(මෙය මහසුපින රංග කාර්යය ගැන කාව්‍යාත්මක ලිවීමකි. පිටපතේ උද්ධෘතයන් ඝන කළු ඇල අකුරින් දක්වා ඇත).

මහැදුරු ඇතුගල
සමග සිය සිසු කැළ
කළ ඒ මහනඵව, මහසුපින ඒ ගැන ලියන මේ ලියුම ඇරඹුමට හොඳම තැන කොතැනදැයි සිතන විට ආවේ මතකයට රංගනය නෙඵම් පොකුණේ
විකසිත වූ ඒ දිනය,

පාඨක සබඳ
ඔබට මතක ද ඒ දිනය?
පසු වූ ඉල් මස 16
පීඩිතයන් නමින් දිවි දුන්
විරුවන් සමරන ඉල් මස
ඒ දිනයේ මෙ’අප රටේ
ප්‍රජාතන්ත්‍රවාදයේ
මුදුන් මල්කඩ
පිහි තුඩු අගින්
මිරිස් කුඩු විසෙන්
වහසි බසින් – ගුටි ඇනුමෙන්
දැදුරු වුණු හැටිෟ

මිත්‍ර පාඨකයාණෙනි,
නැගෙනු ඇත පැනයක්
ඔබ සිත තුළ
කුමට ඇදගනු මෙතැනට
පාර්ලිමේන්තුවක්?

මහසුපින මහන`ඵව
වේදිකාවට ආව ඒ සමයේ
සමාජ සමයම ගැන කීම
අත්‍යන්තයෙන්ම
අදාළයි අදාළයි
මක්නිසා ද යත්
මහසුපින පිටතින්
ඇතුළතින් සැමඅතින්
දේශපාලනික වන නිසයි

කවර කලෙකටත් වඩා
ප්‍රජාතන්ත්‍රවාදයේ තේමාව
කරළියට ආපු යුගයක් මේක
කවර කලෙකටත් වඩා
ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාව
හොඳින් පෙන්නපු යුගයක් මේක
මහජන නියෝජිතවරු
වැඩි ගණන සිටින අපටයි අයිති
ප්‍රජාතන්ත්‍රවාදය
මහජන ගඟ ගලන්නේ
වෙන කොතැනටවත් නොවේ
අප වෙතටයි
ඒ නිසා
ප්‍රජාතන්ත්‍රවාදය අපටයි අයිති
දෙපිරිසක් මේ ලෙසින්
දෙපැත්තට වී වෙරෙන්
හඬ නගද්දී
මිරිකෙන්නෙ පෑගෙන්නෙ
බෙදි බෙදී වෙන්වෙන්නේ
පුහුදුන් පොඩි මිනිසුන්
දහවලේ ගැටෙන
දේශපාලක දේශමාමක හොරු
රෑ කලේ හඳ පානේ
නිලයට මිලයට හාද වන තාලේ
නොදකිනා පොඩි මිනිසුන්
අල්ලපු වැටේ එකා
නිල්, කොළ, රතු කියා
ගරහන්නෙ වදදෙන්නෙ
ජන්මාන්තර වෛරයෙන්
පැස වි පැස වී ඉන්නෙ

මේ අප දකිමින් සිටින්නේ
මහ දවල්
කෙසොල් හීනයක් නොවෙදෝ

රට දැයේ ප්‍රබුද්ධත්වය
අවලංගු කාසියක්ව
පාවී හැල්ලු වී යද්දී
කලාකරුවා එකලාව
ප්‍රබුද්ධත්වයේ කතිකාව
ගොඩනගන්න, ඔසවන්න
දරන වෑයම දකිත
හද නැගේ ඔහු නමින්
තුති ගීතිකා……
ප්‍රබුද්ධ දේශපාලනයකට
සුප්‍රබුද්ධ සමාජයකට
පිළිණ දුන් සිහින දුන්
රටක ජනපති
අප්‍රබුද්ධව වැඩකරද්දී
අප්‍රසාදයට ලක්ව යද්දී
සත් මහල් ප්‍රාසාද උසට
ගොඩ නැගූ
ජන උතුම් සුපැතුම්
වැලි කැටව පෑගී යන්නේ

නායකයින් බලධරයින්
අනුවණකම් අමනකම්
දිනුම් කණු පැන යන්නා සේ
එක පිට එක කරද්දී
ඔවුන් වෙත පාන
ජන විරෝධාකල්පයේ
ජන අප්‍රසාදයේ
අහිංසකතම විලාසය,
සොබා දහමේ රුදුරු උවදුරු
නපුරු පාලකයන් නිසා
ලැබෙන ආශීර්වාද ලෙස දැකීමයි

‘බෙංගාලි බොක්කේ
පීඩන අවපාතයක් නිසා
සුළි කුණාටුවක්’ කියනවට වඩා
මහ විපත් එන්නේ
මහ එවුන්ගේ දුෂ්ටකම් නිසා බව කීම
පුහුදුන් පොඩි මිනිසුන්ගේ
විදුහුරු දේශ(පාලන)ගුණ වාර්තාවක්
‘දේවෝ වස්සතු කාලේන….’
යන බුදු වදන
පුහුදුන් දන චින්තාවට දුන්
නැණහුරු න්‍යායක් නොවෙ ද?

අධම පාලකයන් ගැන
හොඳම ජන ප්‍රතිචාරේ
මහසුපින තුළින්
අපට ඇසෙන්නේ මේ ලෙසින්

’නොසිතු ලෙසින්නේ
නොපැතු ලෙසින්නේ
මහ වැසි නො ආවෝ
මේකුළු පලා ගොසිනා

දස රජ දහම් රක්නා
දන පරමාධිපති කරනා
රජුන් එන තුරා
සොබාදම වේ වියරු වෙසිනා‘
මේ අබුද්දස්ස යුගයේ
අතිභයානක දේ නම්
පාලක අශිෂ්ටත්වයට
ශිෂ්ටත්වයේ ටීකාවන් ලියන
බුද්ධිමතුන් (බුද්ධි උමතුන්?) ද සිටීමයි

‘ව්‍යවස්ථාව බල්ලට ගියාදෙන්….’
අප මහා කිවිපති නැණපති
ගුණදස් අමරසේකරයන්
කියූ මෙවදන් අප තැතිගන්වයි
බිඳලයි ඔහු වෙත ඇති
ගරු සිත් අපගේ
ඇතැම් බුද්ධි ගුරුකුල විසින්
අදූරදර්ශීව ලියන මෙවන්
සහතිකපත් මඟින්
සුජාත බවක් ලබන්නේ
දුෂ්ට බලලෝභී සංයුතියක්

‘මස් මරණ වීරයියා
කුඩු ගේන ජුසේ අයියා
ගැට කපන බුරි අයියා
පච කෙළින මැති අයියා’

අප බුද්ධිමතුන්
කෙතරම් පහසුවෙන්
බළල් අතක් කරගත හැකි ද
පාලක කැළට
තම බලකාමයේ
කොස් ඇටය බාවගන්නට

‘අද කාලෙ බුද්ධිමත් කියන්නේ
බලයේ වහල්භාවයට’

මහසුපින න`ඵවේ
තිස්සගේ මුවට නංවා ඇති
මේ වදන්
බුද්ධිමතුන් පා වටා වැටී ඇති
දේශපාලන බල විලංගුව
සංකේතවත් නොකරයි ද?

වරෙක ඔබට මහසුපින
ජර්මන් මහා නාට්‍යකරු,
බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් දුටු
දුරස්තීකරණ නාට්‍ය සිහිනය ලෙස ද
පෙනී යා හැකිය සබඳ
ඔබ එසේ එය දුටුවත්
වරදක් නැත කිසිත්
රීති පැනයකටත් වඩා
මේ නාට්‍ය දහම
අප දකින්නේ
ඇතුළාන්තගත කාරණයක් ලෙසයි

ලෝක යුද්ධවලට
මුහුණලා සිටි බ්‍රෙෂ්ට්ට
අද අපි දකින දේටත් වඩා
දැවෙන දේවල්
වේදිකාව මත
ගෙඩි පිටින් පෙන්වන්න තිබුණා

එහෙත් ඔහු එය නොකර
භාවාතිශය මෝහනයට තිතක්
බුද්ධි සංවාදයකට ඉඩක්
න`ඵවාත් බලන්නාත් අතරේ
ඒ යුගයේම ඇති කළේ ඇයි?

වේදිකාවේ සිද්ධියක්
හඬා හිනැහී නිමා වී යන දෙයක් නොවී
විවරණයකට කවුළුවක් විය යුතුයි.
එවන් කවුළු රැසක්
මහසුපින නළු මැදුරේ
විවර වන්නේ
දිග දුරකට අප
දැකුම් මානය ගෙනයමින්.

තිස්ස සහ පරයා
හමුවට සුද්ද එන්නා
ඇවිත් මෙසේ කියන්නා
‘කමක් නෑ,
මට වැදගත් වෙන්නෙ
උඹලගෙම නායකයෙක් කියලා
එකෙක් විතරයි,

හොඳයි, පරතිස්ස,
ඒ කරත්තයත්, මේ කරත්තයත්,
අනෙක් කරත්තත් හැර
තවත් කරත්ත තිබේ ද?’
ඒ වෙළඳුන්ට
ඔබෙත් මගෙත් රට
ඕනෑම එකෙක් කළත් කම් නැත
අපේ නායකයා
ඔවුන්ගේ සහායකයා කරගන්නට
ඔවුන් දනිති
මේ මහා ඇත්ත
දේශමාමක රොත්ත
තම බොරු වීර වංශයේ හඬින්
හෙළි නොකරති
ලේසි පහසු ඡන්ද උනන
බටහිර බි`ඵ ප්‍රවාදයම වපුරති

අනෙක් අතට
මේ දේශපාලක කැළ
දෙසන වපුරන
දේශාලය ජාත්‍යාලය
බොරුවක් බව
ඔවුන් රට කරන්නට ගත් කල
කදිමට මොනවට පෙනේ

බයවිය යුතු දැනගත යුතු
ඇත්ත බටහිර අනතුර අබියස
අප නායක කැළ
හයක් හතරක් නොදන්නා
නොදරුවන් ලෙස
උගුලට හසුව ඉන්නා

මහැදුරු ඇතුගල
ජන කවි ආරකින්
කරයි එය හෙළිදරව්

ලණු අඹරන්නේ කොයි කොයි දේසේ
ලණු අඹරන්නේ බටහිර දේසේ
දිග ලණු කන්නේ කොයි කොයි දේසේ
දිග ලණු කන්නේ මේ අපෙ දේසේ

මහසුපින රංගයේ
තවත් වෙසෙසක් තමයි
මුල් රැසකින් ජීවය ගත්තත්
ස්වායත්තව මහ රුකක් ලෙස
නැගී සිටුමයි

කොසොල් සිහින
පරයාගෙ කතාව
සොකරිගෙ කතාව
මේ හැම දෙයකින්ම පණ ලැබ
ඒත් හැම දෙයකින්ම නිදහස්ව
මහසුපින තනි රංග ආත්මයක් සේ
විරාජමානව පැවතීම
පැසසුම් ලැබිය යුතුයි

කලාකරුවෙකුට
ලැබිය හැකි ඉහළම
ජයග්‍රහණය නම්
තම නිමැවුම
භාවිත මූලාශ්‍රවලින්
නිදහස්කර තැබීමයි

එක් දර්ශනයක් ලිව්වත්
පිල් බෙදුණු බුද්ධිමතුන්
එක් ජීවිතාවබෝධයක් දුන්නත්
පිල් බෙදුණු ලේඛකයන්
එක් රසයක් බෙදුවත්
පිල් බෙදුණු නළු නිළියන්
මේ සියල්ලත් ඉවසිය හැකියි
එක් දහමක් දෙසුවත්
පිල් බෙදුණු මහණුන්?

රටක අරාජිකත්වය
හොඳින්ම කැඩපත් කරන්නේ
අකර්මණ්‍ය පාර්ලිමේන්තුව නොව
කැඩී බිඳී බෙදී ගිය
මේ සමාජ දේහයයි

මහණ දම් පුරන
උතුම් සඟ රුවනත්
බල හස්තයකට මැදිව
බහුජන හිත සුව පිණිස නොව
බලදන හිත සුව පිණිස
දම් දෙසන්නේ
අනුශාසනා දෙන්නේ
චැනල්වලට එන්නේ
ලෞකික ආශා
උඩුදුවන මෝහ සිතින්මයි■

■ අමිල යහලවෙල