x ලක්ශාන්ත අතුකෝරල

වසරකදී වැඩි ම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය සේ ම ලොව විශාලතම කලා කෞතුකාගාරය ද වන ප‍්‍රංශයේ පැරිස් නගරයේ සේන් නදී දකුණු ඉවුරේ පිහිටි ලූව්ර් (ඛදමඩරු* කෞතුකාගාරය ගැන කොතනින් පටන් ගෙන කොතරම් කල් ලිවිය යුතු දැයි සිතමින් සිටිමි. ලෝකයේ විශිෂ්ටතම සිතුවම්, මූර්ති ආදි කලා නිර්මාණ 40,000කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කෙරෙන, වර්ග අඩි අට ලක්ෂයකට ආසන්න භූමි ප‍්‍රදේශයක් වසා ඉදි වී ඇති ලූව්ර් කෞතුකාගාරය හිතේ හැටියට බලා කියා ගන්නට පැයක්, දවසක්, සුමානයක් හෝ මාසයක් වුව ද නොසෑහෙන්නේ ම ය. කෞතුකාගාරය තුළ නිනව් නැතිව සරන දෑස් සහ සිතුවිලි මිනිස් මනසේත්, දෑතේත් ඇදහිය නොහැකි කලා ප‍්‍රාගුණ්‍යයෙන් ඇළලී, ඉපිලී යන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි නොදන්නා අනන්තයක අප අතරමං කරමිනි.


නිරතුරුව තමා වට කොට ගෙන සිටින රසික දනන් දෙස ”මොනාලිසා” නිසල සිනාවෙන් යුතුව බලා සිටින්නී ය. ඪැබමි ෘැ ඵසකද හෙවත් ආදරයේ දෙවඟන; ‘වීනස්’, දෑත් නැතත්, දෑසින් අමතන්නී ය. ලොව අනගිතම පුරාණ මූර්තියක් ලෙස සැලකෙන උසබටැා ඪසජඑදරහ දෙ ී්පදඑයර්ජැ නමැති සුවිසල් නිර්මාණය පුළුල් පියගැටපෙළක් මුදුනේ තේජමාන ලෙස නැගී සිටියි. ඉන් දැක්වෙන්නේ භසනැ නම් වූ ජයග‍්‍රහණයට අධිපති ග‍්‍රීක දෙවඟනයි. ජීවමාන මානව පරපුර මිය යමින්, උපදිමින් අලූත් වෙමින් තමන් නැරඹීමට පෙළ ගැසී එනයුරු යුග ගණනක් තිස්සේ නොවෙනස්ව බලා සිටින දහස් ගණනක කිරිගරුඬ මූර්ති සේනාව ද ජීවමාන වූත්, අමරණීය වූත් සුන්දර මිනිසුන් සහ ගැහැනුන් රැුසකියි මොහොතකට සිතෙයි.


මේ මහා කලා ආශ්චර්යයන් ගොන්නෙන් එකක් දෙකක් පිළිබඳව යමක් කිව යුතු විටෙක ඒ සඳහා කුමක් තෝරා ගනිමි ද? ‘යුරෝපයේත්, සමස්ත ලෝකයේත් පුරාණ සිත්තම් සහ මූර්ති සම්ප‍්‍රදායන්ගේ විකාශනය’ වැනි මාතෘකාවක් පොත් දහස් ගණනක විස්තර දරා සිටින එකකියි මම සිතමි. එය ඒ සා පුළුල් ය; විවිධ ය; මහත් ය. ලූව්ර් කෞතුකාගාරය ඒ පිළිබඳ යම් සාරාංශගත විග‍්‍රහයක් නිදසුන් සහිතව අඟවන ස්ථානයකි. එය පවා තනි මනසකින් ග‍්‍රහණය කර ගත නොහැකි තරම් සංකීර්ණ සහ විචිත‍්‍ර වූවකි.
විශේෂයෙන් ග‍්‍රීක-රෝම ශිෂ්ටාචාර ඇසුරෙහි ජනිත යුරෝපා පුරාණ කලාව මානව නග්න රූපයත්, මානව හැඟීම් සහ ඉරියව් ආදියත් චිත්තාකර්ෂණීය ලෙස මූර්තිමත් කර ඇති අයුර සුවිශේෂ ය; විස්මය දනවයි. විවිධ කලා දර්ශනයන් ඔස්සේ පෙරට පැමිණි සිත්තම් කලාව ද එලෙස ම ය.

ලූව්ර් කෞතුකාගාරය සතු ලෝක ප‍්‍රකට සහ ලෙවන් තුඩ තුඩ රැුඳුණු නිර්මාණ ගැන පුන පුනා කියනු වෙනුවට පෙර කී ලක්ෂණ පැහැදිලි කරන එක් මූර්තියක් සහ එක් සිතුවමක් තෝරාගෙන මෙහි යම් සටහනක් තැබීමට අදහස් කළෙමි. පුවත්පත් පිටු මත සැබෑ වර්ණවලින් දැක්වීම කළ නොහැකි වූවත්, එකී තෝරා ගත් මූර්තිය සහ සිතුවම කළු-සුදු සේයාරූවලින් හෝ එක තැන තබා බලන කල්හි ලලනා සිරැුරේ සියුම් ඉරියව් සහ නැමි රේඛා සහිතව අතීතයෙන් එන අනාවර්ණිත චමත්කාරය පිළිබිඹු වෙතියි සිතේ.


ලූව්ර් විස්මලන්තයේ පුළුල් මණ්ඩපයක එක් කොණක තබා ඇති ”වන දෙවඟන සහ ගෝනුස්සා” (භහපචය අසඑය ් ීජදරචසදබ* නමැති මූර්තිය අප බොහෝ වේලාවක් නවතා ගැනීමට සමත් ය. නිරූපිත නග්න ස්ත‍්‍රී රූපය සියුම් ලෙස කිරිගරුඬෙන් නිමවා ඇත්තේ ඇගේ ශෝකී මුහුණින් වේදනාත්මක හැඟීමක් ජනනය කෙරෙන අයුරිනි. ඇගේ වේදනාවට හේතුව ද මූර්ති ශිල්පියා විසින් සිය නිර්මාණය තුළින් ඉදිරිපත් කරයි. ඇය පාදයේ වේදනාව උපදවන තැන විමසා බලන්නේ දෂ්ට කළ කුඩා ගෝනුස්සා පාද අතර තවමත් රැුඳී සිටිද්දී ය. නිහඬ හැඟීම් ප‍්‍රකාශනයේ විශිෂ්ට ඉසව්වකට අප සිත ගෙන යන මේ මූර්තිය 1846-1851 අතර කාලයේදී නිර්මාණය කර ඇත්තේ ඉතාලි ජාතික ලොරෙන්සෝ බාර්ටොලිනි විසිනි.


බාර්ටොලිනිගේ නිර්මාණ කාර්යයන්ට බල පෑ මිතුරෙකු වන ඔගස්ටේ ඩොමිනික් ඉන්ග‍්‍රස් නම් සුප‍්‍රකට ප‍්‍රංශ සිත්තරාගේ ප‍්‍රකට කෘතියක් වන ඨර්බාැ ධා්කසිුමැ නම් සිතුවම ද අද ලූව්ර් කෞතුකාගාරය සතු ය. ඉන්ග‍්‍රස් වූකලී සිතුවම් කලාව නව සම්ප‍්‍රදායවාදයෙන් නව රොමාන්තිකවාදයට යොමු කළා වූද, පිකාසෝ, මැටිස් බඳු පසුකාලීන ශිල්පීන්ට උත්තේජනයන් සැපයූවා වූද මුල් පෙළේ සිත්තරෙකි. ඔහු කැන්වසය මත තෙල් සායමින් 1814දී නිමවූ මේ සිතුවම සම්මතයට පටහැනිව කාන්තා සිරුර නිරූපණය කිරීමේ නව මානයක් හඳුන්වා දුන් අතර මුල් වරට ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේදී එය දැඩි විවේචනයට ලක් කරන ලද්දේිමස්-ලේ-ඇට නැති, එනිසා ම ජීවයක් ද නැති කාන්තාවක’ ඉන්ග‍්‍රස් විසින් නිමවා ඇතැයි දක්වමිනි. සිතුවමෙහි නිරූපිත අන්තඃපුර කාන්තාවකැයි විශ්වාස කෙරෙන තරැුණිය සිය උරහිස ඉහළින් බලා සිටින ඉරියව්වත්, ප‍්‍රමාණයෙන් කුඩා මුහුණත්, පරිසමාප්ත වර්ණ ගැළපුම සහ පසුබිම් නිර්මාණයත් හේතුවෙන් අග‍්‍රගණ්‍ය සිතුවමක් ලෙස එය අද වඩ වඩාත් බුහුමනට පාත‍්‍ර වේ.


අනෙක් අතට නව සම්ප‍්‍රදායවාදයට අනුගතව නිමැවුණු බාර්ටොලිනිගේ ‘වන දෙවඟන’ මූර්තිය එය ප‍්‍රදර්ශනය කෙරුණු අවස්ථාව් සිට ම අතිශය ජනප‍්‍රියත්වයට පැමිණ අද වන විට ලොව පුරා කෞතුකාගාරවල අනු රූ වශයෙන් ප‍්‍රදර්ශනය කෙරෙන්නකි.


ලූව්ර් වෙතින් ගත් මේ නිර්මාණද්වය තවත් අතකින් සිතුවම් කලාවේ සහ මූර්ති කලාවේ වෙනස් ගතිකයන් පිළිබඳව ද ඇඟවුම් සපයයි. නතානියල් හෝක්ත්‍රෝන් වරක් මෙසේ ලියයි.


”චන්ද්‍රාලෝකය මූර්ති කලාවයි. සූර්යාලෝකය සිතුවම් කලාවයි”
සැබැවින් ම හිරු එළියක්, සඳ එළියක් සේ සුන්දර මේ නිර්මාණ අප රස විඳිය යුත්තේ කෙසේ ද? මට හිතෙන්නේ අප එය කළ යුත්තේ තම තම රිසි පරිද්දෙන් ම බව ය. සෑම කලාවක් ම එකිනෙකාට දැනෙන්නේ වෙනස් ආකාරවලිනි. ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පී හෙන්රි මැටිස්ගේ ප‍්‍රකාශයක් අපට මෙහිදී ගෝචර විය හැකි ය.


”කලා නිර්මාණයක් ඉදිරියේදී ඔබ ඔබේ සියලූ න්‍යායන් සහ ආකල්ප අමතක කළ යුතු ය. නිර්මාණයේ කවර කොටසක් ඔබේ බවට පත් වේ ද යන්න නිර්මාණය මගින් ඔබ තුළ උපදවන හැඟීම්වලින්ම ඔබට වැටහී යනු ඇත”x