x කේ. සංජීව
කංසා දුම වළාවන්ගෙන් මිදිලා මේ රස ලෝකෙට එන්න පොඩි පාරක් පෙන්නන්න මේ හදන්නේ. කංසා බේගල් අඳෝනා අවලාද කෝටියක සුරුට්ටුකරණය කරලයි තියෙන්නේ. ඉතිං ඒ සුරුට්ටුව ලෙහලා කංසා සුවඳේ පැටලෙමු. දැන් ලෝකයම එහෙමයි!! සුද්දා එන්න කලින් අපි කංසා දුම වළාකුලේ කිමිදුණා විතරක් නෙවෙයි, මාළු පිනිත් හදාබෙදාගෙන කෑවා. වෙල්ලස්සෙ කැරැුල්ල නිසා තමයි සුද්දා මේක තහනම් කරන්නේ. ඒ මොකද වෙල්ලස්සේ වීරයන්ට තිබුණ යුදකාමයට යුද ශක්තියට මේ ශාකය හේතු වුණා කියලා සුද්දා කල්පනා කලළා. ඒ ලංකාවේ ඉතිහාසයනේ. මේ ළඟකදි චීනයේ පාමීර් කඳුකරයේ උස් තැනක ( සුසානයක අඟුරු කබලක අවශේෂ අතරේ තිබිලා කංසා ශාකයේ කොටස් පොසිල හමුවීමත් එක්ක මේ කංසා මිනිස් බැඳියාවේ ඉතිහාසය කිස්තු පූර්ව 4000ට පනිනවා. ඉතිං දැන් විද්‍යාඥයන් කියන්නේ කංසා (ගංජා* ශාකයේ ඇට සහ කෙඳි ගන්න මිනිස්සු ක‍්‍රිස්තු පූර්ව 4000ට පෙර මේ ගස වගාකරන්න ඇති කියලා. අනික් පැත්තෙන් මේ අඟුරු කබලේ කතාව කියනවා කංසා දුමායනයේ ඉතිහාසයත් මේ තරමටම දුරයි කියලා. අපි අඟුරු කබලට සාම්බ‍්‍රානි දාලා ගෙවල් සුවඳ කරනවා වගේ, එදා මිනිස්සු ගිනි අගුරු මතට කංසා කොළ විසිකරලා ඒ සුවඳ දුමින් දෙව්ලොවට පාර හොයාගන්න ඇති!! ඉතිං කංසා දුමායනයෙන් අඟහරුවලට යන කතාබතා අපි අද කතා කරන්නේ නෑ. ඒ වෙනුවට කංසා ලෝක ආහාර කලාව ලස්සන කරන විදිහ ගැන ටිකක් කතාකරමු.

කංසා සහ අපේ ආහාර ලෝකය පුරා කංසා ශාකයේ නෙක නෙක වර්ග ගොඩාක් තියෙනවා. මේ හැම ශාකයකටම එක පොදු ගුණයක් තියෙනවා. ඒ තමයි ්‍යඔක්‍ කියන රසායනිකය. මේක තමයි අපිව මැජිකල් ලෝකයට අරගෙන යන රොකට්ටුව. ඇත්තටම මේක අද ලෝකයේ සුලබව පාවිච්චියට ගන්නවා බෙහෙතක් විදිහට. ලෙඩ ගොඩකින් ගොඩ එන්න කංසා අපිට පාර හදලා දෙනවා. ලංකාවෙත් දේශීය වෙදකමේ බෙහෙත් ගොඩක මේ කංසා සුවඳ මාත්තු වෙලා තිබෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒදා ඉඳලා මිනිස්සු යථාවෙන් මිදිලා මායාවට පනින්න එක එක දේවල් හෙව්වා. ඒ හෙවිල්ලේ ප‍්‍රතිඵලයක් තමයි මේ අරුම පැලෑටිය. ඉස්සර මිනිස්සු හරක් මස්වලට වඩා ගෝන මස් කෑවා. ගෝනා ගොඩක් වෙලාවට කෑවේ ස්මෝක් කරලා. ඒකට අපි කිව්වේ දුම් මැස්සේ වේලනවා කියලා. අද ලෝකයේ මේ ස්මෝක් කිරිල්ල හරිම ජනප‍්‍රියයි. අග්නිගිදිග ආසියාවේ ස්මෝක් කරපු නැතිනම් දුම් ගසා ඉදවා ගත්ත තාරා මාංසය හරිම ජනප‍්‍රියයි. මාළුත් එහෙමයි. ස්මෝක් කරලා කන්නකෝ ගල් මාළු.!! බාබකිව් කරන කොටත් මේ ස්මෝක් කෙරිල්ල වෙනවා. චාකෝල් උඩට මස් එක්ක දියවෙලා තියෙන වතුර සෝස් එක්ක මුහුවෙලා වැටුණහම නගින දුම අම්මෝ රස දෙගුණ කරනවා. කතාව කැලේ යනවා. ආයි ගෝනාට එමු. මෙහෙම වේලපු ගෝනා පස්සේ උයාගන්නකොට කංසා කොළ එකතු කරනවා. එතකොට හොද්ද රසවෙනවා. මස මෙලෙක් වෙනවා.

කෑවට පස්සේ චූටි මත්ගතියක් එනවා. මෙහෙම මස් වර්ග ගොඩකට කංසා කොළ එකතු කෙරිල්ල අතීතයේදී හොඳටම කෙරුණ බව පැරැුන්නෝ කියනවා. මෙහෙම කියනකොට එක එක කෑම අත්හදා බලන්න ආස මට හිතෙනවා, ගෝන මස් දුම් ගහනකොට ඒ අගුරු උඩට කංසා කොළ ඕසෙට දැම්මනම් කොහොමෙයි කියලා.


ඒ මස්වලට කරපිංචා වෙන කංසා කොළ ගැන කතාව. ඒ වගේම මේ ගහේ කොළ තම්බලා බීලා තියෙනවා. ඇෙග් අමාරුවලට. සුටුස් ගාලා සනීප උනා විතරක් නෙවෙයි ඇගට ජවයකුත් ආවා. එහෙම කංසා කොළ තැම්බූ වතුර මහත්තයා බොනවට ඒ කාලේ නෝනාවරු හරි කැමතියි කියලා කතාව. හේතුව නම් අපි දන්නේ නෑ. මට කාලයකට කලින් පානමදි හම්බ වුණ කුමන ගමේ මාම කෙනෙක් කිව්වේ, මිනිහා සම්බෝලත් කාලා තියෙනවා කියලා. ඒ සම්බෝලෙට ගෝන කරෝල ලියලා ලියලා දාලා දාලා දිවට රස ගෙනල්ලා තියෙනවා.

ලෝකය නම් හරිම දියුණුයි


අපි ඉස්සර කංසා කෑවේ බීවේ එහෙමයි. ඒත් දැන් ලෝකය වෙනස් දැන් ලෝකය කංසා කන්නේ බොන්නේ ගොඩාක් වෙනස් විදිහට. අපි කංසා දුමායනයෙන් අඟහරුවට යෑමේ ක‍්‍රම ගැන කතාව පැත්තකට තියලා මේක රස අහරක් විදිහට බඩට දාගන්න, ලෝකයා දැන් උනන්දු කෝමද කියලා නිකං හොයමු.


කංසා පුංචිම පුංචි ටොෆියක චුයින්ගමයක ඉඳලා කෑම ජාති අසූකෝටියකට විතර දැන් මුහුවෙලා. රෙසිපි ගොඩායි. උයලා පිහලා කන්න වගේම කරකරලා මුහුකරලා කන ආරවලූත් ගොඩයි. කොළ පාටට කොළ පාටේ කංසා කොළ බෙලෙන්ඩර් එකක් හරහා ගිහිං ජූසිවෙලා බිත්තර එක්ක මික්ස් වෙලා කොළ පාටට රස කේක් විදිහට අවන් එකෙන් එළියට එනවා. මස් අඹරලා කරලා, උඩට උඬේ පෙතිපෙති තියලා හදන ලසන්න්‍යා අස්සෙත් දැන් කංසා කියාන්කෝ. තක්කාලි සෝස් ටිකක් ඉහලා ඒක උඩින් ලසන්න්‍යා එකක් තියලා උඩින් ආයිත් තක්කාලි සෝස් ටිකක් ඉහළා චුට්ටක් වෙලා අවන් එක අස්සට දාලා ගත්තාම මේකේ රස ආයි කියන්න දෙයක් නෑ මිතුර!! ඒ ලසන්න්‍යානේ.


පීසා උනත් දැන් කංසා කොළ වැටිලා රටා හැදිලා.


මේ කෑම ගොඩකට මුල් වෙන්නේ කංසා කොළ සහ ඇටවලින් නිස්සාරණය කරන තෙල්. ඊළගට බටර්. ඊළගට චීස්. රටකජු බටර් ගැන දන්න අපි කංසා බටර් ගැන නොදැන ඉන්න එක හරි නෑ නේද?. බටර් විතරක් නෙවෙයි චීස් අස්සෙත් දැන් කංසා තියෙනවා. ගම්මිරිස් සැරයි චීසි රසයි කැනබි නැත්තං කංසා රසයි එකට මුහු උනාම අම්මෝ තමයි. මේ විදිහට පස්තා හදනකොට උනත් චොපීමය කංසා කොළ කැබලි දවටා ගන්න පුළුවන්, ඒ කංසා තෙලත් එක්ක. ඒ කොළ පාට ලස්සනක් ඇහැට අරං එනවා. ඒ වගේම දිවට රස එක්ක ඔළුවට පොඩි මත්මය සොමියක් අරගෙන එනවා. මේ වගේ කෑම වට්ටෝරු ගොඩක් අද කංසා නිසා ආයි ලස්සන වෙලා. ආයි රස වෙලා. තිබුණ රසය ගුණය එක්කම වෙනස් රසයකට පෙරළිලා.

කෑමට නොදෙවෙනි බීම


බ්ලෙන්ඩර් කරපු කංසා කොළ කළු කෝපි එක්ක මුහුකරලා ඒකට එළකිරි එකතුකරලා බීපු අතීතයක් මටත් තියෙනවා. අදටත් පොතුවිල පැත්තෙ මිනිස්සු මේක බොනවා. මේක බිව්වහම ඔය දසමහා යෝදයෝ ඇ`ගට එනවා ලේසියෙන්ම. ලෝකයෙත් කංසා එක්ක එකට යන පාන වර්ග ගොඩාක් තිබෙනවා. සිසිල් බීම පවා අද තැලී පොඩිවී මිරිකී වතුර වගේ උන කංසාවලින් හදලා තියෙනවා. ඉතිං මේ බීම ජාති ලෝකය පුරා කංසා නිෂ්පාදනවලට නීතිමය බාධා නැති රටවල ජනප‍්‍රියයි. සමහර රටවල් කංසා මත්ද්‍රව්‍යයක් විදිහට ¥මායනය කරගන්න එක තහනම් කළා උනත් මේ ආහාරවලට තමන්ගේ රටේ දොර විවෘත කරලා තිබෙනවා. අනික් පැත්තෙන් අද ලෝකය පුරා රටවල් කංසා සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදනවලට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කරමින් යනවා. ඇත්තටම ඇයි? ලෝකය පුරාම මෙහෙම වෙන්නේ. ඒකට තිබෙන එක ප‍්‍රධානම හේතුවක් තමයි කංසා එක්ක බැඳුණ විස්මිත ඔසු ගුණය. අපි ඒ ගැනත් ටිකක් කතාකරමු.

ඔසු ගුණ


කංසා ආහාරයක් විදිහට එකතු කරගත්තහම සිහින් සරීරයක් හම්බවෙනවා කියලා පර්යේෂකයෝ කියනවා. හාවර්ඞ් විශ්වවිද්‍යාලය, බෙත් ඊශ‍්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය කරපු පර්යේෂණවල ප‍්‍රතිඵල ආස්වාදනීයයි. ඔවුන් කියන්නේ කංසා කැලරි දහනයට නියමයි කියලා. කංසා දියවැඩියාව නසන ඔසුවක් කියලා හොයාගෙන ඉවරයි. ඇමරිකාවෙ සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය කියන්නේ කංසාවල අපි තියෙනවා කියලා අර මුලින් කියපු රසායනය නිසා ඉන්සියුලින් හෝමෝනය ස‍්‍රාවය කිරීම උත්තේජනය කරනවා කියලා.


ඇත්තම කතාව කංසා කියන්නේ මිනිස් සරීරයේ ගොඩාක් අවයව උත්තේජනය කරන විස්මිත ඔසුවක් කියන එකයි. මේවට අමතරව ආතතිය, ඉරුවාරදයට උනත් කංසා අස්සෙ සහනය තිබෙනවා. ග්ලූකෝමාවලට විතරක් නෙවෙයි සුව කළ නොහැකි සමහර පිළිකා වර්ගවලටත් සහනය කංසා ගුණය අස්සේ සැඟවිලා තිබෙනවා කියලා පර්යේෂකයෝ කියනවා. අද ලෝකයේ බොහෝ ඔසු පර්යේෂණායතන කංසා ආශ‍්‍රිත ඔසු නිපදවන්නටත් සමත් වෙලා තිබෙනවා. කංසා ලෝකයෙන් එන අලූත් වාර්තා කියන්නේ එච්අයිවී වයිරසය සරීරය අස්සේ ඉක්මනින් පැතිරෙන එකත් කංසාවලට පාලනය කරන්න පුළුවන් කියලා.


මේ හැම දෙයක්ම කියන්නේ මොකද්ද? කංසා ගැන දියුණු විදිහට සිතන්න කියන එක නෙවෙයිද? x