පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අනිවාර්යෙන් ආදායම් බද්දට යටත්විය යුතු වුවත් ඔවුන් අතරින් එක් ඇමතිවරයෙකුගේ හැර අනෙක් මැති ඇමතිවරුන්ගෙන් ආදායම් බදු අයකර නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.

එම ආරංචි මාර්ගය වැඩිදුරටත් ප‍‍්‍රකාශ කරන්නේ පසුගිය අවුරුදු ගණනාව පුරාම පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උත්සාහ කළද එම මැති ඇමතිවරුන්ගෙන් එල්ලවූ විවිධාකාර බලපෑම් හා තර්ක කිරීම් හමුවේ ආදායම් බදු අයකිරීම් සිදුනොකළ බවය.

ආදායම් බදු වාර්ගීකරණය යටතට ගැනෙන උපයන විට ගෙවීමේ බද්ද එක් ඇමතිවරයෙකු ගෙවා ඇත්තේද අදාළ අමාත්‍යාංශය එය බද්ද අයකර එවීම නිසා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සනාථ කරයි.

මාසයකට රුපියල් ලක්‍ෂයකට වඩා වැටුප්, වේතන, නිවාඩු දීමනා, අතිකාල දීමනා ගාස්තු, විශ‍‍්‍රාම වැටුප්, කොමිස්, විශ‍‍්‍රාම දීමනා, ප‍‍්‍රසාද දීමනා, ජීවන වියදම් දීමනා, ප‍‍්‍රවාහන දීමනා ආදි ඕනෑම ගෙවීමක් ලබන පුද්ගලයෙකු ආදායම් බදු වශයෙන් සැලකෙන උපයන විට ගෙවීමේ බද්ද ගෙවිය යුතුය. නව බදු සංශෝධන අනුව එය 2018 අපේ‍‍්‍රල් 01 දින සිට කි‍‍්‍රයාත්මක වේ.

පාර්ලිමේන්තු මන්තී‍‍්‍රවරයෙකුට මේ වන විට මාසයකට රුපියල් 54,285ක් වන මන්තී‍‍ දීමනාව හෙවත් වැටුපද, රුපියල් ලක්ෂයක් වන කාර්යාල දීමනාවද, රුපියල් 50,000ක් වන දුරකථන දීමනාවද, රුපියල් 1000ක් වන සංග‍‍්‍රහ දීමනාවද, පාර්ලිමේන්තුවේ එක් රැුස්වීමක් සඳහා දිනකට රුපියල් 2500ක්ද, පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල කාරක සභා රැුස්වීමක් සඳහා රුපියල් 2500ක්ද, රියදුරු දීමනාව ලෙස රුපියල් 3500ක්ද, පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප‍‍්‍රවාහන දීමනා ලෙස රුපියල් 10,000ක්ද, ඉන්ධන දීමනාව ලෙස තේරීපත්වූ දිස්ති‍‍්‍රක්කය අනුව ඞීසල් ලීටර ප‍‍්‍රමාණයක්ද, අමතරව වර්ෂයකට රුපියල් 175000ක තැපැල් මුද්දර පහසුකම්ද ලැබේ.

ඉන් රියදුරු දීමනාවත්, පෞද්ගලික කාර්ය මණ්ඩල ප‍‍්‍රවාහන දීමනාවත්, තැපැල් පහසුකමුත් හැරුණු විට ඉතුරු සියලූම ගෙවීම් මන්තී‍‍්‍රවරයකුට ලැබෙන වැටුප් හා දීමනා ලෙස සැලකේ.

ඉන්ධන දීමනාව උදාහරණයකට ගතහොත්, කොළඹ දිස්ති‍‍ක්කයේ මන්තී‍‍වරයෙකුට මසකට ඞීසල් ලීටර් 283ක දීමනාවක් හිමි අතර ගම්පහ දිස්ති‍‍ක්කයේ මන්තී‍‍වරයෙකුට ඞීසල් ලීටර 355ක දීමනාවක් හිමිය. දිස්ති‍‍්‍රක්කයේ දුර අනුව එම දීමනාව වැඩිවේ. වත්මන් ඞීසල් මිල අනුව කොළඹ දිස්ති‍‍ක්ක මන්තී‍‍්‍රවරයෙකුට ඉන්ධන දීමනා ලෙස රුපියල් 33,000ක මුදලක් ලැබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍‍්‍රවරයෙකුගේ මාසික ආදායම දළ වශයෙන් රුපියල් 250,000කට අධිකය. ඒ අනුව ඔවුහු ආදායම් බදු ගෙවීමේ සීමාව ඉක්මවා සිටිති. නියෝජ්‍ය ඇමතිවරයෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු හෝ කැබිනට් ඇමතිවරයෙකු වූ විට ඔවුන්ට ලැබෙන වැටුප් දීමනාව වැඩිවන නිසා එම තනතුරු දරන්නන්ගේ මාසික ආදායම ඊටත් වඩා වැඩිය.

නව බදු සංශෝධන හඳුන්වාදීමට පෙර එනම් 2018 අපේ‍‍ල් 01 දිනට පෙර පුද්ගල ආදායම් බදු සීමාව මාසයකට රුපියල් 50,000 සීමාවේ පැවති අතර එම කාලයේදී මන්තී‍‍්‍රවරුන්ගේ වැටුප් වශයෙන් හඳුන්වන දීමනාව පමණක් වුව එම සීමාව පසුකර යයි.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමට උත්සාහ කිරීමේදී දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක විදේශගතවී සිටි අතර එම තනතුරේ වැඩබලන නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නඳුන් ගුරුගේගෙන් විමසීමේදී ඔහු ප‍‍්‍රකාශ කළේ කොමසාරිස් ජෙනරාල්වරයා ලංකාවට ආ පසු ඔහුගෙන් ඒ පිළිබඳව විමසන ලෙසය.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එච්. කරුණාරත්නගෙන් මන්තී‍‍්‍ර වැටුප් ගැන විමසීමේදී ඔහු ප‍‍්‍රකාශ කළේ මන්තී‍‍්‍රවරුන්ගේ වැටුප් හා දීමනා ගෙවන්නේ පාර්ලිමේන්තුව විසින් බවය. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් මේ පිළිබඳ විමසීමට උත්සාහ කළද ඔහු දුරකථනයට සම්බන්ධ කරගත නොහැකි විය.