මිනිස් සන්තානය සහතික ලෙසින්ම විද්‍යාත්මක සමීකරණයන්ගෙන් සහ යථාර්ථවාදී දෘෂ්ටි වාදයන්ගෙන් පිරිපහදු කරන ලද පැහැදිලි දිය තලයකැයි කිව නොහේ. තවමත් එය මිථ්‍යාවන්ගෙන් හෝ සිහින ලෝකගාමී විචිකිච්ඡාවන්ගෙන් කලතන ලද, විසිරි රූප සහිත රැලිති දියඹකි. ඇතැම් විට අපගේ යටි සිත සිහින තුලින් අපට පෙන්වන විකාර රූපී මායාවන් කවර ලෝකයකින් පැමිණියේදැයි නිදි බිඳෙන උදෑසනකදී අපි කල්පනා කරමු. දකින විට සත්‍යමයැයි සිතෙන නපුරු සිහිනයක අවසන, අහෝ , එය සිහිනයක් පමණක් වීම කොතරම් භාග්‍යයක්දැයි සිතා සතුටු වෙමු. ජීවිතය වටා පවතින අනිත්‍යය සහ අහිමිවීම් පිළිබඳ ශෝකයේත්, සාම්ප්‍රදායික හෝ ආගමික පිළිගැනීම්වලත්, එකී සියල්ල පසුබිම් කර ගත් භාවිත කලාවේත් බලපෑමෙන් මිනිස් සිත් තුළ ගලවනු නොහැකි ලෙස ඇලුණු අද්භූතවාදී සිතිවිලි මැලියමක් වෙතියි මට සිතෙයි.


භූතාත්මල කාල සංචාර, අධි මිනිස් ශක්තීන්ල අනාගත විද්‍යා යනාදී සංකල්ප මත පදනම් වූ ගොතික් කලාව ගැන අපි වරක් විමසා බැලුවෙමු, එබඳු කලා දිශානතියකට ඊතල හරවන ලද්දේ බ්‍රිතාන්‍යවාසී, ස්විස් ජාතික චිත්‍ර ශිල්පී හෙන්රි ෆුසෙලිගේ “The Nightmare” :නපුරු සිහිනය* වැනි සිතුවම් මගිනිග 1781 වසරේදී කැන්වසය මත තෙල් සායමින් ෆුසෙලි විසින් නපුරු සිහිනය” අඳින විටල ලෝකය විසින් ඒ ආකාරයේ අද්භූත රූප එතරම් අත් දකිනු ලැබ තිබුණේ නැත. ඒ අනුව සිද්ධියක් පුද්ගල චරිතයක්, කතාන්දරයක් වැනි දේ පදනම් කර ගත් විසිතුරු සිතුවම් කෙරෙන් පෝෂිත කලා රසිකත්වය මිනිස් මනසේ ගූඪ පැතිකඩක් කරා එකවරම අංශක එකසිය අසූවකින් කරකවන ලද්දේ මෙවන් කලා කෘති විසිනි. ජීවිතය භව්‍ය-අභව්‍ය ලෝකයත්ල මනැසත් පිළිබඳ විවිධ දාර්ශනික සංකල්ප සහ සංවාද පැන නැගුණු අවධියක වුවද, කලාව තුළින් වදනට හෝ තර්කයට හසු නොවන ධර්මතාවන් මෙලෙස නිරූපනය වීම සැලකිය යුතු ප්‍රවණතාවකි.


සිහිනගත මනැස් සහ මනැස්ගත සිහිනයන් එකල පමණක් නොව අද පවා භෞතික ලෝකයේ පැහැදිලි සත්‍යයන් පිටු දුටු මායා ලෝකයක් නොහොත් ෆැන්ටසි අවකාශයක් ඇසුරු කරයි. කවියට, සාහිත්‍යයට හෝ ඕනෑම නිර්මාණාත්මක කලාවකට මේ නිදහස් අවකාශය මහඟු පසුබිමක් සපයයි. ෆුසෙලිගේ “Nightmare” සිතුවම, ෆ්‍රැන්කන්ස්ටයින්” නවකතාව රචනා කිරීම සඳහා මාරි ෂෙලීව පොළඹවාලූ නිර්මාණය ලෙස ප්‍රකටයග මේ සිතුවම නිරූපනය කරනුයේ හිසත්ල දෑතත් පහතට වැටෙන සේ වැතිරුණු ඉරියව්වකල ගැඹුරු නින්දකට වැටී සිටින යුවතියක මත වාමනරූපී භූතයෙකු නැගී සිටින අයුරයි. අපරදිග මිථ්‍යා විශ්වාස අනුව නිදන්නියන් සමග සංසර්ගයේ යෙදෙන සත්ත්වයෙකු ලෙස දක්වන ර්‍ඉන්කියුබස්” (Incubus) නම් භූතයා බව සැලකේ. මෙහිදී මෙරට ගැමි විශ්වාසයන්හි පැනෙන කළු කුමාර දිෂ්ටිය පිළිබඳ සංකල්පයද, ඉන්දියානු සහ යුරෝපීය කාම භූත ඇදහීම් ද මතකයට නැගීම නොවැලැක්විය හැක්කකි. එවක පැවති පිළිගැනීම වූයේ හිසට රුධිරය ගලා යන ලෙස නිදන මේ ඉරියව්ව නපුරු සිහින පෙනීමට හේතු වන බවයග චිත්‍රයේ පසෙකින් දක්වන වියරු අශ්ව මුහුණ දර්ශනයේ ගුප්ත බියකරු බව තීව්‍ර කරයිග තත්කාලීන විශ්වාස අනුව වාමන රුව සහ යක් අශ්ව මුහුණ සැලකුණේ නපුරු සිහින පිළිබඳ ප්‍රබල සංකේත දෙකක් ලෙසිනි.


සිතුවමෙහි දැක්වෙනුයේ සැබෑ ලෝකයේ දෘශ්‍යමාන වන දසුනක් නොවන බව පැහැදිලිය. එසේ නම් මේ කාන්තාවක් දකින සිහිනයක් රූපයට නැගීමක්ද? නොඑසේවල නපුරු සිහිනයක් දකිමින් නිදා සිටින යුවතියගේ අදෘශ්‍යමාන මනෝ ලොකයේ වියවුල සංකේතාත්මකව දැක්වීමක්ද? රූමත් සියුමැලි කාන්තාවකගේ වුවද හද අරක් ගෙන සිටිය හැකි ජාගර කෘෘරත්වය මින් විෂද කෙරෙන්නේ යැයිද කෙනෙකුට තර්ක කළ හැකිය. මෙකී විවිධ අරුත් නගන ස්වරූපය නිසාමදෝ මෙම සිතුවම අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස අද දක්වාම රසික-විචාරක සම්භාවනාවට පාත්‍ර වේග සිතුවමේ සැබෑම සන්නිවේදනය කුමක් වුවද. එය නරඹන්නාගේ සිත විස්සෝප කරවන බවට සැකයක් නැත. හැබැයි, සිතුවම තුළින් නිරායාසයෙන්ම පිළිබිඹු වන තවත් යමක් ඇත. එය නම් රාගික හෝ ලිංගික ඇඟවුම්කරණයයි. රූමතිය මිය ගියාක් මෙන් නින්දේ මෝහනයට හසු වී සිටී, මිථ්‍යා පුරාවෘත්ත ප්‍රකාරව යුවතියන් නින්දේදී ඉන්කියුබසයා”ගේ කාම වසඟයට පත් වන බවට වන ආස්ථානය නූතන යුගය දක්වාම කොතෙකුත් කලා නිර්මාණවලින් විවරණය කෙරී ඇත. ඊට තවත් එක් නිදසුනක් වශයෙන් සෙබස්තියන් ජියාකෝබිනෝ විසින් අඳින ලද (Incubus) ” නම් ප්‍රකට සිතුවම දැක්විය හැකියග පෙරදිග හෝ අපරදිගල මිනිස් චිත්ත කලාපය ඉක්මවන රාගික මෝහනයක් හෝ තාවකාලික සිහි විකල්වීමක් සමග ඈඳී ඇති මේ සංකල්පය වැම්පයර් ලෝලය රැඳි බ්‍රෑම් ස්ට්‍රෝකර්ගේ ඩ්‍රැකියුලා” නවකතාව සහ ස්ටෙෆනී මේයර්ගේ වයිලට්” තුන් ඈඳුතු නවකතා යනාදියට පසුබිම වන්නට ඇතැයි සිතිය හැකිය.


එක් අතකින් ජීවිතයේදී මුහුණ දෙන ඇතැම් යථාවන්ට වඩාල සත්‍ය නොවන නපුරු සිහිනයක් වුව සහනයකැයි විටෙක අපට සිතෙන්නට පුළුවන. එහෙත් මිනිස් මනෝ ලෝකවල තිබිය හැකි අපැහැදිලි අසහනයන්, චිත්ත පීඩාවන් සහ විකාරරූපී භ්‍රාන්තීන් වෙතට ඇරෙන කවුළුවක් බඳු මේ සිතුවම නපුරු සිහිනයක වේදනාවත්ල බීභත්ස්‍යයත් අපූරුවට පිළිබිඹු නොකරන්නේද? ඩ්‍රැකියුලා” නවකතාවේ මීනා හාකර් මුහුණ දෙන අත්දැකීම මේ පිළිබඳ තවත් දිගු සිතුවිලි මාවතකට ප්‍රවේශයකැයි සිතේ.


අහෝ ෟ සෑම දිනකම පාහේ බොහෝ වේලා යනතුරු නින්දක් ලැබිය නොහැකිව මා දැරූ දරුණු වෙහෙස කෙතරම්ද? නිදි නොලැබීමේ වේදනාවල නොඑසේ නම් නින්දට එළඹීමට තිබූ බිය තුළ තිබුණේ නන්නාඳුනන ත්‍රාසයකි. බියෙන් තොරව දිවි ගෙවනල රාත්‍රියේ සුබ සිහින පමණක් දකින ආශිර්වාදාත්මක නින්දක් ලබන මිනිසුන් කොතරම් නම් වාසනාවන්තද?”