මහත මිටි හා සාම්ප‍්‍රදායික විරුපී මිමිවලට සමීප කුරේ නම් ග‍්‍රවුන්ඞ් බෝයි අපට දෙස්දෙවොල් තියන්නේ අප ඔහුගේ නම නොකඩවා උච්චාරණය කිරීම හේතුකොටගෙනය. ක‍්‍රිකට් තරගයක් අවසානයේ සත්කාරක කංඩායම, සංචාරක කංඩායමේ විවේකාගාරයට පැමිණ ජය පැතීම හිප් හිප් හිප් හුරෙයි ්‍යසචද ්‍යසච ්‍යමර්හ යනුවෙන් ඝෝෂා නැගීමේ සම්ප‍්‍රදාය ක‍්‍රිකට් සංස්කෘතියේ කොටසකි. හුරේ යමර්හ නොකියා කුරේ ක්‍දදර්හ යනුවෙන් කුරේට උසුළු විසුළු කිරීම, කුරේට කෙන්ති ගියද, අපට මතක හිටින කාරණයක් හා සම්ප‍්‍රදායක් විය. සම්ප‍්‍රදාය සංස්කෘතියේ කොටසකි.


කිම් හියුස්ගේ නායකත්වයෙන් යුතු ඔස්ටේ‍්‍රලියානු කංඩායම ලංකාවේ කළ සංචාරය ලංකාවේ ක‍්‍රිකට් උනන්දුව ඇති කළ කාල පරිච්ඡෙදයක් විය. ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමටද හේතු පාදක විය. මෙහි විශේෂත්වය වුණේ ලංකාවේ දඟපන්දු කලාව පිළිබඳ නව උනන්දුවක් ඇතිවීමයි.


ක‍්‍රිකට් සියලූ අඩුපාඩු සහිතව සංස්කෘතියක් ලෙස හා සම්ප‍්‍රදායෙන් යුතුව 90 දශකය තෙක්ම පැවතිණි. අවම වශයෙන් අනා පුංචිහේවා මහතාගේ ක‍්‍රිකට් නායකත්වය තෙක්ම පැවතිණි. ඇන්ඇම්, ගාමිණී දිසානායක වැනි දැවැන්තයෝ තම දේශපාලන සම්ප‍්‍රදායෙන් බැහැරව ක‍්‍රිකට් වෙනුවෙන්ම පැවති සම්ප‍්‍රදාය පවත්වාගෙන යන්නට කටයුතු කළෝය. එහිම පෙර හා පසු නායකයන්වූ ජේආර්, ටිරොන්, ලක්ෂ්මන් ජයකොඩි, රොබර්ට් සේනානායක හා පාක්‍යසෝති සරවනමුත්තු වැන්නෝ ක‍්‍රිකට් සම්ප‍්‍රදාය හා ඔවුන් පවත්වාගෙන ගිය සංස්කෘතිය බැහැර කරන්නට අකමැති වූහ.


ලංකාවේද ලෝකයේද ක‍්‍රිකට් සංස්කෘතියක් විය. මහත්වරුන්ගේ ක‍්‍රීඩාව යනුවෙන් හඳුන්වා දෙමින් පවත්වාගෙන ගියේ ක‍්‍රිකට් සංස්කෘතියයි. එහි භාෂාව ඇවතුම් පැවතුම් සරල රේඛාවකින් වෙන්කළ හැකි ලෙසටම පැහැදිලිව තිබුණි. ඒවා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මෙන්ම සංස්කෘතියේද අත්‍යන්ත සාධක විය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාව යමක් ඇති හැකි පවුල්වලට සීමාවී තිබුණද අතරින් පතර සැබෑ දක්ෂයෝ කරළියට පැමිණියෝය. කොළඹ, නුවර, යාපනය හා ගාල්ල අතර ඔවුහුද තමන් පෙර සංස්කෘතියේ කොටස් උකහා ගෙන එයට අනුගතවූවා මිස එයට එරෙහි වීමට හෝ වෙනස් කිරීමට උත්සාහ නොකළෝය.


විවියන් රිචර්ඞ් යනු පිරිමියෙකි. විවියන් යනුවෙන් ගැහැනුද සිටිති. විවියන් ගුණවර්ධනට ආදරයට කීවේ ‘විවි’ කියලාය. රිචර්ඞ්ස්ට කියන්නේද ‘විවි’ නැත්නම් ‘විව්’ කියලාය. විව් රිචර්ඞ්ස් හරිකේනයක් ගැසුවා යයි පැරැුන්නෙකු කීවොත් එය තේරුම ගෑනීමට අද අයට අපහසු වනු ඇත. අධිවේගී ශතකවලට නම් දරා සිටි කොදෙව්වන්ගේ මෙම වික‍්‍රමයට ක‍්‍රිකට් භාෂාවෙන් යොදා තිබුණේද කොදෙව්වන්ගේ කාලගුණ අත්දැකීමක් වුණු අධිවේගී සුළං ප‍්‍රවාහයේම නමය. හරිකේන් යනු කොදෙව්වන්ට පුරුදු සුළි සුළඟක්ය.


හුක් ෂොට් එක ගැන දන්නෝ, සිලි පොයින්ට් ගැන දන්නෝ හෝ ගලි නම් ස්ථානයේ පන්දු රකින්නා ගැන දන්නෝ අද විරලයහ. ගලි යනු වතුර බහින තැනක්ම පමණි. බොහෝ අය ඔහේ ක‍්‍රිකට් බලති. ආසා බැට් කරනවා බලන්නය. පන්දු යවන විට වෙන වැඩක් කරති. උන් ගහන කොට නිදාගෙන අපි ගහන කොට ඇහැරලා බලා සිටින, එමෙන්ම අපි ගහන්නැතුව අවුට් වෙන කොට අම්මමෝ නැතුව ක‍්‍රීඩකයන්ගේ පැටිකිරියටද එබී බලා බනින අපේ පේ‍්‍රක්ෂකයෝ ඉංදියාවේ පේ‍්‍රක්ෂකයන්ට ඉක්මනින් ළංවෙමින් සිටිති.
ක‍්‍රිකට් සුද්දන්ගේ ක‍්‍රීඩාවයි. එම නිසාම ඔවුහු ක‍්‍රිකට් සංස්කෘතියක් ලෙසම හඳුන්වා දුන්හ. මා මුලින් කී හිප් හිප් හුරේ කීම එම සංස්කෘතියේම කොටසකි.

මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක් වශයෙන් හඳුවනු ලබන ක‍්‍රිකට් එයටම ආවේණික භාෂාවක්, හැසිරීමක් හා පුරාවෘත්තයන් ගොඩනගා තිබුණි. ඒවා තුළ කෑම බීම හා මිතුරු සන්ථවයන්ද පිරී තිබිණි. පාසල් කංඩායමක් නම් දුර පළාතක ක‍්‍රිකට් සංචාරයක් යෑම විනෝද සාගරයකි. එකල අද මෙන් අනවශ්‍ය පිල් බෙදීම් පොරබැදීම් නොතිබුණද, කැපිලි කෙටිලිද මොනවට තිබුණ.ි ඒවා එම ක‍්‍රීඩාවේ රදළ බව රැුකගැනීමට හා පොහොසතුන්ටම එය තබා ගැනීමට කරන ලද කැත උත්සාහයන් විය. ඒවායින් පීඩාවට හා හිංසාවට පත් දුප්පත් දෙමාපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු ක‍්‍රිකට් අතහැරියද කිසිවකින් පරාද කරන්න බැරි නාහෙට නාහන මිනිසුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මුදුනටම යෑම් අපේ මෑත ඉතිහාසයේ දක්නට ඇත.


ක‍්‍රිකට් පිටි සුන්දර ස්ථාන වූ අතර ඒවාට ආවේණික විවිධ හැඩයෙන්වූ පැවිලියන් නැතිනම් ක‍්‍රීඩාගාරය, දහවලට ක‍්‍රිකට් ගසා හවසට අඩියක් ගසන තැනකි. බෝතලයක් ගැහුවත් බෝතලයට යට නොවී ක‍්‍රිකට් පමණක් ගහන්නට හැකි කොන්ද පණ තියන සුද්දන්ගේ සම්ප‍්‍රදාය රැුකි අය එකල විරල නොවූහ. සුද්දෝ ක‍්‍රිකට් සමගම මහත්මා ගතිද ක‍්‍රිකට් ගහන්නන්ට උගැන්වූහ. මැටිමේ සිට ටර්ෆ් එකේ ක‍්‍රිකට් ගහන්නට සුද්දන්ගේ කාලයේ සිටම කටයුතුවූ අතර, මනාවට සැකසූ ක‍්‍රිකට් පිටි, සුන්දර පැවිලියන්, පැවිලියන් තුළ වූ නාමපුවරු හා ගැහැනුන්ටද එන්නට පුළුවන්වූ එහි සංස්කෘතිය වැදගත් මහත්වරුන් අඩුපාඩු සහිතවම වුවද ක‍්‍රීඩාවේ පෝෂණයට එකතුවී තිබිණි.


රාජ්‍ය සේවයේද වතු සමාගම්වලද ආරක්ෂක අංශවලද එවැනි සුන්දර පිටි සකස්වී තිබිණි. ඊට අමතරව ක‍්‍රිකට් පිටි නැති, එහෙත් වටිනා සේවාවන් කළ ක‍්‍රිකට් කණ්ඩායම් ලංකාවේ වූ අතර මොරටුවේ කැටමැරැුන්ස් ක‍්‍රිකට් සමාජය ඉන් එකකි. තාත්තා එහි ලේකම්වරයකු වූ අතර පරම්පරවේ බොහෝ අයද, ඉනුත් මහප්පා අතිදක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස එහිම ක‍්‍රිකට් ගසා වෙනත් කංඩායමකට ගොස් තරුවක් වෙන්නට තිබුණු අවස්ථාවද තම කැටමැරැුන්ස් ක‍්‍රිකට් සමාජය නිසාම කැමැත්තෙන්ම අත්හැරියේය. ඒ කාලයේ ක‍්‍රිකට් ප‍්‍රතිපත්තිමය ක‍්‍රීඩාවක් විය.


බදුල්ලේ, නුවරඑළියේ, දිඹුලේ, මාතර, ගාල්ලේ, මහනුවර, කෑගල්ලේ, යාපනයේ හා සමහර කුඩා වතු ආර්ථිකයන් වූ නගරවල ක‍්‍රිකට් ආශ‍්‍රිත ක‍්‍රීඩාපිටි තිබුණද පශ්චාත් නිදහස් ජාතිකවාදී පිබිදීම් හේතුවෙන් හා වතු ජනසතුවෙන් පසුව මේ සංස්කෘතිය කෙමෙන් අභාවයට යන අතර ලොක්කන්වූ සොක්කෝ එහි අයිතිය භාරගැනීමට කෙමෙන් ළංවූහ. ටිරොන්ගේ කාලයේද ක‍්‍රිකට්වලට හානියක් නම් නොවීය. අනා පුංචිහේවාද ලෝක කුසලානය ගෙන ආවේය. 97 වන විට ලෝක කුසලානය ගෙන ආ සභාපති පැරදී ගෙදර යන්නේ අලූත් සංස්කෘතියක පෙරනිමිති ගෙනඑමිනි. එතැන් පටන් ක‍්‍රිකට් සංස්කෘතියක් ගැන ලියන්නට මට ඕනෑ නැත.


අද ක‍්‍රිකට්වල හැම පැත්තේම ඇත්තේ බොරුවය. එංගලන්තයේ සිටිනවා වගේ රූපවාහිනිය දිහා බලමින් විස්තර ප‍්‍රචාරය කරන ක‍්‍රිකට් විස්තරවල බොරුව අහුවන්නේ ඒවායේ පුනර්දර්ශන ඕනෑ වූ විටය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් බොරුව අවසන් වී එය නැවතත් මහත්වරුන් අතරට ගිය දා ක‍්‍රිකට් නැවතත් සංස්කෘතියක්ම වී අප අතරට එනු ඈත.


මගේ සීයාද ගාල්ල රිච්මන්ඞ් එකට ක‍්‍රීඩා කළේය. 1920-22 කාලයේය. 1914දී රිච්මන්ඞ් ක‍්‍රිකට් නායකයාවූ ඞීඇම් රාජපක්ෂට 1915දී රිච්මන්ඞ් විදුහලේ ක‍්‍රිකට් නායකත්වය අහිමිවුණේ අතිපොහොසත් ද මැල් සිසුවා සිසුන්ට සත්කාර කර ඡුන්ද ලබාගෙන තිබීම නිසාය. සුදු ජාතිකයකු වුණු විදුහල්පති ඩබ්ලිව්ජේටී ස්මෝල් නම් මෙතොදිස්ත දේවගැතිතුමා පාසල් රැුස්වීමේදී කීවේ, ‘ඔබ මේ වසරට ද මැල්ව ක‍්‍රිකට් නායකයා ලෙස තෝරාගෙන ඇති බවත්, ඔහුව එම වසරට ක‍්‍රිකට් නායකයා ලෙස පත් කරන බවත, හෙට සිට ඞීඇම් රාජපක්ෂ වෙස්ලි විදුහලට මාරු කරන බවත් 1915 වසරට රිච්මන්ඞ් විදුහල ක‍්‍රිකට් නොගසන බවත්’ය. 1915 වසරේ ඞීඇම් මෙතෝදිස්ත පාසලක් වුණු වෙස්ලියට ක‍්‍රිකට් ගැසුවේය. පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවද මහත්වරුන්ටම බාර වුණු යුගය තවමත් තිබේද?


අරක්කු ටික බී නටා සින්දු කියා ක‍්‍රිකට් බලමින් ගෙවල්වල සිට ක‍්‍රිකට් අත්විඳීම පෙර කල සිදුවිය. 1979 ඇල්වින් කලිචරන්ගේ නායකතවයෙන් ලංකාවට ආ බටහිර ඉංදියානු ක‍්‍රිකට් කංඩායමේ ලංකා සංචාරය මගේ පළමු ජාත්‍යන්තර තරග නැරඹීමයි. අඩි 7ක් උස ජෝල් ගානර් බලන්නටම පැමිණි අය එහි වූහ. පර්සිගේ සින්දු, පපර බෑන්ඞ් අද ක‍්‍රිකට් විඳිනවාට වඩා වෙනස් ලෙස විඳි අත්දැකීමය. පර්සිගෙන්ම කොලම අවසන් කරමි. පර්සි පසු ගිය දිනක ‘සිත එෆ්එම්’හි ‘සතිඅග සාදය’ට ගෙන්වා තිබුණි. පර්සි කාරණා තුනක් නොකරන බව ගාමිණී දිසානායක ඇමතිතුමාට කීවාලූ. ඒ තුන නම් දේශපාලනය, ක‍්‍රිකට් පාලනය හා උපත් පාලනයයි. තුනටම පාලනය අවශ්‍ය වුවද ඒවායේ පාලනය විවිධය.සමහරක පාලනයක් නොමැති තරම්ය. ඒවා මොනවාදැයි ඔබම දනියි.x

ලක්ෂාන් ඩයස්