පුද්ගලිකව අත් විඳින අත්‍යන්ත කලකිරීමක් හෝ ඉච්ඡා භංගත්වයක් හේතුවෙන් ඇතැමෙක් ජීවිතය හැර දමතිග යම් තෘෂ්ණා පරවශ බැඳීමක් හෝ දැඩි හෘර්දාතුර අරමුණක් අබියස තමාගේ ම ජීවිතය නොතරම් වන බව කියාපාමින් සියලු දුක් සංකා කලබගෑනීන්ගෙන් අත්මිදීම සිය දිවි නසාගන්නන්ගේ අභිප්‍රාය විය හැකියග කලාකරුවන් සිය දිවි නසාගැනීම සාපේක්ෂව වැඩිපුර දැකිය හැකි බව කියවෙන අදහසක් මෑතකදී කියවන්නට ලැබිණිග එය කලාව තුළින් විදෙන යම් හැඟීම්බර තත්වයක බලපෑමෙන් සැබෑවටම සිදු වන්නක්ද? නැතහොත් ජනප්‍රියත්වයෙහි බලපෑමෙන් උපදින මායාවක්ද?


ඉතිහාස සිතියමේ දස ලක්ෂ ගණනක ලක්ෂ්‍යයන්ගෙන් පිළිබිඹු කරන ප්‍රකට ස්වයං ඝාතන සැලකීමේදී දේශපාලනයල වියෝගයල මත්ද්‍රව්‍යල ජීවන කාංසාවල බුන්වත් බවල ආතතියල මානසික රෝග යනාදී විවිධ හේතු දිවිනසාගැනීම කෙරෙහි බලපාන බව පෙනෙයිග ක්ලියෝ පැට්රාලා සහ මොන්රෝලා සේම වර්ජීනියා වුල්ෆ්ල ඈන් සෙක්ස්ටන්ල සිල්වියා ප්ලාත්ල චාලට් ගිල්මන් ආදී ලේඛිකාවෝදල සොක්‍රටීස්ලාල නීරෝලා සහ හිට්ලර්ලාගේ සිට හෙමින්ග්වේල ජැක් ලන්ඩන්ල රොබට් හොවාර්ඩ්ල යසුනරි කවබතා වැනි කතුවරුද මරණය තමන් විසින්ම රචනා කර ගත් පිරිස අතර වෙතිග එසේ මිය ගොස්ල තවමත් සාහිත්‍ය ලෝකයේ ජීවත් වන ඇතැමුන්ගේ අවසන් සටහන් මත ජීවිතයත්ල මරණයත් අතරදී ඔවුන්ගෙන් විහිදුණු අවංක හැඟීම් තැවරී තිබේග
විශිෂ්ට නවකතාකාරියක වූ වර්ජීනියා වූල්ෆ්ගේ මරණාභිමුඛ සටහනෙහි ඇත්තේද වහා නික්මයාමේ අභාලාශයයිග ර්‍ණමා නැවතත් උමතු වීමට යන බව නිසැකවම මට දැනේග තවත් එවැනි භයංකර කාලයකට අපට මුහුණ දිය නොහැකග මේ වතාවේ මා ප්‍රකෘති තත්ත්වයට නොපැමිණෙනු ඇතග මට විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගෙන තිබේ.”


සාරා ටෙස්ඩේල් නම් ඇමරිකානු කිවිඳියද මරණීය නිදි පෙති අහුර බොන්නට පෙර කවියක් ලියුවාය.

මා මිය ගිය විට මට ඉහළින් දිලිසෙන අප්‍රියෙල් මාසය සොලවනු ඇතල වැස්සට පෙඟුණු ඇගෙ කෙස්කලඹ හද බිඳීල ඔබ මා දෙසට එබුණාට මට ගාණක් නැහැනෙ එතකොට ලැබී තිබෙනු ඇත මට වැස්ස අතු කිනිත්තක් බිඳින විට පත් පිරුණු වෘක්ෂයක් පළ කරන ශාන්තිය ඔබට වඩා බොහෝ සේ නිහඬවල සීතල හදැතිව මා හිඳිනු ඇත.


සර්ජි යෙසනින් නම් රුසියානු කවියා තිස් වැනි වියේදී ගෙළ වැල ලාගෙන මියයාමට පෙර රුධිරයෙන් ලියා තැබූ කවිය මෙබඳුය.

සමුගනිමි මා මිතුර සමුගනිමි හිඳියි ඔබ මා හදේ සදාකල් පවසන්නෙ මේ නිසැක වෙන්වීම මුණ ගැහෙන බව නොවෙද අප නැවත වචන වුවමනා නෑල අත දීම් ඕන නෑ එපා සෝ පසුතැවිලි රැඳි බැල්ම මරණයැයි අලුත් කිසිවක් නැතේ එසේමයල අලුත් නැත ජීවිතේ.”


‘කෝනාන්’ ආදී චරිත සමග පල්ෆ් ෆික්ෂන්” ගණයේ කතා රැසක් ලියූ රොබට් ඊග හොවාර්ඩ් සිය හිසට වෙඩි තබා ගත්තේද තිස් වැනි වියේදීයග ඔහුගේ අවසන් සිතැඟි පේළියද තවම ලෝකය අමතයි.


ර්‍ණසැම දෙය බිඳී ගොසින් සියල්ල අවසානයි ඉතින් මාව චිතකය මත තබන්නෟ උත්සව කාල නිමා වෙයි පහන් ආලෝක නිවී යයි.


මෙකී සියල්ලන් ජීවිතය වීසි කර ඇත්තේ එය තවදුරටත් අනවශ්‍ය දෙයක්ය යන ආස්ථානයට පැමිණීමෙනිග ස්වකීය ජීවිතය ඉක්මවා යන පොදු අරමුණක් හෝ සාමාජයීය වශයෙන් කෙරෙන විරෝධය පෑමක් උදෙසා දිවි නසා ගන්නා අවස්ථාද මේ ජීවන සක් ලෝ මුළුක්කාදියෙන් අපට අසන්ට ලැබේග එවැනි එක් අවස්ථාවක් නිශ්චල රූපයක සටහන් කරල යුග ගණනක පැතිරුණු රසික සිත් කීරී ගැස්වූයේ මැල්කම් බ්‍රවුන් නම් ඇමරිකානු සේයාරූ ශිල්පියායග මේ ඡායාරූපයල මීට වසර පහකට පමණ පෙර ගව ඝාතනයට විරෝධය පාමින් දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගත් ලාංකීය භික්ෂුවද සිහිපත් කරයි.


1950 දශකය අගදී වියට්නාමය ආගමික අලකලංචියකින් උණුසුම් වූයේ න්ගෝ ඩින් ඩියැම්” ජනාධිපතිවරයා සියයට අසූවක් පමණ වූ බෞද්ධ ජනතාව නොසලකා හරිමින්ල බෞද්ධාගමික කටයුතු තහනම් කරමින්ල කතෝලික භක්තිකයන්ට රැකියාල උසස්වීම්ල දේපළ අයිතිවාසිකම්ල යනාදිය පුද කරන්නට පටන් ගනීම සමගිනිග 1959 වසරේදී ඩියැම් විසින් වියට්නාමය කන්‍යා මරිය තුමියට පුද කරන බව නිවේදනය කරන ලදීග නමසිය හැට ගණන්වලදීල වෙසක් දිනයට බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමෙන් පසු උද්ඝෝෂණ ඇරඹිණිග එක් අවස්ථාවක හමුදාව සිදු කළ ප්‍රහාරයකින් උද්ඝෝෂණකරුවෝ නව දෙනෙක් මිය ගියහග වගකීම භාර නොගත් ඩියැම් කිසි විට බෞද්ධ විරෝධය ගැන තැකීමක් නොකළේයග විරෝධය තවත් ඇවිළිණි.


1963 මැයි 10 වැනිදා භික්ෂූන් 350ක් පමණ සයිගොන් නගරයට රැස්වූයේ .,විශේෂ යමක්” සිදු කිරීමටයග ආරංචිය ලැබ එහි ගිය ඇසෝසියේටඩ් ප්‍රෙස්”හි මැල්කම් බ්‍රවුන්ටත්ල ද ර්‍ණනිව්යෝර්ක් ටයිම්ස්”හි ඩේවිඩ් හාබස්ටෑම්ටත් දක්නට ලැබුණේ ගිනි තබා ගැනීම ක්‍රියාත්මක කිරීමට උදව් කරන භික්ෂූන්යග වීදිය මැද පද්මාසන ඉරියව්වෙන් හිඳ ගත් වියට්නාමයේ මහායාන භික්ෂුවක් වන තික් ක්වාං ඩක්” ගේ සිරුර පෙට්‍රල්වලින් නහවන ලදීග සැණෙකින් භික්ෂුව අතෙහි ගිනිකූරක් දැල්විණි.

කැමරාව ක්‍රියාත්මක වූ අතර ඔබ දකින මේ පුලිට්සර් සම්මානය දිනූ ඡායාරූපය එහි සටහන් වියග එය ලෝක අවධානය නොඅඩුව ලබමින් ඩියෑම්ගේ පාලනයට ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමට සමත් වියග ඡායාරූපය පළ කරමින් සිදුවීම වාර්තා කළ හාබස්ටෑම් මෙවන් සටහනක් තබයිග
දැවෙන විටල ඔහු මස්පිඬුවකුදු නොසෙලවීයග සිහින් කෙඳිරියකුදු නොනැගුවේය.”


මිනිස් දිරිය පිළිබඳ සැබෑ සහතිකයක් වන ඉතිහාසගත තත්පරයට හිමි රූපය අද පවා අපට නැරඹිය හැකියග ඒ මුහුණේ සහ ඉරියව්වේ ඇති අධිෂ්ඨානය වචනයෙන් තවත් විස්තර කළ යුතු නැතත්ල එවක ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් එෆ්ග කෙනඩිගේ කියමනක් පමණක් මෙහි ලියවෙන්නට ඉඩ හරිමි.
ලොව පුරා ජනතාව මේ තරම් හැඟීම්බර කළ වෙනත් ප්‍රවෘත්ති ඡායාරූපයක් නැහැ.”