ලංකාවේ සමාජය ‘බෙන්ස්’ කියන බ‍්‍රෑන්ඞ් එක තාමත් අර්ථකථනය කරන්නේ සුඛෝපභෝගී බවේ ඉහළම සංකේතයක් විදිහට. හරියට කැවුම් කිව්වම කොකිස් කියවෙනවා වගේ බෙන්ස් කිව්වම මිනිස්සුන්ට ලක්ෂරි කියලා කියවෙනවා. සාමාන්‍යයෙන් ටොප් ගියර් කාර් ෆෑන්ස්ලා, ඒ කියන්නේ ජනප‍්‍රිය විනෝදාත්මක වැඩසටහන් ඔස්සේ කාර් සංස්කෘතිය වටහාගන්නා සීමිත පිරිසක් නිතර පෙන්නලා දෙනවා දැන් බෙන්ස් වල ඔය කියන තරම් කොකිසක් නැහැ කියන එක. උදාහරණයක් හැටියට බෙන්ස් එක ඉස්සර ප‍්‍රමිතිය කියන සාධකයට දීපු ප‍්‍රමුඛත්වය සහ අද එයාලා ඒක අර්ථකථනය කරන ආකාරය අතර ඔෆිස් කෝච්චියක මුල ඉඳන් අගට තරම් දුරක් තියනවා කියලයි එයාලා කියන්නේ. නමුත් එහෙමයි කියලා පොදුජන විඥානය ඇතුළේ කැවුම් කිව්වම කොකිස් කියවෙන එකේ ඒ හැටි වෙනසක් වෙලා නැහැ.


ඒ වගේම අදටත් ලංකාවේ ගොඩක් දෙනෙකුට බෙන්ස් කිව්වම එකපාරටම මතක් වෙන, දිග, සාන්ත දාන්ත, චාම්, ටිකක් විතර කම්මැලි, හැබැයි ගාම්භීර කාර් හැඩයක් තියනවා. ඒ තමයි උ123 එක. ඒක හරියට ‘ඉස්කෝලේ මහත්තයා’ කියන වචන දෙක කිව්වම ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ ඇඳෙන රූපය වගේ එකක්.


මර්සිඞීස් බෙන්ස් සමාගම උ123 කියන කාර් මාදිලිය මුලින්ම හඳුන්වලා දෙන්නේ 1976 අවුරුද්දේ. 1985 අවුරුද්දේ නිෂ්පාදනය අවසන් කිරීමේ තීරණය ගනිද්දී මේ කාර් (විවිධාකාරයේ එන්ජින් වර්ග සහ බඳ වර්ග සහිතව* මිලියන 2.7 කට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කරලා තිබුණා.


අදටත් සමහර ජනප‍්‍රිය තලයේ වීඩියෝ වල මේ කාර් වර්ගය ගැන කතාකරද්දී මේක ‘පමණ ඉක්මවා වැඩිදියුණු කරපු’ කරපු කාර් එකක් කියලා හඳුන්වන්න සමහරු පෙළඹෙනවා. එහෙම කියන්නේ මේක ඒ තරමටම උසස් ප‍්‍රමිතිය, කල්පැවැත්ම සහ පිරිමැසුම්දායක බව වගේ ගුණාංග සහිත කාර් එකක් බවට පත්කරන්න ඉංජිනේරුවෝ සහ සැලසුම් ශිල්පියෝ මහන්සි වෙලා තියන නිසයි. 1968 දී තමයි කාර් එකේ මූලික සැලසුම් පටන් අරගෙන තියෙන්නේ. වාහනේ මාකට් එකට එන්නේ 1976 අවුරුද්දේ. උපරිම ආරක්ෂාව, ඉහළම මට්ටමේ පහසුව සහ නඩත්තු කිරීමේ පහසුව කියන සාධක තුනට එයාලා විශාල අවධානයක් යොමුකළා කියලා මූලාශ‍්‍ර වල තියනවා. මූලික වශයෙන් ෂෝට් වීල්බේස් සහ ලෝන්ග් වීල්බේස් මාදිලි වගේම දොර 4 සේඩන්, කූප් සහ ස්ටේෂන් වැගන් මාදිලි විදිහට මේ කාර් එක මිලදීගන්න පුළුවන් වුණා. ඊට අමතරව මේ පදනම පාවිච්චි කරලා ගිලන් රථ, අවමංගල රථ වගේ තවත් විශේෂ වාහන වර්ග රාශියකුත් නිෂ්පාදනය කළා.


උ123 උප මාදිලි විදිහට 200, 220, 230, 250, 280 සහ 300 කියන මාදිලි නිෂ්පාදනය වුණා. මේ අංක වලින් කියවෙන්නේ එන්ජින් ධාරිතාව. උදාහරණයක් හැටියට 200 කියන්නේ 2000ජජ. 230 කියන්නේ 2300ජජ. ඊට අමතරව ක්‍ල ඔල ෘ සහ ෑ කියන අකුරු භාවිතා වුණා. ක්‍ කියන්නේ කූප් එක. ඔ අකුර වැගන් එකට පාවිච්චි වුණා. ෘ අකුර ආවේ ඞීසල් වාහන වලට. ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් තියන වාහන වලට අකුර පාවිච්චි වුණා.ලංකාවේ ඉතාම ප‍්‍රසිද්ධ උ123 240ෘ කියන මාදිලිය ගත්තොත්, ඒක 2400ජජ එන්ජිමක් තියන ඞීසල් කාර් එකක්.


අන්තර්ජාලයේ පොඞ්ඩක් එහාමෙහා ගියාම, උ123 වාහන කිලෝමීටර් ලක්ෂ ගාණන් ධාවනය වුණු අවස්ථා හොයාගන්න අපහසු නැහැ. ලංකාවෙත් මෑතකාලීනව මේ වාහන ගැන විශාල උනන්දුවක් ඇතිවෙලා තියනවා. ඒ නිසාම අයිතිකරුවෝ කිහිපදෙනෙක් උ123 කාර් මුල් තත්ත්වයට සමාන මට්ටමට ප‍්‍රතිස්ථාපනය කරනවා දැකගැනීමේ වාසනාව අපට පහුගිය දවස් වල උදාවුණා. මොඩිෆයි කරනවා කියලා සොකරිට මාල හත දැම්මා වගේ වාහන වලට ෆයිබර් තටු එල්ලන රටක උ123 කාර් තාමත් ඒ තරමටම අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙලා නැතිවීම සතුටක්. එහෙම වෙන්න එක ප‍්‍රධානම හේතුවක් තමයි අර ‘ඉස්කෝල මහත්තයා’ ඉමේජ් එක.


ලංකාවේ අපට දැකගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ඞීසල් උ123 කාර් විතරයි. ඉඳලා හිටලා නම් පෙට‍්‍රල් කාර් තියනවා. ඒවා ගැන කතාරන්න ගියාම සමහරු කියනවා පෙට‍්‍රල් උ123 එකක් ගන්නවා නම් පෙට‍්‍රල් බවුසරයකුත් ගන්න ඕනේ, ඩ‍්‍රයිවර් කෙනෙක් එක්කම කියලා. ලංකාවේ ගොඩක් අය ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් කල්පාවසානය තරම් භීතිකාවකින් පෙළෙන නිසා මේ කතාව ඇත්තද කියලා මට ඒ හැටි විශ්වාසයක් නැහැ.


හැබැයි ඒ මොනවා වුණත්, ඔයා කාර් සංස්කෘතිය ගැන ගොඩක් උනන්දු වෙන කෙනෙක් නම්, විශේෂයෙන්ම යුරෝපීය කාර් වලට පෙම්බඳින කෙනෙක් නම්, ඔයාගේ හීන ලිස්ට් එකේ මර්සීඞීස් බෙන්ස් උ123 එකත් තියෙන්නම ඕනේ.


තරිඳු ශ‍්‍රී ලොකුගමගේ