නාවික හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කොවිඞ් 19 ආසාදනය වී ඇති අය සම්බන්ධයෙන් වූ තොරතුරු අදාළ ප‍්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිල වශයෙන් දැනුම් දීමක් නොකරන බව ශ‍්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ නාවික හමුදාවේ කොවිඞ් ආසාදනය වූ අයගේ තොරතුරු මහජන පරීක්ෂකවරුන්ට ලැබෙන්නේදැයි අනිද්දා කළ විමසීමකදීය.

නාවික සෙබළුන් ගමන් කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයන් ඔවුන්ගේ ගම්වල සිටී දැයි දැනගැනීමට තොරතුරු නිසි වේලාවට නොලැබීම නිසා අසීරු වී ඇති බව ඔහු පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නාවික සෙබළුන් ආගිය තැන් පිළිබඳව ප‍්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබෙන නමුත් එම තොරතුරු ප‍්‍රමාණවත් නොමැති බවය.x

හංසි මානවඩු