සරසවියේ කවි පොත් අතරේ
සෙවිල්ලක මං ඉන්න අතරේ
ඇස ගැටුණා අමුතු නමක්
‘මං වහිනවා.’

‘මං ගලන ග`ගක්’, ‘මම මුහුදක්’
‘කතා කරන සුළ`ගක් මං’
බාල කාලේ පාසලේදී
බොරුවෙන් බර නොවූ සිතකින්
ලියූ නිමල ගැදි රචනා
මට නිකමට මතක් වුණා.

පරාක‍්‍රම කොහොමත් දාන්නෙ
හද හෙල්ලී පොත ඉල්ලන
කම්පන ප‍්‍රකම්පන පිරුණු නමක්.

වැස්සක් වහිද්දී මහ පොළොවට
ඒ මු`ඵ වැස්සෙම ජල කද
අතට ගන්න ඕනි නෑ සකි සද
කියන්න වැස්සෙහි ගුණ කද
හිසට වැටෙන වැහි බිදු ටික
හදෙහි මවයි වැස්සක ගුණ රුව.

ගමට ආපු දිවියා මරලා
ඌත් එක්ක සෙල්ෆි ගහලා
එෆ්බී එකේ ටීවී එකේ
පුවත් මැවූ ඒ සිද්ධිය
මතක ඇති ඔබට හොදට.
රටේ එහා කෙළවරෙදිත්
රටේ මෙහා කෙළවරෙදිත්
සිද්ධ වෙන දේ එසැණින්
දැන ගන්නට දැක ගන්නට
හැකි වෙන තොරතුරු ලෝකේ
තොරතුරු පිට තොරතුරු කදු
අහස උසට නැග ආවත්
ඒවා තව මීතොටමුල්ලක් වී
ගදක් අපුලක් පතුරනවා මිස
තොරතුරේ සැබෑ විස්තරේ
වසන් කරනවා නේද මිතුරේ.

ඇත්ත ඇති සැටියෙන්ම
වසන් නොකර කියනවා කියන
ලොකු ටීවී තිරෙන්ම
වසන් වෙනවා නේද
මහා ඇත්තක්

අලි මිනිස් ගැටුමේ
දිවි මිනිස් තරගේ
කැලෑ හද නැසුමේ
මිනිස් දමේ-සොබා දමේ
විරසකේ තතු නියමේ
කියන සුකවියක් අපිට
ඕනි වෙන්නෙ ඒ නිසානෙ.
ඒ සුකවිය තොරතුරු ව්‍යාධි
එකිනෙක නසා
ගෙනෙයි මහ සුවයක්.

‘ගෝනුන් හත්දෙනාව ඉස්කෝලේ’
ඒ ජාතියේ කවි ඔසුවක්

කොහොමද ඉස්කෝලෙට
ගෝනුන් ආවේ
උන්නැහෙලා ඇයිදැයි ආවේ?
ආවේ කොහි සිට ද?
(13 පිටුව)

ගෝන්නු සත්දෙනාම
ඉස්කෝලේ පිටියෙ ලැග්ගෙ
එහෙමයි ගෝන්නු හත්දෙනාව ඉස්කෝල වුණේ
(15 පිටුව)

අවතැන් සතුන් නමින්
අණත් පනත් කෙටුම්පත්
මේ මොකුත් නැතිව
හදවත් කෙටුම්පතක්
අලූතින් ලියන උත්තමාරම්භයේ
මුල් පහන් සිල
කවි අතකින් දැල්වෙයි.

වනාන්තර එළි කොට
කදු අස් කොට
මහා නගර පුරවර රාජ්‍ය ඉදිකළාට පසු
මහ සත්තු ඇත්තො නගරවලට අවුත් ඇත
හැම රටකම සිදු වී ඇත
(16 පිටුව)

නවීනයන්ගේ කල දවස විමසන්න ආ
විනිසුරන් හත් කට්ටුවක් ද
අනාගත පණිවිඩයක් කියන්න ආ
දුතයන් සත් නමක් ද?

නැති වෙන්ට ඇත්තේ
උන්ට තිබුණු ආදි වාසේ
උන්ගෙ අම්මලා ඔය ගල් පොත්ත උඩ
උන් වදන්ට ඇද්ද
(17 පිටුව)

කියන්න දේ නම් කොතෙක් තියෙන්නේ
කියන විදිහෙනුයි කවිය මැවෙන්නේ
ඒ නිසයි කියන දෙයයි විදිහයි
දෙකක් නොවී එකක්ම වන්නේ.

යුද්ධයෙන් පස්සෙ
සේරම විසදුණයි කියලා
මොකුත් නොකර
අතපය හකුලාන ඉඳන්
බකං නිලන් ඉන්න අපෙන්
තවමත් පෑරුණු හදවත්
ඈත්වෙලා තියෙන හැටි….

‘දෙවියන්ගේ මිනිසුන්’ ගැන
ලියූ කවි කිස
තාම නිමා වී නැත.
එය නිමා කළ නොහැක.
ඉන්ද්‍රියන් තැතිගන්වන
අලූත් ස්වරයකින්
අප නිද්‍රාව බිදින
කවියකි, ඔහු ලියන
‘ඈතක බෙර හ`ඩ’

දෙමළ කොලූගෙ රබන් නාදේ
මොන පණිවිඩය ද කියන්නෙ
පණිවිඩයක් එහි ඇත්තේ නැහැ
එකම දෙයයි එය කියන්නේ
අන් කිසිවක් නොව

මම ඉන්නවා
ඉන්නවා
(49 පිටුව)

අසීමිත තරගයේ
ලාභ ලූහුබැදිල්ලේ
ඉලක්ක වන්දනාවේ
ඉලක්කම් සෙල්ලමේ
තෙරක් නොපෙනෙන
හති පිඹින දිවිල්ලේ
නූතන මිනිස් පැවැත්මේ
රහස සැග වී ඇත්තේ
අනෙකාගේ ඉඳීම තුළ නොව
අනෙකා නැතිවීම තුළයි

අනෙකා නැතිවීම
තමාට උසස් වීමකි
අනෙකා නැතිවීම
ලාභාංශය වැඩි වීමකි
අනෙකා නැතිවීම
ජීවිතයේ නව උපතකි

අස්වාභාවික රමණයකට
ලොබ වඩන
මේ වෙළෙද වෙළඹ මනසට
සිසිලසක් ඉසින
ඉසිවරයෙක් ඕනි නේද?
‘සමග විසුම’ කවියෙන්
කවියා ඉගි කරන්නෙ
එවන් ඉසි ආගමනයක් නොවෙද?
ඒ ඉසි ආගමනය යනු
පරණ බණක් දෙසුමක් නොව
නව මිනිස් සිතීමක
සමාජ ඉල්ලීම බව හදුනාගනිමු.

ෆුඞ් සිටියෙන්
හවුස් ඔෆ් ෆැෂන් එකෙන්
අධිවේගයෙන් බැසගෙන

එන්නේය පුරවරයට
මහ ඉසි

නුවර වැස්සන් කිසිවකු
වේදනාවෙන් නැත මිදී
(92 පිටුව)

අනෙකාගේ විපත
තම ජීවිත ගිණුමට
සැපතක් ලෙස
බැරකරගන්නා
නූතන දිවියේ
ගනුදෙනුකාර මොහොත
සංකේතවත් කරන තව කවියකි,
‘නිහඩ වූ සාක්ෂිය’

ඈ මියගියා
මුහුදෙන් එතෙර රටක
රිය අනතුරකින්

ඒ ආරංචිය
ගෙනාවේ මහ සැහැල්ලූවකි
සැනසීමකි
ඔහුට
(50 පිටුව)

සමාජ ගෙගහි කිමිද
පතුල සොයා කවි කෙළි කළ
ගලන කවියෙකු වුණා මිස
පරාක‍්‍රම කිවිදුන් කිසිවිට
අහසෙ එල්ලූණු කවියෙක් නොවී.
විරෝධාකල්පයත්
කාව්‍යාකල්පයක් කරන
විස්ම කවි මැෂිමක්
ඔහු ළග විය.

’විස්ම උයන’ කවියෙන් නැගෙන්නෙ
බලැතියන්ට වදින බලැති පහරක්

ඩුබායි නුවර කතරක් මැද
මිනිසුන් මැවූ මහ අරුමය
‘මිරකල් ගාර්ඞ්න්’ ගැන
ආස්වාදනීය කවියක් ලියයි ඔහු.

දුකිනවුල් වන මිනිස් සිතකට
මෙවන් මල් ඔසුවක් පිදුයෙ ද
මරණයට පෙර වරක් යන්නට
නඳුනුයන මිහි පිට මැවූයෙ ද
(53 පිටුව)

ආස්වාදෝත්පාදනීය
ඒ මිරකල් ගාර්ඞ්න් කවි වැනුම
ඔහු අවසන් කරන්නෙ
සමාජ පිරමිඩයේ මුදුනත
හෙණයක් පතිත කරන
උත්ප‍්‍රාසෝත්පාදනයකින්.

නිල් දියමන්තියක් සදිසි
ලංකා දුපත සිහි වේ
පාලක දද නිවටුන් කැළ
මගෙ රට කතරක් කළ සැටි…
(54 පිටුව)

‘මං වහිනවා’
මා තෙමුව්වා
ඔබත් මිතුර
මේ වැස්ස යටට
ඇවිත් තෙමෙන්න. ‍

අමිල යහලවෙල