැමුවා වූදල පසු කලෙක ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලතල රැසක් හෙබවූවා වූදල 19 වන සියවසේ විශිෂ්ටතම ඇමරිකානුවා ලෙස බොහෝ දෙනෙකු සලකන්නා වූදල ෆ්‍රෙඩ්රික් ඩග්ලස් මිස වෙනකෙකු නොවේග 1848 වසරේදී ඔහු තමන්ට හිමි පුවත්පතක විවෘත ලිපියකින් තමාගේ වහල් අයිතිය සතු ස්වාමියා අමතා මෙසේ ලියුවේය.


මම ඔබේ වහලා නොවෙමිත ඔබ හා සමාන මිනිසෙක්මි.”


ඔහුගේ ලෝක ප්‍රකට කෘතිය වන “Narrative of the Life of Fredrick Douglas: An American Slave” පළ වූ විට. එවැනි ප්‍රශස්ත පොතක් කළු ජාතිකයෙකු විසින් ලියූවේ යැයි විශ්වාස කිරීමට මැලි වූ එවක ඇමරිකානු සමාජයල පසුව ඔහු විශිෂ්ට කථිකයෙකු ලෙස ඇමරිකානු දේශපාලනය උඩු යටිකුරු කරන විට ඔහු ජීවිතයෙන් දහ අට වසරක් වහලෙකු ලෙස සිටි බව ද විශ්වාස නොකළේය. දැනුම යනු වහල්භාවයේ සිට නිදහස දක්වා දිවෙන මාවත’ බව කියූ හෙතෙම එය සිය ජීවිතය තුළින්ම සනාථ කළේය. ශාරීරික වහල් බවින් මිදුණු ලොවක් තුළ වුවද, දේශපාලනමයල ආකල්පමය සහ සංස්කෘතිකමය වහල්භාවයන් දැකිය හැකි වර්තමානයට පවා ඩග්ලස්ලා නිදහස, සාමය, කාන්තා විමුක්තිය යනාදී විෂයන් ගැන පළ කළ අදහස් නැවුම් ලෙස ආදේශ කළ හැකියැයි මට සිතෙයි.


ඩග්ලස්ගේ කෘතීන් සේම දහ නව වන සියවස තුළ වහල්භාවයේ පීඩනය සහ නිදහස පිළිබඳව මහත් බලපෑමක් කළ තවත් පොත් දෙකක් මෙවේලේ සිහිපත් කළ හැකිය. 1852 වසරේදී හැරියට් බීචර් ස්ටෝව් නමැති ලේඛිකාව විසින් ලියන ලද “Uncle Tom’s Cabin or Life among the Lowly” නමැති නවකතාව සහ සොලමන් නෝර්තප් විසින් ස්වකීය ජීවන අත්දැකීම් ඇසුරින් පළ කරන ලද “Twelve Years a Slave” නමැති චරිතාපදානය ඒ කෘතීන් දෙකයිග
ස්ටෝව්ගේ පියාද සොහොයුරන් එකොළොස්දෙනාද ඇමති තනතුරු හෙබවූවෝය. ඇගේ මුළු පවුලම මිනිස්කමට නිගාදෙන වහල් සම්ප්‍රදායට දැඩි සේ එරෙහි වූ අතර ඇය සිය ටොම් මාමාගේ කුටිය” මගින් ඕනෑම වර්ගයේ කියවන්නෙකුගේ ඇසෙහි වහල් ජනතාවගේ අතිශය වේදනාකාරී ජීවන චක්‍රය වෙනුවෙන් උනන පිවිතුරු මානව කඳුළක් තැබීමට සමත් වූවාය. අනෙක් අතට එය 1861 සිට 1865 සිට කළු ජාතීන්ගේ විමුක්ති අරගලයෙන් ඇවිළුණු අමරිකානු සිවිල් යුද්ධයට පසුබිම සැකසූ සංවේදී නවකතාව ලෙසද පිළිගැනේ. ස්ටෝව් මුල් වරට ජනාධිපති ලින්කන් හමු වූ අවස්ථාවේ ඔහු ඇය පිළිගෙන ඇත්තේ මෙසේ පවසමිනි.


මේ පුංචි කාන්තාවද එහෙනම් සිවිල් යුද්ධය ආරම්භ කළේ?”


‘ටොම් මාමාගේ කුටිය’ කතාන්තරය පසුගිය සියවසේදී ජනකාන්ත වූවකි. ඒ පිළිබඳ අඩු තරමින් පොත් සියයක් දෙසීයක්වත්ල චිත්‍රපට විස්සක් තිහක්වත් නිර්මාණය වී ඇතග සුද්දන් විසින් තිරිසනුන් සේ තලා පෙලාල ගැට ගසාල සිර කරන ලද කල්ලන්ගේ නිහඬ ජීවිතවල පවත් ස්ටෝව්ගේ පෑනේ වේදනාත්මක තීන්තෙන් ලියැවී ඇත්තේ මෙසේය.
හදවතෙහි තව දුරටත් කඳුළු ඉතිරි වී නැතග ඉන් ඇද හැලෙන්නේ නිහඬව ඉවත ගලා යන රුධිරයයි…”

අප්‍රිකා-ඇමරිකානුවන් විමුක්තිය උදෙසා කළ සටන කලාවෙන් ප්‍රබල උත්තේජනයක් ලද්දකි.ලේඛක ලේඛිකාවන්ල කවි කිවිඳියන්ල ඇතුළු විවිධ සමාජ ක්‍රියාකාරී චරිත විසින් එම බලවේගයට පණ පෙවිණි. නිව්යෝර්ක් නිදහසේ ජීවත් වූ කළු ජාතිකයෙකු උපක්‍රමශීලීව වොෂින්ටනයට කැඳවා එහිදී පැහැරගනු ලැබ ලුසියානාවේ දුෂ්කර ගොවිතැන් සදහා වහලෙකු ලෙස අලෙවි කිරීමේ ශෝචනීය කතාව “Twelve Years a Slave” නමැති කෘතියෙන් සාහිත්‍ය ලෝකයට තිළිණ විය. අවාසනාවට එය ප්‍රබන්ධයක් නොවූ අතර වහල් වෙළඳාමේ ගොදුරක් බවට පත්ව වසර දොළහක වහල් ජීවිතයකට ඇද දමනු ලැබූ සෙලමන් නෝර්තප්ගේ දුක්බර සත්‍ය කතාව විය. එය වහල් උවදුරෙහි අතුරු ඵල ලෙස වෛරයේල කෘෘරත්වයේ සහ වස්තු තණ්හාවේ ගිලුණු තත්කාලීන ඇමරිකානු සමාජ යථාර්ථයත්ල පුළුන් සහ උක් වගාබිම්වල කළු ජාතිකයන්ගේ ජීවිත විනාශ වී ගිය අයුරත් කදිමට විග්‍රහ කරයිග මේ කෘතියද කිහිප වරක් රූප මාධ්‍යයෙන් නිර්මාණය කෙරිණි. ඒ අතර සුවිශේෂ නිර්මාණය වන්නේ ස්ටීව් මැක්ක්වීන් විසින් 2013 දී නිර්මාණය කළ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ “12 Years a Slave” නම් අති විශිෂ්ට සිනමා කෘතියයි. නැවත නැවතත් එය නරඹන විට ෆීනික්ස් කුරුල්ලා අළු තුළින් යළී උපදින්නාක් වැනි ධෛර්යයක් පළ කළ නෝර්තප්ගේ වදන් අප හද තුළට කිඳා බසින්නේ මිනිස් ජීවිතයක ඇති ශක්තිය සිතිවිලගත කරමිනි.


අවුරුදු දහයක් මම කිසිවක් නොලබා එහි වැඩ කළෙමි.මගේ අහිංසක ශ්‍රමය ඔහුගේ වස්තු කන්දරාව ගොඩ ගසන්නට දායක වී ඇත.අවුරුදු දහයක් නිවට ලෙස හිස් වැසුම අතට ගෙන වහල් බසින් ඔහු අමතන්නට මට නියම වී තිබිණි.”