හොංකොං විරෝධතාකරුවෝ, 30 වැනිදා. ජනාකීර්ණම මොහොතේ නගරයේ ප‍්‍රධාන දුම්රිය නැවතුම්පොළවලට කඩාවැදී, කිසිවකුට දුම්රියවලට ගොඩවදින්නට ඉඩ නොදී, දුම්රිය ගමනාගමනය මුළුමනින්ම අඩාල කරන්නට කටයුතු කළා.


‘මගේ රැුස්වීමයි වැඩයි පරක්කු වේවි.’ එක් මගියකු බීබීසීයට කිව්වා. ‘ඒත් අපේ නිදහස, ආරක්‍ෂාව සහ මානව අයිතිවාසිකම් උදුරාගන්න හදනවා. ඒක ගැන පරක්කු වෙන්න බැහැ’


‘පරක්කු වුණාට කමක් නැහැ. ආණ්ඩුව ජනතාවගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වියු යුතුයි.’ තවත් මගියෙක් කිව්වා. ඒත්, ‘මේක ඉතාම කරදරකාරීයි හා පීඩාකාරීයි’ හැට හතර හැවිරිදි මගියෙක් කියා තිබුණා.
‘අපේ අරමුණ මගීන්ට පීඩාකිරිම නෙවෙයි. ඒත් අපි විරෝධතා දක්වන්නේ ඇයි කියලා බලධාරීන්ට තේරුම් කරන්න ඕනෑ.’ මුහුණු ආවරණය කරගත් විරෝධතාකාරියක් කීවා. ‘අපිට කායකයෙක් නැහැ. දැන් මේක මහජන ව්‍යාපාරයක් බව ඔබට පෙනේවි.’


හොංකොං විරෝධතාවලට දැන් ‘සති අන්ත’ අටක් වයසයි. හොංකොං පාලනාධිකාරිය විසින් පසුගිය පෙබරවාරියේ ඉදිරිපත් කොට සම්මත කරගන්නට හැ¥ උදර්පණ පනතට ගෙන එන්නට නියමිත සංශෝධනය (අපරාධ ක‍්‍රියා පිළිබඳ පලාගොස් සිටින වැරදිකරුවන් සහ අන්‍යොන්‍ය නීති සහාය පිළිබඳ (සංශෝධන* පනත් කෙටුම්පත, 2019ට එරෙහිව මේ බලවත් විරෝධතාව ගොඩනැගුණේ, එමගින් හොංකොංහි සිටින චීන ආණ්ඩුව විවේචනය කරන්නන් චීනයට පිටුවහල් කරවාගෙන දඬුවම් දීමට චීනයට අවස්ථාව ලැබෙන බව කියමින්. එහෙත් මේ වන විට එම විරෝධතා, ‘හොංකොං විශේෂ පාලන ප‍්‍රදේශයේ’ පාලකවරිය, කැරි ලෑම්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත්, විරෝධතාකරුවන්ට වරින්වර පහරදුන් පොලිසියට එරෙහිව ඇති චෝදනා විභාග කිරීම සඳහා විනිශ්චයකරුවකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරන ලෙසත් ඉල්ලමින් පුළුල් කර තිබෙනවා. විරෝධතාවල ඵීඩනය නිසා, ජුනි 15වැනිදා, කැරී ලෑම්, පනත් කෙටුම්පත කල් දමන බව කීවා. ‘පනතට සාමකාමී මරණයක් අත්වනු ඇති බවත් කීවා. එහෙත් එය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවයි

විරෝධතාකරුවන් කියන්නේ. මේ අතර අමෙරිකානු වාණිජ මණ්ඩලය, වහාම හොංකොංහි අවුල නිරාකරණය කර වාණිජ නගරයක් ලෙස එහි විශ්වාසය හා ස්ථාවරභාවය තහවුරු කරන ලෙස ඉල්ලා සිටියා. උදර්පණ කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත්කරග්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. හොංකොං ¥පත අවුරුදු 150ක් තිස්සේ පැවතුණේ බි‍්‍රතාන්‍ය කොලනියක් විදියටයි. ඒ 1842දී යුද්ධයකින් පසු එහි පාලනය බි‍්‍රතාන්‍යයට ලැබුණු නිසා. පසුව චීනය හොංකොංහි ඉතිරි ප‍්‍රදේශයත් (නව පාලන ප‍්‍රදේශය 99 අවුරුදු බද්දක් යටතේ බි‍්‍රතාන්‍යයට පවරා දුන්නා. 1950 දශකයේ දියුණු වාණිජ කේන්ද්‍රයක් බවට පත් හොංකොං, විවිධ හේතු නිසා චීන ප‍්‍රධාන භූමියට එරෙහි වන්නන්ට – උදාහරණයක් හැටියට චීන කොමියුනිස්ට් පාලනයට විරුද්ධ අදහස් නිසා චීනයේ සිටින්නට අපහසු අයට- පහසු කලාපයක් බවට පත්වුණා.


1980 දශකයේ ආරම්භයේ, 99 අවුරුදු බදු කාලය අවසන් වෙමින් පවතින විට හොංකොං ගැන චීනය හා බි‍්‍රතාන්‍යය අතර සාකච්ඡුා ඇරඹුණා. කොමියුනිස්ට් චීනයේ අදහස වුණේ හොංකොංහි සම්පූර්ණ අයිතිය හා පාලනය තමන්ට හිමිවිය යුතු බවයි. එහෙත්, 1984දී දෙපාර්ශ්වය අතර ඇතිවුණු එකඟතාව වුණේ, 1997දී හොංකොං චීනයට බාරදෙන නමුත්, ‘එක රටක්- පාලන ක‍්‍රම දෙකක්’ යන ආකාරයට හොංකොං පාලනය විය යුතු බවයි. එහි තේරුම වුණේ, චීනයේ කොටසක් වන නමුත්, අවුරුදු 50ක් දක්වා කාලයකට ඉහළ මට්ටමේ ස්වයං පාලනයක් හොංකොං වෙත හිමිවිය යුතු බවයි. එහෙත් ඒ විදේශ කටයුතු හා ආරක්‍ෂක කටයුතු හැර.


එහි ප‍්‍රතිඵලය ලෙස හොංකොංහි තමන්ගේම නීති ක‍්‍රමයක් හැදුණා. දේශසීමා තිබෙනවා. අදහස් පළකිරීමේ නිදහස හා සංවිධානගත වීමේ නිදහසත් එහි ආරක්‍ෂා විය යුතුයි. උදාහරණයක් හැටියට 1989 චීනයේ තියනන්මෙන් චතුරස‍්‍රයේදී චීන සන්නද්ධ හමුදා විසින් නිරායුද තරුණ විරෝධතාකරුවන්ට එරෙහිව කළ විනාශය ගැන සැමරුම් කළ හැකි චීන ආණ්ඩු බලයට අයත් ස්ථාන කිහිපයෙන් එකක් වන්නේ හොංකොං.


ඇත්ත. චීනයට සාපේක්‍ෂව හොංකොං නිදහස භුක්ති විඳිය හැකි තැනක් තමයි. එහෙත්, දැන් ඒ නිදහස ක‍්‍රමයෙන් සංකෝචනය වෙමින් පවතින බවයි කියන්නේ. කලාකරුවන් හා ලේඛකයන් කියන්නේ, ස්වයං වාරණයක් සඳහා තමන්ට බලකෙරෙන බවයි.


අනෙක් වැදගත් කාරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණයි.
හොංකොංහි පාලකයා හෙවත් ප‍්‍රධාන විධායකයා, පත්කෙරෙන්නේ 1200ක් වන පිරිසක් ඉන්නා මැතිවරණ කමිටුවක ඡුන්දයෙන්. මුළුමනින්ම පාහේ චීන හිතවාදී කමිටුවක් වන එහි සාමාජිකයන් පත්කෙරෙන්නේ හොංකොංහි මුළු ඡුන්දදායකයන්ගෙන් සියයට 6කගේ පමණ ඡුන්දයෙන්. 70ක් වන ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සභිකයන්ගෙන් බහුතරයද පත්කෙරෙන්නේ හොංකොං වැසියන්ගේ ඡුන්දයෙන් නෙවෙයි. චීනයට වුවමනා විදියටයි. පාලකයා හා ව්‍යවස්ථාදායක කවුන්සිලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත්විය යුතුයැයි හොංකොං ව්‍යවස්ථාවේ සඳහන් වුණත් එය සිදුවන්නේ නැහැ.


‘චීන හිතවාදී කමිටුවක් විසින් නම්කෙරෙන ලැයිස්තුවක්’ අතරින් සිය නියෝජිතයන් තෝරාගැනීමේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරම’ යොංකොංවලට ලබාදෙන බව චීනය 2014දී කීවත්, හොංකොං ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කරුවන් එය ප‍්‍රතික්‍ෂෙප කෙළේ, ‘ඒක ලජ්ජා නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්’ ලෙස දක්වමිනුයි.
තව අවුරුදු 28කින් එනම් 2047 දී මේ ව්‍යවස්ථාවත් බලරහිත වෙනවා. ඊට පසු හොංකොංවල ස්වයංපාලනයට කුමක් සිදුවේදැයි තවමත් පැහැදිලි නැහැ.

හොංකොං ජනතාවගෙන් බහුතරයක් වාර්ගිකව චීනුන් වුණත්, හොංකොං චීනයේ පාලන ප‍්‍රදේශයක් වුණත්, තමන් චීන්නු හැටියට හැඳින්වෙන්නට ඔවුන් කැමති නැහැ. හොංකොං විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් පෙනුණේ, තමන් ‘හොංකොංකාරයන්’ හැටියට හැඳින්වෙන්නට ඔවුන් කැමති බවයි. චීන්නු හැටියට ඉන්න කැමති සියයට 11ක් පමණයි. සියයට 71ක් කියන්නේ ‘චීන්නු’ හැටියට සිටීම තමන්ට ආඩම්බරයක් නොවන බවයි. අවුරුදු 150ක්ම බි‍්‍රතාන්‍ය කොලනියක් වීම නිසා, තමන්ට වෙනම නීතිමය, සමාජීය හා සංස්කෘතික ලක්‍ෂණ හිමි බව බහුතරයකගේ අදහසයි. සියල්ලේ ප‍්‍රතිඵලයක් හැටියට ‘චීන මුල් රටට’ එරෙහි ප‍්‍රවණතා හොංකොංහි පැනනැගී තිබෙනවා. සමහර තරුණ විරෝධතාකරුවන් කියන්නේ හොංකොං චීනයෙන් මුළුමනින්ම ස්වාධීන විය යුතු බවයි. එය චීනයට එක්තරා ආකාරයක අනතුරු හැඟවීමක්. මේ උදර්පණ කෙටුම්පත සම්මත වුණොත්, හොංකොං කෙලින්ම චීනය යටතටම වැටෙන බව විරෝධතාකරුවන්ගේ අදහසයි.


2014 දීත් මධ්‍යම හොංකොංහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතා පැනනැගුණු වෙලාවේ පොලිසිය එය මර්දනය කළා. විරෝධතාකරුවන් පසුබැස්සේ ‘අපි ආයෙමත් එනවා’ කියමින්. එනිසා දැන් පැවැත්වෙන විරෝධතා අලූත් දෙයක් නෙවෙයි.


1966දී, මගී ජලයාත‍්‍රා සමාගමක් සිය ගාස්තු ඉහළ නැංවීම නිසා විරෝධතා හටගත්තා. විරෝධතාව ප‍්‍රචණ්ඩ කලබල බවට පත්වීම නිසා ඇඳිරි නීතය පවා පනවන්නට වුණා. 2003 පැවැති විරෝධතාවකදි මිනිසුන් ලක්‍ෂ 5කට අධික ප‍්‍රමාණයක් පාරට බැස්සා. ඔවුන් ආරක්‍ෂක පනත් කෙටුම්පතක් පරාජයට පත්කළා. 2014දී හොංකොං පාලකයා තමන් විසින් පත්කරගත යුතුයැයි විරෝධතා පැවැත්වුණා. එය පැවැත්වු ‘කුඩ ව්‍යාපාරය’ හා බීජිං රජය අතර එකඟතාවක් නැතිවම ඒ විරෝධතා අවසන් වුණා.

පහුගිය ජුලි 21වැනි ඉරිදා, විරෝධතා අවසන් කර ගෙවල් බලා යමින් සිටි අයට, හොංකොං උතුරු ප‍්‍රදේශයේ යුවෙං ලොං දුම්රිය ස්ථානයේදී, නාඳුනන මැරයන් රාශිියකගේ ලී හා යකඩ පොලූ ප‍්‍රහාරයකට ලක්වන්නට සිදුවුණා. සුදු ඇඳගෙන මුහුණු වසාගෙන දුම්රියපොලේ සිටි විරෝධතාකරුවන් හා එසේ නොවන මගීන් අතරට පැන්න මේ මැරයන් එලව එලවා ඔවුන්ට පහර දුන්නා. විරෝධතාකරුවන් කළු ඇඳගෙන සිටි නිසා ඔවුන් හඳුනාගෙන පහරදීම පහසු වුණා. 45 දෙනකු තුවාල ලැබුවා. ප‍්‍රහාරයේ විස්තර සැණෙකින් ලෝකය පුරා සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිර ගියා.


තතු දන්නා අය කිව්වේ ප‍්‍රහාරකයන් එරස්ාි සාමාජිකයන් බවයි. හොංකොංහි සිටින සංවිධානගත මාෆියා අපරාධකරුවන්ගේ ජාල පොදුවේ එනමින් හැඳින්වෙනවා. සමහරුන් කියන්නේ ‘චීන මාෆියාව’ කියායි. ඉරිදා ප‍්‍රහාරයට මේ මාෆියාකාරයන් මුදල් ගෙවා යොදාගන්නට ඇති බවයි කියැවෙන්නේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා විරෝධතාවල යෙදුණු කුඩකාරයන්ට 2014දීත් මේ ආකාරයෙන් මාෆියාකාරයන් පහරදුන්නා. පොලිසිය ප‍්‍රහාරකයන් 18ක් අත්අඩංගුවට ගත්තා. පසුගිය ඉරිදා ප‍්‍රහාරය 2014 ප‍්‍රහාරයේ කාබන් කොපියක් බවයි සමහරුන් කියන්නේ. හැබැයි, මේ වාරයේ ප‍්‍රහාරය වඩාත් භයානක වන්නේ විරෝධතාකරුවන් නොවන සාමාන්‍ය මගීන්ද ප‍්‍රහාරයට ලක්වීම නිසා.


මාෆියාකාරයන් මේ ප‍්‍රහාරය සඳහා යොදාගත්තේ හොංකොං පාලනය විසින්ද? ‘වෙනදාට හැම තැනම ඉන්න පොලිසිය ප‍්‍රහාරයෙන් පස්සේ එතැනට ගෙන්වාගන්න කෝල් 999ක් දෙන්න වුණා. පොලිසිය එනකොට ගහපු එවුන් ගිහින්.’ විරෝධතාකරුවන් සාධාරණ සැකයක් එල්ල කරනවා. පර්යේෂකයන් කියන්නේ මැරයන් ආණ්ඩුවේ ‘කොන්ත‍්‍රාත්වලට’ යෙදවීම චීනයේ නම් සාමාන්‍ය දෙයක් බවයි. පළාත් පාලන ආයතන බලප‍්‍රදේශවල වැසියන් බයගන්වා තමන්ගේ ව්‍යාපෘතිවලට ඔවුන්ගේ කැමැත්ත ගැනීම සඳහා මෙවැනි මැරයන් චීනයේදී සාමාන්‍යයෙන් සේවයට කැඳවෙන බවයි ඔවුන් කියන්නේ.
චීනය පසුගියදා හොංකොං විරෝධතා හැඳින්වූවේ ‘යක්‍ෂයන්ගේ වැඩ හා අපරාධ’ හැටියටයි. පසුගිය සඳුදා මාධ්‍ය හමුවක් කැඳවූ හොංකොං හා මැකාවු සම්බන්ධතා පිළිබඳ චීන කාර්යාලයේ ප‍්‍රකාශක යැං ගුවාං කීවේ, ‘මේ විරෝධතාකරුවන් හොංකොං ස්වයංපාලන ප‍්‍රදේශයේ ගෞරවයත්, ස්ථාවරභාවයත් විනාශ කරන’ බවයි. චීන ආණ්ඩුවේ අධිකාරයටත්, ජාතික ආරක්‍ෂාවටත් කිසිම අභියෝගයක් එල්ල කරන්නට කිසිවෙකුට ඉඩ නොතියන බව ඔහු කිව්වා. ‘හොංකොං කියන්නේ චීනයේ හොංකොං. හොංකොංවල දේවල් කියන්නේ චීනයේ අභ්‍යන්තර දේවල්.’


ජුනිවල හොංකොං විරෝධතා ආරම්භවූ මොහොතේ පටන් මේ දක්වා, චීනයේ ඉහළම තැනකින් ඒ ගැන අදහස් පළකළ පළමු වතාවයි ඒ. හොංකොං පාලික කැරි ලෑම්ටත්, හොංකොං පොලිසියටත් සම්පූර්ණයෙන්ම සහාය පලකරන බව එහිදි චීනය කියාසිටියා.


මේ කතා නිසා, මේ වන විට පැනනැගී ඇති සැකය වන්නේ, චීන හමුදාව හොංකොං විරෝධතාවලට එරෙහිව මැදිහත් වේද යන්නයි. චීන මිලිටරි ප‍්‍රකාශකයකු පසුගියදා සඳහන් කෙළේ, හොංකොංහි තත්ත්වය ගැන චීන හමුදාව ‘සමීපව බලාසිටින’ බවයි. චීන හමුදා මැදිහත්වීමක් සිදුවිය හැකිදැයි ඇසූ විට, මිලිටරි ප‍්‍රකාශක වු ක්යෑන් කීවේ, මහජන සාමය පවත්වාගැනීම සඳහා චීනයෙන් හමුදා සහාය ලබාගන්නට හොංකොං පාලනයට නීතියෙන්ම අවකාශ තිබෙන බවයි.


හොංකොං පොලිසිය පසුගියදා චීන පාලන කාර්යාලය වටාකරගෙන සිටි විරෝධතාකරුවන්ට එරෙහිව කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීම හා රබර් උණ්ඩ (හරියටම කිව්වොත් ස්පොන්ජ් උණ්ඩ 36ක්* යොදා වෙඩි තැබීම ගැන විරෝධතාකරුවන් සිටින්නේ දැඩි කෝපයෙන්. මේ නිසා විරෝධතාකරුවන් කිහිපදෙනකු තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදුවුණා. සාමාන්‍යයෙන් විනයගරුක පිරිසක් ලෙස සැලකෙන හොංකොං පොලිසිය මේ නිසා දැන් බලවත් විවේචනයට ගොදුරු වී තිබෙනවා.


‘බැටන් එක පාවිච්චි කරන්න මට පුරුදු කරලා තිබුණත් එයින් කිසිවකුගේ ඔළුවට ගහන්න මට කියලා නැහැ.’ හොංකොං පොලිසියේ අවුරුදු දෙකක සේවා කාලයක් ඇති 32 හැවිරිදි පොලිස් පරීක්‍ෂකවරයෙක් මාධ්‍යයට කිව්වා. ‘බලය පාවිච්චි කළ යුත්තේ. අපි මුහුණ දී තිබෙන තත්ත්වයට වඩා එක මට්ටමක් ඉහළ අවස්ථාවකදී පමණයි’ යනුවෙනුයි අපට උගන්වා තිබෙන්නේ.’ ඔහු එසේ කිව්වත්, නැගී එන නොනිමි විරෝධතා හමුවේ හොංකොං පොලිසිය ක‍්‍රමයෙන් ආක‍්‍රමණශීලී වෙමින් සිටිනවා.


1844දී රාජකීය හොංකොං පොලිසිය හැටියට උපන් පොලිසිය, 1970දී ¥ෂණයට එරෙහි වැඩ පිළිවෙළ නිසා වෘත්තීයභාවය පිළිබඳව නමක් දිනාගත්තා. හොංකොං චිත‍්‍රපටිවල හා ටෙලිනාට්‍යවලදී පොලිස් නිලධාරීන් පෙන්වන්නේ ඉන්දියාවේ වගේ ¥ෂිතයන් හැටියට නෙවෙයි. අපරාධකාරයන් නීතිය හමුවට ගෙනෙන ‘හොඳ කට්ටිය’ක් ලෙසයි. මිලියන 7.3ක් වන හොංකොං ජනතාවට සාපේක්‍ෂව බලන විට එහි පොලිසියේ සංඛ්‍යාව වැඩියි. එය 30,000ක් පමණ. පොලිසියේ අනුපාතය හැටියට සිංගප්පූරුවට වඩා තුන් ගුණයක් පමණ වැඩියි. මේ නිසාම නගරයේ අපරාධ අනුපාතිකය සාපේක්‍ෂව අඩුයි. හොංකොංවලට තමන්ගේම හමුදාවකුත් නැහැ. ඒ නිසා පැරා මිලිටරි වැඩත් පැවරී තිබෙන්නේ පොලිසියටමයි.


පරණ නීතියක් වන හොංකොංහි මහජන සාමය ආඥා පනත අනුව 30 දෙනකුට වඩා වැඩි පෙළපාලියක් සඳහා හෝ 50 දෙනකුට වැඩි රැුස්වීමක් සඳහා පොලිසියේ පූර්ව අවසරය ලබාගත යුතුයි.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරයක් නැතිවම කාලය ගෙවෙනවා. කැරි ලෑම් ඉල්ලා අස් නොවන බව පැහැදිලියි. පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කරගෙනත් නැහැ. මේ තත්ත්වය මත විරෝධතා අඛණ්ඩව පැවැත්වෙනවා. එහි ගතික ස්වභාවය නිසා හෙටානිද්දා මොනවා වෙනවාදැයි පැහැදිලි නැහැ.


2019 පෙබරවාරියේ ඉදිරිපත් කෙරුනු පනත් කෙටුම්පතට රෙඑරෙහිව මුල්ම විරෝධතාව ආවේ මාර්තු 31 වැනිදා. 12,000ක් විතර පිරිස ඊට සහභාගි වූ බවයි කියන්නේ. (පොලිසියේ ගණන 5200යි.* අපේ‍්‍රල් 28 වැනිදා දෙවැනි විරෝධතාවට 130,000කට අධික පිරිසක් එකතු වුණ බවයි විරෝධතාකරුවන් කියන්නේ. (පොලිසියේ ගණන 22800යි.* ජුනි 9වැනිදා, මිලියනයට වැඩිය ආවා. (පොලිසිය කියන්නේ 240,000ක් කියායි.* ජුනි 12වැනිදා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ව්‍යවස්ථාදායක කවුන්සිලයට ඉදිරිපත් කළ අවස්ථාවේ විරෝධතාකරුවන් හා පොලිසිය අතර මුල් වරට ගැටුම් හටගත්තා. ජුනි 16 වැනිදා විරෝධතා පෙළපාලියට මිලියන 2කට වැඩි පිරිසක් ආ බවයි කියැවෙන්නේ. (පොලිසියේ ගණන් බැලීම වන 338,000ක් සැලකුවත්් ඒ ලොකු පිරිසක්.* මේ විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඉල්ලා කරන සටන පුළුල් වෙමින් පවතිනවා. එහෙත්, අවසානයක් පෙනෙන්නට නැහැ.

“dying a peaceful death”.She called amendment efforts a “total failure” July 9

තිවංක සපරමාදු