2009 වසරේදී මම නේපාලයට යන්නට ආරාධනාවක් ලබන්නේ සතේ අතේ නැති කාලයකදීය. ගුවනින් දිල්ලියට ගොස් ගොරක්පුර්වලට දුම්රිය ටිකට් පතක් ගත්තේ, ගොරක්පුර්වල සිට ඉංදියානු-නේපාල දේශසීමාවේ ඇති ශනුලි යාමට පහසුම ගමනාන්තය එය නිසාය. ශනුලි යාමට බසයකට නැගගත්තත් එහි අසුන් නැති බව පෙනුණි. රියැදුරා මට අසුනක් පෑ අතර එය ලී පුටුවක් වුවත් ගමනට ප‍්‍රමාණවත්ය. පැය 2ක ගමනකින් පසු ආහාර සඳහා සෙනඟ බැසගිය අතර නැවත බසයට ආ කල මගේ අසුන එහි නොවීය. එය යමෙකු ගෙදරට රැුගෙන යන ගෘහ භාණ්ඩයක් විය. ඉංදියාවේ සාමාන්‍ය ගමනාගමනය එහෙමය. සුඛෝපභෝගී ගමන්වලදී ඒවා ඔබට හමුනොවේ. අනතුරුව ශනුලි දේශසීමාවේදී නේපාලයට පයින් ගමන් කර කත්මන්ඩු බසයක් අල්ලා ගැනීමට මට හැකිවිය.


කත්මන්ඩු යන පැය 10ක ගමනකට, රාත‍්‍රී 7 බසයට ගොඩවන විට මා සතුව තිබුණේ ඉංදියානු රුපියල් 1000කි. ගමනාන්තය සැතපුම් 500කට ආසන්නය. කත්මන්ඩුවටම බස් ගාස්තුව ගෙවා මාර්ගස්ථ ඉංදියානු කෙබාබයක් ගිලදැමුවේ රසයට වඩා අවම මුදලක් වැය කරන්නටය. දැන් මා සතුව ඇත්තේ ඉංදියන් රුපියල් 550කි. රාත‍්‍රී 12ට වනයක් මැද, බසයේ සර්වලෝක පූට්ටුව මබසඩැරි්ක වදසබඑ කැඞී ඇති බව දැනගත්තේ ඉංග‍්‍රීසි භාෂාව දන්න මගියකුගෙනි. දන්න දෙයකට ඇත්තේ පායා ඇති සඳ පමණි. දැන් මට කවි සිතිවිලි පහළ වේ. එය බියටද කලබලයටදැයි නොදනිමි. සේකරගේ නිව්යොර්ක් නුවර, සඳ හා මම කවිය මට සිහිවිය. බජට් සංචාරකයකු වීම ඔබගේ තෝරාගැනීම නම් එහි රසය විඳීමට ඔබ සූදානම් නම් මෙවැනි දේට ඔබ සූදානම් විය යුතුය. මග දිගට හමුවන මාර්ගස්ථ ක්‍ෂුද්‍ර කාන්තා ව්‍යවසායකයන් විසින් විශාල පැතලි තාච්චියකට දමන බිත්තර 4ක ඔම්ලට්ටුව සෞඛ්‍යාරක්ෂිතය. ඒවා පසුපස යන විස්කි ඉතිරි විෂබීජද නසයි. මේවා කුඩා වියදම් වුවත් පොකැට්ටුව තව තවත් සිහින් වේ. කත්මන්ඩුවලට පැමිණෙන විට තිබුණේ ඉංදියන් රුපියල් 250කි. බසයෙන් බැස රුපියල් 200 මරුටියකට දී හෝටලයට ගියෙමි.


ආපසු ගමනේදී දුම්රිය මගෑරුණේය. එහි විපාකය වූයේ දින 7ක් අතරමං වීමය. දීපවාලි සමය ඉංදියාවේ අතරමං වීමට නරකම කාලයයි. ගුවන්යානය මගෑරුණු නිසා ලක්නොව්වලින් බැස්සේ බොම්බායට යාමටය. දුම්රියෙන් පැය 30කි. ඉංදියන් රුපියල් 2000ක් දී වැඩිමිලට ගත් ටිකට් පතට ඇඳක් ලැබුණි. කෑම දුම්රියෙනි. මීළඟ ගමනාන්තය ගෝවය. බසයෙනි. රන්ජන් නම් මගේ අතිජාත මිතුරා ගෝවේ ජීවත්වෙයි. ගෝවෙන් බැන්ගලෝරයට යාමට පිටවුණේ රන්ජන්ගෙන් ණයට ගත් සල්ලිවලිනි. බජට් සංචාරවලදී ණයට ගැනීම් සුලබය. ගෙවීම ඔබ සතුය. ලංකාවට ආවේද ගියා මෙන් අතේ සතයක් නැතුවය.


99දී බැංකොක්වලට ගියේද සල්ලි නැතිවය. ඒ සල්ලි නැතිකමට මිස ජොලියට නොවේ. ලංකාවෙන් රැුගෙන ගියේ හරියටම ගෙඩි රුපියල් 500කි. බාත්වලට පෙරලූ කල බාත් 270කි. ගුවන් තොටුපලේ සිට සියම් චතුරස‍්‍රයට බස් ගාස්තුවම බාත් 200කි. ඒ මගේ පළමු බැංකොක් ගමනයි. සංවිධායකයන් මා භාරගන්නා සවස 5 තෙක් ජීවත් වීමට ඇත්තේ බාත් 70කි. උදෑසන ආහාරය බාත් 20කි. බජට් සංචාරකයා මතුවෙයි. දවල් ආහාරය බාත් 30කි. සංවිධායකයන් එන විට ඉතුරු බාත් 15න්ද කහ පාට කොමඩු බෑයක් කෑවේ ඒවා මීට පෙර නොදක තිබුණු නිසාය. බැංකොක් නගරයේ යා හැකි හැම තැනකම ඇවිද්දේ සල්ලි නැතිවය. කෑවේ අභිනයෙන් විමසා දැනගත් පසුය. පාර අයිනෙන්ය. බැදපු තණකොළපෙත්තන්ද කෑවෙමි. අදද බැංකොක්හි ඕනෑම තැනක යාම මට ගමේ යනවා වගේය. එහෙම උනේ සල්ලි නැතිව බැංකොක්හි අතරමංවූ නිසාය.


බජට් සංචාරකයා හැමදේම ගන්නේ හෙට්ටුකරලාය. විදේශයකදී හෙට්ටු කිරීම බලපොරොත්තු වන දෙයකි. මන්ද විදේශිකයකු පැමිණෙන විට මිල පස් ගුණයකින් පමණ ඉහළ යයි. බාත් 750ක ඇඳුමක් බාත් 175ට ගත්තේ එම නිසාය. තායිලන්තයේ හෝ වෙනත් රටවල මම උැඑ ඵ්රනැඑ නැත්නම් ගමේ බඩු එන පොළවල සැරිසැරුවෙමි. සෙකන්ඞ් හෑන්ඞ් බඩු හා පරණ බඩු කඩවලින් සුන්දර දේ මිලට ගත්තෙමි. තෑබෑරුම්, ලිංගික ශ‍්‍රමිකයන් ගැවසෙන අඳුරු වීදිවල සැරිසරන්න. එය පොහොසත් නොර්වේවලද ඉංදියාවේද මම කර ඇත්තෙමි. ජීවිතයට බොහෝ අත්දැකීම් ලැබේ. පිලිපීනයේද කොරියාවේද, ජපානයේද එය එසේය.


පළමු රට ගමන සිංගප්පූරුවට හා ඉංදුනීසියාවට ගියේද අතේ සතේ නැතුවය. නැවත සිංගප්පූරුවට පැමිණියේ යහළුවෙකු හමුවීමටය. සිංගප්පූරුවෙන් පිටවීමට ඩොලර් 12ක් අවැසිය. සිංගප්පූරුවට නැවත එනවිට තිබුණේ ඇමරිකන් ඩොලර් 4කි. ආගමන විගමන නිලධාරීන් මගෙන් ඇසුවේ සල්ලි කොපමණ ඇද්දැයි කියාය. ඇඟිලි 4ක් පෙන්වූ විට මා සතුව ඩොලර් 400ක්වත් ඇතැයි සිතා දෝ වීසා ලැබුණි. ආවේ හිතවතකු හමුවීමටය. අතේ ඩොලර් 4කි. පිටවීමට ඩොලර් 12කි. යාළුවා දෙනවැයි කියූ නිසා ආවාට දැන් යාළුවා පරක්කුය. දහවල එළඹියද හිතවතා නැත. ඩොලර් 4න් මැක්ඩොනල්ඞ් එකක් කෑවෙමි. ආවේ නැත්නම් විකුණන්න බඩුද ලෑස්තිකරගෙන තිබුණි. පිටවීමට පැයකට පෙර හිතවතා ආවේය. බජට් සංචාරකයා මුල සිටම එහෙමය.


පළමුවරට නෝර්වේ ගියේද ක්රොනර් 10ක් අතේ ඇතුවය. සංවිධායකයන් නාවා නම් මහා පාරේය. අන්තිම වතාවට නොර්වේ ගිය විට රැුය පහන් කළේ ගුවන් තොටුපොලේ බිම බුදියාගෙනය. හෝටල් මුදල ඉතිරිය. බෑගයද කැඩි ඇත. ගුවන් තොටුපොලෙන් නවතම බෑගයක් ලබාදුනි. නොර්වේ, ස්වීඩන්හිදී හෝ ස්විට්සර්ලන්තයේදී හෝ යුරෝපයේදී දුම්රිය ගමන්වලදී නූඞ්ල්ස් ගෙන නොමිලේ දෙන උණු වතුරෙන් තම්බා කෑම බජට් සංචාරකයාගේ හැටිය. තායිලන්තයේ, මලයාසියාවේ, හොංකොං, සිංගප්පුරුවේ, ඉංදියාවේ, නෝර්වේවල ගුවන් තොටුපොලවලද, දුම්රිය ස්ථානවලද රැුය පහන් කර ඇත.

ඒවා ඉතාම සොඳුරු අඩු වියදම් ගමන්ය. රේල් ඉස්ටේසමේ බිම බුදියාගැනීම් බජට් සංචාරකයකුට යමක් ගෙදර රැුගෙන යාමටද අවස්ථාව ලබා දෙයි.
ස්විට්සර්ලන්තයට ගියේද සල්ලි නැතුවය. ගිය පසු දවසට ප‍්‍රෑන්ක් 50ක් ලැබුණි. නොදන්නා ඇන්ටි කෙනෙක්ගේ ගෙදර කාමරයක් කුලියට ගෙන දින තුනක් ජීවත්වී ජිනීවා යූඑන් සැසි බලන්නට ගියෙමි. බජට් සංචාර ඉතාම සුන්දරය. ඒවායේ නැත්තේ මුදල් පමණි. ඒවා කළ හැක්කේ එවැනි දේට බය නැති අයට පමණි. සල්ලි යනු සංචාරයක අවශ්‍යම කාරණයක් නොවේ. යුරෝපයේදී මම හිච් හයිකින් (්‍යසඑජය ්‍යසනසබට* කරන්නට බය උනේ නැත. මිතුදම් ගොඩ නගාගැනීමට හැකිනම් සංචාරයේ අරමුණ 60%ක් ළඟාකරගෙන අවසන්ය.


නාඳුනන දෙන්නකු සමග කාමරයක් බෙදාගන්නට සිංගප්පූරුවේදී මට සිදුවුයේ සුළු බජට්ටුවක් නිසාය. ජර්මානුවෙක්, බන්ගලි ජාතිකයෙක් සමග කාමරය බෙදාගත්තා පමණක් නොව සිංගප්පූරුව පුරා පයින් ඇවිද්දේ උංටද, මට මෙන් සල්ලි නැති නිසාය. රැුෆල් හොටලය අසල ජෑම් ගසකට නැග ජෑම් කෑවේ බඩගින්නටය. සල්ලි ඉතුරු කරගත්තේ ජර්මානුවා කී ලෙස සින්ගපොර් ස්ලින්ග් නැමති කොක්ටේලය බීමටය. බජට් සංචාරයේදී දුකද සතුටට පෙරලා ගත යුතුය. එකට කෑවද බොක්ක වෙනස්ය. මට මගහැරුණු සුළු මොහොතකදී බන්ගලියා මගේ ඩිජිටල් කැමරාවද හොරකම් කළේය. ආයේ සිංගප්පූරු ගිය විට සිටියේද බෙදාගන්න කාමරකයකය. මෙවර ගෑනුද සිටියහ. ඩොලරයට තෝසේ කා ඩොලර් බාගයට තේ බී මුස්තපා එකේ දවසම ගතකර ?ට නිදාගන්නට යෑම බජට්ය.


සියම්රීප් සිට නොම්පේන් යන විට අතේ තිබුණේද සුළු මුදලකි. දවසක්ම නොම්පේන්වල රස්තියාදුවී සාමාන්‍ය මිනිසුන්ගේ කඩපොලවල්වලින් තියෙන දෙයක් කන්නට ඌරෙකුට සමාන බඩක් තිබීමද වැදගත්ය. අවසානයේ ගණන් හදා විස්කි බෝතල් දෙකක් ගත්තේ සකසුරුවම්කමද ඕනෑම තත්වයක් තුළ ජීවත්වීමට ඇති හැකියාවද නිසාය. මට අනුව ලෝකයේ ලාබම මත්පැන් ඇත්තේ කාම්බෝජයේය.


ඉංදුනීසියාව යන්නට ආසම රටකි. ඕනෑම ගමනක් යන්නේ ඔජෙක් එකෙන්ය. ඔජෙක් යනු ගෑනු පිරිමි භේදයකින් තොරව පදවන මෝටර් බයිසිකල් ටැක්සිය. මේවා බැංකොක්වලද ඇත. ගාන ඉතා අඩුය. ලංකෙවේ වගේ කොස් පොලොස්, බතල කොළ මාලූව, හරක් මස්, කුකුල් මස්, කෝපි තේ එහේ තිබේ. ආප්පත් තිබේ. බජට් සංචාරයේදී ලිංගික සේවනය තහනම්ය. කාරණා දෙකකි. එකක් අරමුණු අතරමං වෙයි. අනෙක, ඔබේ දුප්පත්කමද ඇගේ දුප්පත්කමද සමානය.