‘අද වගේ කාලෙක ගෙදරක අයිතිකාරයෙක් වෙනවා කියන්නේම ජීවිතේ ලොකු ජයග‍්‍රහණයක් ලබනවා වගේ වැඩක්. තමන්ගේ ගෙදරට ඇතුල්වෙනවා ඔයාට දැනෙන නිදහස , ආරක්ෂාව වචනවලින් කියලා නිම කරන්න බැරි හැඟීමක්.’ මෙහෙම කියන්නේ බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වන දියා මිර්ෂා. ඇය තමන්ගේ නිවෙසට විශාල ආදරයක් දක්වන්නියක්. ඒ නිසා දියා මිර්ෂාගේ විනෝදාංශය වන්නේද ඇගේ නිවෙසයි.ිමම කැලෑ කෙල්ලෙක්.’ ඇය එලෙස කියනවා. පුංචි කාලයේ ඉඳන්ම ඇය ගස් නඟින්නට කැමතියිලූ. ගස් මත නැඟ පොත්පත් කියැවීමේ පුරුද්දකුත් ඇයට තිබුණාලූ. ඉතින්, ඇගේ නිවෙස ඇය තනාගෙන තියෙන්නේ ඒ කැලෑ කෙල්ලට ගැලපෙන විදියටයි.

කලබලකාරී මුම්බායි නගරයේ තියෙන දියා මිර්ෂාගේ නිවසට ඇතුල් වීම හා ගුලකින් ඇලිස්ගේ විස්මලන්තයට ඇතුල් වුනා වගේ අත්දැකීමක්. මුම්බායි නගරය ගැන ඔබ අසා ඇති. ලොව අධිකම ශබ්ද දූෂණයක් තිබෙන නගරයක්. බොහෝ රියැදුරන් මාර්ග නීති නොතකන නිසා නොනවතින හෝන් හඬක් සමඟ දැවැන්තම ශබ්ද දූෂණයක් තියෙන නගරයක්. කොටින්ම කීවොත් මුම්බායි කියන්නේ එපාම කරපු නගරයක්. ඒ නගරයේ බාහිර පරිසයෙන් හිස අවුල් කරගන්නා කෙනෙකුට හදිසියේවත් ඇගේ නිවෙසට ඇතුලූවෙන්න ලැබුණොත්, අපායෙන් කෙළින්ම සුරපුරයට ටිකට්පතක් ඇදුණා වගේ හැඟීමක් ඇතිවේවි.

දියා මිර්ෂා. ඇය හයිද්‍රාබාද්වල ඉදලා මුම්බායි එන්නේ අවුරුදු 18 දී. දියා මිර්ෂා කියන්නේත් බොලිවුඞ්වලට නිරූපණ ක්ෂේත‍්‍රයට ආ රංගන ශිල්පිනියන් වන ඓෂ්වර්යා රායි, ප‍්‍රියංචා චොප්රා, ජැකලින් ෆර්නැන්ඩස් වැනි අයගේ කුලකයකට අයිති නිළියක්. එහෙත් ඇත්තෙන්ම ඇය රංගනයට ආවේ දක්ෂ නිරූපිකාවක් වූ නිසායි. වෙළඳ දැන්වීම් කිහිපයකත් නිරූපණයෙහි යෙදෙන ඇය බොලිවුඞ් සිනමාවට ඇවිත් තිබුණේ රෙහෙනා හේ තෙරේ දිල් මේ නම් 2001 දී තිරගත වූ චිත‍්‍රපටියෙනුයි. මේ චිත‍්‍රපටිය මින්නල් නම් අතිසාර්ථක දෙමළ චිත‍්‍රපටියේ හින්දි ප‍්‍රතිනිර්මාණයක්. ඒ චිත‍්‍රපටිය එතරම් සාර්ථක නොවුණත්, දියා මිර්ෂාව බොලිවුඞ්වල ස්ථාපිත කරන්න ඒ රඟපෑම සමත්වුණා. එතැන් පටන් ඇය සාමාන්‍ය සාර්ථකත්වයක් ලැබූ බොලිවුඞ් නිළියක්.

ඇය තමන්ටම කියා නිවසක් බටහිර බැන්ඩ‍්‍රා වල මිලට ගෙන තිබුණේ සිනමාවට ඇවිත් ටික කාලයකට පසුවයි. ඇය පවසන අන්දමට මේ වෙද්දී ඇය ඒ නිවසේ අවුරුදු 13ක් ජීවත්වී තිබෙනවා. ඇය කියන විදියට නිවසට ඇතුලූවෙද්දී එය තිබුණේ ඉතා මලානික නිවසක් ලෙසයි. එහෙත් වසර 13ක් අවසාන වෙද්දී ඇය ඒ නිවස සම්පූර්ණයෙන්ම සුරලොවක් බවට පත්කර තිබුණා. ඒ පවුලේ අයත් සමඟ එක්වයි.

‘ඔබේ නිවස ඔබ කවුද කියලා ලෝකයට පෙන්වනවා.’ දියා මිර්ෂා එලෙස කියනවා. තමන් සිතන පතන අන්දම ලොවට පෙන්වන්නට ඇය සිය නිවස හැඩගන්වනවා.

‘මම ස්වභාවික පරිසරයට හරියට ආදරේ කරනවා. මම නිවසෙන් පිටවෙන සියලූ අපද්‍රව්‍ය ප‍්‍රතිචකරණය කරනවා. මගේ නිවස හතර වටේම තියෙන්නේ ගස් වැල්. ජීවිතය ගොඩනැගිල්ලක් ඇතුලේ හිර වුනාම ගස් වැල් තමයි අපිට අලූත් ජීවයක් ලබා දෙන්නේ. මගේ නිවසට හැමදාම කුරුල්ලෝ එනවා. මම එයාලාට කෑම තියෙනවා , වතුර තියෙනවා.’ ඇය එසේ කියනවා. නිවසක් කියන්නේ ඔබේ දවසක් විවේකීව අවසන් කරන තැන. රාත‍්‍රියෙහි හුස්මගන්නේ එතැන. දරුණු ලෙස වායු දූෂණයට ලක්වූ මුම්බායි නගරය මැද, පෙණහළු පිරෙන්නට හුස්මගන්නට පසුබිමක් ඇය නිර්මාණය කරගෙන තියෙනවා. මුම්බායි නගරය මැද්දේ මෙවැනි වික‍්‍රමයක් කරන්න හැකියැයි කිසිවෙකු විශ්වාස නොකරන බව ඇය කියනවා.

‘මම ගෙදරින් එළියට යන හැම වාරයකදිම පුරුද්දක් විධියට ගෙදරින් වතුර බෝතල් අරගෙන යනවා. ඒ බෝතල් වීදුරු වලින් හදපු ඒවා. බෝතල් දාගෙන යන්න ලණු වලින් හදපු බෑග් එකක් තියෙනවා. අපි කවදාවත් නිවස ඇතුලට ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බෑග් ගේන්නේ නැහැ. ප්ලාස්ටික් කියන්නේ ලෝකේ විනාශ කරන ද්‍රව්‍යයක්. හැම වෙලාවේම අපි කරන්නේ ප්ලාස්ටික් බඳුන් අවශ්‍ය හැම වෙලාවකම ඒ වෙනුවට වීදුරු බෝතල් හෝ බඳුන් උපයෝගී කරගන්නවා. ප්ලාස්ටික් එක සැරයක් පාවිච්චි කරලා ඉවත දානකොට සෑහෙන්න පරිසරය විනාශ වෙලා යනවා. අපි හැමෝම ඒ ක‍්‍රියාවෙන් මිදෙන්න ඕනෑ කියලයි මම හිතන්නේ. අපි ඒ ක‍්‍රියාව අපේම ගෙදරින් පටන් ගන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි. මම නිවස තුල එකතු වෙන කුණු ප‍්‍රතිචක්තිකරණය කරන්න පටන් ගත්තා. අපි කුණු එකතු කරන්නේ වෙන වෙනම. අපි මොන වෙලාවකවත් කුණු ඉවත් කරන්නට කළුපාට ප්ලාස්ටික් බෑග් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ පත්තර කොළ බාල්දියකට දාන එක. තෙත කුණු ටික ( කෑම * අපි කොම්පෝස්ට් කරලා අපේ ගෙමිදුලේ තියෙන ගස් වැල් වලට දානවා. නොදිරන කුණු ටික අපි කුනු එකතු කරන්න එන නගර සභාවට දෙනවා.’ ඇය තමන්ගේ නිවසෙහි පරිසර හිතකාමී හැඩ පෙන්වන්නේ එලෙසයි.

පරිසර හිතකාමී ප‍්‍රතිපත්තියක් පමණක් නොව, ඇයට ජලය සුරැුකීමේ ප‍්‍රතිපත්තියකුත් තියෙනවා.ිවතුර කියන්නේ අපි බොහෝම අරපරිස්මෙන් පාවිච්චි කරන දෙයක්. වතුර නාස්ති වෙනවා කියන්නේම මගේ හිත රිදෙන කාරණයක්.ඒ නිසාම අපි කලේ වැහි වතුර එකතු කරන්න ටැංකියක් හැදුවා. අපි ඒ වතුර පිරිසිදු කරන්න ක‍්‍රමයක් හොයා ගත්තා. ඒ කාලෙට අපි දිනපතා පාවිච්චියට ගන්නේ ඒ වතුර. අපි රැුස් කර ගන්න වතුර අනෙක් අයටත් පාවිච්චි කරන්න දෙනවා. හැබැයි සීමාවක් ඇතිව.’

‘මම කොහේ හරි ගිහින් මගේ ගෙදර තියෙන විදිය, ගස් වැල් ගැන කියනවා. ඒත් ඒ ගැන කියද්දී මිනිස්සු කවුරුවත් මාව විශ්වාස කරන්නේ නැහැ මුම්බායි වල මේ වගේ තැනක් තියෙනවා කියලා. අන්තිමට මට මගේ කතාව තහවුරු කරන්නේ මගේ ගෙදර ෆොටෝ පෙන්වලයි. ඉන්පස්සේ තමයි එයාලා මාව විශ්වාස කරන්නේ.’ ඇය එලෙස කියනවා.

‘නිවස ගන්න කලින් මට ගොඩක් හීන තිබ්බා. අපේ ජීවිත සැහැල්ලූ කරගන්න කොහොමද ගෙදර හදන්නේ කොහොමද කියලා. දිග හීන දැක්කා. පැය ගණන් කල්පනා කළා. ඒ හීන තමයි අන්තිමේදී හැබෑ කරගත්තේ. මගේ නිවසේ තියෙන හැම ජනේලයක්ම ඇරියාම තියෙන්නේ ගස් වැල්. අපි පැය ගණන් ඒ ජනේල් ලග ඉදගෙන කතා කරනවා. ඒ අත්දැකීම වෙනම හරිම මිහිරියි. ඒ අත්දැකීම් වචනවලට හරවන්න බෑ. මුම්බායි වගේ නගරයක ගිරව්, ලේන්නු වගේ සත්තු දකින්න ලැබෙන්නේම නැතැයි ඔබ හිතනවා ඇති. ඒත් අපේ ගෙදරට හැමදාම ගිරව්, ලේන්නු වගේ සත්තු එනවා. වැහි කාලෙටත්, නියං කාලෙටත් එයාලාට කන්න යමක් මෙතැන තියෙන බව එයාලා දන්නවා.’ නිවෙසට එන සතුන්ගෙන් ඇය අපමන වින්දනයක් ලබනවා.

ඇගේ නිවසෙහි එකම විශේෂත්වය ගස්වැල් හා සතුන් පමණක් නොවෙයි. ඇගේ නිවසෙහි ගෘහභාණ්ඩ පවා හරිම වෙනස්.ිඅපේ ගෙදර ගොඩක්ම තියෙන්නේ පාවිච්චි කරලා ඉවත් කරපු පරණ දොර ජනෙල්වල ලෑලි වලින් හදපු ගෘහභාණ්ඩ. ඒවා අපි ගෙදරදීම හදාගෙන පොලිෂ් කරගත්ත භාණ්ඩ. අපේ ගෘහභාණ්ඩ අපිම හදාගන්න වැඬේ අපිට සෑහෙන්න සතුටක් ගෙන දුන්නා. මේ විදියේ පරණ ලී බඩු කියන්නේ නිවසක චාම් ගතිය පෙන්වන දසුනක්.’ ඇය එලෙස කියනවා.

ඕනෑම පුද්ගලයෙකුගේ නිවෙස, ඒ පුද්ගලාගේ හරස්කඩක් ලෙස සැලකිය හැකියි. ඒ පුද්ගලයා කෙබඳු කෙනෙක්දැයි නිවසෙන් නිරූපණය වෙනවා. දියා මිර්ෂා ගැන බොහෝ අය දන්නේ තවත් එක් රංගන ශිල්පිනියක් ලෙස පමණයි. එහෙත් ඇගේ නිවෙසට පිවිසුණොත්, ඈ ගැන වෙනස්ම ප‍්‍රතිරූපයක් මවාගත හැකියි.