‘ද්වන්ධ’ ආචාර්ය උදාන් ප‍්‍රනාන්දුගේ පළමු වාර්තා චිත‍්‍රපටය. මෙම චිත‍්‍රපටය ගොඩ නැගෙන්නේ, ඔහුම කියන විදිහට කාලයක් තිස්සේ ඔහු කරමින් ඉන්න දේශපාලන ඉතිහාස ගවේෂණයක ප‍්‍රතිඵලයක් විදිහට. යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාව කේන්ද්‍ර කරගනිමින් එහි ජීවත්වෙන ඩයස්පෝරික ජීවිත විනිවිදින මේ පර්යේෂණයේදී ඔහුට ලයනල් බෝපගේ සහ වේලූපිල්ලෙයි කුහනේන්ද්‍ර නැතිනම් කුහන් මුණගැහෙනවා. මොවුන් දෙදෙනාම 1970 සහ 1980 දශකයේ ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය චරිතයන් දෙකක්. ලයනල් බෝපගේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රධාන ලේකම්වරයෙක්. කුහන් ඊරෝස් දේශපාලනයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙක්. දෙදෙනාම බොහෝ කාලයක සිට විප‍්‍රවාසියි. එයට හේතුව වුණෙත් ඔවුන්ගේ අතීත දේශපාලනික ක‍්‍රියාකාරකම්. ඔවුන් දෙදෙනාගේ දේශපාලන ඉතිහාසය වාර්තා චිත‍්‍රපටය තුළට ගොනු කිරීම අපූර්ව අයුරෙන් සිද්ධවෙලා තිබෙනවා. ඉතිං අනිද්දා වෙනුවෙන් මේ වාර්තා චිත‍්‍රපටයේ කතානායකයන් දෙදෙනා සොයා යන්න හිතුවා. දෙදෙනාම නැවත විදෙස්ගත වීමේ හදිසියක ඉන්නකොට, කොහොමහරි අනිද්දා වෙනුවෙන් සාකච්ඡුාවකට මේ විදිහට එකතුකරගත්තා..


මුලින්ම අපි 1958 අවුරුද්දෙන් මේ කතාව පටංගම්මු. 1958 කියලා කියන්නේ ඔබලා දෙදෙනාටම තීරණාත්මක අවුරුද්දක්..
බෝපගේ: මගේ ගම මාතර වැලිගම. 1956 සිංහල රාජ්‍ය භාෂාව කළාට පස්සේ සිංහලයට තැන ලැබුණා කියලා අපි බොහෝම උද්දාමයක තමයි හිටියේ. 1958 වෙනකොට අපි සිංහලෙන් ඉගන ගන්න කාලේ. මේ කාලේ මම රාජමන්තන් මහත්තයා කියලා අපේ පැත්තේ හිටපු දෙමළ සර් කෙනෙක්ගෙන් ඉංග‍්‍රීසි ඉගෙනගත්තා. මේ කාලේ තමයි යාපනයට වාහන ගියාම ශ‍්‍රී අකුරේ තාර ගාන්නේ. මේක අපි ගත්තේ සිංහල විරෝධයක් විදිහට. එතනින් තමයි 1958 ජනවාර්ගික ගැටුම ඇතිවෙන්නේ. ඒ කාලේ වැලිගම තිබුණා සිංගප්පූර් ටේ‍්‍රඩර්ස් කියලා කඩයක්. ඒක තොග බඩු කඩයක්. බීඩි සිගරැුට්, දුම්කොළ වගේ ගොඩාක් බඩු ගෙනල්ලා ඔවුන් තොග වෙළඳාම කළා. ඔය කඬේටත් 1958 මේ අර්බුදය වෙලාවේ ගිනි තිබ්බා. මේ කඬේ ගිනි තියන්න දවස් කීපයකට කලින් කඬේ වැඩකරන චුන්නාකම්වල මනුස්සයෙක් වුණ පොන්නම්බලම් අපේ ගෙදර ඇවිත් තාත්තට කිව්වා ජීවිතේ බේරලා දෙන්න කියලා. අපි මිනිහාව දවස් තුනක් හංගගෙන හිටියා. ගමේ සිංහල අය ඇවිත් ප‍්‍රශ්න කරන්න පටංගත්තා. අපි පොන්නම්බලන්ව කොග්ගල කෑම්ප් එකට ගිහිං ඇරලූවා. මේ සිද්ධිය වුණාට පස්සේ හොයලා බලනකොට මට ඉංග‍්‍රීසි ටියුෂන් දුන්න රාජමන්තන් මහත්තයාත් අතුරුදන්.


කුහන්: ඉපදුණේ ඌරුබොක්කේ. ඊළඟට කඹුරුපිටියට ආවා. එතනින් වැලිගමට එනකොට වයස 4යි. මුලින්ම කොන්වන්ට් එකට ගියා. මම තමයි මගේ තාත්තාට එල්ඩර් සන්. තාත්තාට පොලිසි එකක් තිබුණා පවුලේ ලොකු දරුවා කතෝලික පාසල්වලට යවන්නේ නෑ කියලා. ඉතිං මාව හින්දු ඉස්කෝලෙකට හරි බෞද්ධ ඉස්කෝලෙකට හරි යවන්න ඕනෑ. මාතර හින්දු ඉස්කෝල නැති නිසා මාව දැම්මා රාහුලට. අනික් අය සෙන්තෝමස් වගේ කතෝලික පාසල්වලට තමයි ගියේ. මට ඒකාලේ ගැන්ග් එකක් හිටියා. ඒ සේරමලා සිංහල. 1956 වෙනකොට මට අවුරුදු 13යි. 1958 ජාතිවාදී කලබලවලට පස්සෙ අපි පවුල පිටින්ම යාපනයට ගියා. යාපනේ හින්දු කොලේජ් එකට ගිහිං එහේ ඉඳලා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා. පස්සේ ලන්ඩන් ගියා.

ඔබ දෙදෙනාම මාතර වැලිගම. ඊට පස්සේ යන්නේ එකම ඉස්කෝලයට. ඒ කාලේ ඇත්තෙන්ම මුණගැහිලා නැද්ද?
බෝපගේ: නැහැ. ඒක එක අතකට පුදුමයක් තමයි. මම 2008 අවුරුද්දේ ලන්ඩන් යනවා ඒ ඊරෝස් නායක රතනසභාපති අනුස්මරණ වැඩසටහනක අනුස්මරණ දේශනය කරන්න. ඉතිං මාව එයාපෝට් එකෙන් ගන්න එවලා තිබුණේ කුහන්. එදා තමයි අපි ඉස්සෙල්ලම හමුවුණේ. ඇහුවා කොහේද ගම කියලා. වැලිගම කිව්වා. මමත් වැලිගම. ඉස්කෝලේ කොහේද කියලා ඇහුවාම මාතර රාහුල විද්‍යාලය කිව්වා. මමත් රාහුලට තමයි ගියේ. පස්සේ දැනගත්තා 1958 ජාතිවාදී කලබල නිසා යාපනයට ගියා කියලා.

1958 ජාතිවාදී ගැටුම 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප‍්‍රතිඵලය. දෙන්නාටම 1956 වෙනස දැනුණේ කොහොමද?
බෝපගේ: 1956ට කලින් සිංහලට තැන තිබුණේ නැති නිසා 1956 පෙරළිය අපි දැක්කේ සෑහෙන්න හොඳ දෙයක් විදිහට. අපි ඇත්තටම උද්දාමයට පත්වුණා. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම සිංහලෙන් කරන්නට පටංගත්තා. අපි උසස් පෙළට යනකොට සිංහලෙන් තමයි සේරම කරලා තිබුණේ. ඊළඟට උසස් පෙළ කරන මේ අවුරුදු දෙක සම්පූර්ණයෙන්ම ඉංග‍්‍රිසියෙන් කරන්න ඕනෑ. දැන් අපිට ලොකු අසීරු තත්ත්වයක්. 1956 මේ වෙනස එක්ක සිංහල භාෂාව ඉගනගෙන විශ්වවිද්‍යාලවලට විශාල පිරිසක් ආවා. ඔවුන්ට ඉංග‍්‍රීසි දැනුමක් නැහැ. ඊළඟට ආයි ආවා ලොකු රැුකියා ප‍්‍රශ්නයක්. මොකද ඉංග‍්‍රීසි දන්නේ නැත්තං රස්සා නැහැ. මේකත් 1971 නැගිටීමට බලපෑවා.


1958 තමයි සිංහල දෙමළ අපේ වෙන්වීමේ ආරම්භය. ඒක පටං ගත්තේ දෙමළ මිනිස්සු නෙවෙයි. සිංහල අපිමයි. දෙමළ භාෂාව අමතක කරලා ඔවුන් ජීවත්වෙන විදිහ හැමදෙයක්ම අපි අමතක කළා. මේ ප‍්‍රශ්නය තමයි 30 අවුරුදු යුද්ධයක් දක්වා පිළිකාවක් වගේ වර්ධනය වුණේ.


අපේ තාත්තාත් කොමියුනිස්ට් පක්ෂයේ හැබැයි 1956 වෙනස එක්ක තාත්තලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. මම පාසල් කාලයේ ඉඳලා දිගටම කොමියුනිස්ට් පක්ෂයේ හිටියා. හැබැයි අපිට මේ දෙමළාගේ ප‍්‍රශ්නය ඒ කාලේ තේරුණේ නැහැ. අපි පක්ෂය ඇතුළේ ඒ ගැන කතා කළෙත් නැහැ. එහෙම වටපිටාවක තමයි කොමියුනිස්ට් පක්ෂය බෙදෙන්නේ චීන සහ රුසියා කියලා පිල් දෙකක් විදිහට. මම චීන පිලට යනවා. පේරාදෙණි කැම්පස් ගියාට පස්සේ ස්වාධීන වෙනවා. ඒ එක්කම තමයි ලොකු මහත්තයා කියලා ඇවිත් රෝහණ සහෝදරයා (රෝහණ විජේවීර* අපි එක්ක සාකච්ඡුා කරන්නේ. මම ජේවීපී එකට එකතුවෙනවා. මේ එකතුවෙන කාලෙත් අපිට දෙමළ අයගේ මේ ප‍්‍රශ්නය ගැන අදහසක් සාකච්ඡුාවක් තිබුණේ නැහැ. අපි ඒ කාලේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක් කළානේ. ඒ කාලේ අපි මාවෝවාදීයි. එතනින් තමයි ඒක ආවේ. මාවෝගේ සංකල්පයක් තමයි මේ ඉන්දියානු ව්‍යාප්තවාදය. මේකේ ඇත්තක් තියෙනවා කියලා අපි එදා හිතුවා. ඒ පන්තිය නිසා ඉන්දියානු වතු කම්කරුවන්ට ලොකු අසාධාරණයක් වුණා. කොහොම හරි 1971 අරගලයෙන් පස්සේ අපි මැගසින්, බෝගම්බර වගේ බන්ධනාගාරවල හිටියා. 1972 ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩි ඔසවපු දෙමළ අය මැගසින් එකේ හිටියා. අපි ඔවුන් එක්ක කතා කළා. එදා තමයි මට තේරුණේ මේ ප‍්‍රශ්නය.

1956 ඇත්තටම මොකද්ද වුණේ කියලා එදා තමයි මම තේරුම් ගත්තේ. ඊට පස්සේ ඉතිං මම ජනතා විමුක්ති පෙරමුණ අස්සට මේ ප‍්‍රශ්නය අරගෙන ආවා.
කුහන්: අපේ තාත්තා ඒකාලේ වැලිගම හිටපු හොඳ යූඑන්පීකාරයෙක්. මට මතකයි 1956 මැතිවරණයේදී තාත්තා දෙණියායෙන් ඉල්ලපු සේපාල රත්නායක සහා වික්ටර් රත්නායක කියන දෙන්නාටම උදව් කළා. එයාලා කසින්ස්ලා. යූඑන්පී සහ ශ‍්‍රීලනීප. වැලිගම නම් ඉතිං මොන්ටේගු ජයවික‍්‍රමට තමයි තාත්තා වැඩ කළේ. ?ට ගිහිං ශ‍්‍රීලනිපයේ කොඩි සේරම කපනවා. 1956 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වුණාට පස්සේ ‘දෙමළ අලියා කැලේ ගියා’ කියලා තමයි ගමේ අය අපිට කිව්වේ.


1956 චේන්ජස් තිබුණා, හැබැයි 1958 වෙනකොට ඒක ෂොක් එකක්. 1956 ඉඳලා 1958 වෙනකම් පාර්ලිමන්ට් එක ඉස්සරහා උද්ඝෝෂණ තිබුණා. නොයෙක් විරෝධතා තිබුණා. ඒත් 1958 සිද්ධිය හිතාගන්න අමාරුයි. පොලිසිය බලං හිටියා. ඒකයි ප‍්‍රශ්නය. අර ෆිල්ම් එකේ (ද්වන්ධ* තිබුණ විදිහට රාජමන්තන්ගේ වයිෆ් අරං ගියා මුහුදු වෙරළට. මොකට අරං ගියාද මොනවා කළාද කවුරුත් දන්නේ නෑ. ඒ කාලේ අපි මෙහෙම දේවල් වෙයි කියලා හිතුවේ නෑ. කාර් ලොරි සේරම ගිනි තිබ්බා. ඇයි එහෙම කළේ? හිතාගන්න බැහැ.
යාපනේ ගියාට පස්සේ දෙමළ කතාකරන්න ලියන්න බැරි නිසා ලොකු අවුලක්. දෙමළ යන්තන් යන්තන් කතාකරන්න පුළුවන් හැබැයි සීරියස් කතා බැහැ. ඉතිං ඒක ලොකු ප‍්‍රශ්නයක්. එයාලට විහිළුවක් වුණා. අනික අපි යූඑන්පී වීම. ඒක ලොකුම විහිළුව. අපි හිටපු ගෙදර අපි විතරක් නෙවෙයි හිටියේ අනුරාධපුර වගේ දකුණේ තවත් පැතිවල හිටපු මගේ පවුලේ සමීපතමයන් මේ ප‍්‍රහාරයෙන් පස්සේ යාපනයට ඇවිත් ඒ ගෙදර තමයි හිටියේ. අපි ඔක්කොම 30ක් විතර හිටියා. අපේ අම්මාට මේක ලොකු මානසික ප‍්‍රශ්නයක් වුණා. එයාට ඒක දරාගන්න බැරි ට්‍රෝමාවක් වුණා.

මොකද වැලිගම අපි යානවාහන හැමදෙයක්ම එක්ක රජ ජීවිතයක්නේ ගත කළේ. යාපනේ ඒ මොකවත් නැහැ.


මම හිතනවා 1956, ඒක බෑඞ් එක්ස්පීරියන්ස් එකක් අපිට. ඊට පස්සේ අපිට ප්‍රොටෙක්ෂන් එකක් නැහැ අපි අනාරක්ෂිතයි කියන හැඟීම ආවා 1958න් පස්සේ. මම 1958ට අවුරුදු 3කට පස්සේ පේරාදෙණිය කැම්පස් එකට එනකොටත් මේ අනාරක්ෂිතභාවයේ හැඟීම දෙමළ අපි හැමෝටම තිබුණා. බොහෝ කාන්තාවන් යාපනයේ ඉඳලා කොළඹට කෝච්චියේ එනකොට වව්නියාව පැන්නට පස්සේ නළලේ ගාගෙන හිටපු තිලකය පවා මැකුවා. දෙමළකම කියන එක 1956ට පස්සේ ලොකු ප‍්‍රශ්නයක් වුණේ එහෙමයි. ටැමිල්නස් එක කියන්න බැහැ. ඒක හයිඞ් කරන්න ඕනෑ. මම 1962 වෙනකම් ලංකාවේ හිටියානේ. මම ඒ කාලේ ඒක හොඳට අත්වින්දා.

මේ අත්විදීම එක්ක දෙදෙනාගේම දේශපාලන අරගල භූමිය වෙනස් වෙනවා. දෙදෙනාම ජාතිවාදයට විරුද්ධව සටන් කරනවා. එක්කෙනෙක් උතුරේ අනිත් කෙනා දකුණේ..
බෝපගේ: අපේ පක්ෂය 1972 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හදනකොට මම අර මුලින් කියපු දැනුවත් වීම නිසාම දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් ඉඩක් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ වෙන්වුණා. ඒ අනුව දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය අපි පිළිගත්තා. මේකත් එක්ක තමයි 1982 ජනාධිපතිවරණය එන්නේ. අපි එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා.

එතනදි පක්ෂයේ මතය වුණේ මේ ස්වනිර්ණ අයිතිය පිළිගැනීම අපිට ජනාධිපතිවරණයේදී ලොකු අවාසියක් වුණා කියලා. සිංහල ජනතාව අපිට ඡුන්දය නොදෙන්න මේක එක හේතුවක් වුණා කියලා සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය ඇතුළේ ලොකු මතයක් අරං ගියා. මේක කියමින්. මේ පක්ෂය ඇතුළේ තිබුණ සංවාදය නිසාම එය පිටතට ගන්න ඕනෑ නිසාම සුගතදාස ක‍්‍රීඩාංගණයේ අපි 1982 සංවාදයක් ලෑස්ති කළා. ඒ වෙලාවේ රෝහණ සහෝදරයා කතාකළා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන. ගමනායක සහෝදරයා කතාකළා වැඩ කරනපන්තියේ අයිතීන් ගැන. මම කතාකළා ජාතික ගැටලූව ගැන. ඇත්තටම මේක සංවිධානය කළේම පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන මේ සංවාදය මතුපිටට අරං සංවාදයක් ආරම්භ කරන්න. කට්ටිය ප‍්‍රශ්න ඇහුවා. දයාන් ජයතිලක මේ රැුස්වීමට ඇවිත් හිටියා ඔහු කිව්වා ජනතා විමුක්ති පෙරමුණ ස්වයංනිර්ණ අයිතිය පිළිගන්නවා වෙනුවට වෙනම රාජ්‍යයට සහාය දෙන්න ඕනෑ කියලා. ස්ටේඩියම් එකේ ඉඳලා ආමර් වීදියේ පක්ෂ කාර්යාලයට යනකම් අපි මේ ගැන කතා කළා. දෙමළ ජනතාවට තිබෙන අයිතියක් විදිහට අපි ස්වයංනිර්ණ අයිතිය පිළිගන්නවා. නමුත් අපි දෙමළ ජනතාවට කියන්නේ නැහැ වෙන්වෙලා යන්න කියලා. අපි කියන්නේ එකතුවෙලා ප‍්‍රශ්න විසඳගනිමු කියලා. ඉතිං ඔය ප‍්‍රශ්නය අන්තිමට අපි හිතුවා නිවුණා කියලා.


1983දී තංගල්ලේ ධීවරයෝ මඩකළපු ගිහින් ප‍්‍රශ්නයක් වෙලා දෙමළ ධීවරයෝ තුන්දෙනෙක් මරනවා. එතැනදි ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. මම ප‍්‍රකාශයක් නිකුත් කරනවා මේක හෙළාදැකලා සහ පක්ෂයේ ප‍්‍රතිපත්තිය පැහැදිලි කරලා. මේ සමගම දේශපාලන මණ්ඩලය තුළ සාකච්ඡුාවක් ආවා ස්වයංනිර්ණ අයිතිය පිළිගන්න බැහැ කියලා. මම පැහැදිලි ලෙසම ඔවුන්ට කිව්වා දේශපාලන මණ්ඩලයේදී පක්ෂයේ ප‍්‍රතිපත්ති තීන්දු කරන්න බැහැ. ඒකට මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ සම්මේලනයක් කැඳවන්න ඕනෑ කියලා. එහෙම කියලා මම කිව්වා මම දැන් පක්ෂයේ දරණ සියලූ තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙනවා කියලා. එතකොට රෝහණ සහෝදරයා සහ ගමනායක සහෝදරයා කිව්වා නෑ නෑ ඉවත්වෙන්න ඕනෑ නෑ අපි මධ්‍යම කාරක සභාව කැඳවමු කියලා. ඒ අනුව තමයි විතාරණදෙණියේ සාකච්ඡුාව කැඳවෙන්නේ. එදා ඔය ප‍්‍රශ්නය විතරයි සාකච්ඡුා කරන්නේ. රෝහණ සහෝදරයා කියනවා ඔය මතය ලෙනිනුත් අතෑරිය දෙයක් කියලා. මම, නැහැ මගේ ස්ථාවරය හරි කියලා තර්ක කරනවා. 1930 ගණන් වෙනකම් ඒක සෝවියට් ව්‍යවස්ථාවේ තිබුණා නම් කොහොමද ලෙනින් අතහැරියා කියන්නේ කියලා මම තර්ක කරනවා. කොහොම හරි මධ්‍යම කාරක සභාවෙදි මගේ මතය පරාජය වෙනවා. ඒක තමයි ජවිපෙ මධ්‍යම කාරක සභාවක ඡුන්දය විමසපු පළමු අවස්ථාව. ඉතිං ඒ වෙලාවේ මම තීරණය කළා පක්ෂ ඇතුළේ තවත් ඉඳලා වැඩක් නැහැ කියලා. මොකද පක්ෂය ඇතුළේ ඒ වෙනකොටත් ප‍්‍රශ්න තිබුණා. මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පක්ෂ අභ්‍යන්තරයේ ක‍්‍රියාත්මක වෙන ආකාරය සහ සමහර පුද්ගල හැසිරීම් පිළිබඳව විවේචන තිබුණා. මේ සතියෙම තමයි ජූලි කලබලවලට අපිව අත්අඩංගුවට ගන්නේ. ඒ එක්කම මගේ ඉවත්වීම මම ටිකකට කල් දමලා පක්ෂය ආරක්ෂා කරගන්න ඕනෑ කියලා වැඩකරනවා පක්ෂය දෙසැම්බර් මාසේ මාව එළියට දානකම්ම.

දෙසැම්බර් මාසේ මාව එළියට දැම්මට පස්සේ ජනවාරි මාසේ තියෙන මධ්‍යම කාරක සභාවටත් මම සහභාගිවෙනවා. එතනදිත් පක්ෂය කියනවා ප‍්‍රධාන ලේකම් ධුරයේ දිගටම වැඩ කරන්න කියලා. එතනදිත් මම කියන්නේ මගේ ප‍්‍රශ්න නොවිසඳිලා තිබෙනකොට මම කොහොමද අනික් අයගේ ප‍්‍රශ්න ගැන බලන්නේ කියලා. ඊට පස්සේ පක්ෂයේ තහනම ඉවත්කරගන්න මම ජේආර් ජයවර්ධන එක්ක සාකච්ඡුා කරනවා. එතනදි ජේආර්ගේ මතය වුණේ රෝහණ සහෝදරයා ඇවිත් ප‍්‍රකාශයක් දෙන්න ඕනෑ කියන එක. පක්ෂයවත් රෝහණ සහෝදරයාවත් ඒකට එකඟවෙන්නේ නැහැ. එතනින් ඒ සාකච්ඡුා අසාර්ථක වෙනවා. අවසානේ මම පක්ෂයෙන් අයින්වෙනවා. ඊට පස්සේ පක්ෂය සම්පූර්ණයෙන්ම වැරදි පාරක යන්නේ. මම ජනතා විමුක්ති පෙරමුණට අදටත් කරන චෝදනාව තමයි ඔවුන් තමයි ජාතිවාදීන් එක මිටකට ගොනුකළේ.

ගුණදාස අමරසේකරලා, නලින් ද සිල්වා ඇතුළු ඒ බලමුළුව මුලින්ම එකම වේදිකාවකට ගෙනාවේ ජවිපෙ. ඒ නිසා අද රට ගිලගෙන තිබෙන මේ ජාතිවාදී උමතුවට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. යුද්ධ අවස්ථාවෙදි පක්ෂය කොන්දේසි විරහිතව යුද්ධයට සහාය දුන්නා. නමුත් මම හිටපු ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස්. දෙමළ මිනිස්සුන්ගේ අයිතීන් වහාම දීලා ඔවුන් දිනාගෙන මේ ප‍්‍රශ්නය විසඳිය යුතුයි කියන තැන මම හිටියේ.
කුහන්: 1958 යාපනයට ගියාට පස්සේ එහේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් මෙහේට සාපේක්ෂව. ඉතිං මුල් කාලේ අපි හැමෝටම අමාරුයි. එහේ පවුල් අතර වුණත් අධ්‍යාපනයේදී වුණත් මාර තරගයක් තිබුණේ. දකුණ වගේ නෙවෙයි. විශාල කුල ප‍්‍රශ්නයක් තිබුණා. ඒක මුළු සමාජයම වෙලාගෙන තිබුණේ. දකුණේ එහෙම නැහැ. මම හින්දු විද්‍යාලයට යනකොට එජාපයේනේ. හින්දු විද්‍යාලයේ ගුරුවරු සේරමලා කොමියුනිස්ට් පක්ෂයේ. පෙඩරල් පක්ෂය තමයි ඒ කාලේ යාපනේ ප‍්‍රධාන පක්ෂය. ඉතිං මමත් කොහොම හරි විශ්වවිද්‍යාලයට යනකොට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික. විශ්වවිද්‍යාලයට යන්නේ 1962. මාකස් ප‍්‍රනාන්දු හෝල් එකේ ඉන්න සිංහල දෙමළ දෙවර්ගයම කතාකරන්නේ නෑ. සේරමලා දෙමළ අය කෑමට ගියේ වෙජිටේරියන් අංශයට. විශ්වා වර්ණපාල තමයි ඒ දවස්වල අපේ ලීඩර්. කොහොමහරි 1965 මම එංගලන්තයට ගියා. ඒ ඉංජිනියරින් කරන්න. පත්මනාභ තමයි මගේ රූම් මේට්. කුමාර් ඬේවිඞ්, විශ්වා වර්ණපාල අපි සේරම එකම කාලේ තමයි ලන්ඩන් ගියේ. 1977න් පස්සේ ස්ටුඩන්ට්ස් ලා එන්න පටංගත්තා.


ඒ එක්කම තමයි ඊරෝස් පටංගත්තේ. මමත් ඊරෝස් පැත්තට නැඹුරු වුණා. යාපනේ තිබුණේ බුරුෂුවා පොලිටික්ස්. වතුකම්කරුවෝ තමයි නියම වර්කින් ක්ලාස්. කියන අදහස තමයි අපිට තිබුණේ. ඒ නිසා ඊරෝස් අපිට ලොකු මැප් එකක් තිබුණා.


තමිල් ඊළාම් කියන්නේ නැෂනලිස්ට්. ඊරෝස් අපි කිව්වේ ඕල් ඔෆ් ශ‍්‍රී ලංකා කියන එක. එල්ටීටීඊ, ප්ලොට්, ටෙලෝ මේ ගොඩාක් කණ්ඩායම් තමිල් ඊලාම් තමිල් ඊළාම් කණ්ඩායම්. අපිට කින්ඩම් එකක් තිබුණා. එතකොට එයාලගේ ප‍්‍රශ්නය වුණේ කින්ඩම් එක වෙත යන්නේ කොහොමද කියන එක. අපි එහෙම බැලූවේ නෑ. අපි බැලූවේ සමාජවාදය මත පදනම් වුණ රාජ්‍යයක් හදන්නේ කොහොමද කියන එක.

ප‍්‍රභාකරන් සහ විජේවීර කියන නායකයෝ දෙන්නා කොහොමද දකින්නේ..
බෝපගේ: සෑම මිනිහෙක් අස්සෙම සාධනීයතා වගේම නිශේධනීයතා තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයාත් එහෙමයි. ඔහුට හොඳ දේශපාලන විග‍්‍රහයක් තිබුණා. රටේ එවක දේශපාලනය හොඳින් මැනගැනීමේ හැකියාව තිබුණා. සංවිධාන ශක්තිය හොඳටම තිබුණා. කතාකිරීමේ හැකියාව උපරිමයි. හැබැයි ඔහුගේ දුර්වල පැතිත් බොහෝ තිබුණා. පක්ෂ ඇතුළත මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කරන්න ඔහුට බැරිවුණා. එතනදි ඔහු සෑහෙන්න දුර්වල පුද්ගලයෙක්. අනෙකාට සවන්දීම ඔහු තුළ තිබුණේම නැහැ. සමහරු මතයක් ඉදිරිපත් කළාම ඒකට කඨෝර විවේචනයක් ප‍්‍රතික්ෂේප වීමක් තමයි ඔහු තුළින් ආවේ.

කුහන්: ප‍්‍රභාකරන් පුංචි කාලේ ඉඳලම මම දන්නවා. අපි යාපනයට ඇවිත් පදිංචි වුණ ගෙදර ආසන්න ගෙදරක තමයි ඔහු ඒ කාලේ හිටියේ. මොකද ඔහුට වැල්වැටිතුරේ ඉන්න බැහැ. එහේ ඒ කාලේ ජනප‍්‍රිය ටෙලෝ සංවිධානය. ඔහු ජාතිකවාදය මත පදනම් වුණ දේශපාලනයක් තමයි කලේ හැබැයි ඔහු දේශපාලනය දන්නේ නැහැ. ඔහු හොඳ මිල්ටරි නායකයෙක් විතරයි. ඔහුට ඉන්දියාවේ පොලිටික්ස් තේරුම් ගන්න බැරිවුණා. දේශපාලනය අපවිත‍්‍ර කළා.
දැන් මොනවද අපි කරන්න ඕනෑ.. මම අවසන් ප‍්‍රශ්නයත් යොමු කළා.

බෝපගේ: දැන් යුද්ධය ඉවරවෙලා තිබෙනවා. හැබැයි ප‍්‍රශ්න තිබුණ විදිහටම තියෙනවා. දෙමළ සමාජයේ යුද්ධය පටන් ගන්න ප‍්‍රථම තිබුණ සාමාජීය ආර්ථික ගැටලූ තවත් උත්සන්න වෙලා. ඒ නිසා අපි දැන්වත් බැ?රුම්ව කල්පනා කරලා දැන්වත් වැඩ කරන්න ඕනෑ. සමාජය වෙලාගත්ත මේ ජාතිවාදී තත්ත්වය නැති කරන්න ගමින් ගම ගිහින් මිනිස්සු සමග කතාකරමින් කටයුතු කරන්න ඕනෑ. අනික් පැත්තෙන් දිගුකාලීන සමගිය සහජීවනය වෙනුවෙන් බලය බෙදාහදාගන්න තැනකට අපි ඉක්මනින් යන්න ඕනෑ.

කුහන්: දැන් දෙමළ ජනතාවට වෝ කියන ඔප්ෂන් එක ඉවරවෙලා තිබෙනවා. මම දැන් ගෝබල් ටැමිල් පෝරම් එකේ ඩිරෙක්ටර් විදිහට වැඩ කරනවා. අපි දෙමළ ජනතාවගේ වර්තමාන ප‍්‍රශ්න දිහා බලමින් ඒවාට විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වයන් ඉක්මනින් වර්ධනය කරන්න ඕනෑ. එහේ ප‍්‍රශ්න ගොඩයි ඒ හැම ප‍්‍රශ්නයටම දියුණු උත්තරයක් තිබෙනවා. අපි එය සොයා යා යුතුයි.