අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර පසුගිය ජූලි 24වැනි දා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පැමිණ 21දා ප‍්‍රහාරය පිළිබඳව සහ තවත් බොහෝ දෑ පිළිබඳව සිත් අලවන තොරතුරු පැවසීය. මෙම ලිපියට හේතුවන්නේ එම තොරතුරුවලින් තෝරාගත් නියැදියක් ය.

මාවනැල්ල සිද්ධිය

අප දැනට දන්නා තොරතුරුවලට අනුව සහරාන් ප‍්‍රමුඛ මුස්ලිම් තව්හිඞ් ජමාත් කල්ලියේ ත‍්‍රස්තක‍්‍රියාවන් වඩාත් හොඳින් සිංහල සමාජයට නිරාවරණය වුණේ පසුගිය 2018 මැයි 22 මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීම සමගය. මේ පිළිබඳව අදහස් දැක්වූ රවී සෙනෙවිරත්න මහතා කියන්නේ මෙවැනි කතාවක් ය. ‘මේ සිද්ධිය වුණාම පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් යොමු කරන්න කියලා මට උපදෙස් දුන්නා. ඒ අනුව මගේ කණ්ඩායම එම විමර්ශනය කරගෙන ගියා. එතනදී තමයි හඳුනා ගන්නේ සාදික්, සාෆික් කියන සැකකරුවන් දෙදෙනා ගැන. ඒ වෙනකොට ඔවුන් මාවනැල්ල ප‍්‍රදේශයෙන් පැනලා ගිහිං තිබුණා.

අපි ¥රකථන දත්ත සාක්ෂි මාර්ගයෙන් මේ පුද්ගලයෝ වනාතවිල්ලූවේ ඉන්නවා කියලා දැනගත්තා. අපි එතනට යනකොට ඔවුන් එතන හිටියේ නැහැ. හැබැයි ඔවුන් පරිහරණය කරා කියලා සැක කරන දේවල් තිබුණා. ඒ භූමිය අක්කර 45ක පොල්වත්තක්. ඒ ඉඩමේ හිටපු 4 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. පස්සේ ඒ පොල්වත්ත පරීක්ෂා කරනකොට පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තා. එක විශාල ප‍්‍රමානයක්! එතැනදි තමයි අපි මේක පිටිපස්සේ ලොකු සංවිධනාත්මක වැඩක් යනවා කියලා තහවුරු කරගන්නේ’ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශකරන ලෙස ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම මෙම සිදුවීමත් සමග සහරාන් පසුපස පන්නා ඇත. ඒ වනවිටත් ඔහු අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙක් ය. එහෙත් ඒ කරුණ ගැන ප‍්‍රකාශ කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කරන්නේ තමන් ඒ පිළිබඳව දන්නේ පසුගිය දා ත‍්‍රස්ත මර්ධන ඒකකයේ ප‍්‍රධානියා ලෙස වැඩ භාරගත් පසුව බවය. එම දැනසිටීම කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මාවනැල්ල සිද්ධියෙන් පසුව සහරාන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවා ඇත. එහෙත් ‘ත‍්‍රීමා’ නැමති තාක්ෂණික මෙවලමක් (ඇප් එකක්* මොවුන් තමන්ගේ ¥රකථනයට භාවිතා කිරීම නිසා ¥රකථනය පසුපස ගොස් සොයාගැනීමට නොහැකිවී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ මෙවැනි දේකි. ‘අපිට මේ විමර්ශනය කරනකොට විශේෂිත ¥රකථන අංකයක් ලැබුණා. ඒ හරහා විමර්ශන කරනකොට, ීඵී එකක් තිබුණා. මම සාහිඞ්. මම පුත්තලමෙ කියලා. ¥රකථනය ලියාපදිංචි වූ තොරතුරු අනුව සොයාගෙන ගිහින් අපි සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අධි බලැති පුපුරන ද්‍රව්‍ය, ඩෙටනේටර් වගේ දේවල් සොයා ගත්තා. 2019.01.16 වැනිදා තමා ලැක්ටුවත්ත කියන ප‍්‍රදේශයෙන් මේ පුද්ගලයන් හතරදෙනා අත්අඩංගුවට ගත්තේ. පසුව ඒ ලැබුණු තොරතුරු ඔස්සේ දිගින් දිගටම සහරාන් හොයන්න ගලහිටියාව, කුලියාපිටිය, කුරුණෑගල, දඹුල්ල, කෑගල්ල කියන ප‍්‍රදේශවල මෙහෙයුම් සිදු කළා. නුවර, හෙට්ටිපොල වැනි ප‍්‍රදේශවල දීර්ඝ වශයෙන් මෙහෙයුම් සිදු කළත් සහරාන් සොයාගන්න බැරිවුණා. හුඟාක් සැකකරුවන් සොයා ගත්තා’.

වව්නතිව් පොලිස්් ඝාතනය

වව්නතිව් පොලිස් මුරපොළේ මුර සේවයේ සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සහරාන් කල්ලිය අතර සම්බන්ධය පිළිබඳව මෙහිදී මෙම උසස් පොලිස් නිළධාරීන් දෙදෙනා කරුණු ප‍්‍රකාශ කළෝය. ඔවුන් කීවේ මෙම 21දා ප‍්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ පරීක්ෂණවලදී එම සම් බන්ධතාවය පිළිබඳව කරුණු අනාවරණය වූ බවය. ඊට ප‍්‍රථම එය එල්. ටී. ටී. ඊ හිතවාදී කල්ලියක් විසින් කරන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකර ඇත.

‘පොලිස් නිළධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට මේ කල්ලිය සම්බන්ධයි කියලා සොයා ගත්තේ 21 ප‍්‍රහාරයෙන් පසුව. බුද්ධි අංශ සහ අපි එදා සැක කළේ කොටින්ට හිතවත් කවුරුන් හෝ කෙනෙක් මේක කලා කියා. සහරාන්ගේ ළඟ හිටපු ගෆූර් කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්තාට පසුව ඔහු තමයි මේ ගැන හෙළි කළේ’. මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවට පවසන කතාවය.

සහරාන්ගේ කල්ලිය මේ වෙනවිටත් කාන්තන්කූඩි, නුවරඑළිය, කුලියාපිටිය, වනාතවිල්ලූව යන බොහෝ ප‍්‍රදේශවල සැරිසරමින්, දේශණ පවත්වමින්, කැලෑ සටන් පුහුණු වෙමින් සිට ඇත. එහෙත් මුස්ලිම් සමාජයෙන් හෝ මේ පිළිබඳව හාංකවිසියක් තොරතුරු පිටතට එන්නේ නැත. කාත්තන්කුඩි පොලීසියත් මෙම කාලය තුළ දෑස් වසාගෙන සිට ඇත!!

යතුරු පැදිය පුපුරවා හැරීම

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයේ ආසන්නතම සංඥාව කාත්තන්කුඩියේ අපේ‍්‍රල් 18 දා පුපුරාගිය යතුරු පැදියේ කතාවය. මොකද්දෝ කරුමයකට එතනින් පසුව හෝ මේ කල්ලිය පිළිබඳව ඔවුන් සිටින ඉසව්වක් පිළිබඳව තොරතුරු සොයාගන්නට ලැබෙන්නේ නැත. කාත්තන්කුඩියේ මුස්ලිම් ප‍්‍රජාව අපේ‍්‍රල් 21දා ප‍්‍රහාරයට ප‍්‍රථම මේ කල්ලිය පිළිබඳව පොලීසිය දැනුවත් කළා කියන ‘ඇත්ත’ ඇත්තටම බොරුවක් වන්නේ මෙතනදීය. මෙම යතුරු පැදිය පුපුරා යෑම පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාට තිබෙන්නේ මෙවැනි අදහසක් ය.

‘අපි මේ පිළිබඳව දැනගත්ත ගමන් ප‍්‍රදේශයට කණ්ඩායමක් පිටත් කරලා ඇරලා පරීක්ෂණයක් කළා’ මේ පිළිබඳව අදහස් දැක්වූ ශානී අබේසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ සිද්ධියට පසුදාම මේ පිළිබඳව පරීක්ෂා කළ බවය. එහිදී ඔහු කියන්නේ බෝම්බ පුපුරවා හැරීම පිළිබඳව මූලික පරීක්ෂාවක් මේ හරහා ඔවුන් කරන්නට ඇති බව සැකකරණ බවය. එය කාල බෝම්බයක් බවට සැකකරන බව කියාසිටින ඒ මහතා ප‍්‍රකාශ කරන්නේ 21 දා ප‍්‍රහාරය අවස්තාවෙන් පසුව පුපුරා යෑමට කොච්චිකඬේ දේවස්ථානය ඉදිරිපිට නතර කර තැබූ වෑන් රථය තුළද බෝම්බයක් අටවා තිබුණ බවය. වාසනාවකට එය පිපිරී ගියේ නැති බවය. ‘ඒක මොකක් හෝ හේතුවකට පිපුරුණේ නෑ. වාහනයේ දොර ඇරියනම් ඒත් පිපිරෙනවා, එහෙම තමයි ඒක සෙට් කරලා තිබුණේ. අපේ වාසනාවට එහෙම දෙයක් වුණෙත් නෑ’.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර උපුටා දක්වමින් කමිටුව ශානී අබේසේකරගෙන් විමසා සිටියේ, ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුවරවා ගන්නට ගිය පුද්ගලයා එය පුපුවරවා නොගත්තේ එහි එම වෙලාවේ යම් ප‍්‍රභූවරයෙක් සිටි නිසාදැයි තොරතුරු තිබෙනවාද කියාය. ‘නෑ එහෙම තොරතුරක් නෑ. අපි එදා හෝටලයට ආපු ගිය හැවෝම ගැන කරුණු සෙව්වා. සී.සී.ටී.වී චෙක් කළා. අනික සීසීටීවී චෙක්කලාම පැහැදිලිවම පේනවා ඒ බෝම්බකරුවා බෝම්බය පුපුරවාගන්න කීප අවස්ථාවක්ම උත්සාහ කරනවා. තාක්ෂණික දෝෂයක් නිසා තමයි එය පිපිරෙන්නෙ නැත්තේ. ඔහු එය දෙහිවල හෝටලයට ඇවිත් පරීක්ෂා කරන්න යන්න ඇති’. දේවල් සිද්ධ වෙන්නේ පුදුමාකරා විදිහටය. කොච්චිකඬේ දේවස්ථානය ඉදිරිපිට තවත් පිපිරීමක් සිදුවී විනාශය දෙගුණ වන්නට ඉඩ තිබුණි. එහෙත් එය එසේ සිදුවුණේ නැත! ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය නොපිරවීමද එයාකාරය. එහෙත් එම බෝම්බය නොසිතූ මොහොතක දෙහිවල ලැඟුම්හලකදී පුපුරා යෑම නිසා පෙම්සුව විඳිමින් සිටි යුවලකට සිය ජීවිත අතහරින්නට වන්නේය.

බුද්ධි සාකච්ඡුා

‘බුද්ධි සාකච්ඡුාවට මට ආරාධනා කළොත් විතරයි මම යන්නේ. ඒත් මම මේ තොරතුරු බුද්ධි සාකච්ඡුාවලට යවලා තිබෙනවා. ඒවා එහි දී සාකච්ඡුා වුණා ද නැද්ද කියන්න මම දන්නෙ නැහැ’ බුද්ධි සාකච්ඡුාවලට නිරන්තරව සහභාගී වුණා දැයි අසනු ලැබූ ප‍්‍රශ්නයකට නියෝජ්‍ය පොලිස්පතිවරයාට තිබෙන්නේ ඉහත පිළිතුරය. මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න ‘ආරක්ෂක මණ්ඩලය සතිපතා තිබෙනවා, ඔබ සහභාගි වුණාද?’ යැයි අහන පැනයට පිළිතුරු දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා. ‘ආරක්ෂක මණ්ඩලයට දැන් සතිපතා යනවා. මීට පෙර ගියේ කැඳවුවොත් විතරයි. ජනවාරි ඉඳලා මැයි වෙනකම් මම ආරක්ෂක මණ්ඩලයට ගියේ නැහැ. ඒ මට කඳවීමක් නැති නිසා.’

ප‍්‍රහාරයට අයිඑස්අයිඑස් සම්බන්ධයක් තිබෙනවාද?..
මෙම ප‍්‍රශ්නයට නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා ලබාදෙන උත්තරය විවාදයට තුඩුදිය හැකිය. ඔවුන් කියන්නේ මේ දක්වා කරනු ලැබූ පරීක්ෂණ වලට අනුව මෙම ප‍්‍රහාරයට එම සටන්කාමී සංවිධානයේ ඝෘජු සම්බන්ධයක් තිබුණ බවට තොරතුරු නැති බවය. එහෙත් පරීක්ෂණ දිගටම ක‍්‍රියාත්මක බවය. මෙම කල්ලියේ සාමාජිකයින්ට පිටරටවලින් ලැබුණු මුදල් පිළිබඳව පරීක්ෂණ දිගටම කෙරීගෙන යනබවය. ‘මේ ප‍්‍රහාරයෙන් පස්සේ මැලේසියාවේ සිටින තුන්වැනි පාර්ශ්වයක් හරහා අයිඑස් නායකත්වයට ප‍්‍රකාශයක් කරන්න කියා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ අයගේ මතවාදය අයිඑස් මතවාදයමයි. ඒත් අයිඑස්ලා ඩිරෙක්ට් ඉන්වෝල් වුණා කියලා කියන්න සාක්ෂි නැහැ’ මේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬය.

අපේ‍්‍රල් ප‍්‍රහාරයට පෙර

මෙම සැසිය අතරතුර ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙවැනි ප‍්‍රශ්නයක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකරන්නේය. ‘21 වැනිදා උදේ යම් දැනුම්දීමක් කළාද? ඉන්දියාවෙන් සහරාන්ගෙ නම සහිතව තොරතුරු එවලා තිබුණා.’

‘21 දා උදේ මට එස්. එම්. එස්. එකක් එවලා තිබුණා. ඒ එස්. එම්. එස්. කර තිබුණේ අනතුරු ඇඟවීමක්. අපේ‍්‍රල් 21 වැනිදා ඉන්දියානු බුද්ධි සේවයෙන් හා අප සොයා ගත් තොරතුරු අනුව ක‍්‍රියාත්මක නොවීම ගැන අප පරීක්ෂණයක් පවත්වනවා’ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන ආකාරයට මෙම ීඵී පණිවිඩය යොමුකරන්නේ රාජ්‍යය බුද්ධි සේවයෙන් ය.මෙවැනි වැදගත් තොරතුරක් එස් එම් එස් එකක් මාර්ගයෙන් එවීම සාම්ප‍්‍රධායදැයි අප දන්නේ නැත. එහෙත් එහි අඩංගුව තිබී ඇත්තේ අනතුරු ඇඟවීමක් ය. තත්ත්වය එසේය. මෙම නිළධාරීන් දෙදෙනා හරහා බොහෝ තොරතුරු අනාවරණය වී ඇත. අපි මෙලෙස ලියන්නේ මාධ්‍යට නිරාවරණය වූ කාරක සභා අවස්ථාවල තොරතුරු පමණි. මේ තිබෙන තොරතුරුවලින් පෙනෙන්නේ මෙම ප‍්‍රහාරය වළක්වා ගන්නට ඕනෑතරම් අවස්ථා සතුරා අපහට දී තිබුණු බවය. එහෙත් කුණුවී තිබෙන අපගේ රාජ්‍යය යාන්ත‍්‍රණයට ඒවා අල්ලාගන්නට නොහැකි විය. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රමුඛව පොලීසිය කරගෙන යනු ලබන පරීක්ෂණ තවමත් අවසන් නැත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කරන ලෙස දැන් පරීක්ෂණවල 80%ක ප‍්‍රමාණයක් අවසන් වී ඇත. ‘මේ වෙනකොට මේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ගෙන් පිරිසක් මිය ගිහින්. අනික් සියලූ දෙනාම අත්අඩංගුවට අරගෙන තිබෙනවා. 80% ක පමණ විමර්ශන අවසන් දැන්. දැනට 79 පමණ ඔෂෘ එකේ පමණක් අත්අඩංගුවේ ඉන්නවා’.x

ඉන්දියාවෙන් සහරාන්ගෙ නම සහිතව තොරතුරු එවලා තිබුණා.’