ලක්ශාන්ත අතුකෝරල

මරණයේ පරිච්ෙඡ්දයෙන් සිත මුදවාගෙන, ජීවිතයේ අගය සහ අපේක්‍ෂාවන් යෙහෙන් වැවෙන නිර්මාණ පෙදෙසක් කරා යන්නට සිතත්ම, හදිසියේ ඇසුණ හුරු පුරුදු ගීතයක් විසින් සිදු කරන ලද්දේ කුමක්ද? ‘‘කලාවේ තාරුණ්‍යය සිප ගත් ‘මරණය’’’ පිළිබඳ සිහින් අදහස් කුඩක් එය විසින් මසිතෙහි තවරා තිබේ.
‘ඇසෙනවා මට බෙර නදේ තාලයට ඔබේ හද ගැස්ම
අවාසනාවට ඔබ මෙහි පැමිණියේ වෙන කෙනෙක් එක්ක
ඉතින් මේ වෙලාවේ ඔබ මගේ දෑත් ගෙන සිටින
උපරිමය ගමු රැුයෙන් යොවුන් වියෙදීම මියෙන්නන් විලස’
ජනපි‍්‍රය ඇමරිකානු ගායිකා Ke$haගයන Die Young නමැති ඒ ගීතය ඔස්සේ සිතුවිලි දිවයන්නේ අමරණීය නිර්මාණ ඉතිරි කර කලින්ම මරණයේ ඉසව්වට පිවිසියවුන් වෙතය. ඔව්, එයද ඉතා දිගු ලැයිස්තුවකි. කිව හැක්කේ කීප දෙනෙකු ගැන පමණක් වුවත් පුදුම වන්නට නොව මරණයේ හදිස්සිකාරකම ගැන සිතන්නට මම ඔබට ඇරියුම් කරමි.
‘මෝටර් සයිකල් ඩයරීස්’ කෘතිය ලියූ සුපතළ මාක්ස්වාදී විප්ලවකරු, අර්නස්ටෝ චේගුවේරා මරා දැමීමට 1967දී බොලීවියානු ජනාධිපති රෙනේ බැරියෙන්ටොස් නියෝගය දුන්නේ ඔහුගේ ජීවිතය තිවසර 38කට සීමා කරමිනි. ඉංගී‍්‍රසි රොමැන්තික කවියේ නියමුවන් වූ ජෝන් කීට්ස්, ෂෙලී සහ ලෝඞ් බයිරන් යන තිදෙනාටම ලැබුණේ පිළිවෙළින් වසර 25ක්, 30ක් සහ 36ක් පමණි. බෲස් ලී වසර 33කින් සමුගත් අතර මොසාට්ට ඊට වඩා දෙවසරක් ලැබිණි. රෙගේ රජු බොබ් මාලේටත්, සරාගි නිළි රැුජින මැරිලීන් මොන්රෝටත් මරණය නියම කළ අංකය 36 වූ අතර වැන් ගෝටත්, රුසියානු මහා කවි පුෂ්කින්ටත් අංක 37 ලැබිණි. ලොව බිහි වූ දක්ෂතම විද්යුත් ගිටාර් වාදකයා ලෙස සැලකුණු ගායන තරුව, ජිමී හෙන්රික්ස් 60-70 දශකවල අඩු වයසින් මියගිය බොහෝ සිනමා-සංගීත තරු සේම මත්ද්‍රව්‍ය අධික මාත‍්‍රාවන් හේතුවෙන් මෙලොව හැර යන විට 27 වැනි වියේ පසු විය.
‘‘අද දවසේ සතුටුදායක අවස්ථා හෙට දවසේ දුක්බර සිතුවිලි බවට පත් වන බව’’ බොබ් මාලේගේ ගීයක කියැවේ. සාහිත්‍ය ලෝකයේ ඉතිරි වූ දුක්බර සටහන් අතර ෆුලිට්සර් ත්‍යාගය දිනූ ඇමරිකානු කිවිඳිය, සිල්වියා ප්ලාත්ගේ අකුරු වරදින්නේ නැත. ඇගේ ලේඛනවල මානසික පීඩාව, කාංසාව සහ මරණය පිළිබිඹු වූ අතර කිහිප වරක් උත්සාහ කිරීමෙන් පසු ඈ 30වැනි වියේදී මරණය සොයා ගත්තාය. ඇගේ මරණින් පසු පළ වූ සුප‍්‍රකට අර්ධචරිතාපදාන නවකතාව ඔයැ ඊැකක න්‍්රහි ඈ මෙසේ ලියයි.
‘‘හිත මත්තේ තණ පත් සැලෙන විට දුඹුරු පාට මෘදු පොළොවේ දිගැදී, නිහඬතාවට සවන් දීමට ලැබෙන – ඊයේ දිනක් හෝ හෙට දිනක් නොමැති කාලය අමතක කර දමා, ජීවිතයට සමාව දී නිවී සැනහෙන්නට ලැබෙන- ඒ මරණයේ නිම්නය බෙහෙවින් සොඳුරු විය යුතුය.’’
ජැක් ලන්ඩන්, ෆ‍්‍රාන්ස් කෆ්කා සේම, ‘බීට්ල්ස්’ ගායක කණ්ඩායමේ ජෝන් ලෙනන් ද 40වැනි වියේදී ලොවින් නික්ම ගියහ. නාසි උමතුවේ ගොදුරක් වීමෙන් පසු තම අනුවේදනීය දිනපොත නිසා ලෝක ප‍්‍රකට වූ යුදෙව් දැරිය, ඈන් ෆ‍්‍රෑන්ක්ට මෙලොව වාසය කරන්නට ලැබුණේ යන්තම් අවුරුදු 15ක් පමණි.
මරණය විසින් මහත් කෝපයකින් හඹා ගිය අසරණ බ්‍රොන්ටේ සොහොයුරියන්ගේ ජීවන සැරිය ගැන සඳහනක් නොමැතිව මෙවන් සටහනක් කෙසේ සම්පූර්ණ වේද? ‘ඇග්නස් ගේ‍්‍ර’ නම් නවකතාව ලියූ ඈන් වයස 29දීද, ‘වදරින් හයිට්ස්’ ලියූ එමිලි වයස 30දීද, ‘ජේන් අයර්’ ලියූ චාලට් වයස 38දීද මිය ගිය අතර, මරණය ඒ තිදෙනා කරාම පැමිණියේ ක්ෂය රෝගයේ වේශයෙනි. මේ සොයුරියන් තිදෙනා බ‍්‍රැන්වෙල් නමැති සොයුරා ද සමග ළමා විය ගත කළේ මහත් සේ පොත් කියවමින්, ලියමින් සහ සිතුවම් අඳිමිනි. බ‍්‍රැන්වෙල් බ්‍රොන්ටේ විසින් 1834දී තමා, සිය සොහොයුරියන් තිදෙනා සමග සිටින’යුරු සිතුවමට නගයි. පසුව තමා නිසා සිතුවම අපිරිසිදු වී ඇති බව පවසමින් ඔහුගේ රුව මකා දමයි. වයස 31න් බ‍්‍රැන්වෙල් ද ලොවින් මැකී ගිය අතර අර ඵෙතිහාසික සිතුවම අදටත් බි‍්‍රතාන්‍යයේ ජාතික ආලේඛ්‍ය කලාගාරයේ තබා ඇත.
මෙම ලිපිය නිමා කරන අතරේ එක්තරා වැදගත් නමක් මම හිතාමතාම සඟවා ගනිමි. ඔහුගේ වසර විසිපහක ජීවිත කාලය එකම යුද්ධයකි. යුද්ධයේ යක්ෂ මුහුණ සහ මරණයේ ජටාව කවියට නැගූ භටයා ඔහුය. යුද්ධය අපටද ආගන්තුක නොවන හෙයින් ඊළඟට ඔහුගේ නිර්මාණ ගැන යමක් ලිවීමට සිතමි. ඉතින් මරණය පසෙක ලා ජීවිතාපේක්ෂණ ලියන්නට වෙන්නේ ඊටත් පසුවය.